ගැමිකම යනු උත්කර්ෂයට නංවන්නට තරම් උතුම් දෙයක් නො වේ

එප්පාවල කලක් ප්‍රසිද්ධව තිබුණේ පොස්පේට් නිධිය හා එය චන්ද්‍රිකාගේ ආණ්ඩුව විසින් ඇමරිකන් සමාගමකට විකිණීම සඳහා දරන ලද තැත වැළැක්වීම පිණිස ගල්කන්ද පුරාණ රජමහා විහාරයේ නායක හාමුදුරුවන් වූ මහමාන්කඩවල පියරතන හිමියන්ගේ නායකත්වයෙන් දියත් වූ අරගලය නිසා ය.


ලංකාවේ බොහෝ ප්‍රගතිශීලී සංවිධාන මෙම හිමියන්ගේ උද්ඝෝෂණවලට සහාය දීම සඳහා එප්පාවලට පැමිණිය හ.


මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා යටතේ එප්පාවල පොස්පේට් නිධියට යම් සුරක්ෂිතබවක් ලැබී තිබේ. එය ප්‍රයෝජනයට ගැනීම සඳහා හෙවත් පොහොර නිපදවීම සඳහා පිහිටුවන ලද සමාගමේ අධයක්ෂ මණ්ඩලයේ එප්පාවල හාමුදුරුවෝ ද සිටිති.


මෙම කම්හලෙන් තවමත් වැඩිපුර නිපදවන්නේ රොක් පොස්පේට් බව ද, කෙටි කාලීන බෝග සඳහා යොදා ගත හැකි, පහසුවෙන් පසට අවශෝෂණය වන සිංගල් සුපර් පොස්පේට් නිපදවන්නට අවශ්‍ය ප්‍රාග්ධනය සමාගමට නැති බව වාර්තා වේ.


ඒ දිනවල එප්පාවල පොස්පේට් නිධිය රැක ගැනීමේ අරගලයට සහභාගි වන්නට අප ගිය සුන්දර ගැමි එප්පාවල පෙදෙස අද ප්‍රසිද්ධ වී ඇත්තේ සමූහ මිනීමැරුමුවලට ය.


මේ අලුත් ම සමූහ මිනීමැරුමයි.


කියවන්න දිවයින.


මේ උපුටා ගත් කොටසකි.


"සෑර් කාලයක්‌ තිස්‌සේ මම ඉඩම් නඩුවකට පැටලී ඉන්නවා. හතර දෙනාටම කෙටුවට පස්‌සෙ මම අයියාගේ ගෙදරට ගිහින් මේ ගැන මුලින්ම ඔහුට කිව්වා. ඒ පොරොවත් අද මම ඉදිරිපත් කරනවා" යි ඔහු පොලිසියට කීය.


එප්පාවල සිදු වූ තවත් තුන් සියදිවි නසා ගැනීමක් ගැන අපි මෙසේ ලියුවෙමු.
සූරිප්පෙරුමගේ ගම හා එප්පාවල කඩිගාව ගම



මෙම සිද්ධියේදී සිය දිවි නසා ගත් හමුදාවෙන් පළා ගිය සොල්දාදුවා එල්ලී මිය ගිය බව කියන බාල වයස්කාරියන් දෙදෙනා සමග මෙන් ම ඔවුන්ගේ මව සමග ද ලිංගික සම්බන්ධකම් පවත්වා ඇති බව කියවෙන විශේෂාංගයක් ඊයේ දිවයින පුවත්පතේ තිබිණි. කියවන්න


ලංකාවේ ගමට මෙවැනි ඉරණමක් අත් වූයේ ඇයිදැයි හැමෝ ම ප්‍රශ්න කරති. එහෙත්, ඇත්ත නම්, ලංකාවේ ගම තුළ හැමදාමත් මෙවැනි පළහිලව් තිබීම බව අපි යෝජනා කරන්නෙමු. 


විවෘත ආර්ථිකය පැමිණ ගම 'දූෂණය' වන්නට පෙර පටන් ම ගමේ සංස්කෘතිය තුළ අශිෂ්ටත්වය ගැබ්ව තිබුණු බව උපන් දා සිට ම ගමක ජීවත් වන ලේඛකයා දනියි. නිදසුනක් ලෙස ඔහුගේ ගමේ නමට ඉදිරියෙන් 'බලු' යන විශේෂණ පදය සහිත පුද්ගලයෝ කීපදෙනෙක් ඉස්සර ජීවත් වූ හ. මේ වනාහි තමන්ගේ දියණියන් සමග සංසර්ගයේ යෙදී ප්‍රසිද්ධියට පත් වූ පුද්ගලයෝ ය. 


සිංහල ගම යනු නූතන අරුතින් නරක යයි හැඳින්වෙන චර්යා තිබුණු පුද්ගලයන් ද දණ්ඩනයෙන් තොරව නිදහසේ ජීවත් වූ පරිසරයක් බව ගම ගැන නගරයේ සිට ව්‍යාඛ්‍යාන ලියන පුද්ගලයෝ දැන ගත යුතු ය. 


ගැමිකම යනු උත්කර්ෂයට නංවන්නට තරම් උතුම් දෙයක් නො වේ. නාගරිකත්වයේ තිබෙනවා යයි හුවා දක්වන දුර්ගුණ ගැමිකමේ ද තිබේ. 


අද ලංකාවේ කොහේවත් ගම් ද, නගර ද නැත. ඇත්තේ වඩා දියුණු ප්‍රදේශ හා ඌන සංවර්ධිත ප්‍රදේශ පමණි. ගම, නගරය කියා භේදයකින් තොරව රටේ සංස්කෘතිය දූෂණය වී තිබේ. අප කළ යුතුව තිබෙන්නේ ශිෂ්ට සංස්කෘතියක් වෙනුවෙන් අරගල කිරීම මිස ගම ඔසවා තැබීම නො වේ. 


රටේ නායකයන් ය කියන පිරිස් විසින් ඔසවා තබනු ලබන්නේ ම චොකා බයිලා සංස්කෘතියකි. කලාකරුවෝ ඔවුන්ගේ වන්දිභට්ටයන් වී ඇත. ආගමික සංස්ථා මිනිසුන්ගෙන් මුදල් ගසා කන ජාවාරම් මධ්‍යස්ථාන වී ඇත. මාධ්‍ය යනු ඕනෑම බලු බෙට්ටක් අයිසින් කර විකුණන ආයතන වේ. පාසල්, විශ්ව විද්‍යාල වනාහි යාන්ත්‍රික කට පාඩම් කරවන තැන් මිස දරුවන්ගේ නිර්මාන ශක්තිය අවදි කරන තැන් නො වේ. 


පවත්නා දේශපාලන පක්ෂ හා සිවිල් සමාජ ව්‍යාපාර ද මෙම ‍ගොහොරුවේ ම ලැග සිටින පණුවෝ වෙති. 


රෙදි බැනියම් ඇඳගෙන, හොර සිල් ගනිමින්, මාධ්‍යවලින් ගම උත්කර්ෂයට නංවමින් තමන්ගේ ගොඩේකම හෙවත් අශිෂ්ටත්වය එවැනි ම අශිෂ්ටයන් රැළකට විකුණාගෙන කා තර වන නාගරිකයන් හැතිකරය වනාහි ලංකාවේ සමාජය මත වැඩෙන විනාශකාරී පිළිලයකි. 


අපට ගැලවුමක් සොයා ගැනීම ලෙහෙසි නැත. 


මිනිසුනි, ඔබ දරුවන් බිහි කරන්නේ කෙතරම් අනාරක්ෂිත සමාජයකට ද? 

මේ ලිපියට ඔබ කැමති නම් වෙන අයත් එක්කත් බෙදා ගන්න

Comments

  1. //ගැමිකම යනු උත්කර්ෂයට නංවන්නට තරම් උතුම් දෙයක් නො වේ. නාගරිකත්වයේ තිබෙනවා යයි හුවා දක්වන දුර්ගුණ ගැමිකමේ ද තිබේ.


    අද ලංකාවේ කොහේවත් ගම් ද, නගර ද නැත. ඇත්තේ වඩා දියුණු ප්‍රදේශ හා ඌන සංවර්ධිත ප්‍රදේශ පමණි. ගම, නගරය කියා භේදයකින් තොරව රටේ සංස්කෘතිය දූෂණය වී තිබේ. අප කළ යුතුව තිබෙන්නේ ශිෂ්ට සංස්කෘතියක් වෙනුවෙන් අරගල කිරීම මිස ගම ඔසවා තැබීම නො වේ. //

    මම නම් මේ කාර්නය එකඟයි , නමුත් මේ වගේ ලිපියක් දැක්කාම කොලඹ ඉඳන් ගැමි කම ගැන ක්ථා කරන ඇයින් ගමේ පුරුද්දට සරම කරට අරන් වලියට එන්න ඉඩ තියෙයි

    ReplyDelete
  2. තමුන්ගෙ තර්කෙ ඔප්පු කර ගන්න තියෙන ඕනෙකමට නිකං කෙප්ප ඇද බාන්නෙ නැතුව ඉන්න w3lanka. කලාතුරකින් තමුන්ගෙ දරුවො සහෝදරියො එක්ක සංසර්ගෙ යෙදෙන එවුන් නැතුවට නෙමේ, ඒත් එකම ගමක එහෙම උන් ක්කිප දෙනෙක් ඉන්නව කියන එක නම් ඉතිං මෙගා බයිලයක් තමයි.

    අනික මෙතන බොරුවට ගම් නගර බේදයක් ඇද ගන්න ඕනෙ නැහැ. w3lankaට කියන්න ඕනෙ රටේ සදාචාරය පිරිහුණේ බටහිර නූතනත්වය නිසා නෙමේය, සිංහල බෞද්ධ සංස්කෘතියෙත් අශිෂ්ඨ දේවල් තිබුණය කියන එක නම් වැනෙන්නෙ නැතුව හිතට වීරිය අරං ඒක කෙළින්ම කියන්න, නිකං බොරුවට වට වන්දනාවල යන්න හදන්නෙ නැතුව.

    ඔයාගෙ මේ බයිල අපි ආතල් ගන්න කියෙව්වට මේව ඇත්තටම ගන්න අඳබාලයොත් ඉන්න පුළුවං හින්දයි මෙහෙමවත් මේවට ලියන්න කාලෙ නාස්ති කරන්නෙ.

    ReplyDelete
  3. /*පාසල්, විශ්ව විද්‍යාල වනාහි යාන්ත්‍රික කට පාඩම් කරවන තැන් මිස දරුවන්ගේ නිර්මාන ශක්තිය අවදි කරන තැන් නො වේ.*/

    100% එකඟයි.බැරිවෙලාවත් වෙනස් විදියට හිතලා වැඩකලොත් ජීවිතේ අපායක් වෙනවා. අපි හැමෝම රෝග ලක්ෂණ දන්නවා. බෙහෙත් ගන්නේ නැතුව ඉන්නයි දත කන්නේ.

    වසර ගානක් පැරකුම්ව කියවනවා.හිතට දුක අපි දකින සමාජය කවදාවත් බිහි නොවන එක ගැනයි.

    ReplyDelete
  4. pasael viswavidyala saha karmika vidyaala wala naththe nirmanasheelithwaya nam newei....
    udyogaya, unaanduwa, awashyathawaya... wage dewal

    ReplyDelete
  5. බලාගෙන නලින් සර්ට තද වෙයි

    ReplyDelete
  6. 2 points often confused....

    1-sri lanka is "physically" beautiful country, but filled with ugliest minded people. (so overall looks ugly)

    2-buddhism is great & whole world respect it..."sinhala culture" is foolish ass**** it's a joke to whole world. ("sinhala culture nowhere represent Buddhism..?? uupsss...can't believe huh... :)) ...

    ReplyDelete
  7. තමුන්ගෙ තර්කෙ ඔප්පු කර ගන්න තියෙන ඕනෙකමට නිකං කෙප්ප ඇද බාන්නෙ නැතුව ඉන්න w3lanka. කලාතුරකින් තමුන්ගෙ දරුවො සහෝදරියො එක්ක සංසර්ගෙ යෙදෙන එවුන් නැතුවට නෙමේ, ඒත් එකම ගමක එහෙම උන් ක්කිප දෙනෙක් ඉන්නව කියන එක නම් ඉතිං මෙගා බයිලයක් තමයි.

    අනික මෙතන බොරුවට ගම් නගර බේදයක් ඇද ගන්න ඕනෙ නැහැ. w3lankaට කියන්න ඕනෙ රටේ සදාචාරය පිරිහුණේ බටහිර නූතනත්වය නිසා නෙමේය, සිංහල බෞද්ධ සංස්කෘතියෙත් අශිෂ්ඨ දේවල් තිබුණය කියන එක නම් වැනෙන්නෙ නැතුව හිතට වීරිය අරං ඒක කෙළින්ම කියන්න, නිකං බොරුවට වට වන්දනාවල යන්න හදන්නෙ නැතුව.

    ඔයාගෙ මේ බයිල අපි ආතල් ගන්න කියෙව්වට මේව ඇත්තටම ගන්න අඳබාලයොත් ඉන්න පුළුවං හින්දයි මෙහෙමවත් මේවට ලියන්න කාලෙ නාස්ති කරන්නෙ.

    ReplyDelete
  8. 100% ඔබ සමඟ එකඟ වෙමි.

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා