ඇමති මර්වින් සිල්වාටත්, ඔහුට අභියෝත කරන කැලනිය ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීලාටත් මාධ්‍යවලට කතා නො කර කට පියාගෙන ඉන්නැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ලොක්කන් අවවාද කර ඇත.
දැන් ඇති ප්‍රශ්නය මෙයයි. මාධ්‍යවලට කයිවාරු ගසන්නේ නැතිනම් මර්වින් සිල්වා වැනි දේශපාලකයන් වෙන කුමක් කරන්න ද?
මාධ්‍යවලට කට පූච්චානම් දෙඩවීම හැර ඔවුන් දන්නා වෙන දෙයක් තිබේ ද?
මොවුහු ඇත්ත වශයෙන් ම චන්ඩි ද නො වෙති. පාතාල නායකයන් ලෙස පෙනී සිටියත්, ඇත්ත ම කීවොත්, ඔය කොළඹ වතු ටිකක ලුම්පන් නායක්වයට වැඩි යමක් ද මොවුන්ට නැත. රාජ්‍ය බලය නැතිනම් ඔවුන්ගේ චන්ඩිකම් කැළේ ය. ත්‍රිවිධ හමුදාවේ, පොලිසියේ, විධායක බලයේ හයියෙන් චන්ඩි පාට් දාන්නට ඕනැ කොකෙකුට පුළුවන. මර්වින් සිල්වා විපක්ෂයේ සිටි කාලයක කළ චන්ඩිකම් ගැන දන්නා කෙනෙක් ඉන්නවා නම් කියන්න.
මෙවැනි චරිත ඇත්තෙන් ම චන්ඩි නො ව මාධ්‍ය ජෝක්කාරයෝ ය. ඔවුන්ගේ චන්ඩි පාට් රූපවාහිනී ප්‍රේක්ෂකයන්ට සිනා උපදවන විකට ජවනිකා ය.
ඒ නිසා මේ තහනම වහා ඉවත් කළ යුතු ය. කන්න, බොන්න නැතත්. අනාගතය අවිනිශ්චිත වුණත් සිනා වී ඉන්නට මේ රටේ ජනතාවට ඇති අයිතියට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ගරු කළ යුතු ය.
මේ ලිපියට ඔබ කැමති නම් වෙන අයත් එක්කත් බෙදා ගන්න
2012-01-11
අපි මර්වින්ට - මර්වින් අපිට! මේ තහනම වහා ඉවත් කරනු!
2012-01-11
Subscribe to:
Post Comments (Atom)

3 අදහස්:
elakiri kathawa
සම්පුර්ණ ඇත්ත, හිනාවෙන්න තියෙන මානුෂික අයිතිය වත් අඩු ගානෙ ඉතිරි කරන්නෙ නැහැ වගේ.
muu chandiyek neme..ponnayek
Post a Comment
ඔබගේ අදහස් පළ කිරීම් අදාළ විෂය පිළිබඳ සංවාදයක් ඇති කිරීම පිණිස ඉවහල් වන පරිදි වගකීමෙන් යුතුව කරන්න.