මළ මිනී මහ මග දැවෙන නව යුගයකට ආසිරි

අපේ වීරයන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සමුළු ආදියට බිය නැති පිරිසක් බව මේ දිනවල ප්‍රදර්ශනය කරමින් තිබේ. 


එසේ කරන්නේ මහ දවාලේ දහස් ගණනක් ඇස් ඉදිරිපිට ලංකාවේ ප්‍රධාන ම අධිකරණ භූමියේදී, අධිකරණයට ඉදිරිපත් කරන්නට ගෙන ආ මත්ද්‍රව්‍ය සැකකරුවන් පැහැර ගෙන යාමෙන් හා කොළඹ නගර මධ්‍යයේ මග දෙපස මහ දවල් මිනිසුන් මරා පිළිස්සීමෙනි.   


අප දන්නා හොඳ ම ජන ඝාතකයකු වන ප්‍රේමදාස හෝ කොළඹදී මේ අන්දමින් හැසිරුණ බවක් මතක නැත. 


ප්‍රේමදාස පන්නයේ එඩිතරකමක් දැන් අපේ වීරයන්ට ද අවශ්‍ය ය. මක් නිසා ද යත්, ඉදිරියෙන් ඇත්තේ කුම්බලා මාළු කෑ බළලුන් හා ඇටි කෙහෙල් කෑ උගුඩුවන් මූණට මූණ බලාගෙන එකට රිඹ දමන සමයකි.


වැරදි ආර්ථික ප්‍රතිපත්ති හා දේශපාලන පිළි‍වෙත් පල දෙමින් තිබේ. 


අපේ වීරයන්ට හා ඔවුන් වීරයන් කළ අපට ජය වේවා! 

මේ ලිපියට ඔබ කැමති නම් වෙන අයත් එක්කත් බෙදා ගන්න

Comments

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා