ආසයි බයයි නො වී ජනාධිපතිතුමනි ගමනේ යා!

අප විසින් ලියන ලද පසුගිය ලිපියකට ප්‍රතිචාර දැක්වූ පාඨකයෙක් මෙසේ කීවේ ය. 

" ..........අද පැන නැඟිය හැකි සන්නද්ධ අරගල වනාහි කලින් පැවති ආකාරයේ භූමිය අත්පත් කරගෙන සටන් කරන ආකාරයේ ඒවා නො වේ. අතිශය ප්‍රචණ්ඩ ත්‍රස්තවාදී ප්‍රවණතා ය...............
ඇයි උඹ සිංහලයා බය කරලද දෙමළට දෙන්න කියන්නේ උන්ගේ ප්‍රචන්ඩත්වය උපට වගේම උන්ටත් ඊට වැඩි ගුණයකින් අත් විදින්න වෙන බව උන් වගේම උබත් තාම ඉගෙන නැත්නම් මොනව කරන්නද .... "

සිංහල, දෙමළ සමාජයන් දෙකේ ම ප්‍රචණ්ඩත්වයට ලොල් කරන මෙවැනි අන්තවාදී කොටස් සිටින බව රහසක් නො වේ. ඔවුන් හැම විට ම කැමති ප්‍රශ්න සමාදානයෙන් විසඳා ගැනීමට නො වේ. ඒ වෙනුවට ඔවුන් සැම විට ම සොයන්නේ ගැටුම් සඳහා නිමිති ය. 

අප විසින් පෙන්වා දෙනු ලැබුවේ  ජාතික සංහිඳියාව ඇති කිරීම පිණිස පියවර නො ගැනීමෙන් ඇති විය හැකි ආදීනවයි. 

එසේ කටයුතු නො කිරීම ඇත්තෙන් ම වාසිදායක වන්නේ සිංහල හා දෙමළ ජාතිවාදීන්ටයි. අනෙක් ජාතිය කෙරෙහි වෛරය පතුරුවා සිය දේශපාලන අභිලාෂයන් ඉෂ්ට කර ගැනීමේ ඔවුන්ගේ අරමුණ ඉටු කර ගැනීමට ගැටුම්කාරී තත්වය මෝරා යාම මහඟු අවස්ථාවකි. 

එහෙත්, රජයට මෙහි ඇති ගැටලුව වන්නේ රජයේ අනතුරුදායක අඩියක පවතින ආර්ථික පදනම රඳා පවතින්නේ සාමය මත වීමයි. 

අද වන විට රජය රුපියල පහත වැටීම පාලනය කර ගැනීම පිණිස විශාල විදේශ සංචිත ප්‍රමාණයක් කැප කරමින් සිටියි. ඒ අතර, ආර්ථිකය බිඳ නො වැටී පවත්වා ගෙන යාම සඳහා රටට ඍජු විදේශ ආයෝජන පැමිණීම හා සංචාරක කර්මාන්තය අත්‍යවශ්‍ය ය. 

යුද්ධය නතර වීම හා උතුරු නැගෙනහිර අවකාශය විවෘත වීමත් සමග රටට සංචාරකයන්ගේ පැමිණීම වැඩි වී තිබේ. 2011දී 850,000 ඉක්මවා සංචාරකයන් පැමිණි අතර, 2012 ජනවාරියේදී පමණක් සංචාරකයන් ලක්ෂය ඉක්මවා පැමිණෙනු ඇතැයි රජය බලාපොරොත්තු වේ. 

අද වන විට රටේ සිදු වන බොහොමයක් ය‍ටිතල පහසුකම් සංවර්ධනයන් නාභිගත කර තිබෙන්නේ ප්‍රධාන වශයෙන් ම සංචාරක කර්මාන්තය වෙත ය. 

තංගල්ලේ සිදු වූ හුදකලා මිනීමැරුමක් සංචාරක කර්මාන්තයට සුවිසල් තර්ජනයක් වූ නිසා සිය ඇම්බැට්ටයකුට එරෙහිව පවා දැඩි නීතිමය පියවර ගැනීමට රාජපක්ෂ පවුලට සිදු විය. 

රටේ පැන නඟින ත්‍රස්තවාදයක් ආර්ථිකයට මහත් හානියක් කරනු ඇති බව අප පවසන්නේ ඒ නිසා ය. 

ආණ්ඩුව 13වන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධන රාමුව ඉක්මවා යන බලය බෙදීමක‍ට සූදානම් බව ඉන්දීය විදේශ ඇමති කියා ඇත. ආණ්ඩුව නම් ඍජුව එහෙම දෙයක් කියා නැත. එහෙත් අද දිනමිණ පුවත්පතේ නාඩියක් මෙසේ වැටී ඇත. 13න් ඔබ්බට ගිය ව්‍යවස්ථා කෙටුම්පතක්

දිනමිණේ නාඩි ඇල්ලීම අප කරන්නේ ඒ ඔස්සේ ආණ්ඩුවේ කේන්දරය බලා ගත හැකි නිසා ය. දිනමිණ මේ කරන්නේ මුට්ටිය දමා බැලීම ය. 

ඇත්තෙන් ම යමක් ආරම්භ කරන්නට ඕනෑ නම් මොහොත මෙය බව අපි ආණ්ඩුවට කියමු. හේතුව, විරුද්ධ දේශපාලන බලවේග අවුල් වී සිටීම ය. 

ප්‍රධාන සිංහල ජාතිවාදී බලවේගය වන ජාතික හෙළ උරුමය ආණ්ඩුවේ ය. එහි නායක චම්පික රණවක නානවා ය. කෙළින් විරුද්ධ වුණොත් ලිපි ගොනු එළියට එන බව දන්නා නිසා දැනටත් ඔහු හරි පරිස්සම් ය. 

ජවිපෙට දැන් ජාතික හෙළ උරුමය දකුණෙන් ඉස්සර කරන්නට උවමනා නැත. ඒ හෙළ උරුමය දැන් ජවිපෙට අභියෝගයක් නො වන නිසා ය. 

ජවිපෙ වාම පාර්ශ්වය උතුරු නැගෙනහිර දෙමළ ජනතාව අතර හා පැරණි වම සමග වැඩ කරන හෙයින් ඔවුන් බලය බෙදීමකට විරුද්ධ වේ යයි අපේක්ෂා කළ නො හැකි ය. 

ඔවුන් සමග ඇති තරගය නිසා, කවුරු හෝ සමග සන්ධානගත වී ආණ්ඩුව පෙරළා තමන්ගේ තැන යළි තහවුරු කර ගැනීමේ උවමනාව තිබියදීත් ජවිපෙ සෝමවංශ පාර්ශ්වය ද එතරම් දැඩි ව බලය බෙදීමකට විරුද්ධ නො වන බව පෙනේ. 

ජවිපෙ දේශපාලන මණ්ඩලය ඉන්දීය විදේශ ඇමතිගේ ප්‍රකාශයට විරෝධය පළ කරමින් කියන්නේ මෙසේ ය: "ශ්‍රී ලංකාවේ ජාතික ප්‍රශ්නය අරභයා වූ විසඳුම ලෙස ජනාධිපතිවරයාත් ආණ්‌ඩුවත් විවිධ අවස්‌ථාවන්වලදී විවිධ ක්‍රියාමාර්ග පිළිබඳව වගකීමෙන් තොරව ප්‍රකාශ කර තිබේ. මෙම ප්‍රශ්නයට තමන් සතුව ස්‌ථිරසාර විසඳුමක්‌ තිබේ නම් එය වහාම ලාංකේය ජනතාව ඉදිරියේ තබන ලෙස අපි ජනාධිපතිවරයාට සහ ආණ්‌ඩුවට බලකර සිටිමු."

එක්සත් ජාතික පක්ෂය ගැන නම් කතා කරන්නට උවමනා නැත. එයට කිසිත් කළ නො හැක. 

එම නිසා ජනාධිපතිතුමනි, මේ කාලයයි, දීපයයි, දේශයයි. ඉදිරියට තබන තීරණාත්මක පියවරක කුලය හා මව් වන්නට ඔබට ශක්තිය හා ධෛර්යය ලැබේවා යි පතමු. 

මේ ලිපියට ඔබ කැමති නම් වෙන අයත් එක්කත් බෙදා ගන්න

Comments

  1. //ජවිපෙ වාම පාර්ශ්වය උතුරු නැගෙනහිර දෙමළ ජනතාව අතර හා පැරණි වම සමග වැඩ කරන හෙයින් ඔවුන් බලය බෙදීමකට විරුද්ධ වේ යයි අපේක්ෂා කළ නොහැකිය//

    ජවිපෙ වාම පාර්ශවය බලය බෙදීමකට එකඟ බව අඩු තරමින් අංශු මාත්‍රයකින්වත් අඟවා හෝ නැත. එසේ වේයැයි බලාපොරොත්තු විය හැකිද නොවේ.

    ආන්ඩුවට මේ මොහොතේ ඇති නැග එන තර්ජනය වන සිසු සහ කම්කරු සටන් වල පෙරමුනේ සිටින්නේ ජවිපෙ සහ ඉන් බිඳී ගිය මෙම ඊනියා වාම පාර්ශවය බව පිලිගතයුතුව ඇත.

    එනයින් 13+ යනු මෙම අරගල දිය කර හැරීමට ආන්ඩුව ගෙන එන උපායක් පමනක් වීමට බොහෝ දුරට ඉඩ ඇත. බලය බෙදීමට මෙම රෙජීමය කටයුතු කරනු ඇතැයි සිතීමම මුලාවකි. ඉන්දීය විදේශ ඇමති සහ ඇමති ජී. එල්. පීරිස් කාල රාමුව ගැන කල දියාරු ප්‍රකාශ ඔබට මතකද?

    - Dimithry

    ReplyDelete
  2. me lipiyata mage balawath wirodhaya.
    -udul premarathne (0718145324)udulpremarathne@gmail.com

    ReplyDelete
  3. සුබ අනාගතයක් !

    ReplyDelete
  4. The latest fashion in Sri Lanka for Politicians and politician henchman is to Rape underage girls, rape wives front of their husbands, rape daughters front of their fathers or have sex with a underage girl and her mother in the same bed together. This has been a fantasy and a dream for them which has come true with the new political regime. These criminals, after they rape they allow there security to gang rape the victim/s and they want to look while the others have sex. Most instance these henchmen or the politicians’ video tape this rape incident and threaten the victim that if she tell this to any one they will kill her whole family or make public the video tape. During the past there have been so many incident that the whole families have been killed and later they misled the public saying that this is due to a personal problem of their family. Even the tourists are not safe now. According to the news paper reports in Sri Lanka there are 3 to 5 under age (Age 10-14) girls get raped every day in Sri Lanka. Actual number is 30 times more than this as most rapes go unreported due to threats and assaults. All these crimes are done by the Politicians, their henchman, security forces, police officers or Buddhist monks. As they are connected to the Rajapaksha Regime, no one can complain and if someone talk or complain about this, next day they will be abducted in a white van where people come in automatic weapons. People won’t be alive to tell the story after they get in to the white van as they will kill them and burned the body in a secret place. This is what happens to most of the journalist in Sri Lanka. Judges are appointed by the president and they all are political henchman. Recently one judge crashed to a karaoke club and try to abduct a young girl while he was drunk. Later people try to arrest him but he took his 9 mm semi automatic pistol and shot few bullets to the roof of the club and fled the place. This judge is also from town Tissamaharama which is near ruling dictator’s home town.

    ReplyDelete
  5. You talk about 13th Amendment.....Sri Lanka is a small country, why should we give control of land 1/3 of total to 05% of population ( Ceylon Tamils ). Is it fair?~~~~~
    How can the Govt. give Police powers to N&E where we witnessed "most ruthless terror out fit in the world" terrorising the whole country & they were eliminated only 03 years ago at a huge cost of lives & finances....
    Is there any guarantee that they will not reorganise again if all those Police & Land powers are given & Army Camps are withdrawn?..........
    Why should we invite troubles again ?...Don't worry SL Govt. will not devolve those powers, (both green & blue parties)because they are more wise than people with NGO mind set.

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා