වාර්තා තැබිය හැති වේබ් අඩවියක් හිමි ලංකා සමසමාජ පක්ෂය

තවමත් පවතින ලංකාවේ පැරණි ම දේශපාලන පක්ෂය වන ලංකා සමසමාජ පක්ෂය අද ඇඹිලිපිටියේ ඩී.ඒ. රාජපක්ෂ ශ්‍රවණාගාරයේදී සිය 76වන සමරුව පවත්වයි. 


ජනාධිපතිවරයා ගෙන්වා ගැනීමට තරම් ශක්තියක් නැති වීම නිසා සමසමාජ පක්ෂය සිය සංවත්සරය සඳහා කතානායක චමල් රාජපක්ෂ ප්‍රධාන අමුත්තා ලෙස සහභාගි කර ගනියි. 


ලංකා සමසමාජ පක්ෂය බිහි වන්නට පෙර මේ රටේ තවත් දේශපාලන පක්ෂ දෙකක් තිබිණි. ඒවා නම් 1919දී බිහි වූ ලංකා ජාතික කොංග්‍රසය හා 1929දී ඒ.ඊ. ගුණසිංහගේ නායකත්වයෙන් බිහි වූ ලංකා කම්කරු පක්ෂයයි. ඒවා දැන් නැත. 


ලංකා සමසමාජ පක්ෂයට සන්ධානවාදයෙන් කිළිටු වූ කීර්තිමත් ඉතිහාසයක් ඇත. අදත් සමසමාජය සතුව පාර්ලිමේන්තු ආසන දෙකක් ඇත. ඉන් එකක් ඡන්දයෙන් දිනූ එකකි. ඒ කෑගල්ල දිස්ත්‍රික් මන්ත්‍රී වයි.ජී. පද්මසිරි ය. 


පළාත් සභා ආසන කීපයක් ද හිමි මෙම පක්ෂය සන්ධානවලින් තොරව තනිව ම තරග කර පළාත් පාලන ආයතන කීපයක ආසන දිනාගෙන ඇත. 


දෙමළ අරගලයට එරෙහිව රජයේ යුද්ධය පැවති සමයේ මානව හිමිකම් හා ප්‍රජාතන්ත්‍රවාදය පදනම් කරගෙන මතු වූ ජාත්‍යන්තර විරෝධය මැඬ ගැනීමට මහෝපකාරී වූ ඊනියා සර්ව පාක්ෂික නියෝජිත කමිටුවේ සභාපති ධුරය දරමින් සමසමාජ නායක තිස්ස විතාරණ යුද්ධයේ සැලකිය යුතු වැඩකොටසක් කළේ ය. 


මෙම පක්ෂයට අනාගතයේදීත් මහින්ද රාජපක්ෂ සරණ ලැබේවායි අපි ප්‍රාර්ථනා කරමු. නැතිනම් තවමත් පවතින ලංකාවේ පැරණි ම දේශපාලන පක්ෂය වන ලංකා සමසමාජ පක්ෂයේ සමරුව පවත්වන්නට බැරි වනවා ඇත. 


ලංකා සමසමාජ පක්ෂයට වාර්තා තැබිය හැකි වෙබ් අඩවියක් ඇත. එය මෙතැනින් බලන්න. එය පුරා වසර හතරහමාරකින් යාවත්කාලීන කර නැත. 

මේ ලිපියට ඔබ කැමති නම් වෙන අයත් එක්කත් බෙදා ගන්න

Comments

  1. එකනේ කියන්නේ... මේ වගේ චාටර් website නම් හැමදාම update වෙනවා !!

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා