ජවිපෙ මධ්‍යම කාරක සභාව හෙට - බහුතර බලය සෝමවංශ පිලට

ජවිපෙ මහ ලේකම් ටිල්වින් සිල්වා පක්ෂ මධ්‍යම කාරක සභාව කැඳවා එහි සාමාජිකයන්ට ලියුම් යවා තිබේ. 


එම මධ්‍යම කාරක සභා රැස්වීම හෙට පැවැත්වීමට නියමිත ය. 


ජවිපෙ නායකත්වයේ මෙම තීරණය ප්‍රේමකුමාර ගුනරත්නම් පාර්ශ්වය අන්දමන්ද කර ඇති බව වාර්තා වේ. හෙට මධ්‍යම කාරක සභා රැස්වීම පිළිබඳ ඔවුන් තවමත් තීරණ්‍යකට එළැඹ නැත. 


මේ වන විට ජවිපෙ මධ්‍යම කාරක සභාවේ සංයුතිය මෙසේ ය. 


සාමාජික ගණන 23යි. අපගේ නිරීක්ෂණ අනුව, ඒ අතරින් බහුතරයකගේ සහයෝගය හිමි වන්නේ සෝමවංශ අමරසිංහ පාර්ශ්වයටයි. 


සෝමවංශ අමරසිංහ පාර්ශ්වය: 
  1. ටිල්වින් සිල්වා
  2. සෝමවංශ අමරසිංහ
  3. අනුර කුමාර දිසානායක
  4. විජිත හේරත්
  5. නිහාල් ගලප්පත්ති
  6. සුනිල් හඳුන්නෙත්ති
  7. කේ.ඩී. ලාල් කාන්ත
  8. බිමල් රත්නායක
  9. ලක්ෂ්මන් නිපුනආරච්ච්
  10. සමන්ත විද්‍යාරත්න
  11. නලින්ද ජයතිස්ස
  12. මහින්ද ජයසිංහ



ප්‍රේමකුමාර් ගුනරත්නම් පාර්ශ්වය:

  1. ජී. කුලරත්න
  2. පුබුදු ජයගොඩ
  3. දිමුතු ආටිගල
  4. අජිත් කුමාර
  5. එස්.කේ. සුබසිංහ
  6. රාමලිංගම් චන්ද්‍රසේකරන්
  7. දිමුතු අබේකෝන්
  8. වරුණ රාජපක්ෂ
  9. දුමින්ද නාගමුව
  10. චමීර කොස්වත්ත
  11. ජිනදාස කිතුලෙගොඩ *
* ජිනදාස කිතුලෙගොඩගේ පක්ෂපාතිත්වය පිළිබඳ මෙම සටහන තබන අවස්ථාවේදී තහවුරු කර ගත නො හැකි විය.


ජවිපෙ නිල නො වන දේශපාලන මණ්ඩලය ද නියෝජනය කරමින් සත්‍ය පක්ෂ මධ්‍යම කාරක සභාවේ සිටි ඔපාත, ප්‍රේමකුමාර ගුනරත්නම් වැනි අප්‍රකට නායකයන් මෙම මධ්‍යම කාරක සභා රැස්වීම සඳහා කැඳවා නැත. ඔවුන් වැඩි දෙනෙක් ප්‍රේමකුමාර් ගුනරත්නම් පාර්ශ්වයේ අයයි.


මෙම මධ්‍යම කාරක සභා රැස්වීම අතිශය නිල ස්වභාවයකින් පැවැත්වීමට පක්ෂ නායකත්වය කටයුතු කරන බව පැහැදිලි ය. ඔවුන් ඒ සඳහා සහභාගි වන්නේ කළ යුතු දේ පිළිබඳ පැහැදිලි පූර්ව සැලසුමකින් යුතුව ය. 


ජවිපෙ ප්‍රේමකුමාර පාර්ශ්වය මෙහිදී මුහුණ දෙන ප්‍රශ්නය වන්නේ පක්ෂයට අදාළ නීතිය හමුවේ ඔවුන් දුර්වල හා අපරිණත තත්වයක් ප්‍රදර්ශනය කිරීමයි. ජවිපෙ නායකයන් තරමට ම ඔවුන් ධනේශ්වර නීතිය ඔස්සේ කටයුතු කිරීමට සමත් වුවහොත් හෙවත් නීතියේ හිදැසකින් රිංගා යාමට සමත් වුවහොත් ජවිපෙ අයිතිය ද ලංකා පුවත්පතේ අයිතිය වැනි දිග නඩුවක් බවට පත් කර ගැනීමට පුළුවන. එහෙත්, එයින් දෙපාර්ශ්වයෙන් කිසිදු පාර්ශ්වයකට සෙතක් අත් නො වන අතර, ජවිපෙ දේශපාලනයේ දිග්ගැසුණු අර්බුදයක් ඇති කරනු ඇත. 


මෙම මධ්‍යම කාරක සභා රැස්වීම පූර්ව නිශ්චිත න්‍යාය පත්‍රයකට අනුව කඩිනමින් අවසන් කර ගැනීමට ජවිපෙ සෝමවංශ අමරසිංහ පාර්ශ්වය උත්සාහ කරනු ඇත. 


කැරලිකාරයින් යයි නම් කරනු ලබන මධ්‍යම කාරක සභිකයන් පිරිස පක්ෂයෙන් නෙරපා හැරීමේ යෝජනාවක් ජනවාරියේදී සැලසුම් කර තිබෙන පක්ෂ සම්මේලනය වෙත ගෙන ඒමට අවශ්‍ය පදනම ඔවුන් මෙහිදී සකසා ගනු ඇත. ඒ අනුව ඔවුන්ට අලුත් මධ්‍යම කාරක සභාවක් පත් කර ගනිමින් පක්ෂයේ නීත්‍යානුකූලව, පූර්ණ ලෙස හිමි කර ගැනීමේ අවස්ථාව හිමි වනු ඇත. 


මෙහි ඇත්තේ ධනේශ්වර නීතිය අනුව පක්ෂය හික්මවීමේ වැඩසටහනකි. ජවිපෙ ක්‍රම විරෝධී දේශපාලනය මුළුමනින් ම ධනේශ්වර නීතිය අනුව යළි හැඩගස්වා ගැනීමක් මේ ඔස්සේ සිදු වේ. 


ජවිපෙ මෙම තත්වයට මුහුණ දුන්නේ දීර්ඝ කාලයක් තිස්සේ ජවිපෙ අභ්‍යන්තරයේ මධ්‍යගත ප්‍රජාතන්ත්‍රවාදය අතහැර දමා අඥාදායක පාලයක් ඇතුළේ පවත්වාගෙන යාමේ ප්‍රතිඵලයක් ලෙසයි. 


කෙසේ වෙතත්, මෙම සිද්ධි විසින් ලංකාවේ රැඩිකල් වාම දේශපාලනයේ සංවිධාන ගැටලු හා මධ්‍යගත ප්‍රජාතන්ත්‍රවාදය දෙස නව දෘෂ්ටිකෝණයකින් බැලීමේ අවස්ථාව උදා කර දී ඇත. 

මේ ලිපියට ඔබ කැමති නම් වෙන අයත් එක්කත් බෙදා ගන්න

Comments

  1. Ane loku deyak..
    Danwath oka iwarayak unoth..

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා