අධිවේගී මාර්ගයෙන් ජන ජීවිතයට කාන්දු වන්නේ ණය බර හා පොලියත්, දූෂණයේ ඕජසුත් පමණි

දක්ෂිණ අධිවේගී මාර්ගය අද විවෘත වේ.


එක්සත් ජාතික පක්ෂ ලෝක බැංකුව සමග එක්ව 'යළි පුබුදමු ශ්‍රී ලංකා' වැඩසටහන යටතේ යෝජනා කරන ලද මෙම ගාස්තු අය කරන අධිවේගී මාර්ගය සඳහා මුදල් යෙදවීම පිණිස විදේශ ආයෝජකයන් සොයා ගැනීම මුල් ඉලක්කය විය.


එහෙත්, එය සාර්ථක වූයේ නැත. අධිවේගී මාර්ගය හදන්න අවසානයේදී සිදු වූයේ රජයට ම ය. මෙම දැවැන්ත  ව්‍යපෘතිය ආරම්භ කිරීමේ හා ඒ සඳහා විශාල වශයෙන් මුදල් ණයට ගනිමින් එය අවසන් කිරීමේ ධෛර්යය තිබුණේ ජනාධිපති මහින්ද රාජපක්ෂට ය.


මේ පාර හැදීම තුළ දැවැන්ත වංචා රැසක් සිදු වූ බව පාර ආසන්නයේ ජීවත් වන බල්ලෝ පවා දනිති. ඔප්පු වී නැත. ඔප්පු වන්නට පරීක්ෂණ පැවැත්විය යුතු ය. පරීක්ෂණ පැවැත්විය යුත්තේ මහජනයා නොව ඒ සඳහා මහජන මුදලින් පවත්වාගෙන යනු ලබන ආයතන විසිනි.


කොට්ටාව මාකුඹුරේ සිට ගාල්ල පින්නදූව දක්වා දක්ෂිණ ලංකා අධිවේගී මාර්ගය ඉදිකිරීමට රජය වැය කර ඇති මුදල රුපියල් බිලියන 77කි. ඉඩම් අත්පත් කර ගැනීම සඳහා වැය කළ මුදල වන රුපියල් බිලියන 4.7 ක් ක් ද මෙයට ඇතුළත් ය.


මෙම මාර්ගය නිසා ඉවත් කරන ලද මිනිසුන් සිය ජීවිත නැවත ගොඩනඟා ගැනීම සඳහා වැය කළ මුදල පිළිබඳ තක්සේරුවක් මෙයට ඇතුළත් වන්නේ නැත.


කොට්ටාව මාකුඹුරේ සිට ගාල්ල පින්නදූව දක්වා දක්ෂිණ ලංකා අධිවේගී මාර්ගයේ දුර කිලෝමීරට් 96කි. ඒ අනුව එක් කිලෝමීටරයක් හදන්නට ගිය වියදම රුපියල් මිලියන 800කට අධික වේ. ඒ අනුව එක් මීටරයක් හදන්නට ගිය වියදම රුපියල් අටලක්ෂයකි. එක් සෙන්ටිමීටරයකට රු. 8000කි.


මේ වෙනුවෙන් ලංකාව ආසියානු සංවර්ධන බැංකුවෙන්, ජපන් ජාත්‍යන්තර සහයෝගිතා නියෝජිතායනයෙන් (JICA) ලබාගෙන ඇති ණය ප්‍රමාණය ඩොලර් මිලියන 500කට ආසන්නය. එනම් රුපියල් බිලියන 55කට අධික මුදලකි.


ඍජුව ම පාර හදන්නට ය කියා ගත් විදේශ ණය පමණක් ලංකාවේ ජනගහණය කෝටි දෙකක් ය කියා ගණන් හදා බැලුවොත් මේ රටේ ලොකු කුඩා සෑම පුරවැසියකු ම මේ පාර වෙනුවෙන් රු. 2750 බැගින් ලෝකයට ණය වී හමාර ය.


ඒ ණය ගෙවන අපි මේ පාරේ යන්නේ ද තවත් මුදල් ගෙවා ය. 


දැන් මෙපමණ ණය වී හැදූ පාරේ හයියෙන් ගිය විට රට සංවර්ධනය වන්නේ කෙසේ ද යන්න ආණ්ඩුව අපට කියා දිය යුතු ය. 


රටේ මෙවැනි අධිවේගී මාර්ග හැදෙනවාට අප විරුද්ධ නැත. නමුත් මෙහි ඇති මූලික ගැටලුව වන්නේ මෙයින් ජන ජීවිතයේ සිදු වන සංවර්ධනය අත්පත් කර ගැනීම සඳහා ජනතාව ගෙවා ඇති මිළ උවමනාවට වැඩි වීමයි.


අනෙක් පැත්තෙන් එක්සත් ජාතික පක්ෂය රටට අධිවේගී මාර්ග පද්ධතියක් යෝජනා කළේ මූලික වශයෙන් විදේශ ආයෝජකයන් ගෙන්වා ගැනීමටයි. මේ ආණ්ඩුව පෞද්ගලික අංශයේ දේපල පවා රජයට පවරා ගනිමින් සිටින තත්වයක් තුළ කොටස් වෙළඳපල පවා අර්බුදයට පත් වී තිබේ. 


සංචාරකයන් ලංකාවට එන්නේ අධිවේගී මාර්ග ඕනෑතරම් ඇති රටවල සිට ය. අධිවේගී මාර්ග පෙන්වා ප්‍රවර්ධනය කළ හැකි සංචාරක කර්මාන්ත ක්ෂේත්‍රයේ ලංකාවට තරග කළ නො හැකි ය. 


එජාපය කීවේ මෙම මාර්ගය හරහා එන ආයෝජන හා ඇරඹෙන ව්‍යාපාර හේතුවෙන් සිදු වන සංවර්ධනය පහළට කාන්දු වී ජන ජීවිතය ඉහළ යන බවයි. 


දැන් මේ අධිවේගී මාර්ගයෙන් ජන ජීවිතයට කාන්දු වන්නේ ණය බර හා පොලියත්, දූෂණයේ ඕජසුත් පමණි. 


අප කියන්නේ කිලෝමීටර් 96ක පාරක් හදන්නට වැය කළ මුදලින් ලංකාවේ මහාමාර්ග, දුම්රිය මාර්ග පද්ධතියක් ම සංවර්ධනය කරන්නට තිබුණු බව ය. 


අධිවේගයෙන් ‍ ගොස් කරන්නට තරම් කැකිරි ගෙඩියක් මේ රටේ මිනිස්සු වැඩි දෙනෙකුට නැත. 


අපට අවශ්‍ය පුහු අධිවේගයක් නොව, චිරස්ථායී සංවර්ධනයකි. 


පසුගිය දිනවල අධිවේගී මාර්ගය මහජනයාට විවෘත කළ අවස්ථාවේ ඔවුහු එහි ගොස් කා, බී, නටා, බෝතල් පාරේ ගසා කුඩු කර, බොග දමා පැමිණිය හ. ඒ අධිවේගී මාර්ග ආතල් එක කදිමට සංකේතවත් කිරීමකි. 

මේ ලිපියට ඔබ කැමති නම් වෙන අයත් එක්කත් බෙදා ගන්න

Comments

  1. වැදගත් අදහස් එකතුවක් , වත්මන් රජය එජාප රජයේ යෝජනා ක්‍රියාත්මක කරත්දි එජාපය ටාගට් කල අරමුණු ඉටු නොවෙන බව අවස්ථා කිහිපයකම දකින්න තිබුනා . එජාපයේ හා තමන්ගේ පාලනයන් වල තියන පසුතලයේ වෙනස තේරුම් අරගෙන තමන්ගේ රාමුවට ගැලපෙන යෝජනාවලින් යමක් කරන්න උත්සහ කරන වා නම් හොඳයි . එජාපය තමන්ගේ රාමුවට අනුකූලව යෝජනා කරපු දේවල් සන්ධාන රජයේ රාමුවට ගැලපෙන්නෙ නැති වීමෙන් වෙන්නෙ නාස්තියක් , අවශ්‍ය නම් තමන්ගෙ රාමුව වෙනස් කරගැනීමේ හැකියාවත් තියනව

    ReplyDelete
  2. කියන්න දෙයක් නෑ ඔක්කොම ලියලා. කොමෙන්ට්ස් වල අවශ්‍යතාවයක් නොමැත..

    ReplyDelete
  3. Kuhaka kalakannikama nawathath pradarshanaya kara atha. :)

    ReplyDelete
  4. ලන්කාවෙ අදිවේගී මාර්ගයක යන්න තරම් ප්‍රමිතියක් තියෙන වාහන ප්‍රමානය 20% ක් වත් නැතුව ඇති.ඒ කියන්නෙ ඊට සමාන්තරව තියෙන සාමාන්ය පාරවල වාහන තදබදය එහෙමමය් .යන්න පුලුවන් අය වුනත් ඔය ගානට යන එකක් නැහැ.පලවෙනි කාරනයෙන්ම මේ වියාපෘතිය අසාර්තකය්.යෙදු මුදල හොයාගන්න තව අවුරුදු ගනනාවක් යය්.මුලින්ම කරන්න ඕන මොනවද කියල හිතාගන්න තරම් ඔලුවක් අපේ කාලකන්නි නායකයින්ට කවදාවත් තිබුනෙ නැහැ.

    ReplyDelete
  5. මෙවැනි පසුගාමි අදහස් දරන ළි මැඩියන් වැනි මිනිසුන් සිටීම රටක අවාසනාවකි.

    ReplyDelete
  6. may thiyenne sanwardhanayata yana hati.
    http://youtu.be/tWz367iJeq0

    ReplyDelete
  7. pissu huththek. hema dema weradiyata balana ekekge lipiyak

    ReplyDelete
  8. පසුගිය දිනවල අධිවේගී මාර්ගය මහජනයාට විවෘත කළ අවස්ථාවේ ඔවුහු එහි ගොස් කා, බී, නටා, බෝතල් පාරේ ගසා කුඩු කර, බොග දමා පැමිණිය හ. ඒ අධිවේගී මාර්ග ආතල් එක කදිමට සංකේතවත් කිරීමකි.
    well said

    ReplyDelete
  9. පාරෙ බොග දාල ආපු එකෙකුත් කමෙන්ට් කරල තියෙන්නෙ.

    ReplyDelete
  10. මේ සම්බන්ධයෙන් ඔබ හා මුලුමනින්ම එකඟයි.

    ReplyDelete
  11. මේ ලිපිය ලියුව වගේ කුහක මෝඩයෝ ලෝකේ හැම රටේම හිටියනම් ඒ හැම රටක්ම විනාසයි . තමන්ට වැඩ බැරිනම් නිකා හිටු. අල්ලපුගෙදර මිනිහ තාත්තෙක් උනා කියල ඉරිසියාවේ පැලෙන්න එපා
    අද බිලියන් 100 ක් නම් තව අවුරුදු 5 ක් කල් දැම්ම නම් බිලියන් 300 - 400 ක් ගෙවන්න වෙනවා

    ReplyDelete
  12. ජන ජීවිතයට ණය බර හා පොලියත්, දූෂණයේ ඕජසුත් කාන්දු වීම සන්වර්දනයේ නාමයෙන් කෙරෙන හැම වැඩක්ම හරහාම වෙනවා...මේක තම නමසිය පනහ දශකයේ ඉඳලම වෙන්නේ සහ උනේ...අවසානයේ අපි සංවර්දනය කෙසේවතත් අසංවර්දනය නම් නොකඩවා සන්වර්දනය් කරලා තිබෙනවා...එය තව දුරටත් සංවර්දනය කරමින් ඉන්නවා...පාරවල් පාලම් බිංගෙවල් බෝක්කු හදල ඒවා විවුර්ත කිරීමට රජ උත්සව තියන කොට පෙරහැරේ යන ජනතාවක් ඇතිවෙලා තිබෙන්නේ ඒනිසයි......අපට රජෙක් ලැබුන...අපිට ආශ්චර්ය ලැබුන කියලා මේ ජනතාව රවටන සින්දු කියන මෝඩ ගායකයන් ඇතිවෙන්නේ නැහැ... ඒවා තමන්ට හෝ තම දරුවන්ට බුක්ති විඳින්න පුලුවන්ද කියල එයාල හිතන්නේ නෑ...කන්න දෙනවා නම් බොන්න දෙනවා නම් ඒ ඇතිනේ කියල හිතන ජනතාවක් තම අපිට ඉන්නේ...අපිට පුරවැසියෝ නැහැ ඉන්නේ යටත් වැසියෝ...මෙයාල පුරවැසියෝ නම් තම දරුවන්ට හොඳ අධ්‍යාපනයක් ලබා ගැනීම සඳහා රාජ්‍ය අයවැය ලේඛනයෙන් මුදල් වෙන් කර ගන්න සටන් කරනවා නේ...ගුණාත්මක අධ්‍යාපනයක් සදහා මේ රටේ උපදින හැම දරුවෙකුටම තිබෙන අයිතිය ආරක්ෂා කරන්න සටන් කරන එක අද කාලයේ අවශ්‍යතාවයක් බව කියල දෙන්න වෙලා තිබෙනවා...

    ReplyDelete
  13. It is sad to see the article in the first place and some of the comments against this express way development. I am not going to talk about curruption here but the value of this express way to our country.

    This article talk about development but doesn't talk about building infrastructure to support the developments. Most of our people doesn't go overseas and that doesn't meant that we don't need an airport. We need these development and if the government is going to stop from this development without developing express ways to other part of the country like Trinco, Jaffna, Kandy etc.

    ReplyDelete
  14. 1. they paid well to the land owners and now they have better life than earlier.

    2. Even we .. the near people to road had good chances to concreat our roads etc..you know why?.. when the road construction was going on, in the evening hours the drivers of ready-mix vehicals unload 1/4 of the load for 5,000/=!!
    LOL

    ReplyDelete
  15. 'අප කියන්නේ කිලෝමීටර් 96ක පාරක් හදන්නට වැය කළ මුදලින් ලංකාවේ මහාමාර්ග, දුම්රිය මාර්ග පද්ධතියක් ම සංවර්ධනය කරන්නට තිබුණු බව ය'

    Well said mate.

    ReplyDelete
  16. Okath ekka patan gaththa anek Express roads okkoma nawathune... ee roads Hambanthotata set wen nathi nisa wenna athi!

    Agree with you! Waste of money which could have spent productively as you highlighted!

    ReplyDelete
  17. මේක අගය කරන අයත් ඇති...මොකද ඔය හොරුන්ගේ දුවල,පුතාල,උන්ගේ කටු කන උනුත් බ්ලොග් කියවනවනේ...කමෙන්ට් දානවනේ...

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා