වෙබ් අඩවිකාරයිනි, දෑත් ඔසවා යටත් වී රෙජිස්ටර් වෙනු!

ශ්‍රී ලංකාවේ හෝ ඉන් පිටත සිට ප්‍රවෘත්ති පළකරන වෙබ් අඩවි ජනමාධ්‍යයේ 'පිළිගත් සදාචාරාත්මක ප්‍රමිතීන්ට සහ මෙරට පවතින නිතීයට' අනුකූලව පවත්වාගෙන යන ලෙස ජනමාධ්‍ය හා ප්‍රවෘත්ති අමාත්‍යාංශය ඉල්ලා සිටී.


සියලුම වෙබ් අඩවි හැකි ඉක්මනින් ජනමාධ්‍ය හා ප්‍රවෘත්ති අමාත්‍යාංශයේ ලියාපදිංචි කරගැනීමට ක්‍රියාකරන ලෙසද අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින ඉල්ලා සිටී.


ලියාපදිංචි නොවුණොත් වන දෙය කියා නැත.


ලියාපදිංචි වන්නට පුළුවන. ඒත්, අර මෙරට පවතින නීතිය අනුව වෙබ් සයිට් කොරන හැටි නම් අපට නො තේරේ. කොටින් ම කියනවා නම් මෙරට පවතින නීතිය මොකක්ද කියා මෙම ලේඛකයාට තේරෙන්නේ නැත. නූගත්කම නිසා ය. 


පිටරට සිට ලංකාව ගැන ලියන එවුන්ට ද මේ අනුව පරිස්සම් වන්නට සිදු විය හැකි ය. සමහර විට ආණ්ඩුව අන්තර්ජාලය හරහා ඒ රටවල්වලට ඇතුල් වී එම වෙබ් අඩවිවල කර්තෘන් අන්තර්ජාලය හරහා කණෙන් ඇදගෙන මෙහි ගෙන එනු ඇත.


කොහොමද ලංකා ඊ නිව්ස් කර්තෘ සඳරුවන් සේනාධීරව අන්තර්ජාලය හරහා කණෙන් ඇදගෙන ලංකාවට ගෙන ඇවිත් ආරක්ෂක අමාත්‍යංශයේ කොම්පියුටරයකින් එළියට ඇදලා අර ගන්න ලස්සන? සඳරුවන් දැන් ටිකක් ඩයට් කරනවා නම් හොඳයි නැතිනම් අන්තර්ජාලය හරහා ඇදන් එන විට මග හිර වෙන්නට පුළුවන. 


අන්තර්ජාලය තුළ දේශ සීමා ලකුණු කරන ක්‍රමවේදයක් ද ආණ්ඩුව සකස් කරමින් සිටිනවා විය හැකි ය. ලංකාවේ ජනමාධ්‍ය හා ප්‍රවෘත්ති අමාත්‍යාංශයේ සිටින වැඩකාරයන්ට ඕවා ටොයිස් වැඩ ය. උදාහරණයක් ලෙස දැන් ලංකාවේ කිසි කෙනෙකුට වැල සයිට් එකක් බලන්න පුළුවන් ද කියා සිතා බලන්න. ඒ ඔක්කොම ආණ්ඩුවෙන් බොලොක් කරලා ය. වැල සයිට් නො බලන නිසා ලංකාවේ මිනිස්සු බෝ පැළ වෙලා ය. සිරිදූවේ පිටිධම්ම සෝවාන් ද ඊට එහා ඒවා ද වෙලා ය. 


වෙබ් අඩවි ලියාපදිංචි කිරීම සඳහා +94112513943 දුරකථන අංකය ඔස්සේ අමාත්‍යාංශයේ අතිරේක ලේකම් ( සංවර්ධන සහ සැලසුම්) කේ. ඩබ්ලිව්.ටී. එන් අමරතුංග මහත්මිය ඇමතීමෙන් හෝ ෆැක්ස් අංක +94112512343, ඊමේල් amaratungamedia@yahoo.com සහ secretary@media.gov.lk www.media.gov.lk වෙබ් අඩවිය මඟින් ලබාගත හැකිය.


ඒ කියපු වෙබ් අඩවියේ දැනට එහෙම එකක් නැති වුණාට පස්සේ තියෙනවා ඇත. ඒ නිසා ඉවසන්න. ඉවසන දනා රුපු යුදයට නැති කඩුව කොස් කෙටන්නද කියා විශ්ව ගම්මාන සංකල්පය ඉදිරිපත් කළ අයකු ලෙස සැලකෙන මාෂල් මැක්ලුහන් සිය The Gutenberg Galaxy: The Making of Typographic Man (1962) සහ Understanding Media (1964) යන පොත්වල කියා ඇත.


අපි නම් ඇනොනිමස් ආතල් ගන්නේ නැත. අපි ලියන්නේ ප්‍රසිද්ධියේ බැවින් හා කසාදෙන් පසු වෙන මොකවත් ආණ්ඩුවේ රෙජිස්ටර් කොර ගන්න බැරි වුණ නිසා රෙජිස්ටර් වන්නෙමු.


අපි ආණ්ඩුවට බය ය. අත් දෙක ඔලුවට උඩින් ඉහළට උස්සා ගත් නිසා වෙන මොකවත් ලියන්න බැරි ය.


අපි මොකුත් නො හිතා හිටිමු. අරගොල්ලන්ට අපි හිතන බව ආරංචි වුණොත්......................


මේ පසුගිය දිනවල W3Lanka කර්තෘට ලැබුණු චරිත සහතිකයකි. 

උඹ නිකං නිස්ට්‍රඩාමුස් වගේනේ...මරු අනාවැකි කියන්නේ. ඔන්න උඹ එදා කිව්ව එක අද වුනා. සියළුම වෙබ් අඩවි ලංකාවෙත් ලියාපදිංචි කරන්නලු.


W3Lanka කර්තෘ මේ ලිපිය ලිව්වෙ අවුරුද්දකට කලින්. නැති බැරි මේ කාලේ බ්ලොග් ලිවිල්ල අතහැර, සාත්තර කියන බිස්නස් එකක්වත් පටන් ගත්තොත් නරකද කියලා W3Lanka කර්තෘට හිතෙනවා ය.  

මේ ලිපියට ඔබ කැමති නම් වෙන අයත් එක්කත් බෙදා ගන්න

Comments

  1. පොඩ්ඩක් හිටිං කොමෙන්ට් කොරන්ඩත් රෙජිස්ටර් වෙන්ඩ ඕනෙද කියල හොයං එනකං

    ReplyDelete
  2. Following the ban on lankaenews website, the government yesterday blocked SriLankaguardian.com, paparaci.com, gossip9.com, srilankamirror.com and lankawaynews.com., **which is the official website of the UNP.**

    http://www.sundaytimes.lk/111106/News/nws_03.html
    Blocking even oppositions official website is not a good move.

    ReplyDelete
  3. දැන් අපි ගනිමු පිටරට ඉන්න සුද්දො ලංකාව ගැන ලිව්ව කියල එතකොට ඒවත් රෙජිස්ටර් වෙන්න ඕනිද??
    පිස්සු මමනම් කිසිදා රෙජිස්ටර් නොවෙමි..ඕනි බම්බුවක් වෙත්දෙන්...

    ReplyDelete
  4. /* W3Lanka කර්තෘ මේ ලිපිය ලිව්වෙ අවුරුද්දකට කලින්. නැති බැරි මේ කාලේ බ්ලොග් ලිවිල්ල අතහැර, සාත්තර කියන බිස්නස් එකක්වත් පටන් ගත්තොත් නරකද කියලා W3Lanka කර්තෘට හිතෙනවා ය.
    */

    Sasthroo.....???

    (KK)

    ReplyDelete
  5. මම නම් මේක දකින්නේ වෙනත් විදියකට.රජයේ ලියාපදිංචිවීමෙන් මාධ්‍යයකට නිළ පිළිගැනීමක් ලැබෙනවා.උදාහරණයක් විදියට දැනටත් ලංකාවේ සියලුම පුවත්පත්,වාරසඟරා ආදිය රජයේ ලියාපදිංචියි.එසේ කළ විට ඒවා යම් නීතිමය රාමුවකට ඇතුල් වෙනවා.මෙයින් මාධ්‍යකරුට වගේම පාඨකයාටත් යම් යම් නීතිමය රැකවරණයක් ලැබෙනවා.උදා:පල කළ පුවතක් නිසා පාඨකයෙකුට සිදුවන අසාධාරණයක දී ඔහුට යමක් කළ හැකියි.
    නමුත් මෙමගින් පුවත් වාරණයකට යත්න දරයි නම් එය පැහැදිලිවම හෙලාදැකිය යුතුයි.

    ReplyDelete
  6. HTTPS සයිට්ස් බ්ලොක් කරන්න ලේසි නෑ. UAE වල ප්‍රොක්සි සයිට්ස් සේරම බ්ලොක්. ඒත් මේ ප්‍රොක්සි එක වැඩ.
    https://ninjacloak.com

    ReplyDelete
  7. ඔබ www.w3lanka.com ලෙස මෙම වෙබ් අඩවිය පවත්වාගන ගියා නම් ඔබටත් මෙලෙස බඩු හම්බ වීමට ඉඩ තිබුනි. හැකි නම් .com ඩොමේන් එකක් අරගන වැඩේ කරගන යන්න. රු. 900/- යි යන්නේ
    ඔබට ජය

    ReplyDelete
  8. බලයෙන් මත උනාම ආණ්ඩුව යනු මෝඩයන් ගේ රජ දහනකි...එදා වෙලා කාල තමන්ගේ සහ තම පරපුරේ එවුන්ගේ බඩ ගොස්තරය ගැන විතරක් හිතන කපටි උපදේශකයන්ට අහුවෙනවා...මේකත් ඒවගේ ගොන් උපදේශයන්ට අහු උනු මෝඩ පාලක රොත්තකගේ තීරණයක්...මේක හරියට හුළඟට දැලක් දනවා වගේ වැඩක්...මෝඩ කමට බෙහෙත් නැහැ...බලයෙන් මත උන අයට බෙහෙත් තියනවා...ලෝක ඉතිහාසයක් කියල එකක් දේශපාලනයට ඇති වෙන්නේ ඔන්න ඔය බෙහෙත ජනය විසින් දුන්න නිසා...

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා