රජයේ ඉඩම් විකුණා ෂෝක් කිරීම / Sri Lanka government selling land to run thamashas

අනූ නම, පනස්, තිස් අවුරුදු පදනම් මත රජයේ ඉඩම් අක්කර 2000ක් පෞද්ගලික අංශයට බදු දීමට රජය සැලසුම් කර ඇති බව ඉඩම් හා ඉඩම් සංවර්ධන අමාත්‍යංශ ආරංචි මාර්ග උපුටා දක්වමින් අද දිවයින පුවත්පත පවසයි. 


සංචාරක, කෘෂිකර්ම, විදුලි ජනන ආදී ව්‍යාපෘති සඳහා මෙම ඉඩම් ලබා දෙන බව වාර්තා වේ. 


කොළඹ නගර සීමාවේ ඉඩම් කට්ටි කීපයක් ද සංචාරක ව්‍යාපෘති සඳහා පෞද්ගලික අංශයට දෙන්නට යන බව ද එම වාර්තාවේ සඳහන් වේ. 


දැන් මේ ආණ්ඩුව ෂෝක් කරන්නේ ඔන්න ඔය වගේ ඕවිටි කෑලි පවා විකුණා දමමිනි. 


කොළඹ වතු ටික සුද්ද කර ගත් විට තවත් විකුණන් කෑ හැකි ඉඩම් කෑලි ටිකක් අත්පත් කර ගත හැකි වනු ඇත.


ඒකත් විකුණන් කෑ පසු ඊළඟට කරන්නේ කුමක් ද? 

මේ ලිපියට ඔබ කැමති නම් වෙන අයත් එක්කත් බෙදා ගන්න

Comments

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා