ලංකාවේ භාවිතා වන කිළිටි මුදල් සංසරණයෙන් ඉවත් කිරීමට මහ බැංකුව සැරසේ.
එහෙත්, එය කරන්නට යන්නේ අලුත් මුදල් නෝට්ටු නිකුත් කිරීමෙන් මිස තිළිටි මුදල් ආපසු එකතු කරගෙන විනාශ කිරීමෙන් නම් නො වේ. ඒ නිසා අලුත් මුදල් නෝට්ටු ආවත්, පරණ මුදල් නෝට්ටු ද එලෙස ම භාවිතයේ තිබෙනු ඇත.
මේ කිළිටි මුදල් නෝට්ටු අතරින් බහුතරය රු. 10, 20, 50 නෝට්ටු ය. ඒවා බැංකු හරහා එකතු කර ගත නො හැකි ය. මන්ද, ඒවා බැංකු වෙත පැමිණෙන්නේ නැති තරම් ය. ඒවා ඇත්තේ සිල්ලර වෙළඳපොළේ ය.
ලංකාවේ මිනිස්සු මුදල් නෝට්ටු පරිහරණය කරන්නේ අපිරිසිදු අන්දමට ය. බස් කොන්දොස්තරලා වැනි අය ඇතැම් විට මුදල් නෝට්ටු දෙතොල් අතර පවා රඳවා ගනිති. මාළු විකුණන්නෝ මාළු ලේ ආදිය සමග ම ඒවා අල්ලති.
කිළිටි මුදල් අත පත ගාන මුදලාලිලා හා කඩ සේවකයෝ ඒ අතින් ම ආහාර ද්‍රව්‍ය ද අතපත ගාති.
බැංකු කවුන්ටරවල සේවය කරන අය ද සෑහෙන්න කිළිටි මුදල් අත ගාති.
කිළිටි මුදල් විෂබීජ පැතිරෙන ප්‍රධාන මාර්ගයකි. ඒති කිළිටි වුණත් සල්ලි දෙයියන්ගේ මල්ලි නිසා කවුරුත් ඒවා වැළඳ ගනිති.
මුදල් නෝට්ටුවට ඇති විකල්පය ක්‍රෙඩිට් කාඩ් ය. එහෙත්, ලංකාවේ ජනගහණයෙන් 5%කටවත් ක්‍රෙඩිට් කාඩ් නැත. ඇති අයට ද එයින් මිළ දී ගැනීම් කිරීම සඳහා පහසුකම් සපයන වෙළඳ ස්ථාන අඩු ය.
සියල්ලට ම වඩා ක්‍රෙඩිට් කාඩ්වල පොලිය ද වැඩි ය.
මේ ලිපියට ඔබ කැමති නම් වෙන අයත් එක්කත් බෙදා ගන්න
2012-01-09
Subscribe to:
Post Comments (Atom)
2 අදහස්:
Debit card is an ideal solution...
-Kumar-
පාන් බැරිනම් කේක් කිවුවලු කුමාර්..
Post a Comment
ඔබගේ අදහස් පළ කිරීම් අදාළ විෂය පිළිබඳ සංවාදයක් ඇති කිරීම පිණිස ඉවහල් වන පරිදි වගකීමෙන් යුතුව කරන්න.