වංගීස සුමනසේකර යනු කුමක් ද? / What is the meaning of Wangeesa Sumanasekara?

අප 'සාකෝසි යනු කුමක්ද?' පොත ගැන තැබූ සටහනින් වංගීස සුමනසේකරගේ සිත් පෑරී අති නම් අපි සමාව අයදිමු.


අප සාමාන්‍යයෙන් ඩේල් කානගීගේ සිත් ගැනීමේ කලාව අනුගමනය කරන අය නො වෙමු. කානගීට අනුව ජනප්‍රිය වීමට හොඳම මාර්ගය වන්නේ අනුන් විවේචනය නො කර සිටීමයි.


'මාරයි මචං' කියමින් තුරුළු වන්නන්ට අපි කවුරුත් කැමති ය. අපටත් අනෙක් අයට මෙන් ඔබ එවූ බැනරය ප්‍රදර්ශනය කර අත සොදා ගන්නට තිබිණි. එහෙත්, ඊනියා ප්‍රශංසාවේ නිහඬතාව තුළ සුනිල් විජේසිරිවර්ධනගේ 'පුරවැසි මංපෙත්' කෘතිය සේ මරණයට පත් වීමට වඩා විවේචනය හරහා ජීවත් වීමට ඔබේ පොතට අවස්ථාවක් අපගේ ලිවීම හරහා ලැබී තිබේ.


ඇත්තෙන්ම පොත පිළිබඳ යමක් ලිවීම සඳහා අපි උත්සාහ කර නැත. මන්ද, අපි මෙම පොත කියවා නැත.


එය පරිවර්තනය කිරීම අනිවාර්යයෙන් ම යහපත් ව්‍යායාමයකි. පොත ගැන කතා කිරීම සඳහා අවස්ථාවක් උදා වන්නේ එය පරිවර්තනය කර පළ කිරීමත් සමග ය.


එතුළ ඒ දැනුම සෙසු අය සමග බෙදා ගැනීමේ නිර්ලෝභීකමක් තිබේ.


අ‍පගේ විවේචනයට බඳුන් වන එක්ස් කණ්ඩායම වැනි කණ්ඩායම්වල දේශපාලන ව්‍යාපෘතිය එවැන්නක් නො වේ යයි අපි යෝජනා කරන්නෙමු. අප පවසන්නේ එක්ස් කණ්ඩායම මෙවැනි චින්තකයන් ලංකාවට ආනයනය කර අලෙවි කිරීමෙන් උත්සාහ කළේ දැනුම බෙදා ගැනීමට වඩා බලය ගොඩනඟා ගැනීමට බවයි. එයට ගැලපෙන අන්දමින් ඔවුහු මෙම චින්තකයන් කපා‍, කොටා තමන්ට උවමනා අන්දමින් පැකට් කරන ලදී.


බලය ගොඩනඟා ගැනීම සඳහා මෙසේ කිරීම වරදක් නො වේ යයි තර්ක කිරීමට පුළුවන. එහෙත් එහි නිශේධනීය කාරණා වන්නේ බොහෝ විට මේවා පුද්ගල ව්‍යාපෘති වීම, දැනුම අරගලය මුවහත් කිරීමේ අවියකට වඩා පුද්ගලවාදී ලෙස සතුරන් මැඬලීමේ අවියක් බවට පත් කර ගැනීම හා ඒ ඔස්සේ මුල් දැනුම විකෘති වීමයි. විකෘති වීම සංවර්ධනයක් නො වේ. 


බුද්ධිවාදී වාම කුලක විසින් පසුගිය කාලයේ කරන ලද තවත් නිශේධනීය කාර්යයක් වූයේ පොත් කියවන මිනිසුන් හා නො කියවන මිනිසුන් යයි විභේදනයක් සමාජයේ ඇති කර සමාජ දේශපාලන සක්‍රිය අවකාශයේ පොදු ජන ක්‍රියාකාරිත්වය අඩපණ කර දැමීමයි. 'දේශපාලනය කරන්න නම් ඔයා මේ පොත් කියවලා එන්න' යන කොන්දේසිය ඔවුහු ප්‍රවර්ධනය කළ හ. එසේ කරමින් මේ පොත් කියවූ හෝ කියවූ බව කියන හෝ එක්කෙනෙකුට දෙන්නෙකුට මුවා වී කණ්ඩායම් ගොඩනඟමින් අනෙක් අයට දත නියවීම්, කොකා පෙන්නීම් වැනි විප්‍රකාර කළ හ. බුද්ධිමය භීෂණයක් නිර්මානය කළ හ. 


එසේ ම, චින්තකයන්ගේ පේටන්ට් ගන්නට යාම පසුගිය කාලයේ වාමාංශික පුහු විලාසිතාවක් විය. තරහකාරයන් වැඩි වන නිසා අප මේ පේටන්ට් හිමියන්ගේ විහිළුකාර ලැයිස්තුව මෙහි සටහන් නො කරන්නෙමු. මෙය ද දකුණේ දෙමළ අරගලයේ පේටන්ට් අයිතිය ගන්නට අප ද කලක් නියෝජනය කළ හිරු කණ්ඩායම අන් අය සමග පොර වැදීම වැනි ම වූ මළ විකාරයකි.


එසේ ම, අප‍ට මෙම කරුණ ද කීමට තිබේ. ලෝකයේ අප ජීවත් වන්නේ කිසියම් සමාජ සංස්කෘතික සංදර්භයක වීම ඇත්තක් මිස ජාතිවාදී මතිභ්‍රමයක් නො වේ. "දේශපාලනයේදී අවසාන සිතිජය වන්නේ ජාතික රාජ්‍යයද? නැතිනම් දේශපාලනය යනු ජාතිය, පන්තිය, ලිංගය ආදිය ඉක්මවූ විශ්වීය චින්තනයක් වෙත දිශානත වූ දෙයක්ද?" යන ප්‍රශ්න සම්බන්ධයෙන් අපගේ පිළිතුරු "නැත", හා "ඔව්" ය යනු වීම වෙනස් වී ඇතැයි නිගමනය කිරීමට ඉක්මන් නො වන්න. ඔබ අප සමග නැත්නම් ඉන්නේ සතුරා සමගයැයි කීම මිලිටරි චින්තනයකි. මේ මිලිටරි ච්න්තනයෙන් අත් මිදෙන තාක් කල් ඇත්ත සංවාද බිහි වන්නේ නැත.


අප දැනුම ඉවහල් කර ගත යුත්තේ පළමුකොට ම අපට ආසන්න සමාජ, දේශපාලනික, ආර්ථික ආදී පරිසරයන් තේරුම් ගැනීමටයි. (කාගේ ප්‍රකාශක්දැයි නො අසන්න. ඒ සාමාන්‍ය ජනයා වන අපට තේරෙන ආකාරයයි. අපට වැදගත් වන්නේ අදහස මිස එය පළ කළේ කවුරුද යන්න නො වේ.) ආනයනික දැනුම මෙම කාර්යය සඳහා කෙතරම් ඉවහල් වූවා ද යන්න  තක්සේරු කර බැලිය යුතු ය. අපගේ නිරීක්ෂණය අනුව නම් ආනයනික දැනුම ලංකාව විග්‍රහ කිරීමටත්, ‍විග්‍රහාත්මක හෝ සෞන්දර්යාත්මකව හෝ ප්‍රකාශ කිරීමටත් අයහපත් ලෙස බලපෑවා මිස උත්ප්‍රේරකයක් බවට ප්‍රායෝගිකව පත් වූයේ නැත. සීමාන්තික දෘෂ්ටිවාදී වහල්භාවය නිදහස් චින්තනයට බාධාකාරී විය.


අප මෙහිදී ආනයනය යන වදන භාවිතා කරන්නේ ලෝක දැනුමේ අභාසය ලැබීම හා දැන් සිදු වන ක්‍රියාවලිය අතර වෙනස හුවා දැක්වීමට බව කරුණාවෙන් සලකන්න. 


මෙකී තත්වය වඩාත් ම හොඳින් ප්‍රකාශයට පත් වන්නේ ලංකාවේ කලාවෙනි. අද වන විට, ස්වතන්ත්‍ර නාට්‍යය හා ප්‍රබන්ධ කලාව පරිවර්තනයට ද්විතීයක වී ඇති තත්වය නිදසුනකි. ලංකාවේ බිහි වූ විශිෂ්ට ස්වතන්ත්‍ර නාට්‍යකරුවකු වූ ජයලත් මනෝරත්න බූරුවා මහත්තයකු වන්නේ ද,  ජයතිලක කම්මැල්ලවීරගේ චුම්බන කන්ද සම්මානිත නවකතාවක් වන්නේ ද, වෙබ් අඩවි හා පත්තර පිටු හරහා කවීන් මදුරුවන් සේ බෝ වන්නේ ද මෙකී සංදර්භය තුළ ය.


සරළව කීවොත්, එක්ස් කණ්ඩායම වැනි මෑත කාලීන වාමවාදී බුද්ධිමය ගුරුකුල හරහා බොළඳ අනුකාරකවාදීන් රොත්තක් විනා කිසිදු නිදහස් ච්න්තකයකු බිහි වූයේ නැත.


අප ලියූ ශාස්තෲ නවකතාව ගැන වංගීස සඳහන් කළ නිසා ඒ ගැන ද ඇඩ් එකක් දමන්නට කැමැත්තෙමි. ලංකාවේ වාමාංශිකයන් ලෙස ඉන්නා තරමක් ඉන්නේ ශාස්තෲවරු හා ශාස්තෲවරුන් සොයා යන වන්දනාකරුවෝ ය.   වාමාංශිකයන්ට ශාස්තෲ නවකතාව ඇලජික් වූයේ හා ඒ ඔස්සේ මතු කර ගන්නට උප උත්සාහ කළ සංවාදයට ඔවුන් දායක නො වූයේ ඒ නිසා ය. තමන්ට ඇති රෝගය ගැන කතා කරනවාට වඩා සාකෝසිට ඇති රෝගය ගැන කතා කිරීමට අපි කැමති ය. 


එසේ ම, ආචාර්ය සුමනසිරි ලියනගේගේ ඊනියා ප්‍රභූ වාම දේශපාලනය හා රාජ්‍ය නො වන සංවිධාන ව්‍යාපෘති අරමුදල් සමග ඇති සම්බන්ධතාවලින් විනිර්මුක්ත කරගෙන ලංකාවේ අලේන් බදියු ගැන කතා කිරීම ද දුෂ්කර ය.


"අජිත් ට අනුව, මේ වලවේ කරන්නට ඇති එකම තේරුමක් ඇති වැඩේ වන්නේ w3lanka වෙබ් අඩවිය ක්‍රියා කරවීම විය හැකිය." යන ප්‍රකාශය සම්බන්ධයෙන් යමි පැහැදිලි කිරීමක් කරන්නට කැමැත්තෙමි. අප w3lanka කරන්නේ නිකම් ඉන්නවාට ම නො වේ. අපගේ උත්සාහය යම් විප්ලවීය ජීවන විලාසිතාවක් ප්‍රවර්ධනය කිරීමයි. ඒ වනාහි බුද්ධිමතුන් ලෙස සිය අනන්‍යතාව සලකුණු කිරීමට කැමති අය වෙනුවෙන් නොව පොදු ජනයා වෙනුවෙන් ප්‍රවර්ධනය කරනු ලබන පරමාදර්ශී ජීවන විලාසිතාවකි. w3lanka ඒ ජීවන විලාසිතාවේ චින්තනමය පැතිකඩක් නිරූපණය කරන්නකි. (පරමාදර්ශය අජිත් පැරකුම් ජයසිංහ ද යන ගොන් ප්‍රශ්නය නො අසනු ඇතැයි අපි බලාපොරොත්තු වෙමු.) 


අප ඉදිරියෙන් යන අය ද පසුපසින් එන අය ද නැතැයි අප කියන්නේ ද, අපි අනුන්ගේ සාක්කුවල ජීවත් නො වන්නේ හා අනුන් බස්සා ගැනීමට සාක්කු නො මසන්නේ ද ඒ ජීවන විලාසිතාවේ ම පැතිකඩක් ලෙස ය. 


අලේන් බදියු කියවීමට ඇල්මක් අප තුළ ඇති කළාට, වංගීස සොයුර, ඔබට තුති. 


අප වෘත්තීය පොත් කියවන්නෝ නො වෙමු. ඒ නිසා අප අරක කියවා ඇත, මේක කියවා ඇත කියා කියවන්නට අපට උවමනාවක් නැත. 


එසේම, අපි පොත් පෙරළන්නන්ට බිය නැති බව ද කියමු. ඒ චන්ඩිකමකට නො වේ. බුද්ධිමය චන්ඩින්ට අභියෝග කිරීම ද අප ඉහතින් කී ස්ටයිල් එකේ ම කොටසක් නිසා ය. 
-අජිත් පැරකුම් ජයසිංහ

මේ ලිපියට ඔබ කැමති නම් වෙන අයත් එක්කත් බෙදා ගන්න

Comments

  1. /* වෙබ් අඩවි හා පත්තර පිටු හරහා කවීන් මදුරුවන් සේ බෝ වන්නේ ද .....*/

    නියම යෙදුම!

    ReplyDelete
  2. I quote "එසේ ම, චින්තකයන්ගේ පේටන්ට් ගන්නට යාම පසුගිය කාලයේ වාමාංශික පුහු විලාසිතාවක් විය."

    සහතික ඇත්ත...ඉංගිරිසියෙන් ලියපු පොතක් කියවගෙන එකේ තියෙන ඒවා ඉංගිරිස් නොදන්නා අයට සහ ඉන්ගිරිසිස් දන්නා නමුත් ඕවා කියවීමට වෙලාවක් ගන්න සුදානම් නැති අයට ඉදිරිත් කරලා මහා න්‍යාය වාදීන් ලෙස පෙනී සිටීම ඔය පේටන්ට් කාරයන්ගේ ක්‍රමය බව බොහෝ දෙනෙක් දන්නවා...මෙයාල මේ සමජයේ අද තියෙන ගරා වැටීම ගෙන කට හොල්ලානේ නැති උනාට...ප්‍රංශයේ සර්කෝසි ලා ගෙන කතා කරන්න හරි දස්සයි...

    ReplyDelete
  3. very true machan lankawe pol parala mechchara thiyeddi europe wala idi katu gena talks dena munuth ape blind voters lata wada eha....

    ReplyDelete
  4. janakita dasa wada deema,indunil kiyana asarana gahaniya winasa kireema,.... wangi baba mewa niwaradi karagena desapalanaya gana hithamu.
    JANAKEEGE NANGI.

    ReplyDelete
  5. oh come on baby anonymous! i had sex with my cousin at the age of 18!oh yes i'm a slut and everyone else in this world is a slut but only 10 % of them have the balls to admit,so you better shut up and better learn how to spell wangi right: vangeesa. and meaning of vangeesa is:siyamballa! so fuck off and mind your own fuckings and let janaki be janaki and indunil be indunil and let vangeesa be siyamballa!

    ReplyDelete
  6. https://maruwaxx.wordpress.com/2011/06/16/%E0%B6%B8%E0%B6%AD%E0%B7%94%E0%B6%9C%E0%B6%B8%E0%B6%85%E0%B7%84-%E0%B6%85%E0%B6%A2%E0%B7%92%E0%B6%AD%E0%B7%8A-%E0%B6%B4%E0%B7%90%E0%B6%BB%E0%B6%9A%E0%B7%94%E0%B6%B8%E0%B7%8A-%E0%B6%A2%E0%B6%BA/

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා