ආන්ඩුවේ අලුත්ම ජනසතුකරණ පිස්සුවේ රෝග නිධානය කුමක්ද? / The drives behind peoplizations of Sri Lankan Mugabe government

පාලක රෙජිම පෙරේත ය. රටේ සියලු ධනය සියතට ගැනීමට ලොල් ය. එය කරන්නේ ජනසතු කරන මුවාවෙනි.

මොනරාගල මන්ත්‍රී ජගත් පුෂ්පකුමාරගේ මැරවර පිරිසක් එජාප මන්ත්‍රී දයා ගමගේට අයිති සෙවනගල සීනි කමහල අල්ලාගෙන ඇති බව වාර්තා විය. ඔවුන් කම්හලේ කළමනාකරණයට එරෙහි කිසියම් කම්කරු විරෝධයක් සිය වාසිය පිණිස පාවිච්චි කරමින් සිටින බව ද පෙනේ.

දයා ගමගේ මේ කම්හල 2002දී රජයෙන් මිළ දී ගත්තේ රු. මිලියන 550කට ය. ඒ කාලයේ තිබුණේ එජාප ආණ්ඩුවකි. දයා ගමගේ එහි ක්‍රෝනියෙක් හෙවත් ගජමිතුරු බිස්නස්කාරයෙකි.

දැන් රජය මෙවැනි බිස්නස් කීපයක් සියතට ගැනීමට සැරසෙයි. ඒ සඳහා වූ Revival of Underperforming Enterprises and Underutilized Assets Act නම් වූ පනතක් හදිසි පනතක් ලෙස ලබන සතියේ පාර්ලිමේන්තුවට ගෙන ඒමට නියමිත ය. මෙම පනතින් කරනු ලබන්නේ හරිහැටි ක්‍රියාත්මක නොවන ව්‍යවසාය හා අඩුවෙන් භාවිතා කර තිබෙන දේපල පවරා ගැනීමයි.

මේ පනත පසු කලෙක සංශෝධනය කරමින් වෙනත් දේපල ද මෙසේ රජයට පවරා ගැනීමට පුළුවන. එසේ පවරා ගන්නා දේපල වැඩියෙන් පාවිච්චි කිරීම පිණිස චීනයට හෝ ඉන්දියාවට විකුණන්නට ද පුළුවන.

දේශීය ව්‍යාපාරිකයන් මෙම දේපල අඩුවෙන් ප්‍රයෝජනයට ගෙන ඇත්නම් එයට හේතුව ප්‍රාග්ධන ගැටලුවකි. දේශීය ධනේශ්වරයේ මෙම ගැටලුවට විසඳුම ලෙස දේශීය ධනපති පංතිය විනාශ කර රජය නම් සමාගමේ හා විදේශ ප්‍රාග්ධනයේ ආධිපත්‍යය ඒ මත පිහිටවීම රජයේ ප්‍රතිපත්තිය වී ඇති බව පෙනේ.

මෙහිදී රජය නම් සමාගම යනු කුමක්ද යන්න ගැඹුරින් විමසා බැලිය යුතු ය. මෙහෙම සමාගම් පුද්ගලයන්ට ගොඩනඟා ගත නො හැකි ය. රජය නම් සමාගමට ප්‍රාග්ධනය සොයා ගැනීමට විවිධ පහසු ක්‍රම තිබේ. ඒවා වනාහි මහජනතාව සූරා බදු අය කිරීම හා විදේශවලින් ණය අරගෙන ඒ බර ද ජනතාව ම පැටවීමයි.

හරිහැටි ක්‍රියාත්මක නොවන හෙවත් Underperforming වූ ලොකුම සමාගම රජයයි. එහෙත් ප්‍රශ්නයක් නැත. සිදු වන පාඩු මහජනයාට භාර ය.

රජය නම් Underperforming Private Limitedහි ලාභ ලබන්නෝ වන්නේ ඒවා කළමනාකරණය කරන්නෝ ය. ඔවුහු කොමිස් ගසති. ඉහළ වැටුප් ගනිති. රජය සමග කොන්ත්‍රාත් කරති. සොරකම් ද කරති. රජය නම් සමාගම ලබන පාඩුව ද ඔවුන්ගේ ලාභයකි.

පාලක රෙජිමට ශක්තිමත් දේශීය නිෂ්පාදක ධනපති පංතියක් අවශ්‍ය නැත. එවැනි පංතියක් සිටීම ඔවුන්ගේ පැවැත්මට තර්ජනයකි. ඔවුන් කරමින් සිටින්නේ දේශීය ධනපති පංතිය විනාශ කරමින් රජය නම් සමාගම් බූවල්ලා ගොඩනැඟීම හා චීන, ඉන්දීය පදනම් සහිත විදේශ සමාගම් සමග ව්‍යාපාරික ගිවිසුම්වලට එළඹීමයි.

ජාතික ධනවාදයක් ගැන සිතනවා වෙනුවට රජය නම් සමාගම සමග එක් වී ජවුසන් නටමින් ලාභ උපයන ක්‍රෝනි ධනපති පංතියක් හා ධනවත් නිලධාරි පැළැන්තියක් දැන් ගොඩනැ‍ඟෙමින් තිබේ. 

මේ ලිපියට ඔබ කැමති නම් වෙන අයත් එක්කත් බෙදා ගන්න

Comments

  1. ඇයි ඉතිං ජනසතු කිරීම එහෙම නැත්තං පෞද්ගලික ආයතන රජයට පවරා ගැනීමත් හදුන්වා දුන්නේ වාමාංශිකයින්මනේ.. ඕකත් සමාජවාදයේම කොටසක් නේද? දැන් මොකද පැරාට ඒවා අමතක වෙලාද?
    එහෙමත් නැත්තං පැරාටත් දැන් ධනවාදය ඔළුවට ගහල විත්තිය මේ හරහා අපිට පෙන්නනවද?

    මොකද ලොක්කා උනේ අත්තිවාරම අමතක උනා නේද?

    ReplyDelete
  2. මේක නියම පිස්සු වැඩක්. ජනසතු කරපු දේවල් හරියට පාලනේ කරගන්න බැරි මේ යක්කු අලුත් ඒවා අරන් මොකද කරන්නේ. අප සීග්රයෙන් ඉන්දියාවේ හා චිනේ යටත් විජිතයක් වෙනවා.ලොකු තැන කම්කරු ඇමති කාලෙත් මේ වගේ පිස්සු ගති පෙන්නුම් කළා. අර්තසාදකෙන් ලුණු කම්හල ගත්තේ ඒ නිසා.

    ReplyDelete
  3. දේශප්‍රේමී ජනතාව, වාසුලා, ඩීව්ලා, තිස්ස විතාරනලා, ජනතා විමුක්ති පෙරමුණ, විමල් සහෝදරයා ගොඩනගන්න හදන ළෝකය වෙත යන ගමනට අකුල් හෙලන්න ඔහෙලා හිතුවා මදි.

    අපේ ගමන අපි යනවා අපේ පාඩුවේ.

    දයාලටත් හොඳ පාඩම් මේවා.. අද අඬනවා..අඬන්න ඕනේ නෑනේ. අර්ල් වගේ ලොක්කගේ දැත ශක්තිමත් කොරන්න ගියානම් ඉවරනේ.

    ReplyDelete
  4. රාජ්‍ය දේපල අවසානයේ අලුත් පන්තියක් නිෂ්පාදනය කල හැටි සෝවියට් සමාජවාදය තිබුන රටවල දී ඔප්පු කලා...සාමුහික දේශපාලන බලය දේපල ස්වරූපයක් බවට පත් කරගෙන දේශපාලන පන්තිය නව පන්තියක් බවට පත් උන හැටි තම නිව් ක්ලාස් කෘතිය මගින් a Minister of Yogoslavian Communist Government "මෙලොවන් ජිලාස්" පැහැදිලි කලා (New Class Melowan Djilas)...අන්තිමට මේ පන්තිය ඔහු බලාපොරොතු උන විදියට විප්ලව රැල්ලක් මගින් බලයෙන් පහ උනා...ජනසතු කිරීම ඇතුළුව රාජ්‍ය දේපල ගොඩ නැගීම යටතේ ඕක ලංකාවෙත් ටිකෙන් ටික උනා... අන්තිමට නිව් ක්ලාස් එක ලංකාවටත් ඇවිල්ල තියෙන්නේ...සමාජවාදය...ජනතාව...ජාතිය...මවුබිම...යන වචන සෙට් වලින් මිනිස්සු දක්කාගෙන පොඩි සහන විසි කරමින්...ක්‍රෝනි ධනපතියන්...නිව් රිච් කණඩායම් වලින් ලැබෙන තල්ලුවෙන්...ඉන්දීය සහ චීන ක්‍රෝනිසම් සමග සහයෝගයෙන්...බලය ගෙන යනවා...ජේ ආර් ගේ ව්‍යවස්ථාව පෙන්ඩෝරා පෙට්ටිය වගේ නයි පොලොංගු අරන් දෙනවා දිගටම බලයේ ඉන්න...දේශපාලන පමණක් නොවේ ආර්ථික සිවිල් මිලිටරි පරිපාලන යන සියලු බලයන් එක රාශි කරමින් වැජඹීමට අවස්ථාව ලබා දීල තියනවා...ඊනියා විපක්ෂය බලන ඉන්නේ මේක තමන් අතට ගන්නකම්...මේ ව්‍යවස්ථා ක්‍රමය බලයෙන් පහ කරන වෙනසක් ගෙන හිතන්නේ නැතිව මේකෙන් ගොඩ එන්න බැහැ...

    ReplyDelete
  5. ela ela mehema giyoth tea kada tikath koththu kadath Army eka dala karai. BAUDMA THAMAI

    ReplyDelete
  6. Ceylon Petroliam Corporation eke 28,000 k sewaya karanawa nikam padi aragena. Loke Lokuma Petroliam Coperation eka saha loke wedima pirisak sewaya karana Thel Sansthawa thamai meka. Saudi Arabiye wath mechchara aya weda karanne neha Oil fields wala. Meka rajaya sathu depalak wela mehemanam anek ewa gana mona kathada?

    ReplyDelete
  7. මුළු ආණ්ඩුවම පාඩු ලබන කොට මුන් මොන මගුලක් කරන්න හදනවද දන්නේ නැ.මිහින් ලංකා ;හම්බන්තොට වරයා එහෙම පාඩු ලබන කොට ආණ්ඩුවේ අවුන්ට ලජ්ජා නැ.මුන්ගේ ඔලුව අවුල් වෙලා වගේ තමයි පෙන්නේ .

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා