වැළලෙන සොසේජස්

පන්නල මාකඳුරේ සොසේජස් කර්මාන්ත ශාලාවක තිබී මහජන සෞඛ්‍ය පරීක්‍ෂක නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබූ මිනිස් පාරිභෝජනයට නුසුදුසු කටු ඉවත් කළ කුකුළුමස්, සොසේජස් සහ සොසේජස් නිෂ්පාදනයට යොදා ගන්නා සෝයා පිටි කිලෝ 2,92,295ක තොගයක් අධිකරණ නියෝගයක් මත වළලා දමන ලදී.


රුපියල් කෝටි පහකට වැඩි වටිනාකමක් ඇති මෙම කල් ඉකුත් වූ ආහාර ද්‍රව්‍ය තොගය ඉකුත් 15 දා මෙසේ වළ දැමුවේ කුලියාපිටිය දිසා විනිසුරු ගිහාන් පිලපිටිය මහතාගේ නියමය පරිදි ආණමඩුවේ ආඬිගම තෝරාගත් ස්ථානයක දී ය.


මෙම කර්මාන්ත ශාලාවේ නිෂ්පාදනය කරන සොසේජස්වලින් සියයට 80 ක් විදේශ වෙළඳ පොළට නිකුත් කෙරේ. සියයට 20 ක ප්‍රමාණයක් දේශීය වෙළඳපොළට නිකුත් කෙරේ.


කල් ඉකුත්වීම නිසා ආහාරයට නුසුදුසු සොසේජස් හා කුකුළු මස් තොගයක් මෙහි තිබෙන බවට ලැබුණු තොරතුරකට අනුව මහජන සෞඛ්‍ය පරීක්‍ෂක නිලධාරි කණ්ඩායමක් හදිසි වැටලීමක් සිදුකළහ.


එම කර්මාන්ත ශාලාවේ තිබී කල් ඉකුත් වූ සොසේජස් නිෂ්පාදනය කිරීමට යොදා ගනු ලබන කටු ඉවත් කළ කුකුළු මස් කිලෝ 1,87,750 ක්, හා සෝයා පිටි කිලෝ 32982 කුත්, සොසේජස් කිලෝ 71563 කුත් අත්අඩංගුවට ගෙන කුලියාපිටිය දිසා අධිකරණයට ඉදිරිපත් කර ඇත.


මෙතරම් විශාල ආහාර තොගයක් සත්ව ආහාර ලෙස හෝ ප්‍රයෝජනයට ගන්නට ඉඩක් නො තිබුණා ද යන්න සොයා බැලිය යුතුව තිබිණි.


ලංකාවේ සත්තු පමණක් නො ව මිනිස්සු ද සෑහෙන්න බඩගින්නේ වෙසෙති. එසේ ම කූට ජාවාරම්කරුවන්ගේ අඩුවක් ද මේ රටට නැත. මේවා සත්ව ආහාර ලෙස පාවිච්චි කිරීමට කාට හෝ දුන්නේ නම් එම පිරිස් එය නැවතත් මිනිස් ආහාර බවට පත් කරන්නට ඇති ඉඩ නිසා අධිකරණය මෙම පියවර ගන්නට ඇත. එහෙත්, මෙතරම් ආහාර තොගයක් සත්ව ආහාර ලෙස යොදා නො ගෙන විනාශ කිරීම අපරාධයකි.


පන්නල සොසේජස් කම්හලක සිදු වන මෙවැනි කල් ඉකුත් වූ ආහාර ජාවාරමක් පිළිබඳව අපි මීට පෙර ද වාර්තා කළෙමු. දිගින් දිගට ම මෙවැනි ක්‍රියාවන්හි නියැලෙන මෙවැනි සමාගම් වසා නො දමන්නේ ඇයි?


පහත ලිපිය ද කියවන්න


සොසේජස් කන්නේ බලාගෙන / Beware of sausages

මේ ලිපියට ඔබ කැමති නම් වෙන අයත් එක්කත් බෙදා ගන්න

Comments

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා