පොලිස් හා ඉඩම් බලතල කැප දේශපාලුවන්ට විතරලු - ඊනියා දේශප්‍රේමී ගුණදාස අමර‍සේකර කියයි

බැසිල් රාජපක්‍ෂ මහතා ප්‍රකාශයක්‌ කරමින් පවසා සිටියා ඊනියා පොලිස්‌ බලතල සහ ඉඩම් බලතල මහජනයා ඉල්ලන්නේ නැති බව. එතුමා කියා තිබුණා මහජනයාට අවශ්‍ය වගා කරන්න ඉඩම් මිස ඉඩම් බලතල නොවන බව. එසේම ඔවුන්ට අවශ්‍ය පොලිස්‌ ආරක්‍ෂාව මිස පොලිස්‌ බලතල නොවන බවද එතුමා කියා තිබුණා. එතුමාට අනුව ඊනියා පොලිස්‌ හා ඉඩම් බලතල ඉල්ලා සිටින්නේ බලලෝභී දෙමළ ජාතිවාදී දේශපාලනඥයන් සහ ඔවුනට උඩගෙඩි දෙන ඉන්දීය රජයයි.
-දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ සභාපති ආචාර්ය ගුණදාස අමරසේකර


ඊනියා දේශප්‍රේමී ගුණදාස අමරසේකරගේ මේ කතාවෙන් එක් කරුණක් පැහැදිළි වේ. එනම්, මෙකී ඊනියා ප්‍රජාතන්ත්‍රවාදයේ දේශපාලන බලය ජනතාවට නැති බව හා එසේ තිබීම අනවශ්‍ය බව අමරසේකර සිතා සිටින බවයි.


ඔහුට අනුව බලතල තිබිය යුත්තේ සිංහල දේශපාලනඥයන් අත ය. දෙමළ දේශපාලනඥයන් අත නො වේ. සිංහල මෙන් ම දෙමළ ජනතාව ද සිටිය යුත්තේ හිස් අතින් ය.


මේ තර්කය අනුව ගියහොත්, ජනතාවට ඡන්ද බලය ඕනෑ නැති බවට හා ජනතාවට ඕනෑ ඡන්දය පමණක් බවට ද තර්ක කළ හැකි ය. දැනටත් පවතින ක්‍රමය අනුව ජනතාව දෙන ඡන්දය කුමන හෝ ජිල්මාට්ටුවක් දමා තමන්ගේ බලය බවට පත් කර ගැනීමේ ක්‍රමය මේ තර්කය අනුව හරි ය.


බැසිල් රාජපක්‍ෂ මහතාට අනුව ජනතාවට අවශ්‍ය වන්නේ ආර්ථික සාධාරණත්වය සහ ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් මිස ඊනියා බලය බෙදා ගැනීමක්‌ නොවේ. බලය බෙදා ගැනීමට අවශ්‍ය වී ඇත්තේ බලලෝභී දෙමළ ජාතිවාදී නායකයන්ට පමණක්‌ බවද අමරසේකර පවසයි.


ප්‍රජාතන්ත්‍රවාදය යනු බලය බෙදා ගැනීමක් බව මෙකී ඊනියා විද්වතා දන්නේ නැති බව පෙනේ. රජවරුන් හා ඒකාධිපතියන් වැනි පාලකයන් අත ඇති දේශපාලන බලය ජනතාව අතට ගැනීම ප්‍රජාතන්ත්‍රවාදය සඳහා අරගලයයි. දේශපාලන බලය ජනතාව අතට ගැනීම ආර්ථික සාධාරණත්වයේ මූලික කොන්දේසියකි. ආර්ථික සාධාරණත්වය ඇති කළ හැක්කේ රාජ්‍ය බලය හිමි පංතිය අත ඇති ආර්ථික බලය ජනතාව අතට ගැනීම සඳහා කරන අරගලයකිනි.


ලංකාවේ ජාතීන්ගේ ප්‍රශ්නය උග්‍ර වූයේ රාජ්‍යයේ සිංහල, බෞද්ධ ආධිපත්‍යය නිසා ය. සුළුතර ජාතීන් දේශපාලන බලය සඳහා කරන ඉල්ලීම් වනාහි ජාතීන් අතර ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් කරන ඉල්ලීම් ය. සිංහල, දෙමළ, මුස්ලිම් ආදී ජාතීන් හා ජනවර්ගයන් අතර ප්‍රජාතන්ත්‍රවාදය ඇති නො කර වඩා දියුණු ලාංකීය ජාතියක් ගොඩනැඟිය නො හැකි ය.


ඉඩම් බලතල මධ්‍යම ආණ්ඩුව අත ඇති අද සිදු වන්නේ ඒවා ගෙඩි පිටින් ඉන්දියාවට, චීනයට විකිණීමයි. ඒවාට එරෙහිව කිසිදු ඊනියා දේශප්‍රේමියකුගේ තීරණාත්මක හඬක් නැත.


තමන්ගේ ගමේ ඉඩම පිටරටට විකුණන කොළඹ ආණ්ඩුවට එරෙහිව සටන් කරන්නට ගමේ මිනිහාට ශක්තිය නැත. එහෙත්, ප්‍රාදේශීය ආණ්ඩුවකින් එසේ කරන්නට යන්නේ නම්, එයට එරෙහිව සටන් කිරීමේ ශක්තිය ගමේ මිනිහාට තිබේ.


ජනතා අරගල මර්දනයට ප්‍රාදේශීය පොලිසිය යෙදවීමේදී ද ජාතික පොලිසිය යෙදවීමේදී ඇති තත්වයට වඩා වෙනස් තත්වයක් තිබේ. නිදසුනක් ලෙස සතුරු ප්‍රජාවක පොලිසියක් වෙනුවට තමන්ගේ ම ප්‍රජාවගේ මිනිසුන්ගෙන් සමන්විත පොලිසියක් සමග කටයුතු කිරීමට ප්‍රාදේශීය ප්‍රජාවන්ට අවස්ථාව ලැබේ.


බලය බෙදා ගැනීමෙන් ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් ශක්තිමත් වේ. සාධාරණත්වය සඳහා ජනතා අරගල මුවහත් වේ. එසේ නොමැතිව බලය බෙදා ගැනීමෙන් සියලු ප්‍රශ්න විස‍ඳෙන්නේ නැත.


අවසාන වශයෙන් මෙය ද කිව යුතු ය. ජනතාවට පොලිස් ආරක්ෂාව අවශ්‍ය නැත. ජනතාවට අවශ්‍ය නීතියේ රැකවරණය පමණි. පොලිස් ආරක්ෂාව නැතුව පාරේ බසින්නට බැරි ඊනියා දේශප්‍රේමී දේශපාලුවන්ට පමණි.

මේ ලිපියට ඔබ කැමති නම් වෙන අයත් එක්කත් බෙදා ගන්න

Comments

  1. පලයන් w3 යන්න... ඔන්න අදත් බඩට කීයක් හරි හම්බ කරගන්න පෝස්ට් එකක් හම්බ වුනාද හිගන්නා...

    ReplyDelete
  2. මේකට විසඳුම වන්නේ පූර්ණ ව්‍යවස්ථාමය වෙනසක් මිසක් පැලැස්තර දැමීමක් නොවේ. මේ කාළකන්ණී දේශපාලන ක්‍රමය වෙනස් විය යුතුමය..

    ReplyDelete
  3. සිරාවට මගේ දෙමල යාළුවොත් කියන්නේ ඕක තමා... 30 අවුරුදු යුද්දෙන් පස්සේ ඒ ගොල්ලොන්ට ඕනි තමන්ගේ දරු පවුල් එක්ක සමෙන් සතුටින් සාමාන්‍ය විදිහට ජීවත් වෙන්න ... නැතුව රටේ බලය අල්ලන නෙවි ... දකුණේ අපිටත් ඕනි ඒ ටික විතරය් .... ඕක තේරෙන්නේ නැති කොට්ටාශයක් හිටිය ජෙප්පෝ කියල .. දැන් නම් උන්ට යන එන මන් නෑ.... රටේ ජාතීන් අතර ප්‍රශ්න ඇති කරන්නේ නැතුව ඔය මහත්තයත් හිටියොත් නරකය් ද ?

    ReplyDelete
  4. @"ප්‍රාදේශීය ආණ්ඩුවකින් එසේ කරන්නට යන්නේ නම්, එයට එරෙහිව සටන් කිරීමේ ශක්තිය ගමේ මිනිහාට තිබේ" - මේය මිත්‍යාවකි.එවන් ශක්තියක් ගමේ මිනිසාට තබා මධ්‍යම රජයටවත් නැත.ඔම්ලට් එක නැවත බිත්තරය කළ නොහැකියයි කියන්නේ එබැවිණි.

    @"තමන්ගේ ම ප්‍රජාවගේ මිනිසුන්ගෙන් සමන්විත පොලිසියක්" - දැනටත් පොලීසිය එසේය.උදාහරණ ලෙස කොටි පොලිස් ලොක්කා යනු කලෙක ශ්‍රී ලංකා පොලීසිය නියෝජනය කළ නිළධාරියෙකි.

    ප්‍රාදේශියව බෙදාගතයුතුතේ දේශපාලන බලය නොව, පරිපාලන බලය පමණි.

    ReplyDelete
  5. Ane huke. Koti w3 P: Balagene hitapiya prabha avith ubava imbala yanakan.

    ReplyDelete
  6. 30 අව්රුදු යුද්දයකින් පස්සෙ තමන්ගේ දරු පවුල් එක්ක සාමෙන් සතුටින් සාමාන්‍ය විදිහට ජීවත් වෙන්න ඕනෙ කියන දෙමල ජාතික යාලුවො චන්දවලදි ආන්ඩුව අන්ත විදියට පරද්දන්නෙ ඇයි කියන එක සිංහල යාලුවො පැහැදිලි කලයුතුයි. ඔවුන්ට (දෙමල මිතුරන්ට ) අවශ්‍ය ආර්ථික සංවර්ධන අවස්ථාවල් නම් ඒ සඳහා තෝරා ගතයුත්තේ ආන්ඩු පක්ශය මිස ටී එන් ඒ එක නෙමයි. නමුත් උතුරේ දෙමල ජනතාව තීරනාත්මක ලෙස තෝරාගෙන ඇත්තේ ටී එන් ඒ සන්ධානයයි. ඒ තවමත් පවතින ත්‍රස්ථවාදී මූලයන් නිසාද? නැතහොත් උතුරේ ජනතාව "තවමත්" ජාතිවාදී නිසාද? නැතහොත් සිංහල මිතුරා පිලිගැනීමට අකමැති (සහ බොහෝ විට දෙමල මිතුරා සිංහල මිතුරාට පුද්ගලිකව ප්‍රකාශ කිරීමට අකමැති ) වෙනත් හේතුවක් නිසාද?

    සිංහල මිතුරා මෙය පැහැදිලි කල යුතුය.

    - Dimithry

    ReplyDelete
  7. If u let a Tamil to shove his/her finger, he/she will definitely shove his/her head too. See what happens in busses/trains.

    ReplyDelete
  8. ක්‍රිෂ්ණාFebruary 5, 2012 at 8:23 PM

    නහින දෙහින කාලේ ගුණදාසටත් වැඩක් තියෙන්න එපායෑ.විමලේ කොලුවාවත් ජොයින් කරගත්තම වැඩේ ටකේටම කර ගතහැකියි.

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා