විදුහල්පති - අධ්‍යාපනයේ එක කණ කොකෙක් / Principal - one big problem of the education of Sri Lanka

කලකට පෙර පාසල්වල මුල් ගුරුවරයා වනාහි ලුරුවරුන් අතරින් සැබැවින් ම මූලිකයෙකි.


දැනට කලකට පෙර සිට ම විදුහල්පකිවරුන් පත් කිරීමේ නිශ්චිත වැඩපිළිවෙලක් නො තිබුණු අතර,  අද වන විට අධ්‍යාපනයේ විදුහල්පති හා පරිපාලන තනතුරුවලට පත් වන වැඩි දෙනෙක් තුරු සේවයේ හොඳ කාර්යදසාධනයක් පවත්වාගෙන ගිය අය නො වෙති.


රටේ පාසල් සංඛ්‍යාව 10,000ක් පමණ වන අතර, එයින් 25%ක පමණ ඉන්නේ වැඩ ආවරණය කිරීම සඳහා පත් කළ විදුහල්පතිවරු ය. කලක් තිස්සේ වැඩ බැලූ මෙම විදුහල්පතිවරුන්ට ඒ වෙනුවෙන් පසුගිය සමයේ පැවති බඳවා ගැනීමේ පරීක්ෂණවලදී සියයට 30 බැගින් අමතර ලකුණු දුන්න ද, ඔවුන්ගෙන් වැඩි දෙනෙක් අසමත් වූ හ. මේ පිරිස දැන් ස්ථිර පත්වීම් ඉල්ලා විවිධ විසූක දස්සන කරමින් සිටිති. පසුගියදා රාජ්‍ය සේවා කොමිෂම මොවුන් තනතුරුවල ස්ථිර කිරීම සඳහා ගෙන එන ලද ඇමති මණ්ඩල නිර්දේශයක් ප්‍රතික්ෂේප කළේ ය. 


මේ අතර, ඉතා අවිධිමත් වූ මෙම බඳවා ගැනීමේ වැඩසටහනේදී අක්‍රමවත් මාර්ග ඔස්සේ තවත් නුසුදුස්සෝ පිරිසක් ද විදුහල්පති සේවයට එක් වූ හ.


අද වන විට මේ විදුහල්පතිවරුන් අතරින් වැඩිදෙනෙක් පාසල් 'හදමින්' සිටිති. මේ පාසල් 'හැදිල්ල' යනු අධ්‍යාපනයේ සංවර්ධනයක් ඇති කිරීමකැයි වරදවා වටහා ගැනීමක් දෙමාපියන් අතර ඇත. නමුත් ඇත්ත වශයෙන් ම සිදු වන්නේ කුමක් ද?


විදුහල්පතිවරු හැමදාමත් කුමන, කුමන ආකාරයේ හෝ සම්මාදම් සැලසුම් කරති. එයින් ගසා කන්නෝ ද සිටිති. එසේ ම, ඒවායින් කරන බහුතරයක් භෞතික සංවර්ධන වැඩවල අරමුණ ද පෞද්ගලිකව ලකුණු දමා ගැනීමයි.


නිදහස් අධ්‍යාපනය සඳහා සිසුන්ට ඇති අයිතිය පිළිබඳ තබා මූලික මානව හිමිකම් ගැන හෝ බහුතරයක් ගුරුවරුන්ට අවබෝධයක් නැත.


පහත සඳහන් ආකාරයේ සිද්ධි පාසල්වලින් නිරතුරුව වාර්තා වන්නේ ඒ නිසා ය.


පාසලේ මුර ගාස්‌තු නොගෙවීම නිසා විදුහල්පතිවරයා තමාගේ පංති තහනම් කළ බව මාධ්‍යයට පැවසීමෙන් උරණ වූ පිරිසක්‌ ඊයේ (02 වැනිදා) උදේ කළ පහරදීමකින් ඇඹිලිපිටිය කැටගල්ආර විදුහලේ සුසිලි සඳමාලි ශිෂ්‍යාව සහ ඇයගේ දෙමව්පියන් තුවාල ලබා ඇඹිලිපිටිය මූලික රෝහලට ඇතුළත් කර ඇත.
ඇඹිලිපිටිය කැටගල්ආර විද්‍යාලයේ හතර වන ශේ්‍රණියේ ඉගෙනුම ලැබූ වයස අවුරුදු නවයක සුසිලී සඳමාලි නමැති දැරිය රුපියල් එක්‌දහස්‌ දෙසීයක වසරක මුර ගාස්‌තු නොගෙව්වැයි උරණ වූ විදුහල්පතිවරයා මීට මාස හතරකට පමණ පෙර සිට එම දියණියගේ පාසල් ගමන තහනමකට ලක්‌කොට තිබේ. දැරියගේ පියා සහ මව එම විදුහල ආසන්නයේ ජීවත්වෙන අතර, එම දෙමව්පියන් කුලී වැඩ කරමින් ඉතා අපහසුවෙන් සඳමාලිගේ අධ්‍යාපන කටයුතු වෙනුවෙන් වෙහෙසෙති. මෙම විද්‍යාලයේ මුරකරුවන් වෙනුවෙන් පාසල් දරුවන්ගෙන් මුදල් අය කෙරේ. එහෙත් සඳමාලිගේ දෙමව්පියන්ට අදාළ වූ මුදල ගෙවා ගැනීමට නොහැකි බව එම දෙමව්පියන් විදුහල්පතිවරයාට දැනුම් දී ඇත. විදුහල්පතිවරයා උරණ වී මීට මාස හතරක පමණ කාලයක සිට එම දැරියට පන්ති තහනමකට ලක්‌ කර ඇත.

මොවුන් විසින් මේ ගැන මාධ්‍යයට හෙළි කිරීම නිසා විටින් විට නොයෙකුත් තාඩන පීඩන එල්ලවී ඇති අතර මුහුණ වසාගත් පිරිසක්‌ ඊයේ පැමිණ දෙමාපියන්ට සහ මෙම දැරියට කරන ලද පහරදීමක්‌ නිසා ඔවුන් තිදෙනා තුවාල ලබා ඇඹිලිපිටිය මූලික රෝහලට ඇතුළත් කොට ඇත. දියණියගේ මව වන ඩබ්ලිව්. රෝහිණී සහ පියා වන ඩබ්ලිව්. ජී. පියසේන ද එම දියණිය ද දැනට රෝහලේ ප්‍රතිකාර ලබන අතර ඇඹිලිපිටිය මූලස්‌ථාන පොලිසිය වැඩිදුර පරීක්‍ෂණ අරඹා තිබේ.


මේ ලිපියට ඔබ කැමති නම් වෙන අයත් එක්කත් බෙදා ගන්න

Comments

  1. The downfall of education started in 1977 with the JR regime.The UNP started appointing KA NI(karya niyuthu) principals and they were the members of the UNP trade union JSS.The JSS not only invaded the education syatem but also other departments and cooperations.The erosion started there and whehn Chandrika came to power after 17 years of UNP rule she never tried to put things back in the track.Today injustice has become a common thing in the country & we cannot expect the ruling party or the unp to put things back to normal.

    ReplyDelete
  2. කේතුමතී රාජධානිය ගැන දැන් හොඳ කතා කියවෙන කාලය...එහි දුෂිතම ආයතනය වන්නේ අධ්‍යාපනය අමාත්‍යාංශය බව මෑතකදී වාර්තා උනා...හොඳ පාසල් වලට තම දරුවන් දමා ගන්න පොරකන දෙමාපියන්ව සූරාකන විදුහල්පති පන්තියක් ගොඩ නැගිලා කෙතුමතියේ අනාගත පරම්පරාව යහ මගට ගෙනියනව...මහදවල් පන්ති කාමර ඇතුලේ දැරිවියන් දුෂණය වෙනවා ...එයාල දේශපාලකයන් සමග හොඳට සැමනිලා ඉන්න නිසා දේශපාලකයන් මේ ගැන හොයන්නේ නෑ...දැන් ටියුෂන් මාස්ටර්ලා දෙන්නෙක්ම අධ්‍යාපනය බාරව පත් වෙලා ඉන්න නිසා තවත් ෂෝක්...ඒකටම හරියන්න අධ්‍යාපනය ගැන මෙලෝ හසරක් දන්නේ නැති...දේශපාලකයන්ට ඉයස් සර් කියන ලේකම්ලත් හොයලම ගෙනත් දෙනවා කෙතුමතියේ මහා ලේකම්ලා
    ...හෙට අනිද්දට නෙලුම් පොකුණත් විවුර්ත වෙනවානේ...මේවා ගැන කතා කරලා ලේ නරක කර ගන්නේ මොකටද...යන්න රූපවාහිනිය ගාවට...කේතුමතී රාජධානියේ ආශ්චර්ය මල් පිපෙන හැටි බලන්න...

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා