නයින්ගේ අපේ ප්‍රශ්න හෙවත් ජනාධිපතිතුමාගේ හා අපේ ප්‍රශ්න

උතුරේ ප්‍රශ්නය මගේ හෝ රජයේ පෞද්ගලික ප්‍රශ්නයක්‌ නොවන බවත් එයට විසඳුමක්‌ සෙවීම විපක්‍ෂය, ජනමාධ්‍ය හා සියලු බුද්ධිමතුන් ඇතුළු විවිධ සමාජ ක්‍රියාකාරීන් දායක විය යුතු බවත් ජනාධිපතිතුමා ඊයේ පැවැති විද්යුත් හා මුද්‍රිත මාධ්‍ය ප්‍රධානීන්ගේ හමුවේදී ප්‍රකාශ කර තිබේ.


එම ප්‍රකාශය අනුව, එතුමා කට්ටියට එකතු වී විසඳුම් හොයාපල්ලා යයි කියන ප්‍රශ්න හැර අනෙක් සියලු ම ප්‍රශ්න එතුමාගේ ප්‍රශ්න ය.


රටේ ආර්ථිකය සම්බන්ධ වැදගත් තීරණ ගන්නා විට මේ අන්දමින් සියලු දෙනාගේ දායකත්වයේ අවශ්‍යතාවක් එතුමාට ඇති බවක් අපි දැක නැත. එසේ නම් රටේ ආර්ථිකය එතුමාගේ ප්‍රශ්නයක් වන්නට ඇත.


18වන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගෙනැවිත් ප්‍රජාත්‍රන්ත්‍රවාදය සීමා කරන විට වෙනත් අයගේ අදහස් එතුමාට වැදගත් වූයේ ම නැත. ඒ කියන්නේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය හා මානව හිමිකම් එතුමාගේ ප්‍රශ්නයකි.


ගෙන එන්නට ගොස් තදබල සේවක විරෝධය නිසා හකුලා ගත් පෞද්ගලික අංශයේ විශ්‍රාම වැටුප් පනත සම්බන්ධයෙන් ද වෙන අයගේ දායකත්වය අවශ්‍ය වූයේ නැත. එසේ නම්, පෞද්ගලික අංශයේ සේවකයන්ගේ අර්ථ සාධක අරමුදල, භාරකාර අරමුදල ආදිය එතුමාගේ ප්‍රශ්න ය.


පෞද්ගලික අංශයේ සමාගම් රජයට පවරා ගැනීමට හැකි පනතක් ගෙන එන විට අනුන්ගේ අදහස් අවශ්‍ය වූයේ නැත. ඒ කියන්නේ එය ද එතුමාගේ ප්‍රශ්නයකි.


රට හාරා දිය වලක් තනා, ඩෙඟා නටා වතුර පුරවා, වරාය මැද දිය යට වූ මහ කළ ගලක් කඩන්නට මහජනතාව උගසට තබා ණයට ගත් මුදල් වියදම් කරන්නට තීරණ ගන්නා විට ද මහජන අදහස් අවශ්‍ය වූයේ නැත.


බලාගෙන යන විට ජාතික ප්‍රශ්නය හැර අන් සියල්ල ම එතුමාගේ ප්‍රශ්න ය. ජාතික ප්‍රශ්නය විපක්ෂයේ ය. මහජනතාවගේ ය. අදහස් විමසන්න ඕනෑ ය. මෙතෙක් කල් පළ වූ අදහස් මදි ය.


එය විසඳන්න කෝඳුරු තෙල් හත් පට්ටයකුත් තව ටිකක් ඕනෑ ය.


අපේ සියලු ම ප්‍රශ්න විසඳා දීම එතුමා භාර ගෙන තිබේ. අප විසඳා ගත යුත්තේ එක් ප්‍රශ්නයකි පමණි. ඒ ජාතික ප්‍රශ්නයයි. රජ්ජුරුවන්ගේ තුඹුර මැද තිබුණු ගල ඉවත් කරන්නට පොරොන්දු වී සති ගණනක් කළු කුකුල් මසින් හා හීනටි හාලෙන් සප්පායම් වූ අන්දරේ අන්තිමට කුඹුරට ගොස් කීවේ ගල උස්සා පිට මැදින් තිබ්බොත් තමන් එය කුඹුරෙන් ඉවත් කරන බවයි. 


ලංකාවේ රාජ්‍ය පාලකයන් පරීක්ෂා වන ලිට්මස් පරීක්ෂාව මෙතැන ය. රටේ ලොකු ම ප්‍රශ්නය විසඳීම සඳහා අවශ්‍ය තීරණාත්මක පියවර ගැනීමට අවශ්‍ය කශේරුකාවක් ඔබට තිබේ ද?

මේ ලිපියට ඔබ කැමති නම් වෙන අයත් එක්කත් බෙදා ගන්න

Comments

  1. ලොක්කගෙන සංසාරෙදි හම්බ වෙන්නේ නෑ..

    ReplyDelete
  2. තර්කයක් නැත.හොඳ විචාරයකි

    ReplyDelete
  3. හම්බන්තොට ගල තනියම කඩා ගන්නවා වගේ මේකත් තනියම කඩා ගන්න කියමු...ඔය ඉන්නේ චම්පක...විමල්...ඩිව්...තිස්ස...වාසු...
    මදි නම් දේවානන්දයි...පිල්ලෙයාන්...රනිල්ගේ සාම නියෝජිත ජී එල්...

    අපි මොකටද? ...අපිට වැඩ තියනවා...රටේ මිනිස්සුගේ දේශපාලන අයිතිවාසිකම්... නිදහස් අධ්‍යාපනය...ආර්ථිකය... වංචනිකයන් ගෙන් බේරා ගැනීම...වගේ අමාරු වැඩ...

    ReplyDelete
  4. මේ පැරකුම් වැරදි කොනෙන්මනෙ අල්ල ගන්නෙ...අනේ මන්ද කවදාක විචාර බුද්ධිය කියන එක කවදා නම් පහළ වෙයිද කියල...

    මෙතන ජනාධිපතිතුමා කියන්නෙ මේකනේ....එතුමා ඔය පැරකුම් කියන ප්‍රශ්න කිසිකෙනෙකුගෙන් අහන්නෙ නැතුව විසඳුවා තමයි...අඩු ගනනෙ විසඳන්න උත්සාහ වත් කලා....ඒ උනාට එතුමා ඇවිල්ල බොහෝම පරාර්තකාමියා..නිහතමානිකම දෙකංසෙං පෙරෙනව....ආන්න ඒ නිසා එතුමා හිතුවා...දැං මේ විපස්සයක්ය කියාල ඉන්නව...ජනමාද්දිය කියල ඉන්නව...බුද්දිමත්තු කියල ජාතියක් ඉන්නව...

    මම මේ ඔක්කොම ප්‍රශ්න නිකම් කජු කන්න වාගෙ විසඳාගෙන විසඳාගෙන ගියාම මේකුංට යන කල දසාව මොකක්ද?....ජහමනයා මෙවුංට ගල් ගහල පන්නයි නෙව තොපෙං අපට වැඩක් නෑ...අන්න බලපියව් ජනාදිපති තුමා සියලු ප්‍රස්න විසඳලයි තියෙන්නෙ කියල....ආන්න ඒ නිසා ඒ හැමෝම වෙනුවෙන් පතලා වූ මහා කරුණාවෙන් තමයි එතුමා ඔහොම කියල තියෙන්නෙ...නැත්නම් උතුරෙ ප්‍රස්නෙ සුටුස් ගානකොට විසඳන්ට බැරි කමකට එහෙම නෙවෙයි.....

    අර ගමේ රාලහාමි දානයක් කාරිය දෙනකොට මුලු ගමම සම්මාදම් කරගන්නෙ....ඒ තනියම දානෙ දෙන්ට බැරුවටද?...නෑ.....හුදී ජනයා කෙරෙහි පතලා වූ මහා කරුණාවෙන්....ආන්න ඒ වගේ තමයි අපේ ජනාදිපති තුමත්.....තේරුණෙයි පැරකුම්?.....

    ReplyDelete
  5. Mada mulane gan kabaraya..........
    ratata kelina hati

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා