සරසවි ගිනි ගනී; ආචාර්යවරුන්ට ලෙව කන්නට කටුවක්

සරසවි ආචාර්යවරු ජනවාරි 17දා අනිවාර්යයෙන් සංකේත වර්ජනයක් දියත් කරන බව සරසවි ආචාර්ය සංගමය නිවේදනය කළේ ය.


ඒ වැටුප් විෂමතා ඉවත් කරන ලෙස ඉල්ලමිනි. සරසවි අධ්‍යයන හා අනධ්‍යයන කාර්ය මණ්ඩලවල වැටුප් විෂමතා ඉවත් කරන චක්‍රලේඛය හෙට උප කුලපත්වරුන්ට යවන බව විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ ‍සභාපත් ගාමිනී සමරනායක පවසයි.


සරසවි ආචාර්යවරුන්ගේ දෙවන ඉල්ලීමක් ද ඇත. ඒ වනාහි මේ වන විට 'ප්‍රමිති ආරක්‍ෂණ වරප්‍රදාන හා සුදුසුකම් රාමුව' ලෙස නම වෙනස් කර තිබෙන පෞද්ගලික විශ්ව විද්‍යාල පනත පාර්ලිමේන්තුවට ගෙන ඒමට පෙර වැඩිදුර සාකච්ඡා කිරීමයි.


රජය අභ්‍යන්තරයෙන් ද මෙම පනතට විරෝධතා ඉදිරිපත් වී තිබේ. ඒ අනුව, ජාතික නිදහස්‌ පෙරමුණේ නායක ඇමැති විමල් වීරවංශ මහතා සමග ලබන 15 වැනිදා ද, විදුලිබල හා බලශක්‌ති ඇමැති පාඨලී චම්පික රණවක මහතා සමඟ 16 වැනිදා ද, මේ පිළිබඳව සාකච්ඡා කිරීමට නියමිත බව උසස් අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් සුනිල් ජයන්ත නවරත්න පවසයි. ජනාධිපති එක දුරකථන ඇමතුමක් දීම මේ විරෝධතා සමනය වීමට නම් ප්‍රමාණවත් ය. 


එහෙත්, මේ වන විට සිසු විරෝධතා නිසා විශ්ව විද්‍යාල ගිනි ගෙන ඇත. සරසවි ආචාර්යවරුන්ට හා අනධ්‍යයන කාර්ය මණ්ඩලයට ලෙව කන්නට කටුවක් විසි කරන්නේ එවැනි වකවානුවක ඔවුන් ද විරෝධතා දැක්වීම වළක්වා ගන්නට ය.


දැන් අප ඉසිරියේ ඇති ප්‍රශ්නය ලංකාවේ බුද්ධිමතුන් ලෙස සැ‍ලකෙන සරසවි ආචාර්යවරු කටුව සූප්පු කරමින් පැත්තකට වී ඇහැ කන පියාගෙන බලා සිටීවි ද, නැතිනම් පෞද්ගලික විශ්ව විද්‍යාල පනතට එරෙහි සටන දිගට ම ගෙන යයි ද යන්නයි.


එසේම, සමහර විට මේ කටුව ප්ලාස්ටික් මස් කටුවක් වන්නට ද ඉඩ තිබේ.

මේ ලිපියට ඔබ කැමති නම් වෙන අයත් එක්කත් බෙදා ගන්න

Comments

  1. මම දන්නා තරමට ඔය වැටුප් විෂමතා ප්‍රශ්නය එකක් පමණි.. ආචාර්යය වරුන්ගේ ඉල්ලීම් තව ඇත.. පෞද්ගලික වි.වි. පනතේ ඇති අවුල් ලිහීම තවත් එකකි. තවත් ඇත. කෙසේ වෙතත් ආචාරියන් ප්ලාස්ටික් මස් කටු පසුගිය වසරේ නොමඳව ගිල දැමූ බව අපට මතකය. නැවතත් ඒ කට්ටටම අහුවෙන එකක් නැති බව මාගේ විශ්වාසයයි.

    ReplyDelete
  2. //දැන් අප ඉසිරියේ ඇති ප්‍රශ්නය ලංකාවේ බුද්ධිමතුන් ලෙස සැ‍ලකෙන සරසවි ආචාර්යවරු කටුව සූප්පු කරමින් පැත්තකට වී ඇහැ කන පියාගෙන බලා සිටීවි ද, නැතිනම් පෞද්ගලික විශ්ව විද්‍යාල පනතට එරෙහි සටන දිගට ම ගෙන යයි ද යන්නයි. //

    දෙකක් නෑ බහුතරයක් තළු මර මරා කටුව සූප්පු කොරයි ....
    බුද්ධිමතුන්ට ගිය කල..........

    ReplyDelete
  3. Intellects have to live too (not financially but from White vans as well...) Anyway, In SL Academic salaries, a month's salary is needed for professional memberships, another 2 to 3 month salary is needed for getting subscribed to world top research articles like ACM, Springer, IEEE, Nature, Science etc. for that year. Another one of two months salary is needed to buy text books to teach new knowledge (I'm talking about world top text books not crappy Indian short stories). Then another few more month's salary is needed for self funded research and support postgrad research supervision... if this the situation... you can imagin the status of their private life and quality of living.. So whether like or not they have to give up all the above and have to get their basic needs, like all other professions (doctors, Engineers, Accountants, Businessment..etc.) With all that, they give 10million worth of Medical degree for less than 8 laks, 8 million worth of Engineering degrees for less than .5 million, 4-5 million worth of Bsc, Bcom, IT degreess for less than 3 laks for the SL students without compromising the quality; that's why still Sri Lankan graduates could migrate to other countries without any problem... So who has forgone these millions of worth for the sake of country... these handfull of (less than 3000) people... pls think the big picture and then you will not ever ask more from them with present apauling conditions in this bloody country!

    ReplyDelete
  4. මෙරට සරසවි යනු 1966 සිට ක්‍රමානුකුලව දේශපාලනයකරනය කරනු ලැබූ මධ්‍යස්ථාන පද්ධතියක්...ශිෂ්‍යයා සහ ආචාර්ය වරයා යන දෙන්නම මේකට අහුවෙලා ඉන්නේ...සමහරු පැනගෙන දේශපාලනය කරනවා...ඒ වෙනුවෙන් සේවය කරන්න ගිහින් සරසවි වලට තිබිය යුතු නිදහස විහින් නැති කරගන්නවා...ශිෂ්‍යයා ද තමන්ගේ තරුණ කම විසින් දෙන ආවේගය ජවය සමාජය ප්‍රශ්න කිරීමට ඇති ස්වභාවික නැඹුරුව නිසා මේ දේශපාලන රැල්ලට යටවෙනවා...සමහර ශිෂ්‍ය කොටස් ප්‍රචණ්ඩත්වය තම දේශපාලනය ගෙන යාමට යොදා ගැනීම නිසා නවක වදය ශිෂ්‍ය උප සංස්කෘතිය දක්වා ඔඩු දුවන තත්වයක් ඇතිවෙලා...අනිත් පැත්තෙන් විශ්ව විද්‍යාල පද්ධතියට කල යුතු වැය කිරීම් කප්පාදු කරමින්...ශිෂ්‍ය ප්‍රශ්නත් එතනින් දේශපාලනයත් ශිෂ්‍යන් අතරට ගෙනෙනවා...දේශපාලන පන්දම ලොකුවට ඉස්සීමට සුදානම් බව පෙන්නිමෙන් උපකුලපති වරු වුන සමහරු මේ ශිෂ්‍ය දේශපාලනය සරසවි ඇතුලේ පොලිස් රාජ්‍යයන් හැදීමට භාවිතා කරමින් තව තවත් මේවා උග්‍ර කරනවා...ආණ්ඩුව හිතනවා අද්යාපන අයිතිය වෙළඳ භාණ්ඩයක් කිරීමට 1980 දී ඉඳල ඇති කර ගෙන ආ වැඩ සටහන...යු ඇන් පියට කරන්න බැරිඋන දේ...ගජ මිතුරු ධනවාදය සඳහා සමාජ අයිතිවාසිකම් වෙළඳ භාණ්ඩ බවට පත් කිරීම...මේ අස්සේ කර ගන්න පුළුවන් කියල...ආචාර්යවරු වැටුප් සඳහා කරන අරගලය ඇතුලෙන් මේ කාරණා දක්වා යන්න තියෙන ඉඩ ඇහිරීමට මස් කටු දානවා...දේශපාලනකරණය වූ මේ ආචාර්යවරුන්ගෙන් ...බුද්ධිමතා ගෙන් ඉටු විය යුතු මුළු කාර්යයම අපේක්ෂා කරන්න එපා...ඉබ්බන් ගෙන් පිහාටු ඉල්ලන්නේ නැතිව අපි බලා සිටිමු

    ReplyDelete
  5. පෞද්ගලික විශ්‍රාම වැටුප් පනත පරාජය කරන්න වෙළද කළාප සේවකයන්ට පුළුවන් උනා නම් මේ පෞද්ගලික විශ්වවිද්‍යාල පනත පරාජය කරන්න විශ්වවිද්‍යාල සිසුන්ට අනිවාර්‍ය්යෙන්ම පුලුවන්. නමුත් ඒකට ආචාර්‍ය්‍ය වරුන්ගෙත් සහයෝගය අත්‍යාවශ්‍ය වෙනව.

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා