අතේ පත්තු වුන අනෝමා නෝනාගේ මොරටුවේ ළමා මඩමේ මෙහෙයුම

ළමාරක්ෂක අධිකාරියේ සභාපතිනි අනෝමා දිසානායක නෝනාගේ 'ඔපරේෂන් ප්‍රෙම් හවුස්' හෙවත් 'ප්‍රේම නිවාස මෙහෙයුම' මේ දිනවල අතේ පත්තු වෙමින් තිබේ.


ලේඛකයා මීට දස වසරකට පමණ පෙර මෙම ස්ථානය වෙත ගොස් ඇත. එය වනාහි බොහෝ දෙනා දන්නා ප්‍රසිද්ධ ස්ථානයක් මිස හොර තිප්පලක් නො වේ. එතැනින් දරුකමට හදා ගැනීම සඳහා දරුවකු ලබා ගැනීම පහසු කාර්යයක් නො වේ. ඒ සඳහා නියමිත ක්‍රියාමාර්ගය අනුගමනය කළ යුතු ය. දරුවන් ඉල්ලා සිටින යුවලේ පියා වයස 45ට වැඩි නම් පවා එතැනින් දරුවකු ලබා ගත නො හැකි ය. එහි ක්‍රියාත්මක වූයේ ද වෙනත් ඕනෑම ළමා නිවාසයකට අදාළ නීති රීති ය.


මෙම ස්ථානයෙන් සිදු වන විශිෂ්ට ම සේවය අනවශ්‍ය පිළිසිඳ ගැනීම් නිසා කරදරයට පත් වී සිටින කාන්තාවන්ට සිය ගැබ් කාලය ගත කිරීමට ආරක්ෂිත තැනක් ලබා දීම, රහස්‍යභාවය ආරක්ෂා කිරීම හා දරුවාට සුරක්ෂිත අනාගතයක් තහවුරු කර දීමයි.


අ‍ප නිරීක්ෂණය කළ දෙයක් වූයේ එතරම් සේවයක් සපයන මෙම ආයතනයේ තිබුණු පහසුකම් මඳකමයි.


ලියාපදිංචි ළමා නිවාසයක් වූ එය නිබඳව පරිවාස හා ළමාරක්ෂක දෙපාර්තමේන්තුවේ අධීක්ෂණයට ලක් විය. රජයට අයත් එන්ජීඕ පන්නයේ ආයතනයක් වන ළමාරක්ෂක අධිකාරිය එතැනට කඩා වදින්නේ ළමාරක්‍ෂණ අධිකාරියේ ළමා උපකාරක දුරකතන සේවා අංකය 1929 වෙත ලැබුණු දුරකථන ඇමැතුමක් අනුව මෙම ස්ථානයේ දරුවන් විකිණීමේ ජාවාරමක් පවත්වාගෙන යන බවට තොරතුරු ලැබුණු බව කියමිනි.


එවැනි තොරතුරක් ලැබුණා නම් මෙම ආයතනය විසින් කළ යුතුව තිබුණේ පොලිසියේ සහයෝගය ලබාගෙන සූක්ෂම අන්දමින් එම ජාවාරම සාක්කි සහිත්ව කොටු කර ගැනීමයි.


එහෙත් සිදු වුණේ අනෙකකි. එනම්, අනෝමා දිසානයක මාධ්‍ය මගින් ප්‍රචාරය ලබා ගැනීමේ හා සිංහල-බෞද්ධ අන්තවාදීන් කතෝලික භීතිකාවක් නිර්මානය කිරීමේ මාධ්‍ය මෙහෙයුමකි.


මෙම ස්ථානය වැටලූ ළමාරක්ෂක අධිකාරියේ ළමයින් හා එතැනට උඩ පැන පැන පහර දුන් මාධ්‍යයන්ගේ පිරිමි ළමයින් මේ කරුණු සොයා බලා නැති බව පැහැදිලි ය.


මේ රටේ ඇති සාමාන්‍ය තත්වයක් වන්නේ තමන්ට නො තේරෙන ඕනෑම දෙයක් කුමන්ත්‍රණයක් ලෙස සැලකීමයි. පෞද්ගලික ප්‍රතිලාභයක් නොමැතිව කිසිවෙකු යම් සේවයක් කරන්නේ මන්දැයි තේරුම් ගැනීම මේ සමාජයට දුෂ්කර ය.


ප්‍රේම් හවුස් කන්‍යා සොහොයුරියන් කළ සේවය මේ සමාජයට කොහෙත් ම තේරුම් ගැනීමට බැරි ය. ඔවුන් රිමාන්ඩ් බන්ධනාගාර ගත කිරීමෙන් හා ළමයින් විකුණන ජාවාරම්කරුවන් පිරිසක් ලෙස හංවඩු ගැසීමෙන් සිංහල බෞද්ධ ස්වෝත්තමවාදියෝ මාර ආතල් එකක් ගත්ත හ.


මේ පිරිමි අතින් දූෂණය වන අසරණ ගැහැනුන්ට සරණ වන තැනක් ඇත්තේ කොයි පන්සලේ ද? සිය දිවි නසා ගන්නට සිටි ගැහැනුන් කී දෙනෙක් නම් මෙම නිවස නිසා අදත් ජීවත් වෙනවා ද?


බොරු කතෝලික කුමන්ත්‍රණ මවා පාමින් මේ අන්තවාදීන් කරන්නේ ලංකාව තව, තවත් ලෝකයෙන් හුදකලා වන තත්වයක් නිර්මානය කිරීමයි.

මේ ලිපියට ඔබ කැමති නම් වෙන අයත් එක්කත් බෙදා ගන්න

Comments

  1. Thank you for your article. I am having the feeling that this lady (Anoma Disanayake) is do all for publicity. I can recall an incident when a young pregnant girl admitted to Ridgeway hospital for delievery, this woman created a story without respecting that innocent girl's privacy. The cheif doctor of the hospital (I think her name is Rani Adhikari) too was crazy for publicity and all our medias publish photos showing Rani Adikari and Anoma Disanayake exchanging flowers for the "good job". Unfortunately, nothing good has done for that innocent girl (or family) but Rani Adikari and Anoma Disanayake recieved publicity.

    ReplyDelete
  2. මේ ලිපියෙ වටිනාකම තියෙන්නේ වැටළීම කළ දවසෙම දැම්ම නම් තමයි... දැන් ඉතින් ඔය බයිල කාටත් කියන්න පුළුවන්...

    ReplyDelete
  3. මේ කේස් එකෙන් පේනවා අපේ රටේ වගකිවයුතු පුද්ගලයෝ යැයි කියාගන්නා අය කොතරම් බුද්ධියෙන් හීන නොදියුනු මානසිකත්වයක් ඇති අයද කියලා. විශේෂයෙන්ම රැකවරණය ලැබිය යුතු ලමුන් සහ කාන්තාවන්ගේ අනන්‍යතාවය රැකගැනීම වගකිවයුතන්ගේ වගකීමක්. එය පැහැර හැර ඇතිබවයි පේන්නේ.
    -Kumar-

    ReplyDelete
  4. Pitarat dollar walata kahina vamanshiyako...Thuk...

    ReplyDelete
  5. සමහර අනෝල කහින්නෙ මොනවටද කියලවත් හිතා ගන්න බැහැ, කාලකන්නි *ක ලේවකන්නෝ

    ReplyDelete
  6. *ක ලේවකන ඕනයා,

    balapam prem niwase loku ammage weda.

    http://www.youtube.com/watch?v=l8Z7AI1J9Z0

    Thopi wage gobbyantama honda nun thamai me...

    ReplyDelete
  7. බටහිර කුමන්ත්‍රණ කේස් නැත්නම් නින්ද යන්නේ නැති සයිස් එකක් තියෙන්නේ. දැන් නම් මේක වෙනම ලෙඩක්. වෙස්ටන්මේනියා වගේ නමක් දාන්න වෙයි වගේ.

    ReplyDelete
  8. උන්ගේ අතල් උන්ට අතල්. මුන්ට අතල් ගන්න අනිත් යට කරදර කරන්නම ඕනිද? ඔව්වට කඩේයන එවුන් ඉන්නවනේ.

    ReplyDelete
  9. මේ ලිපියෙ දි ළමයින් විකුනුවේ නෑ කියලා කියන්නේ නෑ නේද!

    ළමයින් විකුනා එයින් ‍ආදායම් ඉපැයීම නීති විරෝධී නොවෙන්නේ කොහොම ද!

    ReplyDelete
  10. වසිලිස්සාDecember 6, 2011 at 10:53 AM

    ප්‍රමාදවෙලා හරි ඇත්ත ඇති සැටියට පල කිරීම ගැන මාගේ ප්‍රණාමය ඔබට!
    මේ වගේ තැනක් ගැන මෙච්චර අපහාසාත්මක දේවල් නිර්මාණය කල සුනක හැතිකරය ,මෙහි ජීවත්වන පිරිස සමග එකම එක දවසක් ගතකරානම් තේරේවි මේ විදෙස කන්‍යා සොහොයුරියන් අප රටට කරන්නේ කොපමණ සේවයක්ද කියල.ගැහැණුන්ව අනාත කරපු එවුන්ම තමයි මේවට විරුද්දව කහින්නේ.
    මෙවන් තත්ත්වයන් හමුවේ නිර්බයව මුහුණ දීමට එම කන්‍යා සොහොයුරියන්ට දේව ආශීර්වාදය නොඅඩුව ලැබේවා!

    ReplyDelete
  11. සමාජයට යහපතක් තමන්ගෙන් ඉටු නොවුනත් යම් මෙහෙවරක් කරන අයටවත් බාද නොකරන ඒකතමයි මනුස්සකම කියන්නේ. මෙතන සේවය හැම අගමිකයකුටම බාදාවකින් තොරව ලබාදීල තියනවා. වාචාල කතා කියන අය බෞද්ධ ලේබලයක් ප්‍රදර්සනය කිරීම, බෞද්ධයකු වසයෙන් ඉතා කණගාටු වෙනවා. එංගලන්තයේ පන්සල්වල ක්‍රියාකාරීත්වය මෙහි සිටින හැම කෙනෙකුම මනාව දන්නවා. නමුත් එංගලන්ත රජය විසින් හැම පන්සලකටම දේවාලයකටම සෑම පහසුකමක්ම සපයන අතරම වාර්ෂිකව මුදල් ආදාරද නොමසුරුව සපයනවා. එම නිසාම මෙහි දේවස්ථාන අලුතින් බිහිවීමේ ප්‍රවනතාවයක්ද පෙනෙන්නට තිබෙනවා. මේවාට කිසිම කෙනෙකු බාද කරන්නෙත් නැහැ, උදව් කරනවා හැරෙන්නට . මිනිසකු උසස් වන්නේ ක්‍රියාවෙන් මිස වචනයෙන් නොවේ.

    ReplyDelete
  12. Thank you very much for this article.

    (I beg all of you to see this with a fundamentalist religious mind, see with an open mind. One has put a youtube video saying that Mother Theresa liked to see the poor suffer. Have those Penn & Teller done anything to the poor. Please don't make BAILA without knowing.)

    TRUTH WILL ALWAYS WIN.

    -Gihan-

    ReplyDelete
  13. වසිලිස්සාගේ සමහර කතාව වලට මන් එකග වෙනවා.මොකද ඔය ගොඩක්ම කැගහන්නේ ගැණු දූශණය කරන පහත් තත්වයේ මහත්තුරුය.උන්ගේ පහත් ක්‍රියා හේතුවෙන් අන්තිමට අච්චර සේවයක් කරන කන්්යා සොහොයුරියන් හා කතෝලිකයන්ය.

    ReplyDelete
  14. Gihan

    Didn't you see that your so Holly Mother Theresa took money from dictators and use that to "facilitate the poor people to die as Catholics" not to save them. I think you should take your own advice to see thinks as it is not with out religious bias.

    ReplyDelete
  15. "ගැහැණුන්ව අනාත කරපු එවුන්ම තමයි මේවට විරුද්දව කහින්නේ.
    මෙවන් තත්ත්වයන් හමුවේ නිර්බයව මුහුණ දීමට එම කන්‍යා සොහොයුරියන්ට දේව ආශීර්වාදය නොඅඩුව ලැබේවා!"

    So selling babies is not a sin?

    ReplyDelete
  16. මට තියෙන ප්‍රශ්ණය ඇයි මෙතන සිංහල බෞද්ධ කියලා කරන්නේ කියලා...... මම දන්න විදියට පංසල් වල හාමුදුරුවරු එහෙමත් නැත්නම් බෞද්ධ සංවිධාන පාරට බැහැලා උද්ඝෝෂණ කලේ නෑ, නිවේදන නිකුත් කලේ නෑ....
    කරපු එව්වා කලේ ළමාරක්ෂක අධිකාරියේ මිනිස්සු, ප්‍රචාරය අරන්ගියේ ආණ්ඩුවේ මාධ්‍ය... ඒකයි අගරදගුරු හිමි කිව්වේ ආණ්ඩුවේ උත්සව වර්ජනය කරනව කියලා.......

    එහෙම එකේ කවුරු හරි මේක " සිංහල-බෞද්ධ අන්තවාදීන් කතෝලික භීතිකාවක් නිර්මානය කිරීමේ මාධ්‍ය මෙහෙයුමක්" කියලා කියනවනම් මේක කියන ඇත්තොම තමා ලොකුම "අන්තවාදීන්" වෙන්නේ......මොකද නැති දේවල් ඇතිකරනවනේ.....

    ඔව්වට තමා කතාවට කියනවනේ බළලා මල්ලෙන් එලියට පනිනවා කියලා.....

    ReplyDelete
  17. මට තියෙන ප්‍රශ්ණය ඇයි මෙතන සිංහල බෞද්ධ කියලා highlight කරන්නේ කියලා...... මම දන්න විදියට පංසල් වල හාමුදුරුවරු එහෙමත් නැත්නම් බෞද්ධ සංවිධාන පාරට බැහැලා උද්ඝෝෂණ කලේ නෑ, නිවේදන නිකුත් කලේ නෑ....
    කරපු එව්වා කලේ ළමාරක්ෂක අධිකාරියේ මිනිස්සු, ප්‍රචාරය අරන්ගියේ ආණ්ඩුවේ මාධ්‍ය... ඒකයි අගරදගුරු හිමි කිව්වේ ආණ්ඩුවේ උත්සව වර්ජනය කරනව කියලා.......

    එහෙම එකේ කවුරු හරි මේක " සිංහල-බෞද්ධ අන්තවාදීන් කතෝලික භීතිකාවක් නිර්මානය කිරීමේ මාධ්‍ය මෙහෙයුමක්" කියලා කියනවනම් මේක කියන ඇත්තොම තමා ලොකුම "අන්තවාදීන්" වෙන්නේ......මොකද නැති දේවල් ඇතිකරනවනේ.....

    ඔව්වට තමා කතාවට කියන්නේ බළලා මල්ලෙන් එලියට පනිනවා කියලා.....

    ReplyDelete
  18. ළමාරක්ෂක අධිකාරිය වගකීමකින් යුතුව ක්‍රියා කළ යුතු ආයතනයක්, ඔවුන් මේ විධියට අවිචාරමත් වුනොත්, ඉන් පීඩාවට පත් වෙන්නේ ඒ සම්බන්ධව පීඩනයට ලක්වෙමින සිටින, කාන්තාවන් සහ නිසි පිහිටක් නොලබමින් සිටින, අසරණ අහිංසක දරු දැරියන් ය.

    මේ සඳහා පළවෙන comments බලන කොට සමාජය ගැන යම්තාක් දුරට අවබෝධයක් ලබා ගන්න පුළුවන්.

    ReplyDelete
  19. ඇත්තටම මෙතන " සිංහල බෞද්ධ" කියල hilight කරපු එක සාධාරණයි.මොකද සිංහල බෞද්ධයෝ මේ සිද්ධියට " මහාධිකරනයටත්" කලින් ඉතාමත් පහත් නින්දිත තීන්දු තීරණ ලබා දීල බෞද්ධයන් අතර "කතෝලික භීතිකාවක් " ඇති කරන්න උත්සහ කල. මෙන්න සාක්ෂි , " සිංහල රාවය" කියන්නේ "සිංහල බෞද්ධ " වෙබ් අඩවියක් නේ.එහෙනම් "සිංහල බෞද්ධ" කියන එක hilight කරන එකේ වරදක් නැහැ.

    දරැවන් මස් කර විකුණන කතෝලික පල්ලියේ මිලේඡ්චයෝ
    http://sinhalaravaya.com/?p=1247

    මදර් තෙරේසාගේ ළමා ජාවාරම…
    http://sinhalaravaya.com/?p=1186

    ළමා ජාවාරම වහන්න පල්ලියේ ලොක්කෝ කරලියට බසී
    http://sinhalaravaya.com/?p=1252#comment-2283

    ReplyDelete
  20. එතකොට මාධ්‍ය ආවරණය කල දිනයේ විදේශිකයින් පැමිණ සිටියේ අහවල් දෙයක් බලන්නද?

    අනාත නිවාස බටහිර රටවල නැත්ද?
    මෙහේ තියන එහේ නැති දේ මොකක්ද බලන්න එන්න?
    අනාත නිවාසයකට හැර සර්කස් සංදර්ශනයක් පෙන්වනවාද විදේශිකයන්ට?

    ReplyDelete
  21. Onna ape Buddhist Monkla meka dakala monawada kiyanne balamu ? Philippine walata dan Visa oneth neha
    http://www.youtube.com/watch?v=4A5_dtzgLk8

    ReplyDelete
  22. මේක ලියපු එකාට තියෙන්නේ සිංහල බවුද්ද විරෝදයක්. එතන වැරද්දක් වෙලා තියෙනවද නැද්ද කියලා නීතිය තීරනය කරයි. මේ රටේ නීතිය ක්‍රියාත්මක වෙන්නේ ආගම් අනුවවත් වාර්ගිකත්වය අනුව වත් නෙමේ. සිංහල බවුද්දයාට පහර පිට පහර ගහන NGO කාරයන් සහ බංකොලොත් මාක්ස්වාදීන් මෙතනටත් ඇදලා ගත්තේ සිංහල බවුද්ද කම​. සිංහල බවුද්දයට සිදුවෙන අසාදාරන වලට කට නොඇර අදෝමුඛයෙන් හිනාවෙන මේ නරුමයන් දෙමල​, මුස්ලිම්, කතෝලිකයට සිදුවෙන දෙයකදී “සිංහල බවුද්ද ස්වෝත්තමවාදී” මුව හමක් බිම එලාගෙන පහර පිට පහර දෙනවා. සිංහල බවුද්දයා වෙනුවෙන් කෙල බිදක් නොහෙල්ලන මේ ඊනියා ජාත්‍යාන්තරවාදී, මානව හිතවාදී නරුමයන් සිංහල බවුද්ද නොවන කෙනෙකුගේ ගැටලුවකදී කිබුල් කදුලු බේර බේර ඇවිත් “සිංහල බවුද්දයා” නැමති මුව හමට බිම දමා ගෙන පහර පිට පහර දෙමින් තමන් ගේ මුග්දකම ලෝකයටම පෙන්වයි.

    ReplyDelete
  23. W3 Lanka Blog අපක්ෂපාති සත්‍යයට සාක්ෂි දැරීම නිවැරදි මාධ්‍ය මෙහෙයුමට බොහොම ස්තුති... ඔබ වැනි අන්තවාදීන්ට උඩ ගෙඩි නොදෙන බ්ලොග් අඩවියකට අපේ ගොව්රවය ........ Sahana Fardinando & ISHAN කතෝලිකයන් වෙනුවෙන් බ්ලොග් අඩවි වල අදහස් දක්වන ඔබට ද කතෝලික අපගේ උත්තමාචාරය ...හැකිනම් අපව අමතන්න.....
    lankakituhanda@gmail.com

    "කිතු හඬ" කතෝලික දහම රැක ගැනීමේ ජාතික වියාපාරය

    ReplyDelete
  24. I'm comletely ashamed of my own country... please, without any evidence don't create news to shed blood again on our mother country. one war is over, we don't need another one. As catholics we should stay calm and let lord decide what's best.....

    ReplyDelete
  25. ආ... කාදිනල් උන්දැ වර්ජනය කරන්නෙ මේකය එහෙනන්. ඇයි ඉතින් මෙව්වා හොරෙන් කොලේ?

    ReplyDelete
  26. @ Anonymous who thinks babies were sold - Where's the proof that babies were sold? This is nothing but a big mediasupported fabricated story which Madam Anoma so cunnigly and shrewdly created to create a religious rift. Have you even visited this plave once?

    ReplyDelete
  27. ළදරු සොරකම් හා විකිණුම් චෝදනා සාගරයක් නිසා ස්පාඤ්ඤය මහත් කැළඹීමට පත්වී ඇති බව BBC ය කියා සිටී

    http://www.bbc.co.uk/news/magazine-15335899 BBC වාර්ථාවට අනුව 2011 ඔක්. 18 වන විට ස්පාඤ්ඤය සිසාරා ජනතාව ජාන පරීක්ෂණ වලට පෝලිම් ගැසී සිටි අතර දහස් ගනන් ස්පාඤ්ඤ ජාතිකයෝ “මා කවරෙක්දැයි?” යන පැනය අසමින් සිටිති.

    ළදරුවන්ගේ මිනී වලවල් යැයි හැඳින්වූ ස්ථාන හෑරීමෙන් හා ජාන පරීක්ෂා ප්‍රතිඵල ඔප්පු කලේ ලක්ෂ 3ක් හෙවත් 1960, 1990 අතර කාලය තුල සිදු වූ මුළු හදා වඩා ගැනීම් වලින් 15% ක ප්‍රමාණයක් ළදරු ජාවාරමේ යෙදුනු කන්‍යා සොයුරියන්, කතෝලික පූජකයන් හා වෛද්‍යවරුන් දශක ගණනාවක් තිස්සේ කල නින්දිත අපචාරවලට කේන්ද්‍ර වන බවයි.

    දැනට ස්පාඤ්ඤය පුරා මෙවන් සිද්ධි 900 පිළිබඳ පළාත් නීතිඥ්ඥයන් විසින් සොයාබලමින් සිටින අතර ගනන් හිලව් මාස්පතා ඉහල යමින් පවතී. සොයාගන්නා කරුණු වලට අනුව කතෝලික පල්ලිය මෙම අපචාර වලට ඉතා ලඟින් සම්බන්ධ වී ඇති බව සැකයෙන් තොරව පැහැදිළි වේ. මේ පිළිබඳ එරටේ පල්ලි පිළිලයෙන් විමසා සිටි කල, සිදුවෙමින් පවතින පරීක්ෂන මතක් කරමින් ඔවුන් පිළිතුරු දීමෙන් වැලකී සිටීමේ ප්‍රතිපත්තියක සිටී.

    කොහොම නමුත් BBC යේ ඇඩ්ලර් නම් වාර්ථාකාරිණිය මේ ගැටළුව සම්බන්ධයෙන් Dr Vella නම් කතෝලික දොස්තරයෙක් කොටුකරගත් කල වූ සිදුවීම ඇගේ වචනයෙන් මෙසේයි. ඔහු නැගිට මේසය මත තිබූ කුරුසියක් අතට ගත්තා, ඉන්පසු මා වෙතට ආවා, මගේ මුහුණ මත එයින් කුරුසය අඳිමින් මෙය කුමක් ද කියා දන්නවාදැයි ඇසුවා. “මම හැමවිටම ඔහුගේ නාමය වෙනුවෙන් ක්‍රියාකලා, සෑමවිටම ළදරුවන්ගේ යහපත හා මවගේ ආරක්ෂාව වෙනුවෙන්….. දැන් ඇති!”

    වාර්ථාවන ආකාරයට ළදරු ජාවාරමේ යෙදුනු Dr Vella පවසා ඇත්තේ කන්‍යා සොයුරියන් හා දොස්තරයන් මව් වරුන්ට පවසන්නේ ඔවුන්ට මළ දරු උපත් සිදූවූ බවයි. නැතිනම් ළදරුවා ඉපිද සුළු මොහොතකින් මියගිය බවයි. සැබැවින්ම සිදුවී තිබුණේ අළුත උපන් ළදරුවා කතෝලික පල්ලියට මුදල්ගෙවා පෝලිමේ සිටි දෙමව්පියන්ට බාර දීමයි. මෙම හදා ගැනීමේ ලැයිස්තුව සාතන්ගේ පූජකයන් හා කන්‍යා දූවරුන් විසින් දෙමව්පියන්ගෙන් මුදල් ලබාගෙන පිළියෙල කරයි. දරුවාගේ මළසිරුර බැලීමට මවක් ඉල්ලාසිටි කල ඔවුන්ව අධෛර්ය කිරීමට හා එය වැළකීමට වින්නඹුවන් හා දොස්තරයන් සැදී පැහැදී සිට ඇත.

    ලංකාවේ මෙන්ම අති බලවන්ත සාතන්ගේ ස්පාඤ්ඤ කතෝලික පල්ලිය මෙම අපරාධය “මනුෂත් බවට එරෙහි ජාතික අපරාධයක්” ලෙස සැලකීමට එරටේ නීති පද්ධතියට ඉඩ තැබුවේ නැත. එය නීති පද්ධතියෙන් පමණක් නොව දේශපාළුවන් ලවා ද ප්‍රතික්ෂේප කරවීමට තරම් කුරුසයට මුවාවූ සාතන් ගේ බල පරාක්‍රමය ඉහල විය. ඒවා කෙසේ වෙතත් නීතිඥ්ඥයන් නොනැවතී සිය පරීක්ෂන සිදු කරමින් යයි. ස්පාඥ්ඥය තවමත් යන්තමින් හෝ වාසනාවන්ත බව ඒ අනුව පෙනී යයි.

    දැන් අපි ලංකාවේ කතෝලික පල්ලියේ නායක වන රදාගුරු මැල්කම් සාතන්ගේ ක්‍රියාකලාපය ඉහත සිද්ධිය හා ගලපමු. ස්පාඤ්ඤ පල්ලිය මාධ්‍යන්ට ප්‍රකාශ නිකුත්කිරීමේන් වැළකී සිටියේ සිදු වූ අපරාධය හෙළිවූ කල කට උත්තර නැති වීම නිසාය, රදා ගුරු මැලකම් සාතන් නම් එසේ නොවේ. ඇස් පනාපිට ඔප්පුවූ ළදරු ජාවාරම එකහෙලා ප්‍රතික්ශේප කලේ අවලම් අවජාතක පාහරයෙක් ලඟ ඇති තරම්වත් ලැජ්ජාවක් නැති එකෙක් මෙනි. අති විශාල මුදල් කන්දරාවක් සමඟ ප්‍රෙම් නිවස නම් තෙරේසා ගුබ්බෑයමෙ සිට හසුවූ විජාතික යුවල පවසා සිටියේ එම මුදල් දරුවා මිළට ගැනීමට ගෙනා බවයි. විළි ලජ්ජාවක් නැති පාහර මැල්කම් සාතන් කියන්නේ ඒවා මිළට ගැනීමට නොව, දරුවා ගේ අනාගතය වෙනුවෙන් බැංකුවේ දැමීමට ගෙනා මුදල් බවයි. තෙරේසාගේ ගුබ්බෑයම බැංකුවක් නොවන බව කොටි මැල්කම් අමතක කලේය. පාරිභෝගිකයාගේ කට උත්තරය පවා විකෘති කල සාතන්ගේ බලය එසේයි. කොටි මැල්කම් මොන නාඩගම නැටුවත් සිදුවූ සියල්ල සැකයකින් තොරව පල්ලියේ ළදරු ජාවාරම හෙළි කලේය. එය මැල්කම් සාතන්ගේ වහල් කතෝලික ආගමිකයාටත්, මෙරටේ බෞද්ධයාටත් එක සේම හෙළිවිය. කවුරු ප්‍රතිෂේප කලත් ඔවුන්ම හිත යටින් වැරැද්ද පිළිගන්නා බව අපි හොඳින් දනිමු.

    නින්දිත තෙරේසා මැහැල්ල මෙන්ම සුදු පිරුවට යටින් කොටි පුල්ලි සඟවාගෙන ක්‍රියාකල මේ පාහර ආගමික නායකයා කෙසේ හෝ ස්පාඤ්ඤ කතෝලික පල්ලිය සේම රටේ නීති පද්ධතියට හා දේශපාළුවන්ට කණ හරහා ඇස් රතුවෙන්නට දුන්නේය. නීතිය වල් වැදුනි. කොටි සාතන් ජය ධජ බැන්දේය.

    කෙසේ නමුත් කර්ම නියාමයට අනුව කොටි මැල්කම්ටත් මේ අපරාධ දැක දැකත් නින්දිත කතෝලික මිසදිටු ආගම අත් නොහරින උගේ අනුගාමික කතෝලික හැතිකරයටත් අවීචිය නම් බියකරුම අපායෙන් මෙහා කිසිම සුදුසු ස්ථානයක් නැති බවත් අපි කණගාටුවෙන් ප්‍රකාශ කර සිටින්නෙමු. කොටි මැල්කම්, තොපගේ ජය ධජ එක ආත්මයකට පමණයි. සසරින් පැරදුන තොප ගැන අපිට බොහෝම කණගාටුයි.

    http://dharmadveepayeiranama.blogspot.com/2011/12/spinning-spain-and-sl.html

    ReplyDelete
  28. Sinhala buddhist la mekata waga kiyanna one kiyanne meka pitipasse inne "HELU URUMAYA" kiyala danna nisa....mokata Pitiduwe Sumangala la ewagema thawath "Cheewaradhariyo" karapu balu weda walalin wechcha lejjawa waha ganna thamai mehema deyak plan karala kerewwe. Suddo awe magic balanna nemei lama niwasa walata "KALAYA" gihilla nethnang, gihilla balanna e missu inne kohomada e missu wenuwen thamanta karanna puluwan de monawada kiyala..nikan karana minissunta nodanna magul kiyanne nethuwa..

    ReplyDelete
  29. http://www.thesundayleader.lk/2011/11/27/a-baby-shop-in-rawatawatte/

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා