ලංකාවේ දේශපාලනයේ පළමු සුදුසුකම නො හික්මුණු ආවේගශීලිත්වය ද?

ආණ්ඩු පක්ෂ, විපක්ෂ භේදයකින් තොරව මේ රටේ දේශපාලනය එක සේ නො හික්මුණු පිරිසකට සින්න වී තිබේ.


පළාත් පාලන ආයතනයේ සිට පාර්ලිමේන්තුව දක්වා ම තත්වය එයයි. පාර්ලිමේන්තුවේ කතාවක් පැවැත්වූ වරදට එළවාගෙන ගොස් විපක්ෂයේ මන්ත්‍රීවරුන්ට පහර දී 'ආණ්ඩුව විවේචනය කළ නිසා ගැහුවා' යි කියන්නට හැකි, නීතියක්, රීතියක්, සම්ප්‍රදායක්, යුක්තියක්, සදාචාරයක්, සිරිතක්, විරිතක් නො දන්නා ආවේගශීලී පිරිස් රටේ නීති සම්පාදනය කරන ආයතනය ආක්‍රමණය කර තිබේ.


අද පවතින පිළිගැනීම් අනුව දේශපාලනය යනු මහත්වරුන්ගේ කටයුත්තක් නො ව, ඉහත ලක්ෂණ වලට අමතරව සොරකම, වංචාව, දූෂණය, මැරවරකම හොඳින් දන්නා අයගේ වැඩකි.


මේ එක්සත් ජාතික පක්ෂ්‍ය විසින් ඉදිරියට ගනු ලබන පිරිස්වල හැටි ය.උපුටා ගැනීම දිවයින පුවත්පතෙනි.
තිස්‌සමහාරාම ප්‍රාදේශීය සභාවේ විපක්‌ෂය නියෝජනය කරනු ලබන එජාප මන්ත්‍රීවරුන් වන ඒ. පී. ධම්මික මහතා සහ සුජීවා සමරසිංහ මහත්මිය අතර ප්‍රාදේශීය සභා කාර්යාලයේ දී ඇතිවූ බහින්බස්‌ වීමක්‌ අවසන් වූයේ තේ කෝප්ප ප්‍රහාරයකිනි.

2012 අයවැය කෙටුම්පත සභා සම්මත කර ගැනීම සඳහා පෙරේදා (27 දින) පැවැති ප්‍රාදේශීය සභා රැස්‌වීමෙන් අනතුරුව පැවැති තේ පැන් සංග්‍රහයකදී මෙම පහරදීම සිදුකර ඇත. පැරැණි කෝන්තරයක්‌ මුල් කරගෙන දෙදෙනා අතර ඇතිවූ බහින් බස්‌වීමකදී මෙසේ තේ කෝප්ප ප්‍රහාරයක්‌ සිදුවී ඇති අතර මෙම පහරදීමෙන් ධම්මික මන්ත්‍රීවරයාගේ මෙන්ම සෙසු මන්ත්‍රීවරුන් කිහිප දෙනකුගේ ඇඳුම්වලටද එම තේ කහට වැදී තිබිණි.
මේ ලිපියට ඔබ කැමති නම් වෙන අයත් එක්කත් බෙදා ගන්න

Comments

  1. ඔබට ධනය හෝ උගත්කම හෝ කම්සුව යන ඕනෙම දෙයක් ලබා ගන්න ඕනේ නම් කිසිදු දෙයක් කැප කරන්නේ නැතිව එය ලබාගන්න පුළුවන් ඔබට ලජ්ජා-භය දෙක නැතිනම් කියන පුරාණ කියමන අපේ දේශපාලකයන් විසින් ඔප්පු කරලා තියෙන්නේ...අද බලය යනු ලජ්ජා භය නැතිකම...අපේ දේශ පාලකයෝ මේක මොකද්ද කියල දන්නේ නෑ...එක මොකද්ද කියලා අහවි ඇහුවොත්...තමන්ගේ රටේ පුර වැසියන්ට ලජ්ජා හිතෙන වැඩ කරන පාලකයන් ඉන්න රටක් යනු ශිෂ්ට සමාජයක් නෙවි...මේක අපි කරපු කරුමයක් ද?

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා