ඉන්දියාවේ හා ලංකාවේ දේශපාලනය අතර ඇති වෙනස හෙවත් ක.දේ.රෙ.වු.පු.

මේ දිනවල ඉන්දියාවේ කර්නාටක ප්‍රාන්ත සභාවේ රසවත් සිද්ධියක් සිදු වෙමින් තිබේ. 


ප්‍රාන්ත සභාවේ රැස්වීමක් පැවැත්වෙමින් සිටියදී ජංගම දුරකථනයකින් නිල් චිත්‍රපට දර්ශනයක් නරඹමින් සිටි බවට චෝදනා ලද මන්ත්‍රීන් තිදෙනෙකුට ඉල්ලා අස් වීමට සිදු වී තිබේ. 


ඔවුන් කරමින් සිටි කාර්යය ආරක්ෂක කැමරාවලට හසු වූ අතර බැංගලෝරයේ ජනමාධ්‍ය විසින් එයට පුළුල් ප්‍රචාරයක් දෙන ලදී. 


කර්නාටකයේ පාලක පක්ෂ්‍ය වන භාරතීය ජනතා පක්ෂය හින්දු පාරිශුද්ධවාදයක් ප්‍රවර්ධනය කරන වර්ගවාදී පක්ෂයක් වන අතර ඔවුන්ගේ ඇමතිවරුන් කර්නාටක ප්‍රාන්ත සභා භූමිය තුළ නිල් චිත්‍රපට බලා අසු වීම එම පක්ෂයට බරපතල ගැටලුවක් වී තිබේ. 


ප්‍රාන්ත විපක්ෂයෙන් නැ‍ඟෙන චෝදනා හමුවේ දැන් භාරතීය ජනතා පක්ෂය පවසන්නේ අදාළ ඇමතිවරුන්ට ඉල්ලා අස් වන්නට කීමෙන් තමන් විනය සම්බන්ධයෙන් දැඩිව ක්‍රියා කර ඇති බවයි. 


එහෙත්, කොංග්‍රස් පක්ෂය උද්ඝෝෂණය කරන්නේ අදාළ වරද ප්‍රාන්ත සභාවට කළ අපහාසයක් නිසා ඇමතිවරුන් තිදෙනා අත්අඩංගුවට ගත යුතු බවයි. 


අප මෙම සිද්ධිය මෙහි වාර්තා කරන්නේ මේ නිල් චිත්‍රපට කෑල්ලේ අපට කිසිදු විශේෂත්වයක් ඇති නිසා නො වේ. 


ඉන්දියාවේ ප්‍රජාතාන්ත්‍රික දේශපාලන භාවිතාව හා ලංකාවේ දේශපාලන භාවිතාව අතර වෙනස පෙන්වන්නට ය. 


ප්‍රජාතන්ත්‍රවාදය ඉන්දියාවේ දේශපාලන මූලධර්මයයි. 


ලංකාවේ දේශපාලන මූලධර්මය ක.දේ.රෙ.වු.පු. ලෙස හැඳින්විය හැකි ය.   


ක.දේ.රෙ.වු.පු. යනු කුමක්දැයි ඔබ දන්නවා ද?


කපුවාට දේවාලේ රෙන්න වුණත් පුළුවන්.

මේ ලිපියට ඔබ කැමති නම් වෙන අයත් එක්කත් බෙදා ගන්න

Comments

  1. වැඩේ කියන්නේ ක. දේ. රේ. පස්සෙස්, රෙව්වේ නැහැ, රිපුව සුවදයි, මිට කලින් හිටපු කැපුවොත් රිව්ව,.... වගේ නොයෙකුත් දේවල් කියල එව්වා යටගහන්න වලිකන එවුන්නේ ලංකාවේ වැඩි හරියක් ඉන්නේ

    ReplyDelete
  2. මෙම වෙබ් අඩවිය නැමැති දේවාලයේ කපුවා ඔබය... සමහර ලිපි ද රෙනවාම වැනිය......

    ReplyDelete
  3. ලංකාවේ මේ වගේ "සුළු" දෙකට ඉල්ලා අස් වෙනවනම් පාර්ලිමේන්තු වට මැති ඇමැති වරු පත්තරේ දැන්වීමක් දාල තමා හොයා ගන්න වෙන්නේ.

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා