වාහන නලා හා ශබ්ද දූෂණය

වාහනවල හෝන්වලින් නිකුත් කළ හැකි උපරිම ශබ්දය ඩෙසිබල් 195ට සීමා කිරීමට නීති ගෙන ඒමට රජය සැරසේ. 


ලංකාවේ ඇතැම් වාහන හිමියෝ අධික ශබ්ද නිකුත් කරන නලා සවි කිරීමට කැමැත්තක් දක්වති. 


වාහන නලා අතරින් වැඩි ම ශබ්දය නිකුත් කරන නලා ඇත්තේ පෞද්ගලික බස්වල ය. 


පෞද්ගලික බස්වල ඇතැම් විට සයිලන්සරය ගලවා වැඩි ශබ්දයක් නිකුත් කරන සයිලන්සර ද සවි කරනු ලැබේ. 


ඇතැම් වාහනවල තිරිංග පද්ධතියෙන් ද අධික ශබ්දයක් නිකුත් කෙරේ. 


ඇතැම් වාහන රියදුරන් ධාවනයේදී වැඩිපුර ම භාවිතා කරන්නේ නලාවයි. 


ලංකාවේ ඇතැම් මිනිස්සු අධික ශබ්දයට ලොල් ය. 


වැඩි ම ශබ්ද දූෂණයක් ඇති කරන්නේ ආගමික ස්ථානවල සවි කර ඇති ශබ්ද විකාශන යන්ත්‍රවලිනි. ශබ්ද දූෂණයට අදාළ නීති ආගමික ස්ථානවලට ද අදාළ විය යුතු ය. ආගම් ඇත්තේ මිනිසුන්ට හිරිහැර කරන්නට නො වේ. 


ඡන්ද කාලයට දේශපාලකයන් තරම් ශබ්ද දූෂණය කරන තවත් පිරිසක් නැත. 

මේ ලිපියට ඔබ කැමති නම් වෙන අයත් එක්කත් බෙදා ගන්න

Comments

  1. ඒකනම් ඉතාම හොඳ වැඩක්. ලංකාවේ ගොඩක් ඩ්‍රයිවර් lage කිසිම විනීත බවක් නෑ. ඩ්‍රයිවින් කරන්නෙ හරක් වගේ. ඒකයි රිය අනතුරු වලට ප්‍රධාන හේතුව. පාරවල් වල තියන වැරදි වලට වඩා ඩ්‍රයිවර් ලගෙ වැරදි නිසයි අනතුරු වෙන්නෙ. වාහනයකට ඉස්සර කරන්න ගොඩක් එවුන් දන්නෙ නෑ. වංගු වල ඉස්සර කරන එක හොඳ නෑ කියල දන දැනත් ඉස්සර කරනව. පාරෙ තනි ඉර කපන එක ඉතාම සුලභ දසුනක්. අනෙක් කෙනා ඉස්සර කරන්න හදනකොට උට ඉස්සර කරන්න නොදී වේගෙ වැඩිකරන එකත් හරිම පහත අවිනීත වැඩක්. colour lights ලඟදි red light දැක දැකත් ඉස්සරහින් ඉන්න එකාට horn ගහනවා. ඒවගේම කහ light එක වැටෙන්න හදනකොටම horn ගහනවා ඉස්සරහින් ඉන්න එකා එලවන්න. හැබැයි වෙන දියුණු රටවල කොළ light එක වැටිලත් විනාඩියක් උනත් පිටිපස්සෙ ඉන්න ඩ්‍රයිවර් ල බලන් ඉන්නව සද්දයක් නැතිව, ඉස්සරහ කෙනා නොගියත්. තව උදාහරණ 1000 ක් උනත් කියන්න පුළුවන්.

    ReplyDelete
  2. මෙය නම් ඉතා ඉක්මනින් කලුතු වැඩක් , බස් කාරයෝ බස් එලවන්නේ නලාවෙන්, බස් හා ලොරි වාගේ ලොකු වාහන , බඉක්, කාර් වගේ ඒවාට වඩා හෙමින් යා යුතු වාහන , එහෙමනම් ඒවාට මොකටද සබ්දය වැඩි නලා , නලාව තියෙන්නේ හදිසියට පාවිචිචි කරන්න , එහෙම නැතිව පාරේ ඉඩ ඉල්ලන්න ( ඉස්සර කිරීමට ) පාවිච්චි කරන්න නෙමේ , මේ බස් ලොරි කාරයෝ තමන්ගේ නලාව පාවිචිචි කරලා අනිකුත් වාහන පාරේ අයින් කරලා , පාර තමන්ගේ කියා හිතාගෙන තමා වාහන පදවන්නේ , මොවුන්ගේ නලා ඉවත් කලොත් වාහන අනතුරු බොහොමයක් අඩුකරන්න පුළුවන්, රක්සන සමාගම් මේ කාරණාවට ඉදිරිපත් විය යුතුඉ , මොකද වාහන අනතුරු , මාර්ග අනතුරු අඩු වෙනවා කියන්නේ ඒ අයගේ ආදායම වැඩිවෙනවා , බස් කාරයන්ගේ නලාව නැත්නම් ඒ අයත් අනිකුත් වාහන වාගේ ටිකක් හෝ සාදාරන ලෙස මහා මාර්ගය පාවිච්චි කරය .

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා