සෝම හිමිට, හිටපු පොලිස්පතිට ආචාර්ය උපාධි දුන් විශ්ව විද්‍යාලය ගැන

උපාධියක් හෝ අධ්‍යයන තානාත්තරයක් පිරිනැමීම සඳහා රුසියාවේ, ශාන්ත පීටර්ස්බර්ග් නුවර පිහිටි ‘මුලික අධ්‍යයනයන් පිළිබඳ ජාත්‍යන්තර විශ්වවිද්‍යාලයට’ බලයක් නැති බව ද එම නිසා එම විශ්වවිද්‍යාලයෙන් පිරිනමන විද්‍යා උපාධි ආචාර්ය උපාධි හා මහාචාර්ය උපාධි එරට රජය මගින් නො පිළිගන්නා බව ද රුසියාවේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සඳහන් කරයි. මේ හේතුව මත රුසියාවේ උසස් අධ්‍යාපනය ලැබීමට අපේක්ෂා කරන ශ්‍රී ලාංකිකයන්ට ඒ සම්බන්ධයෙන් දැඩි අවධානයක් යොමු කරන ලෙසත් විමසිල්ලෙන් පසුවීම ඉතාම වැදගත් බවත් ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ජනතාවට දැනුම් දෙයි. (උපුටා ගැනීම අද දිනමිණ පුවත්පතෙනි.)


මේ 'මුලික අධ්‍යයනයන් පිළිබඳ ජාත්‍යන්තර විශ්වවිද්‍යාලය' කුමක්ද?


ලංකාවේ ප්‍රසිද්ධ වී ඇති පරිදි, 2003දී ගංගොඩවිල සෝම හිමියන්ට ආචාර්ය උපාධියක් පිරිනමා කතෝලික කුමන්ත්‍රණයකින් අපවත් කළේ මේ විශ්ව විද්‍යාලය විසිනි. ජාතික හෙළ උරුමය බිහි වන්නට පදනම වැටුණේ එකී මරණය නිසා ය. අද සෝම හිමියන් ගැන කතා නො කළාට චම්පික රණවකගේ සිට ජාතික හෙළ උරුම දේශපාලකයන් එහිමියන්ට ණය ය.


හිනා කා මැරෙන වැඩේ වන්නේ හිටපු පොලිස්පති මහින්ද බාලසූරිය ආචාර්ය මහින්ද බාලසූරිය වන්නේ ද මෙම විශ්ව විද්‍යාලයෙන් ආචාර්ය උපාධියක් ලබාගෙන වීමයි.


මේ රටේ මිනිස්සු මුදලට උපාධි විකුණන, කිසිදු අධ්‍යාපනික වැදගත්කමක් නැති මෙවන් ආයතනවලින් අඩු මිළට උපාධි ගෙන ඉන් පසු ඒවා නම මුලට එල්ලාගෙන සිටින කැත!


කෙසේ වෙතත්, ඔබටත් මෙවැනි උපාධියක් අවශ්‍ය නම් මෙන්න තැන: http://www.iufs.edu/

Read in English Dr. Gangodawila Soma Thero's university dishonored

මේ ලිපියට ඔබ කැමති නම් වෙන අයත් එක්කත් බෙදා ගන්න

Comments

  1. illan kanawa kiyanne owata thamai;-))))))))))))))))

    ReplyDelete
  2. එතකොට ආචාර්ය මර්වින් සිල්වා මහත්මයා???

    ReplyDelete
  3. මට එහෙ යන්න සල්ලි නෑ. යන කෙනෙක් අතේ බැරිවෙයිද උපාධියක් ගෙන්න ගන්න. පීඑච්ඩී එකක්නම් වඩා හොඳයි.

    ReplyDelete
  4. මේක බොහොම පරණ නිව්ස් එකක්නෙ. හැමෝම දන්නවා මේ ආයතනය හොර ගුහාවක් කියලා. හැබැයි රුසියන් කාරයෝ දන්නේ නෑ මෙහෙම් එකක තියනවාද කියලවත්. වෙබ් සයිට් එක දැක්කාම කියන්න පුලුවන් කොහොම 'චාටර්' එකක් කියලා.
    -Kumar-

    ReplyDelete
  5. Ekath nikan SAMAJAWADE wage.Rsiyawa hamotama SAMAJAWADE bedanawa,eth un laga eka ne.

    ReplyDelete
  6. හාහ ! මට දෙකොනින්ම හිනා ... මේ විශ්වවිද්‍යාලයේ දොක්ටෝර් පට්ටම් ගන්නගිය අය ගැනය්, ගත්තු අය ගැනය් .... එකෙන්වුනේ අර අහිංසක ක්‍රිස්තියානි සෙනගට මඩ ගහපු එක විතරය් ... අනේ අපේ ද්වීපික මානසිකතත්වේ .... හිහි
    oya marichcha ayata Dr. pattama denna ekkan giye balen wenna athi... ane paw!

    ReplyDelete
  7. හිටපු පොලිස්පතිය ගේ නමත් බාලසුරියනේ. ඉතින් මිනිහට බල වේද පුරුදුයි

    ReplyDelete
  8. චීනයේ.. තාය්වානයේ .. මහායාන හාමුදුවරුන් කසාද බඳින එකට මෙහෙ ඉන්න ථෙරවාද බෞද්දයන්ට බනින එක වැරදි නේද ..? ඒ වගේම තමයි..... සමහර ක්‍රිස්තියානි කොටස් කරන වැඩවලට.. "කතෝලික" කියල ගාගෙන බනින්ද එපා.. න්වුස් දාන අය... මේ වගේ පොඩි දේවල්වත් දන්නේ නැත්නම්... කොහොමද නෙව්ස් වෙබ් එකක් කරන්නේ..... ? ඔය වැඩේ කෙරුවේ ක්‍රිස්තියානි පුජකයෙක් මිසක් කතෝලික පුජකයෙක් නෙවෙයි...

    ReplyDelete
  9. චීනයේ.. තාය්වානයේ .. මහායාන හාමුදුවරුන් කසාද බඳින එකට මෙහෙ ඉන්න ථෙරවාද බෞද්දයන්ට බනින එක වැරදි නේද ..? ඒ වගේම තමයි..... සමහර ක්‍රිස්තියානි කොටස් කරන වැඩවලට.. "කතෝලික" කියල ගාගෙන බනින්ද එපා.. න්වුස් දාන අය... මේ වගේ පොඩි දේවල්වත් දන්නේ නැත්නම්... කොහොමද නෙව්ස් වෙබ් එකක් කරන්නේ..... ? ඔය වැඩේ කෙරුවේ ක්‍රිස්තියානි පුජකයෙක් මිසක් කතෝලික පුජකයෙක් නෙවෙයි...

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා