දළදා මාළිගා ටී ෂර්ට් හා ලුම්පන් ආගමිකයන් අත ඇති දේපල ආදිය ගැන

දළදා මාළිගාවේ රූප සටහනක් ටී ෂර්ටයක මුද්‍රණය කර තිබුණා ය කියා දියවඩන නිලමේ නිලංග දෑල බංඩාර ඇතුළු පිරිසක් විසින් ඇති කරන ලද මහා කලබැගෑනිය දැන් අධිකරණය දක්වා දුර දිග ගොස් ඇත. 


මේ ටී ෂර්ටය කාන්තා ටී ෂර්ටයක් වීම ද විශේෂයෙන් ඉස්මතු කර තිබුණේ එය පිරිමි ටී ෂර්ටයක දළදා මාළිගාවේ රූප සටහනක් මුද්‍රණය කිරීමටත් වඩා බරපතල කාරණයක් සේ ඉස්මතු කරමිනි. 


මහනුවර නගරය  ඇතුළු ලංකාවේ බොහෝ පෞරාණික ස්ථාන මේ වන විට සංචාරක කර්මාන්තය වෙත යොමු කර ඇත්තේ පූර්ණ රාජ්‍ය අනුග්‍රහය සහිතව ය. ආගමික නායකත්වය ද එයට අනුබල දී ඇත. 


සංචාරක කර්මාන්තය සිදු වන තැන්වල සමරු සිහිවරටන වෙළඳපොළක් ද නිර්මානය වන අතර, මේ ටී ෂර්ටය ද එවැනි එකකි. ටී ෂර්ටයක දළදා මාළිගාවේ රූපය මුද්‍රණය කිරීමට එරෙහිව නීති මගින් කටයුතු කිරීම සඳහා හැකියාවක් තිබේ ද යන්න ද පැහැදිලි නැත. 


දළදා මාළිගාවේ රූපය වෙළඳ දැන්වීම්වල, බස්වල පිටුපස, ත්‍රිරෝද රියවල පිටුපස වීදුරුවේ ආදියේ ද අලවා ඇත. කාන්තා ටී ෂර්ටයක මෙය මුද්‍රණය කිරීම වැරදි නම් ඉහත ආකාරයේ තැන්වල මුද්‍රණය කිරීම ගැන කියන්නට ඇත්තේ කුමක් ද? 


අනෙක් පැත්තෙන් ලංකාවේ මිනිස්සු බුදුන්ට කරන ලොකු ම අපහාසය වනාහි තැන, නො තැන නො බලපා, කිසිදු කලාත්මකභාවයකින් තොර බුදු පිළිම හන්දි, හන්දි ගානේ අතන, මෙතන පිහිටුවීමයි. ඒවා වැළැක්වීමට කිසිදු උත්සාහයක් නැත. 


පාරවල් අයිනේ බුදු පිළිම පිහිටුවන ඇතැම්හු ඉඩම් ජාවාරම්කාරයෝ ය. තමන්ගේ ඉඩම පාර පළල් කිරීමේදී පාරට යාම වළක්වා ගැනීම, වටිනා නාගරික දේපල අනවසරයෙන් අත් පත් කර ගැනීම, ජාතිවාදය වැපිරීම වැනි පටු අරමුණු රැසක් ඒ පසුපස වේ. 


අනවසර පදිංචිකරුවන්, පේමන්ට් වෙළෙන්දන් වැනි ලුම්පන් දිළින්දන් එළවා දමමින් නගර සුද්ද කරමින් සිටින ආරක්ෂක අමාත්‍යංශයේ අවධානය මීළඟට යොමු වනු ඇත්තේ මෙවැනි ලුම්පන් ආගමිකයන් කෙරෙහි ය. එවැනි ලුම්පන් ආගමිකයන් අත ඇති වටිනා රාජ්‍ය ඉඩම් විශාල ප්‍රමාණයක් මුදා ගැනීමේ මෙහෙයුමක් වෙත රජය යොමු වනු නිසැක ය. 

මේ ලිපියට ඔබ කැමති නම් වෙන අයත් එක්කත් බෙදා ගන්න

Comments

  1. දළදා මාලිගාවේ රූපෙ Trade මාක් එකක් විදියට රෙජිස්ටර් කරලා ඒකේ කොපි රයිට්ස් පන්සලේ ලොක්කා තියා ගැනීමේ වරදක් නෑ.

    ඊට පස්සේ ODEL ටී ෂර්ට් වලින් 10%ක රෝයල්ටි එකක් පන්සලට දෙන්න ඕනෑ!

    ReplyDelete
  2. http://menik-p.blogspot.com/2012/01/blog-post.html
    "දියණියකගේ සිත"

    "අප්පච්චී, බලන්නකො සින්තියාටයි එයාගෙ අම්මටයි දළදා මාලිගාවට යන්න දීල නැහැනෙ එයාලගෙ පර්දාව දාගෙන. පව් නේද අප්පච්චි, එහෙම කරන්න හොඳ නැහැනේ. පන්සලකට යන්න ඉතින් කාටත් පුලුවන් වෙන්න ඕනැනේ."

    "ඒකෙ ඉතින් වරදකුත් නැහැ. ඒ අයට ඉතින් එයාලගෙ පල්ලියටවත් යන්න දෙන්නෙ නැහැනේ. පන්සලකට යන පිළිවෙලක් තියනවනේ. එයාල ඉතින් ඒ පිළිවෙලට ගියාම ඉවරයිනේ."

    "එහෙනම් අප්පච්චි, පටාචාරා ඇඳුම් නැතිව බුදු හාමුදුරුවෝ ලඟට ගියේ. බුදු හාමුදුරුවෝ එන්න එපා කිව්වෙ නැහැ නේද."

    අප්පච්චි නිරුත්තරය.

    ReplyDelete
  3. සහතික ඇත්ත.අපේ රටේ තියෙන්නේ ආගමික කුලප්පුවක්.

    ReplyDelete
  4. කතාව 100% ක් ඇත්ත. අනෙක අපි මහා ලොකුවට සමානාත්මතාවය ගැන කතා කලාට තවම ලංකාවේ බහුතර පිරිමින්ගේ හිත ඇතුලේ කාන්තාව පහත හෝ වෙනස කරලා සලකන නොදියුණු මානසිකත්වය තියනවා. ඒ නිසා තමයි කාන්තාව ගැන මේ වගේ වල්බුරු කතා කියන්නෙ. මේ news එකේ කියනවා වගේ ඕක පිරිමි T-Shirt එකක හෝ වෙනත් යට ඇඳුමක තිබුණනම් කමක් නැද්ද? අයි කාන්තා එකේ විතරද හොඳ නැත්තෙ? මොකද කාන්තාව අපිරිසිදුයි, පිරිමි පිරිසිදුයි කියල ද හිතන්නෙ? එහෙමනම් අපි බොරුවට සිංහල බෞද්ධ කියල මහා ශිෂ්ට ජාතියක් කිව්වට බලනකොට අපිත් හරියට අර මුස්ලිම් උන් වගේ නෙ. කාන්තාව පහත් කරලා සලකන පහත් මානසිකත්වය තියෙන්නෙ උන්ට නේ, ඉතින් උනුයි අපෙයි අතර වෙනසක් නෑ වගේ. බුදුන් තමයි මුලින්ම කාන්තාවට සම තැන දෙන්න ක්‍රියා කලේ. බලනකොට දැන් ලංකාවෙ තියෙන්නෙ බුදුන් විසින් දේශනා කරපු බුදු දහම නෙවෙයි, මම හිතන්නේ අල්ලා විසින් දේශනා කරපු එකක්. එකනේ මේවගේ පහත ලක්ෂණ පෙන්වන්නෙ. නපුන්සක ජාතියක්.
    ඒ වගේම තමයි හන්දි හන්දි ගානේ බුදු පිළිම හැදීම. ඇත්තටම ගොඩක් අය ඕක කරන්නෙ ආගම දහමට තියන ආදරයට වඩා බොරු ශෝබන විලාසිතාවක් විදියට. එහෙම නැත්නම් මේ news එකේ තියනව වගේ ඉඩම රැකගන්න හෝ ආගම්වාදය කියන යටි අරමුණ ඇතිව. බලන්න, ඔය බුදු පිළිම හදන මිනිස්සු අවුරුද්දට කී සැරයක් ඒවා පිරිසිදු කරනවද? කාක්කො, කුරුල්ලො පිළිමෙ සිරස මුදුනෙ පහ කරලා, දුඋවිලි වැදිලා, කොච්චර කැත වෙලාද. බුදු හාමුදුරුවො එහෙම පාරවල් අයිනෙ අපිරිසිදුවට හිටියෙ හිටපු කෙනෙක් නෙවෙයි. උන්වහන්සෙ මේ ලෝකෙ පිරිසිදුම ජිවිතේ ගතකරපු කෙනා. ඉතින් අපි උන්වහන්සේට සලකන්නේ මෙහෙමද? එක ආගමික භාවයද? ආගමට දහමට තියන ආදරයද?

    ReplyDelete
  5. කතන්දර,
    සිත්තියාටත් පටාචාරට උනදේ වෙලා ද?

    ReplyDelete
  6. In sri lanka rogue politicians use Buddhism as their shield to their dirty work..hela karumaya started this trend..

    ReplyDelete
  7. oya wage photo tiyena bus walata reta kaluware wery maragate kochcharanam minissu choo karanawada? samahara wita oya taram udata choo karanna puluwan piriminta nisa eka prasnayak natuwa athi.ane sadu dalada hamuduruwangema pihitay oya wirodathawaya dakwapu tarunayanta hamuduruwanta saha diyawadana nilame tuma atulu pirisata

    ReplyDelete
  8. කතන්දරගේ හැර , අනිකුත් කොමෙන්ට්ස් සියල්ලටම මමත් කැමති ඉ

    ReplyDelete
  9. යකෝ... මේක පුදුම ලෝකයක්! හේමමාලාවන්ට දළදාව කෙස් කළඹේ සඟවාගන එන්න හොඳයි. ශ්‍රී වික්‍රම රාජසිංහ හදවපු බිල්ඩිමේ රූපයක් ඇඳපු ඇඳුමක් තව කාන්තාවකට ඇඳගෙන යන්න නරකයි. තමන් උපන් රටේ ලෝක උරුමයක සිහි වටනයක් පිටරැටියකුට අලෙවි කරන විට නඩු. බුදුන් දෙසූ දහමේ පළමු සිල් පදයම කඩමින් හතුරන් නැසීමට යන විට සෙත් පිරිත්!

    ReplyDelete
  10. Bus eke eka thiyenne bus eka market karannea nemei
    Bududahama Wikunan kanna hadanne epa

    ReplyDelete
  11. Post ekata kamathi comments witharak approve caranna epa

    ReplyDelete
  12. dalada maligawa is in 200 rupee and 1000 rupee bills too. Those bills are used by prostitutes, drug dealers, rapers and all fucking lunatics.

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා