ෆොන්සේකාට ආණ්ඩුවෙන් නිදහස නො ලැබෙනු ඇත.

මේ දිනවල නැවතත් සරක් ෆොන්සේකා ප්‍රධාන මාතෘකාවක් වී තිබේ. 


ඔහු සිරගත කර වසර දෙකක් ගත වීමත් සමග ම ආණ්ඩුව ඔහු නිදහස් කරනු ඇතැයි ජනමාධ්‍ය විසින් බලාපොරොත්තු, සංවාද ඇති කෙරෙමින් තිබේ. 


ජනවාරි පළමුවෙනිදා ඔහු නිදහස් කෙරෙනු ඇතැයි ද, ඉන්පසු පෙබරවාරි සිව්වැනිදා ඔහු නිදහස් කෙරෙනු ඇතැයි ද කියැවෙමින් තිබී, ඒවා ඉටු නො වූ තැන දැන් එළඹෙන සිංහල අලුත් අවුරුද්දට පෙර ඔහු නිදහස් කෙරෙනු ඇතැයි කියැවෙමින් තිබේ. 


අපේ නිරීක්ෂණය අනුව නම්, මෙසේ කියැවෙමින් තව සිංහල අවුරුදු බොහෝ ගණනක් ගත වනු ඇත.  ෆොන්සේකා නිදහස් කිරීම ද ජාතික ප්‍රශ්නයට විසඳුම් දීම සේ හැමදාමත් කතා කරමින් සිටින, එහෙත් කිසිදා සිදු නො වන දෙයකි. 


මේවා ගැන බලාපොරොත්තු තබාගෙන කටයුතු කරන්නෝ එල්ලී පැද්දෙන එළුවාගේ වෘෂණ කෝෂ කන්නට එය වැටෙන තෙක් ඌ පසුපස ගිය නරි වැනි ය.


මේ අතර, තවත් නඩු දෙකකින් ද ෆොන්සේකාගේ සිර දඬුවම් තවත් දීර්ඝ කර දීමට ආණ්ඩුව වග බලා ගන්නා බව සිකුරු ය. 


ෆොන්සේකාට නිදහස ලබා ගැනීමට නම් ඔහු ලිඛිතව සමාව ඉල්ලිය යුතු බව ජනාධිපති පුත්‍ර නාමල් රාජපක්ෂ අද දිවයිනට පවසා තිබේ. 


ලිඛිතව සමාව ඉල්ලුවත්, නිදහස ස්ථිර නැත. මන්ද, පාලකයන්ට අවශ්‍ය සමාව ඉල්ලීමේ ලියුම ම නො ව, තමන් බිය වද්දන ෆොන්සේකාගේ පෞරුෂය බිඳ දැමීම වන බැවිනි. 


යුද්ධයේදී ලද තුවාල නිසා භංගුර තත්වයක පවතින ෆොන්සේකාගේ ශරීර සෞඛ්‍යය ස්ථිරව පිරිහෙන මොහොතක නම් ඔන්න ඔහුට මේ පාලකයන්ගෙන් නිදහසක් අපේක්ෂා කළ හැකි ය. 


ඒ වනාහි මැරෙන්නට දෙන නිදහසක් මිස , පාලක පවුල බිය වද්දමින් ආපසු දේශපාලනය කරන්නට ලැබෙන නිදහසක් නො වේ. 


ලංකාවට නිදහස ලැබුණා සේ ෆොන්සේකාට ද නිකම් ම නිදහස ලැබේ යයි සිතා සිටින යුද්ධය කාලයේ ඔහු මහා වීරයකු ලෙස සැලකූ මිනිසුන්ට අපට කීමට ඇත්තේ එක දෙයකි. ඔබ දෑත් පොරවා බලා සිටින තාක් කල් ඔහු හිරේ ම සිටිනු ඇති බවයි. 


ප්‍රජාතන්ත්‍රවාදය යළි ස්ථාපිත කිරීම සඳහා වන අරගලයේදී, අපට නම් ඔහු වීරයකු වන්නේ,  පාලකයන්ගේ තිරශ්චීන මර්දනය සංකේතවත් කරන දේශපාලන සිරකරුවකු බවට ඔහු පත්ව ඇති බැවිනි. 

මේ ලිපියට ඔබ කැමති නම් වෙන අයත් එක්කත් බෙදා ගන්න

Comments

  1. Rajabasa's banga wewaaaa.....

    ReplyDelete
  2. පාලකයන්ගේ තිරශ්චීන මර්දනය සංකේතවත් කරන දේශපාලන සිරකරුවකු

    මාර වචන සෙට් එක..........

    ReplyDelete
  3. වර්තමානයේ මේ දුර්දාන්ත පාලකයන් බියවී සිටින්නේත් ෆොන්සේකාට පමණි. වෙන කිසිවෙකුට උන් භය නැත.. උන්ව භය කල හැකි තරම් කශේරුකාවක් ඇති එකෙක් හොයා ගන්නවත් නැත්තෙ ඇයි ??

    ReplyDelete
  4. මේවන් ද්‍රෝහියෙකුට සමාව දීම නරක පූර්වාදර්ශයක් වනු ඇත ....මක්නිසාද ඕනෑම අලුගුත්තෙරුවෙක් රටෙ ස්වෛරීත්වස සැහැල්ලුවට ගෙන කට මැත දොඩවා ( රට පාවා දී) සමාව බලා පොරොත්තු විය හැකි බැවිනි....මොහුට (ද්‍රෝහියාට) උපරිම දඩුවම් පැනවිය යුතුය....

    ReplyDelete
  5. මේ රටේ ගොන් තඩියන්ව හැමදාම අඩිරාජ්‍යවාදය ගැන කතා කියා කියා...ස්වයිරීත්වය ගැන කතන්දර කියමින්...පවුල් වාදයත්...දුෂනයත්...කරපින්නාගෙන ඉදිරියට ගිය පාලක පන්තියක අද පරපුර තමා මේ අපි ඉදිරියේ ඉන්නේ...මේ රට අද තිබෙන බංකොලොත් භවයට ගෙනල්ල...රට පුර මිනිස්සු ටයර් පුච්චන තරමට ජීවත්වීමේ දුෂ්කරත්වය පෙන්නන අද දවසේ...සරත් පොන්සේකා යනු ඒ වැඩේට විකුණා ගන්න පුළුවන් හොඳ කුණු මාළු කෑල්ලක් තමා...ඒ නිසා මෙයාව නිදහස් කිරීම යනු බරපතල පාඩුවක්... බාහිර සතුරන් පෙන්වමින් ජනතාව බිය ගැන්වීමෙන් බලයේ සිටීමට ක්‍රියාකරන කපටි රැලකට බලයේ සිටීමට හොඳ තුරුම්පුවක් තමා මේ තියෙන්නේ...

    ReplyDelete
  6. shan is not living in this world.see the situations going on rulers are scared to only working class.Fonseka and family sort out their problem with Tiran allas.

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා