ජවිපෙ වාමාංශය මේ එන්නේ කොටුවෙන් පිටට ද?

එදා ඔබ වැළඳ ගත් සහෝදරයෝ අද ඔබේ සැක කරති. ඔබ පාදස්තල මත නංවා පිළිම ලෙස පිදුවෝ අද ඔබේ සිරුරු පරීක්ෂා කරන්නට අවශ්‍ය බව කියති.


ඔබේ දහදිය මහන්සියෙන් ඉදි කළ ඔබේ පක්ෂයේ මූලස්ථානය අද ඔබට තහනම් කලාපයකි.


අද ඔබ ද ද්‍රෝහීහු පිරිසකි. ලෝකයේ බහුතරය ඔබ වැනි ද්‍රෝහියෝ ය.


ඉතින් ඔබත් ලෝකය සමන්විත වී ඇත්තේ සහෝදරයන්ගෙන් හා ද්‍රෝහීන්ගෙන් පමණකැයි සිතා සිටි සමය නිමා වී ද?

ඔබ ම තනා ගත් සිරගෙදරකින් පිටතට තබන ඔබේ පා යථාර්ථයේ මහ පොළව පාගන්නට සමත් වේ ද? 

රතු කොඩිවල, දෑකැති මිටිවල, මාක්ස් එංගල්ස් ලෙනින් රූපවල සෙවණේ සිදු වන නොමිනිස්කම් හඳුනා ගැනීමට ඔබ සමත් වේ ද? 

ජවිපෙ නිල අයිතිය වෙනුවෙන් දැඩිව සටන් නො කරන්නට ඔබ තීරණය කර ඇති බව අපේ නිරීක්ෂණයයි.

එහෙත්, ඔබ කරන්නට යන්නේ කුමක්ද යන්න අපට තවමත් පැහැදිලි නැත. 

Comments

  1. Nila aithiya ganna bari una nisa daapu ranganayak bawa obe kalin lipiya dakkama kiyanna puluwan.
    Pakshaya winasha karana un drohiyo nethuwa wena kauda?
    Eliyen idan paksheta gahana unta wadaa ethule idan JVP ekenma hadila wedila paksheta gahana ungen paksheta wena haaniya wedi.
    Ithin mun drohiyo nemeida????

    ReplyDelete
  2. monawa nokalath ubalawath hoda munissu unanam ekam ethi

    ReplyDelete
  3. අයෝමය කතපයාධිපතිත්වය පිලිබඳ න්‍යාය Theory of Iron Law of Oligarchy ගැන අහල තියනවද? 1911 දී රෝබර්ට් මිචෙල් ජර්මනිය සමාජ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය තුල තමන් ලබා ගත්ත අත්දැකීම් පදනම් කරගෙන Political Parties යනුවෙන් ලියපු පොතකින් මේ න්‍යාය ඉදිරිපත් කරා...මේ න්‍යායට අනුව දේශපාලන පක්ෂ ඇතුලේ මොනතරම් ප්‍රජාතන්ත්‍රවාදය තියනව කීවත් ඇත්තට තියන්නේ පක්ෂ නායකයන් ටික දෙනකුගේ අධිපතිත්වයක් (හෙවත් කතපයාධිපතිත්වයක්)...එය පහසුවෙන් කැඩිය නොහැකි බවත්...යකඩයෙන් හැදුව වැනි අයෝමය ශක්තියක් ඇතිව ක්‍රියාත්මක වෙන බවත් එයින් කියවෙනවා...මේ නායකයන්ගෙන් බලය පැහැර ගන්න යමෙක් උත්සාහ කලොත් වෙන්නේ ඔවුන්ව පක්ෂ ද්‍රෝහීන් බවට හංවඩු ගහල එලියට දාන එක...මෙම තත්වය නිර්මාණය කරන කොන්දේශි වන්නේ...නායකයන් නැතුවම බැරි වෙන තරමට අත්‍යවශ්‍යවීම...බහුතර සාමාජිකත්වය සහ පිටත ඉඳන් පක්ෂයට සහය දෙන බහු ජනය නායකන් මත විශ්වාසය තැබීම...පක්ෂයේ ප්‍රතිපත්හි වලට වඩා නායකයන් ජනයට වැදගත්වීම...නායකයන්ට පක්ෂ අරමුදල් ප්‍රචාරක යන්තරය සහ සංවිධානය පාලනය කිරීමට ලැබෙන ශක්තිය යනාදී සාධක විසින් මේ තත්වය නිර්මාණය කරනවා...අද ජ වී පෙ සහ යු එන් පිය තුල ඇති අර්බුදයේදී පෙන්නන්නේ මේක තම...නිකන් කඳුළු සලලා වැඩක් නැහැ...යන අතක් බලාගෙන ගිහිල්ල අලුතින් පටන් ගන්නේ නැතිව...කලකට පෙර මෑත කාලයේ මෙරට දේශපාලනයේ රැඩිකල්වාදය නියෝජනය කල ජ වී පෙ අද එම රැඩිකල්වාදය ගිලිහීමේ තැනට ඇවිල්ල...

    ReplyDelete
    Replies
    1. Yako meka mara yakekene, ethakota meka sandaye nedda, muta amu kewilada, yko loke ada inna anka eke ekadipathiya muta prajathanthrawadi wela

      Delete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා