13 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට වඩා ඉදිරියට යන බව ජනාධිපති ඉන්දීය විදේශ ඇමතිට කීවේ ඇත්තටම ද?

'ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා හමුවී සාර්ථක සාකච්ඡාවක නිරතවූ බව සඳහන් කළ ක්‍රිෂ්ණා මහතා 13 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට වඩා ඉදිරියට ගිය සංශෝධනයක් වෙනුවෙන් අදහස් පළ කළ බවද කීවේය,' යි දිනමිණ පුවත්පත ජනාධිපති මහින්ද රාජපක්ෂ හා ඉන්දීය විදේශ ඇමති එස්. එම්. ක්‍රිෂ්ණා අතර සාකච්ඡාවලින් පසු ඉන්දීය විදේශ ඇමතිවරයා පළ කළ අදහස් වාර්තා කළේ ය.


ජනවාර්ගික ගැටලුව සඳහා විසඳුමක්‌ ලබාදීමට 13 වැනි ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථා සංශෝධනය පූර්ණ වශයෙන් ක්‍රියාත්මක කිරීමට සූදානම් යෑයි ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා තමන් වෙත පැවසූ බව මෙරට නිල සංචාරයක නිරතවන ඉන්දීය විදේශ කටයුතු ඇමැති එස්‌. එම්. ක්‍රිෂ්ණා මහතා මාධ්‍ය හමුවකදී ඊයේ පැවසූ බව දිවයින පුවත්පත ද වාර්තා කළේ ය.


වාර්තා අනුව පෙනෙන පරිදි 13වන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනය හෙවත් පළාත් සභා ක්‍රමය සම්පූර්ණයෙන් ක්‍රියාත්මක කරන්නට ජනාධිපතිවරයා එකඟ වී ඇති බව පෙනේ.


එසේ නම් පසුගිය දිනවල දෙමළ ජාතික සන්ධානය රජය සමග සාකච්ඡාවලදී ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනය යටතේ ලැබිය යුතු ඉඩම් හා පොලිස් බලතල ඉල්ලුවා යයි ආණ්ඩුව කළ කලබැගෑනියට හා දෙන්නේ ම නැතැයි කළ ශපථ කිරීම්වලට කුමක් වී ද?

රජය සහ දෙමළ ජාතික සංධානය අතර පවතින සාකච්ඡා සඳහා කෙතරම් යෝජනා පැමිණියද සාකච්ඡා සඳහා ගනු ලබන්නේ ක්‍රියාත්මක කළ හැකි යෝජනා පමණක් බව විදේශ කටයුතු ඇමැති ජී.එල් පීරිස් අවධාරණය කළේ ද ඊයේ ම ය.


13වන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ඉක්මවා ගිය බලය බෙදීමක් දෙන්නටත් ආණ්ඩුව සූදානම් බව ජනාධිපතිවරයා ඉන්දීය විදේශ ඇමතිට පවසා තිබේ. ඒ ඇත්තට ම ද?


ඉන්දීය රජයෙන් ලංකාවට ආධාර ලැබෙන අවබෝධතා ගිවිසුම් හතරක් ද ඊයේ අත්සන් කරන ලදී. ජනාධිපතිවරයාගේ අදහස් පළ වන්නේ ඒ අවස්ථාවට අනුකූලව ද?


එසේ අදහස් පළ කර පසුව එහෙම එකක් නො කීවා සේ කිසිවක් නො කර ඉන්නට ද?


ආණ්ඩුව ජාතික ප්‍රශ්නයෙහි දරන්නේ කල් ගැනීමේ අනතුරුදායක ප්‍රතිපත්තියක් බව අපේ වැටහීමයි. එනම්, ජාතික ප්‍රශ්නයට දේශපාලනික විසඳ්මක් ලබා නො දී, ජාතීන් අතර තිරසාර සංහිඳියාවක් සඳහා පියවර නො ගෙන, අරගල මර්දනය කරමින් කාලය ගෙවා දැමීම ආණ්ඩුවේ පිළිවෙත වී තිබේ.


ඒ අතර සිදු වන ධනේශ්වර සංවර්ධනයෙන් ජාතීන්ගේ ප්‍රශ්නය යටපත් වනු ඇතැයි ආණ්ඩුව බලාපොරොත්තු වන්නේ යයි අනුමාන කළ හැකි ය. එය එසේ සිදු වේ ද යන්න අපි 


මෙමගින් සිදු වන්නේ දෙමළ සමාජයේ ප්‍රජාතාන්ත්‍රික ප්‍රවණතා මුළුමනින් ම අසාර්ථක වීමයි. අවසානයේදී මෙයින් නැවතත් සන්නද්ධ අරගලයට අවකාශය විවර නො වේ යයි කිව හැක්කේ කාට ද? අද පැන නැඟිය හැකි සන්නද්ධ අරගල වනාහි කලින් පැවති ආකාරයේ භූමිය අත්පත් කරගෙන සටන් කරන ආකාරයේ ඒවා නො වේ. අතිශය ප්‍රචණ්ඩ ත්‍රස්තවාදී ප්‍රවණතා ය.


මේ යථාර්ථය තේරුම් නො ගත් සිංහල සමාජය හා එහි නායකයන් ගැන අපට කීමට ඇත්තේ ලෝවැඩ සඟරාවේ කවියකි.


"ලිපි ගිනි මොළවන තෙක් දිය සැලියේ - සැපතක් යයි කකුළුව දිය කෙළියේ"

මේ ලිපියට ඔබ කැමති නම් වෙන අයත් එක්කත් බෙදා ගන්න

Comments

  1. ..........අද පැන නැඟිය හැකි සන්නද්ධ අරගල වනාහි කලින් පැවති ආකාරයේ භූමිය අත්පත් කරගෙන සටන් කරන ආකාරයේ ඒවා නො වේ. අතිශය ප්‍රචණ්ඩ ත්‍රස්තවාදී ප්‍රවණතා ය...............
    ඇයි උඹ සිංහලයා බය කරලද දෙමළට දෙන්න කියන්නේ උන්ගේ ප්‍රචන්ඩත්වය උපට වගේම උන්ටත් ඊට වැඩි ගුණයකින් අත් විදින්න වෙන බව උන් වගේම උබත් තාම ඉගෙන නැත්නම් මොනව කරන්නද .....

    ReplyDelete
  2. මේක හරියට අර අන්දරේ රජ්ජුරුවන්ගේ කුඹුරේ තිබුන ගල ගිහින් දාන්නම් කියල හොඳට හීනටි හාලේ බත් එක්ක කළුකුම් මස් කාල...අන්තිමට කුඹුරට ගිහිල්ල මේ ගල මගේ කර උඩින් අරන් තිබ්බොත් ගිහින් දාන්නම් කීව වගේ වැඩක්...තර්ටීන් ප්ලස් ක්‍රියාත්මක කරන්නේ...සිංහල මුස්ලිම් ජනයාගේ කැමැත්ත ලැබිල...ඒකට පාර්ලිමේන්තුව කැමති වෙලා අවශ්‍ය ව්‍යවස්ථා වෙනස්කම් සිදු කලොත් තම කියල අන්තිමට කියනවා...අන්දරේ රජා රැවටුවට මේකෙන් වෙන්නේ මේ රටේ ජනය තව දුරටත් ගිනි ගොඩ උඩ තියාගෙන... නවීන ජාතියක් නැති...ජනවර්ගය සහ ජාතිවාදය සමග පසුගාමී සමාජයක ජිවත් වෙන්න සලස්සන එක...ඒ මගින් ලෝකේ ඉස්සරහට යන්න බැරි සමාජයක් තුල තියාගන්න එක

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා