මුළු ලංකාවට ම දෙබරු ඇනලා ය. මතුරමු!

දෙබර ප්‍රහාරයකට ලක්වූ 48 හැවිරිදි පුද්ගලයකු රෝහල් ගතකර තිබියදී පවුලේ ඥාතීන් විසින් ඔහු රෝහලෙන් ගෙන ගොස් තෙල් මැතිරවීමෙන් පසු මියගොස් ඇති බව පසුගිය සතියේ රක්වානෙන් වාර්තා විය. 


තම ගෙවත්තේ පොල් ගසකට නැඟ පොල් කඩද්දී දෙබර ප්‍රහාරයට ලක්වූ පුද්ගලයා මුලින්ම රක්වාන රෝහලට ඇතුළු කර තිබේ. එහිදී පවුලේ ඥාතීන් විසින් රෝගියා රෝහලෙන් ඉවත් කර ගෙන ගොස් වෙදදුරෙකු ලවා තෙල් මතුරුවාගෙන ගිය බව ඔහුගේ බිරිය හදිසි මරණ පරීක්‍ෂණයේදී පැවසුවාය.


තෙල් මැතිරවීමෙන් පසු රෝගියාගේ තත්ත්වය අසාධ්‍ය වීම නිසා කහවත්ත මූලික රෝහලට ඔහු ඇතුළු කළද ඒ වන විට ඔහු මියගොස් තිබුණි.


රෝගියාගේ ශරීරයේ තිබූ විෂ නැසීමට අවශ්‍ය ප්‍රතිකාර කරමින් සිටියදී පවුලේ අයගේ කැමැත්තෙන් ඔහු රෝහලෙන් රැගෙන ගිය බව රක්වාන රෝහලේ වෛද්‍යවරු කියති.


වෛද්‍ය විද්‍යාව දියුණු මට්ටමක පවතින අද දවසේ බොහෝ විට සායනික ප්‍රතිකාර අවශ්‍ය මට්ටමේ සිටින මානසික රෝගීන් හෝ මුග්ධකම ඉහවහා ගිය පුද්ගලයන් විසින් කරනු ලබන මෙවැනි 'ප්‍රතිකාර' නිසා මිනිසුන් මිය යාම අතිශය කණගාටු තත්වයකි. 


මානසික රෝගීන් හා වෙනත් ලෝකෝත්තරයන් වන්දනා කරන ලාංකීය සමාජය  තුළ අද වන විට මතු වී ඇති තත්වය වන්නේ බටහිර වෛද්‍යවරුන් විසින් පවා අවිද්‍යාව ප්‍රවර්ධනය කරන තත්වයක් ඇති වීමයි. 


කරුණු කාරණා දන්නා බොහෝ අය මෙම අවිද්‍යාවට එරෙහිව කට ඇරීමට පවා බිය ය. 


නිදසුනක් ලෙස, අනුරාධපුර පැත්තේ සිටින කැඩුණු අත පය වෑල්ඩිං කරන බව කියන එක් 'වෛද්‍යවරයෙකු' හේතුවෙන් රටේ විශාල පිරිසක් අත පය සොත්ති කරගෙන ඇත. රෝහල්වල ශල්‍යාගාරවලදී රෝගීන්ට වේදනාවක් ඇති නො වන පරිදි සිහි නැති කර දමන ප්ලාස්ටර් මේ 'වෛද්‍යවරයා' කප්පවන්නේ රෝගීන් සමග එන මිනිසුන් ලවා ය. ඔහුගේ වේදනාකාරී ප්‍රතිකාරවලින් සිය කැඩුම් බිඳුම් සුව වන බව මිනිස්සු විශ්වාස කරති. 


මෙවැනි විශ්වකරම වෛද්‍යවරුන් හත් අටදෙනෙක් ඕනෑම පඳුරක් පල්ලේ සිටින තරමට ලංකාවේ 'වෛද්‍ය විද්‍යාව' දියුණු වී ඇත. දියුණුවේ තරම රටේ ඉන්නා රෝගීන්ගේ තරමින් පෙනේ. නිකම් සුහද කතාබහකට සම්බන්ධ වූ විට අද කාලයේ වැඩි දෙනෙක් කතා කරන්නේ එක්කෝ තමන්ගේ ලෙඩ ගැන ය. නැතිනම්, අනුන්ගේ ලෙඩ ගැන ය.


මෙම 'වෛද්‍ය' ප්‍රතිකාරවල 'සාර්ථකත්වය' තනිකර ම රඳා පවතින්නේ ඒ පිළිබඳ ඇති කටකතා මත ය. කටකතා පැතිරීමේදී මෙවැනි ගුප්ත විශ්වාස පිළිගැනීමට සමාජයේ ඇති කැමැත්ත විශේෂ බලපෑමක් ඇති කරයි. ඒ නිසා මේවාට හසු වී අමාරුවේ වැටුණු අය පිළිබඳ සාමාන්‍යයෙන් ප්‍රචාරය වන්නේ නැත. 


ගුප්ත බලවේග විශ්වාස කිරීමට මිනිසාගේ ඇති කැමැත්ත වනාහි යථාර්ථයේ කටුකත්වයෙන් පළා යාමට ඇති ආශාවක් විය හැකි ය. 


වත්මන් දේශපාලනය වනාහි විශේෂයෙන් ම මුග්ධකම ප්‍රවර්ධනය කරන්නකි. අධ්‍යාපනය, ජනමාධ්‍ය ආදී අදහස් හැඩගස්වන යාන්ත්‍රණයන් තනිකර ම මුග්ධභාවය, අන්ධ විශ්වාස හා අවිද්‍යාව ප්‍රවර්ධනය කරන උපකරණ බවට පත් වෙමින් තිබේ. 


මෙම තත්වය කපටීන්ගේ හා භින්නෝන්මාදීන්ගේ වාසියට හේතු වී තිබේ. 


මුළු ලංකාවට ම දෙබරු ඇනලා ය. ලංකාවේ සමාජය රෝගී වී සිටින මට්ටම අනුව එය සුවපත් කිරීම පහසු නැත. 

මේ ලිපියට ඔබ කැමති නම් වෙන අයත් එක්කත් බෙදා ගන්න

Comments

  1. ඔය මං හිතන්නේ දිනපතා "දිණමිණ" කියවන මිනිස්සු!

    ReplyDelete
  2. වැදගත් අදහස් ටිකක් දක්වල තියනව! එ් ගැන ස්තූතියි!

    ඔය වෑල්ඩිං වෙදමහත්තය ගැනත් විවිධ දේවල් අහල තියනව! එයා නිසා අමාරුවේ වැටුනය කියන අය ගැන දැනගන්න බැරි වෙයිද?

    අදහස් බොහොමයකට එකඟය! හැබැයි,... ලංකාවෙ වෙදකමෙත් හරයක් තියනව කියල හිතෙන්නැද්ද??????

    ReplyDelete
  3. කතාකරලා වැඩක් නැත. මේ ගැන ලස්සන කවියක් ළඟදී කියවූවේය. ලාදුරු මිනිස්සු නමි..

    ReplyDelete
  4. There is a one native doctor who treat opposit big toe for the disease of the eyes.

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා