රනිල්ට අලුත් චෝදනා ගෙන ඒම හා සමලිංගිකත්වය

විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහත් අවාසනාවන්ත තත්වයකට පත් වෙමින් සිටියි. 


ජාත්‍යන්තර වශයෙන් කෙතරම් කීර්තිමත් තත්වයකට පත් වුව ද, රට තුළ ඔහු පත් වී ඇති ඛෙදජනක තත්වය හමුවේ ඔහුගෙන් ඔහුගේ පංතියට අවශ්‍ය සේවය ඉටු කර ගැනීමට නො හැකි තත්වයක් මතු වී ඇත. 


ඔහුට එල්ල කරනු ලබන අලුත් ම චෝදනා වන්නේ සමලිංගික චෝදනා ය. ඔහුට එරෙහිව එල්ල කර ඇති චෝදනා මාලාවේ 16වන චෝදනාව වන්නේ පක්ෂ නායකයා මාතර දිස්ත්‍රික් මන්ත්‍රී බුද්ධික පතිරණට ලිංගික යෝජනාවක් ඉදිරිපත් කර ඔහු එයට අකැමැති වූ පසු බුද්ධිකගෙන් පළි ගැනීමේ ක්‍රියාමාර්ග ගත් බවයි. 


මේ ඉලංදාරියා හිටි හැටියේ එජාපයේ නායකයන් වූයේ කෙසේ ද යන්න ද සොයා බැලීම වටී. ඒ කාලයේ ඔහු අපයෝජනයට ලක් වුණා නම්, එය ද වැරදි විය යුතු ය. 


පක්ෂ නායකයාගේ ක්‍රියාකලාපය හේතුවෙන් මව්පියන් තරුණයන් පක්ෂ කටයුතු සඳහා එවීමට අකැමැති බව ද චෝදනා පත්‍රයේ සඳහන් වන බව ලක්බිම නිව්ස් පුවත්පත වාර්තා කරයි. 


අපි ප්‍රතිපත්තියක් ලෙස සමලිංගිකත්වය හෝ විෂම ලිංගිකත්වය යන දෙකින් එකක් වඩා හොඳ යයි හුවා දක්වන්නේ නැත. ඒ වනාහි පුද්ගල නිදහස හා බැඳුණු තත්වයකි. මේ දෙක ම මිනිස් සමාජයේත්, වෙනත් සත්වයන් අතරත් සුළුතර පිරිසකගේ රුචියක් ලෙස තිබී ඇත.


එහෙත් රටේ පවතින නීතිය අනුව සමලිංගිකත්වය නීති විරෝධී ය. එහෙයින්, විරුද්ධ ලිංගිකයකුට ලිංගික බලපෑම් කිරීම හා සමාන ලිංගිකයකුට ලිංගික බලපෑම් කිරීම දෙස සමාජය බලන්නේ දෙවිධියකට ය. 


සමලිංගිකත්වය තුළ බහුලව දැකිය හැකි ලක්ෂණයක් වන්නේ දීර්ඝකාලීන සම්බන්ධතා වෙනුවට කෙටිකාලීන සබඳතා හා එක සහකරුවකු සේවනය කිරීම වෙනුවට බහු සහකාර සේවනයයි. 


එසේ වන්නට ඇත්තේ පිළිගත් ලිංගික සබඳතා වන විෂම ලිංගික ඇසුර 'ශික්ෂණය' කිරීම සඳහා ගොඩනැඟුණු පවුල්, සමාජ හා සංස්කෘතික ආදී බලපෑම් අසම්මත යයි සැලකුණ සමලිංගිකත්වය තුළ ගොඩ නොනැඟීම වන්නට පුළුවන. 


විෂම ලිංගිකයන් වුව ඉහත කී ශික්ෂණයන් නොමැති නම්, බහු සහකරුවන් සේවනයට නිතැතින් පෙළඹෙනු ඇත. තෘප්ත නො වුණ මේ ලිංගික ආශා විෂම ලිංගිකයන්ගේ ජීවිතයට බලපාන බව පැහැදිලි ය. 


ලිංගික තෘප්තිය හා සමලිංගිකත්වය අතර සම්බන්ධය සම්මත මිනුම් දඬුවලින් විග්‍රහ කිරීම දුෂ්කර ය. 


සමලිංගික රුචිකත්වයන් ද සම්මත මිනුම් දඬුවලින් තේරුම් ගැනීම දුෂ්කර ය. මර්වින් සිල්වා කියන පරිදි ඔහු එක්සත් ජාතික පක්ෂයෙන් ඉවත් වුණේ ඔහුට ඇති වූ ලිංගික බලපෑම් නිසා ය. අදාළ හඬ පටයට සබඳතා පුරුක මෙතැන ඇත.


රනිල් තමන් ළඟටත් ආවා ය කීමෙන් මර්වින්ලා, බුද්ධිකලා උත්සාහ කරන්නේ තමනුත් මාර පොරවල් ය කියා කීමට ය. 

ඔය කතාවල ඇත්ත නැත්ත  බලා ගන්නට පුළුවන් රනිල් මේ රටේ රාජ්‍ය නායකයා වුණොත් එහෙම බටර් එහෙම අරගෙන නිල මන්දිරය පැත්තේ කැරකෙන කට්ටිය අතර මේ අය ඉන්නවා ද නැද්ද යන්න පරීක්ෂා කළ විට ය. 



කෙසේ වෙතත්, රනිල්ගේ රුචිකත්වය ගැන නම් අපටත් දුක ය. 


සමලිංගිකයන් සම්බන්ධයෙන් මේ රටේ පිරිමින්ගේ සාමාන්‍ය අත්දැකීම වන්නේ එවැන්නන් නිතර තමන් ළඟට එන බව හා ගැහැනුන් සමග පමණක් ලිංගික සබඳතා පවත්වන 'මාර හොඳ පොරක් වන' තමන් පැන දුවන බව ය. 


කෙසේ වෙතත්, මේ චෝදනාව රනිල්ගේ දේශපාලන අනාගතයට බරපතල අභියෝගයක් වන බව අපේ අදහසයි. ඔහුගේ විරුද්ධවාදීන් මේ චෝදනාව ගෙන එන්නේ අවසන් තුරුම්පුව ලෙසයි. මන්ද, මේ වනාහි උඩ බලාගෙන කෙළ ගැසීමක් වන හෙයිනි. 


මෙම චෝදනාව ඔස්සේ එජාපය බෙදෙන්නේ අපූරු ආකාරයකට ය. එනම්, රනිල් සමග ඒ වැඩේ කළ අය හා නො කළ අය ලෙස ය. 


අනෙක් පැත්තෙන්, නගර හා ගම්වල ජීවත් වන ලාංකික ගැමියන් අතර රනිල්ගේ ප්‍රතිරූපය මෙම චෝදනාව විසින් තටු ලබා දෙන කට කතා විසින් සුන්නද්දූලි කර දමනු නිසැක ය. 


මේ සියල්ලේ වාසිය රාජපක්ෂ පවුලට ය. 

මේ ලිපියට ඔබ කැමති නම් වෙන අයත් එක්කත් බෙදා ගන්න

Comments

  1. menna balanna badu.
    http://youtu.be/tWz367iJeq0

    ReplyDelete
  2. අපි හිතුවේ බුද්ධික කියන්නේ බුද්ධිමත් කෙනෙක් කියලා. උගතෙක් වෙන්න ඇති. නමුත් බුද්ධිමතෙක් නොවන බව පැහැදිලියි. මේව ඇවිල්ල තුප්පහි වැඩ. මේක නෙමෙයි අවසාන තුරුම්පුව. දැන් මඩක් ගෙනියනවා සජිත්ට් ගේමක් දෙන්න කුඩු ලාල් එක්ක පැය 4ක් සාකඡ්චා කලා කියලා.

    ReplyDelete
  3. Ranil and the UNP including this Sajith Fation are a spent force now...they cannot provide an alternative to the policies rather "undemocratic policy frame" established by UNP's constitutional order...what these UNP leaders are consuming today is what they had planted during 1977-94.

    This countru needs an alternative people's movement...don't spend time on these people...if they come to power...we have to taste the same...

    ReplyDelete
  4. ලුබ්රිකේටන් ඡෙල් වලට සහ ඩිල්ඩෝ වලට ලංකාව බය ඇයි.?
    පුරුෂොත්තමවාදී කතිකාවක් සහිත මේ දුපත තුල සමලිංගිකත්වය යන්න අර්ථකථනය වනනේද පුරුෂයන් පුරුෂයනට ආකර්ෂනය වීමක් ලෙසය.ශී‍්‍ර ලාංකීය දණ්ඩ නීති සංග‍්‍රහයේ සමලිංගිකත්වය යන්න දක්වා අත්තේ පුරුෂයන් අතර තදබල අශෝබන කි‍්‍රයා ලෙසය . එහි ස්තී පාර්ශවය පිලිබද කතිකාව වුවමනාවෙන්ම හකුලාගනී. පුරුෂොත්තමවාදී සමාජයක් තුල මහා සාධකය වන්නේ පුරුෂයාය.
    ස්ති‍්‍රයකගේ පරම විනදනය ස්වකිය පිරිමි ලිගුව තුල අතැයි සිත සිටි ලාංකීය පිරිමිනට ඩිල්ඩෝවක් එතනට ආදේශ වීම දරාගත නොහැකි වීම අරුමයක් නොවේ.
    http://abdhara.blogspot.com/

    ReplyDelete
  5. රනිල් කියන්නෙ ලාංකීය දේශපාලනයේ ලොකුම අවාසනාවන්තයා.ඒ අතින් ඒ කිට්ටුවටම එන්නෙ අනුර විතරයි.බලය අත හැරීමට ඇති දැඩි නොකැමැත්ත නිසා විරුද්ධ පාක්ෂිකයන්ට අවසාන තුරුම්පුව ලෙස සම ලිංගිකත්වය ඉදිරියට ගන්න වෙලා තියෙන්නෙ.ඒ නිසාම පුද්ගලයෙකුගේ අතිශය පෞද්ගලික කාරණයක් වන ලිංගික රුචිකත්වය ප්‍රසිද්ධියේ කඩ පිල් වල හංදිගානෙ කතාකරන මාතෘකාවක් වෙලා. එයම ඔහුගේ නායකත්වය තීරණය කරන සාධකයක් බවට පත් කරන්නයි විරුද්ධ වාදීන්ගේ උත්සාහය.

    අනික් අතට රනිල් එහෙම දෙයක් කලානම් ඒක වැරදියි කියන එක අමුතුවෙන් කියන්ට ඕන දේකුත් නෙවෙයි.ඒත් මට හිතෙන්නෙ මීට ඉස්සර රනිල්ට එල්ලවුනු චෝදනා වලින් ලිස්සල ගියා වගෙ මේකෙනුත් ලිස්සල ගිහිල්ල නායකත්වය රැකගනියි.අවසාන වශයෙන් පරාජය වෙන්නෙ වෙන කවුරුත් නෙවෙයි එ.ජා.ප.ය

    Agree with Abesinghe wholeheartedly

    / This country needs an alternative people's movement...don't spend time on these people...if they come to power...we have to taste the same.../

    Yes, we need some sort of a catalyst, an altogether brand new movement..a refreshing movement....I won't be surprised at all if it would be mahinda's prerogative to provide even that,

    ReplyDelete
  6. බුද්ධිකලා වැනි අබුද්ධිකයන් ආණ්ඩු පක්ෂයට එකතු වෙනවනම් මීට වඩා හොදයි. විපක්ෂයෙ ඉදල කරන්නෙ ආණ්ඩුව ශක්තිමත් කරන එකමයි. අන්තිමට මේ හැම දේකම වාසිය එන්නෙ රාජපක්ෂට කියල මුන්ට තේරෙන්නෙ නැද්ද ?

    ReplyDelete
  7. Aney paw ranilta me karana dewal. monawa unath Ranil Horek nemei. Kawadakawath salli horakam karala duppath minissunge mudal gasakala neha. Eth monwa karannada? Ape Sinhala minissunge hati ohoma thamai. Ballanna demala politicians la okkoma me welawe Parliment eke hitiya. Oya Sarath Fonesekai Mahindai kotawala thiyenneth ape minissunge Karumetai. Me hamoma Baudda ratak wage samagiyen hitiyanam apita kohoma diunuwela inna thibunada????

    ReplyDelete
  8. manda Buddikage mama Ithali embsider . mewa MR koloppan . kawuda thamange geni Thondata dunne ? uuta thamai pussa kiyanne .

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා