දෙමළ ජාතිකවාදය කෙරෙහි සානුකම්පිත ආස්ථානයක සිටි සංවිධාන හා සිංහල ජාතිවාදයට ආවඩමින් සිට මෑතදී වෙනස් වූ සංවිධාන එක්ව යාපනයට ගිය දැනුවත් කිරීමේ ගමන

පැහැරගැනීම් හා අතුරුදහන් කිරීම්වලට එරෙහිව යාපනය ඇතුළු උතුරේ ප්‍රදේශ කිහිපයක පත්‍රිකා බෙදාහැර ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීම පිණිස යාපනයට යමින් සිටියදී පොලිසිය හා හමුදාව විසින් නවත්වනු ලැබූ පිරිස අයත් වන සංවිධාන නාම ලේඛනය දේශපාලනික වශයෙන් වැදගත් එකකි.


ජන අරගල ව්‍යාපාරය, එක්සත් සමාජවාදී පක්ෂය, නව සමසමාජ පක්ෂය, මාවෝවාදී ලංකා කොමියුනිස්ට් පක්ෂය, ලංකා සමසමාජ පක්ෂයේ විකල්ප කණ්ඩායම, සමාජවාදී පක්ෂය, සමාජවාදී සංධානය, ප්‍රැක්සිස් එකමුතුව, පීපල්ස් මාර්ච් සංවිධානය, අපි ශ්‍රී ලාංකිකයෝ, ජනතා නීතීඥ සංගමය, ප්‍රජාතන්ත්‍රවාදය උදෙසා නීතීඥයෝ සංවිධානය, ප්‍රජාතන්ත්‍රවාදය උදෙසා මාධ්‍යවේදියෝ සංවිධානය, මානව හිමිකම් සුරැකීමේ ශිෂ්‍ය සංවිධානය, අන්තර් සමාගම් සේවක සංගමය, සමස්ත ලංකා ටෙලිකොම් සේවා සංගමය, සමස්ත ලංකා සුවසේවා සංගමය ඇතුළු දේශපාලන පක්ෂ සහ සංවිධාන 17ක නියෝජිතයන් විරෝධතාවට එක්ව සිටින බව ලංකා වීව්ස් වෙබ් අඩවිය පවසයි.


රතු පාටින් දක්වන ලද සංවිධාන ජාතික ප්‍රශ්නය විෂයෙහි දෙමළ ජාතිකවාදය කෙරෙහි සානුකම්පිත ආස්ථානයක සිටි ඒවා වන අතර සෙසු ඒවා ජවිපෙ සම්‍ග සම්බන්ධව සිංහල ජාතිවාදයට ආවඩමින් සිට මෑතදී වෙනස් වූ ඒවා ය. 


ජාතික ප්‍රශ්නයේ සිංහල හා දෙමළ ජාතිකවාදයන්ට පක්ෂපාතී දෙපසක සිට ක්‍රියාත්මක වෙමින් සිටි මෙකී කණ්ඩායම් මෙසේ ඒකරාශි වීම කැපී පෙ‍නෙන දේශපාලනික ප්‍රවණතාවකි. අපි එයට සුබ පතමු.


එහෙත්, මෙවැනි සාමූහික දේශපාලනික ක්‍රියාකාරකම් රැසක අත්දැකීම් තුළින් අප පවසන්නේ වමට ඉදිරියට යාමට නම් පළමුකොට ම අභ්‍යන්තරික කට්ටිවාදී හා පුද්ගලබද්ධ උන්නතිකාමිත්වයන් පාලනය කර ගත යුතු බවයි.


එක් පිරිසක් අනෙක් පිරිස කඩේ යවා ගන්නට උත්සාහ කිරීම මෙවැනි එක්වීම් තුළ ඇති නරක ම ලක්ෂණයයි.


ඉදිරියට යන්නට නම්, වම මුළුමනින් ම අලුත් විය යුතු ය. එය සිදු විය යුත්තේ ඇතුළාන්තයෙන් ය. නැතිනම් සිදු වනු ඇත්තේ මීට කලින් අවස්ථා ගණනාවක් ම ගිය වටය ආපසු වරක් යාම බව කාගේ කාගේත් සිහි බුද්ධිය අවදි කරවීම පිණිස මෙසේ ලියා තබමු.

මේ ලිපියට ඔබ කැමති නම් වෙන අයත් එක්කත් බෙදා ගන්න

Comments

  1. මෙහෙම ලියල ඔයා ඔහොමම ඉන්න......

    ReplyDelete
  2. මගේ වැඩේ මම කරන්නම්. ඔබේ වැඩේ ඔබ කරන්න.

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා