ජවිපෙ මූලස්ථානයේ බිත්තියේ ඡායාරූපය ගැන මාක්ස් මෙසේ පවසයි / Marx quoted about the photo on the wall of the JVP headquarters

ජනතා විමුක්ති පෙරමුණේ බත්තරමුල්ල මූලස්ථානයේ එල්ලා තිබූ මාක්ස්ගේ ඡායාරූපය කැරළිකාර කණ්ඩායම රැගෙන ගිය බව කියැවේ. සෝමවංශ අමරසිංහ පාර්ශ්වය කියන්නේ කරැළිකරුවන් ඒය සොරකම් කළ බවයි. 


මාක්ස් ජීවතුන් අතර සිටියා නම් සමහර විට මෙසේ කියනු ඇත. 


"සහෝදරවරුනි, මා තවත් අය සමග එක්ව ඉදිරිපත් කළේ ලෝකය විග්‍රහ කරන දැක්මක් මිස ආගමික දේශනාවක් නො වේ. මම ශාස්තෲවරයෙක් නො වෙමි. එහෙයින් මගේ රූප ඔබේ කාර්යාලයේ එල්ලාගෙන මල් පහන් පිදීම, හඳුන් කූරු දැල්වීම වැනි අභිචාර පැවැත්වීම තේරුමක් නැත.


"මා ඉදිරිපත් කළ කරුණු වනාහි අවසාන දේව වාක්‍ය නො වේ. ඒවා ලෝක ධර්මයන් තේරුම් ගැනීමේ විද්‍යාවක පදනමයි. නො එසේව, කට පාඩම් කරගෙන උපුටා දැක්වීමට හා තමන්ට අවශ්‍ය පරිදි, අවශ්‍ය කෑලි පමණක් ගෙන, තමන්ගේ අදහස් ඔප්පු කිරීම සඳහා යොදා ගත හැකි න්‍යායික උපකරණ විශේෂයක් නො වේ. 


"කොමියුනිස්ට් ප්‍රකාශය ඉදිරිපත් කරද්දී මම 'සකල දේශ වාසී නිර්ධනයිනි, එක්වව්!' යන සටන් පාඨය ජර්මන් බසින් Proletarier aller Länder vereinigt Euch! ලෙස ඉදිරිපත් කළෙමි. අද වන විට ඔබ ඇතුළ බොහෝ මාක්ස්වාදීන් යයි කියන අය කරන්නේ නිර්ධනයින් බෙදා වෙන් කර ඔවුන් සමගි වීම වැළැක්වීමේ ධනපති උවමනාව ඉෂ්ඨ කිරීමයි. 


"එසේම, නිර්ධන පංති පක්ෂයකැයි කියන ඔබට මිනිසුන්ට වඩා දේපල වැදගත් වී තිබීම ඔබ කවුරුද යන්න ගැන පැහැදිලි කර දෙයි. 


"මාක්ස්වාදීන් හැම විට ම සිටියේ පීඩිතයන්ගේ පැත්තේ ය. ඔබ සියලු දෙනා වනාහි රජය විසින් ප්‍රකාශයට පත් කරන ලද යුද මුක්ත කලාපයක සිර වී සිටි අසරණ දෙමළ වැසියන්ට බර අවිවලින් පහර දෙන්නැයි රජයෙන් ඉල්ලා සිටි පක්ෂයකි. දෙමළ ජනයාට සාධාරණත්වය ඉටු කරන්නැයි ඉල්ලා සිටි, යුද්ධයට විරුද්ධ වූ දකුණේ සිංහල වාමාංශිකයන් අනතුරට පත් කිරීමට කටයුතු කළ පක්ෂයකි. පීඩක බහුතර සිංහල ජාතිවාදය හා බෞද්ධ ආගමික අන්තවාදය වැළඳගෙන ජාතික හා ආගමික සුළුතරයන් පීඩාවට පත් කළ පක්ෂයකි. ශාරීරික ආබාධිත ඇති අයට සිනා වූ ප්‍රචාරක ලේකම් කෙනෙකු සිටි පක්ෂයකි. ලිංගික වශයෙන් පීඩිත ජන කොටසක් වූ සමරිසියනට ගරහන පක්ෂයකි. සියල්ලට ම වඩා ස්ත්‍රීන්ට සම තැන නො දෙන, පක්ෂ සාමාජිකාවන් නායක කාරකාදීන්ගේ බැල මෙහෙකම්වලට යොදවන, ඔවුන් ලිංගිකව  පවා සූරා කන පක්ෂයකි. 


"ඔබේ බිත්තියෙන් මගේ ඡායාරූපය ඉවත් වීම ගැන මම සතුටු වෙමි. ඡායාරූපය රැගෙන ගිය අය නමට මාක්ස්වාදීන් නො වී මාක්ස්වාදය ලෝකය විග්‍රහ කිරීමේ හා පීඩිතයන්ට යහපත් අන්දමින් වෙනස් කිරීෆම් විද්‍යාවක් බවට පත් කර ගන්නට උත්සාහ කරනවා නම් මම සතුටු වෙමි. 

මේ ලිපියට ඔබ කැමති නම් වෙන අයත් එක්කත් බෙදා ගන්න

Comments

  1. මම හිතුවේ කාල් මාක්ස් කියන්නෙ කටුස්සෙක් කියලා
    හිතෙන හිතෙන වෙලාවට පාට වෙනස් කරන්න පුළුවන්...

    ReplyDelete
  2. Lankaenews web site has been blocked by government pls use this http://184.172.224.185/ for enter to the web

    ReplyDelete
  3. "ඔබ සියලු දෙනා වනාහි රජය විසින් ප්‍රකාශයට පත් කරන ලද යුද මුක්ත කලාපයක සිර වී සිටි අසරණ දෙමළ වැසියන්ට බර අවිවලින් පහර දෙන්නැයි රජයෙන් ඉල්ලා සිටි පක්ෂයකි. දෙමළ ජනයාට සාධාරණත්වය ඉටු කරන්නැයි ඉල්ලා සිටි, යුද්ධයට විරුද්ධ වූ දකුණේ සිංහල වාමාංශිකයන් අනතුරට පත් කිරීමට කටයුතු කළ පක්ෂයකි. පීඩක බහුතර සිංහල ජාතිවාදය හා බෞද්ධ ආගමික අන්තවාදය වැළඳගෙන ජාතික හා ආගමික සුළුතරයන් පීඩාවට පත් කළ පක්ෂයකි. ශාරීරික ආබාධිත ඇති අයට සිනා වූ ප්‍රචාරක ලේකම් කෙනෙකු සිටි පක්ෂයකි. ලිංගික වශයෙන් පීඩිත ජන කොටසක් වූ සමරිසියනට ගරහන පක්ෂයකි. සියල්ලට ම වඩා ස්ත්‍රීන්ට සම තැන නො දෙන, පක්ෂ සාමාජිකාවන් නායක කාරකාදීන්ගේ බැල මෙහෙකම්වලට යොදවන, ඔවුන් ලිංගිකව පවා සූරා කන පක්ෂයකි."

    හරියටම හරි...මෙයාල එක්ක මාක්ස් ලෙනින් වාදය ගැන මොන කතාද...

    ReplyDelete
  4. thalagoya kabaragoya karagannava vage avasthavadeen marks yoda ganna haty...

    ReplyDelete
  5. w3lanka : "සහෝදරවරුනි, මා තවත් අය සමග එක්ව ඉදිරිපත් කළේ ලෝකය විග්‍රහ කරන දැක්මක් මිස ආගමික දේශනාවක් නො වේ".

    මාර්ක්ස් කරේ ලෝකය වෙනස් කිරීම ගැන කතා කරපු එක නොවේද ?

    ඔක්කොම කරන්නේ මාර්ක්ස් ව විකුර්ති කරන එක නේද ?

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා