'සාකෝසි යනු කුමක්ද?' යනු කුමක්ද?

සාකෝසි යනු කුමක්දැයි දැන ගන්නට මට ආශාවක් නැත. 


මන්ද, මා කිසි දිනෙක ප්‍රංශයට යන්නට සැලසුම් කර නැත. 


එහෙත්, ප්‍රංශය යනු මේ ලෝකයේ ම කොටසක් නිසා සාකෝසි මගේ ජීවිතයට ද සම්බන්ධ ඇත. 


The Meaning of Sarkozy ලියූ අලේන් බදියු යනු සුමනසිරි ලියනගේ, නිර්මාල් රංජිත් දේවසිරි වැනි විශ්ව විද්‍යාල ආචාර්යවරුන් විසින් මෑතක සිට ඔසවා තබනු ලබන වීර චරිතයකි. සාකෝසි යනු ප්‍රංශයේත්, ලෝකයේත් මාකට් එකක් ඇති චින්තකයෙකි. එහෙයින් ඔහුට මෙහේත් සේල්ස් රෙප්ලා බිහි වීම පුදුමයට කරුණක් නො වේ. 


නිතර දෙවේලේ දකින සුනිල් විජේසිරිවර්ධන ලියූ පුරවැසි මංපෙත් ගැන ලංකාවේ ඇති නො වූ කතිකාවක් අලේන් බදියු ගැන ඇති වන්නට යනවා යයි කෙනෙකුට සිතෙන්නට පුළුවන. එහෙත් ඔය එකක්වත් සිදු නො වීම මෙහි සාමාන්‍ය තත්වයයි. 


එක්ස් කණ්ඩායමේ හිටපු අපේ මිතුරෝ ලංකාවට අලුත්, අලුත් චින්තකයන් හඳුන්වා දීමේ ලා උත්සුක වූ පිරිසකි.  ෆුකෝ,  ඩෙරිඩා, ලකාන්, ජිජැක් ඇවිත් ගිය හ. දැන් ඔවුහු අලේන් බදියු කැඳවාගෙන එන්නට වෙහෙසෙති. මේ චින්තකයන්ගේ පේටන්ට් අයිතිය ලංකාවේදී ගන්නට පසුගිය කාලයේදී මහා පොර ඇවිලිණි. 


මේ පොළවෙන් ලංකාව තේරෙන, මහින්ද රාජපක්ෂ යනු කුමක්ද යන්න විග්‍රහ කිරීමට හැකි, බයත් නැති චින්තකයකු බිහි කර ගැනීමට තව හුඟක් කල් යනු ඇත. 


ඉදිකටුව වැටුණු අඳුරු තැන එය හොයනවාට වඩා පහන් කණුව යට එළිය ඇති තැන එය සෙවීම පහසු ය. වෙනස නැති වුණු ඉදිකටුව හම්බ නො වීම පමණි. ඉදිකටුව හොයා ගන්නට ඇත්තෙන්ම කාටවත් උවමනාවක් ද නැත. 


ජීවිතය දුෂ්කර නිසා අද හවස කොළඹ එන්නට බැරි ය. පුළුවන් වුණත් එන්න වස කම්මැලි ය. ‍මෙම සම්මන්ත්‍රණයේදී කියැවෙන සම්භාවනීය අදහස් ඉදිරියේදී මෙන්න මේ මධ්‍යස්ථානය බ්ලොගයෙන් කියවන්නට ලැබේ යයි බලාපොරොත්තු විය හැකි ය. 


පහත සබඳතා පුරුක ඔස්සේ අලේන් බදියුගේ කෘතිය පිළිබඳ රසවත් විචාරයක් කියැවිය හැකි ය. 


A denunciation of the 'Rat Man' (A review on The Meaning of Sarkozy by Alain Badiou)

මේ ලිපියට ඔබ කැමති නම් වෙන අයත් එක්කත් බෙදා ගන්න

Comments

  1. අලේන් බදියු සමහර විට සාර්ථක චින්තකයෙක් විය හැක. එහෙත් මේ ප්‍රදීප් ජයරත්න කියන කෙනානම් කවුද කියා නොදනිමි. අනෙක් දෙන්නගේ සුපුරුදු බයිලා අහන්නනම් සල්ලි වියදම් කරගෙන ගිහින් කාලය කා දමනවාට වඩා ගල් කාලක් බී නිදා ගැනීම යහපති.

    ReplyDelete
  2. Vangeesa SumanasekaraOctober 12, 2011 at 9:01 AM

    මේ මොතට මේ වන විටත් පුදුමාකාර ලෙස (අන්තර්ජාලය ඔස්සේ) ප්‍රතිචාර ලැබෙමින් තිබේ. මින් බහුතරයක්, අපිට පෙනෙන ආකාරයටනම්, අප සම්බන්දයෙන් ඇති සතුරු ආකල්පයකින් ලියවුනු දේවල් විනා පොත පිළිබඳව සාකච්චා නොවේ. මේ අතරින් අජිත් ගේ සටහන, සතුරු දෘෂ්ටිකෝණයකින් නොව, මිතුරු තැනකින් එය විමසීමට ලක් කිරීමට තත් කිරීමක් ලෙස අප බාර ගන්නට සුදානම්ය. නමුත් මෙහි ඇති ප්‍රධානම ගැටලුව වන්නේ මෙය පොත පිළිබඳව වන විමසීමක් නොවීමය්. මන්ද, එවැන්නක් කිරීමට ඔහු මෙම පොත කියවා තිබිය යුතුය. නමුත් මෙහි ඉංග්‍රීසි පිටපත ඔහු කියවා නොමතියය් උපකල්පනය කිරීමට ඉවහල් වන කරුණු කීපයක් ඉහත සටහනේ තිබේ. පළමුවෙන්, ඔහුගේ අදහසට අනුව සාකොසී ගැන දැන ගත යුත්තේ, ප්‍රංශයට යනවනම් පමණක් වන නිසා මෙය නොකියවා සිටීමට ඉඩ තිබේ. අනෙක් අතට X කණ්ඩායම පසුගිය කාලයේ ලංකාව තුල විවිද චින්තකයන් සාකච්චාවට ගැනීම ඔහු එතරම් බැරෑරුම් ලෙස ගන්න බවක් පෙනී නොයය්. ඒ අතින්ද ඔහු මෙහි ඉංග්‍රීසි පිටපත නොකියවීමට ඉඩ තිබේ. මන්ද, ඔහුට අනුව, බදියු හොඳින් "අලෙවි වන වෙළඳ බාන්ඩයක් වීම" බදියුගේ ප්‍රාථමික අනන්යතාවයය්. ඔහු දාර්ශනිකයෙක්, දේශපාලන ක්‍රියාකාරිකයෙක් ලෙස වන අනන්‍යතා වලට වඩා අජිත් උපුටා දක්වන්නේ ඔහු 'විකිනීමය්'.
    එවිට අපට එන්නට ඇති නිගමනය වන්නේ ඔහු මෙම පොත නොකියවාම මෙය වැදගත් වැඩක් නොවීමට ඉඩ ඇති බව තීරණය කර ඇති බව පැවසීමය්. දැන් අජිත් සිටගෙන සිටින්නේ භයානක ප්‍රවනතාවයක් තුලය. ඒ තමය් හඳගම ගේ චිත්‍රපටි නොබලා, එය විචාරය කරනා නලින් ද සිල්වා ගේ ප්‍රවනතාවයටය්. එමනිසා මෙම උත්සාහය ඉඳිකටුව වැටුන තැන කරනා සේවීමක්ද, නැතිනම් ආලෝකය ඇති තැන සිට කරනා 'ආතල්' වැඩක්දය් යන්න ගැන තීරණ ගැනීමට අජිත්ට මෙම පොත කියවිය යුතු නොවේ. එයට The Observer පත්‍රයේ විචාරය පමණක් සෑහේ.
    මීළඟට, "මේ පොළවෙන් ලංකාව තේරුම් ගැනීමට" අවශ්‍ය බව අජිත් පවසන නිසා ඔහු තවදුරටත් ජාතිකවාදයට සම්බන්ද දැය් අපට සක සිතේ. දේශපාලනයේදී අවසාන සිතිජය වන්නේ ජාතික රාජ්‍යයද? නැතිනම් දේශපාලනය යනු ජාතිය, පන්තිය, ලිංගය ආදිය ඉක්මවූ විශ්වීයත චින්තනයක් වෙත දිශානත වූ දෙයක්ද? මෙම ප්‍රශ්න දෙකට නලින් ද සිල්වා උත්තර දෙන්නේ, පිලිවෙලින්, 'ඔව්' සහ 'නැහැ' යනුවෙනි. අප උතර දෙන්නේ 'නැහැ' සහ 'ඔව්' යනුවෙනි. අප සිතා සිටියේ අජිත් ළඟ තිබෙන්නේත් අපේ පිළිතුර කියාය. නමුත් අප වැරදි බව පිලි ගැනීමට අප ඕනෑම මොහොතක සුදානම්ය.
    ප්‍රායෝගික අපහසුකම් නිසා අද කොළඹ එන්න බැරි වීම අප බාර ගැනීමට කැමතිය. නමුත්, මෙයට එන්නට කම්මැලි වීම පිලිබන්දවනම් අප තරමක් පුදුම වෙමු. මින් එකම අදහස වන්නේ මේවා කිසිම තේරුමක් නැති වැඩ කියා කරනා අවසාන නඩු තීන්දුවකි. අජිත් ට අනුව, මේ වලවේ කරන්නට ඇති එකම තේරුමක් ඇති වැඩේ වන්නේ w3lanka වෙබ් අඩවිය ක්‍රියා කරවීම විය හැකිය. නමුත්, අපට අනුවනන්,මේ යුගයේ අප සියලු දෙනා කරනා බොහෝ අත්හදා බැලීම වැදගත් වෙය්. අපි කාලයක් තිස්සේ w3lanka කියවන්නෙත්, අජිත්ගේ "ශාස්තෘ" පොතේ එලි දැක්වීමටත්, ඒ පිළිබඳව තිබුණු සාකච්චාවකටත් සහභාගී වුයේ, මේ අදහසිනි. අපිට අනුව 'ශාස්තෘ' පිලිබඳ සාකච්චාව 'සම්භාවනීය' එකක් නොව, අපේ මිතුරෙකුගේ අවංක උත්සහයක් විය. නමුත් අපි ඔබ ගැන සිතන විදියට, ඔබ අප ගැන සිතිය යුතු නොවේ. අපට අනුව ඔබ පොදු අරගලයක ගමන් සගයකු වන විට, ඔබට අනුව අපි සේල්ස් රේප් ලා විය හැක. එයට අපි කෝප නොවෙමු. එය ඔබ පරම්පරාව කල බිහිසුණු මැදිහත්වීම් වල අසාර්ථකත්වයෙන්, ඔබට නිතැතින් උරුම වූ හන්ගීමක් විය හැකිය. එවැනි 'විශාදියකින්' පෙලෙනා පසුගිය සියවසේ සටන්කාමි යව්වනය සම්බන්දයෙන් හොඳ විග්‍රහයක් බදියුගේ පොතේ තිබේ කියා අපිට සිතේ. අප සේල්ස් රෙප්ලා උවත්, සල්ලි හොයන සේල්ස් රේප් ලා නොවන බව ඔබ දන්නා නිසා, මේ පොත කියවා බලා, එය කොය් වගේ වැඩක්ද කියා බැලීමටත්, එයට පසුව පමණක් ඒ පිළිබඳව ලිවීමටත් අජිත්ට ඇරයුම් කරමු.

    ReplyDelete
  3. බුදු අම්මෝ මාර දිග කමෙන්ටුවක් ලැබිලා!

    ReplyDelete
  4. වංගීස අලේන් බදියු හරහා නැවත පරණ කුණු වහගෙන බෞතීස්ම වෙන්න ට්‍රයි කරනවා. වංගීස ඔයා කතා කරණ විදියට අනිත් අයට පේන්නේ සමාජ යහපත වෙනුවන් පුදුම ඇම්මක් තියන කෙනෙක් කියලනේ.ඒත් ඔයාගේ පහුගිය අතීතය දන්න අයටනම් ඔයා ගැන තියන අත්දැකීම හරිම සෝචනීයයි. ඔයගොල්ලෝ ලංකාවේ මාර රැඩිකල් වැඩ කරනවා කියල ඉන්දියාවේ අහිංසක ගොවියන්ගේ සංවිධාන රවට්ටලා ඔවුන්ගේ අරමුදල් වලින් සල්ලි අරගෙන මෙහෙ පිස්සු නටල ඒවා වියදම් කරපු හැටි දන්නෝ දනිති.පස්සේ ලක්ෂගනනක් ඔයා පුද්ගලිකව වංචා කරපු එක ගැනත් දන්නෝ දනිති. ඔයාගේ පොතේ එළිදැක්වීමේ මුලාසනයේ හිටපු කල්‍යානන්ද පෙරේරා ඒකාලේ ඔයාගේ ඔයදේවල් ගැන කියකිය හතරවටේ බැන බැන ගිය කෙනෙක්. හැබැයි එයා ගැනත් පහුගිය දවස්වල Facebook groupsවල කතා තිබුණ,සමාජ ව්‍යාපාරයකට අයිති සමහර දේවල් පුද්ගලිකව අයිතිකරගෙන රෙන්ට් කරනව කියල. මේක හෙළිකරලා තිබුනේ පාලිත සිල්වා කියල කෙනෙක්. බොරු ප්‍රගතිශීලී මුණවල් දාගන්න හදන මෙයාලගේ ඇත්ත මුණ තමයි මේ. සැබෑ සමාජ ප්‍රගතියක්‌ සදහා මේ හොරුන්ව හෙළිදරව් කළයුතුයි.

    ReplyDelete
  5. Vangeesa SumanasekaraOctober 16, 2011 at 3:43 PM

    මම සාමාන්යෙන් චණ්ඩින්ට උත්තර දෙන්නේ නැහැ. නමුත් මම අජිත්ගේ සටහනට ප්‍රතිචාර දීපු තැනක මේක පලවුන නිසා, මම මෙහෙම කියන්නන්: රංග ගුණසේකර මල්ලී, ඔයා පුළුවන් දෙයක් කරන්නකෝ! අපි හැප්පිලා බලමු!

    ReplyDelete
  6. ඒ කියන්නේ මෙයා අහිංසක ගොවියන්ගේ සල්ලිවලට විදලා... ඔහොම සල්ලිගහල තව මොනවා හැප්පිලා බලන්නද...

    ReplyDelete
  7. වංගීස බබා ඔයා අපිත් එක්ක හැප්පෙන්න හදන්න එපා.මොකද ඔයා අපිත් එක්ක හැප්පෙන්න හැප්පෙන්න නිරුවත් වෙන්නේ ඔයාමයි. ඒනිසා පොර ටෝකේ දෙන්නේ නැතිව ඉන්න. කොහොම උනත් ඔයා අන්තිමට අහිංසක ගොවියන්ගේ සල්ලිවල වන්චකරනවා වගේ වැඩ නවත්තල පොතක් පරිවර්ථනය කරපු එකට අපි සතුටුයි. ඒත් ඔයා පොතක් පරිවර්ථනය කිරීම හරහා අවන්කවම සමාජ මැදිහත්වීමක් කරන්න යනවනම් ඔයාට සමාජයට ඔප්පුකරන්න වෙයි ඔයා පරණ අගතීන්ගෙන් මිදුණු කෙනෙක් කියල.ඒකට අපිත් එක්ක හැප්පිලා කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. ඒක කරන්න පුළුවන් සබැලෙසම තමන්ව පරිවර්ථනය කරගනිමින් සමාජය වෙනසක් සදහා කරණ අවංක මැදිහත්වීම් වලින් විතරයි...

    ReplyDelete
  8. වංගීස මම හිතන්නේ රට්ටු උඹ ගැන හොදට දන්නවා ඒ නිසා උඹට බෑ පත්තිනි අම්මා වගේ ඇවිත් ආයෙත් වේදිකාවේ කතාකරන්න... උඹ් අත චාපා කැඩුව එක. චන්දන උඹට ගහපුඑක උඹට දැනෙනවා ඇත්තේ පුද්ගලික කාරණයක් විදිහට වෙන්න ඇති. නමුත් ඒවා පිටුපස තියන දහඩිය සහ තව රටක විප්ලවීය පරිවර්ථනයක් වෙනුවෙන් තැබූ බලාපොරොත්තු උඹට බීලා විසිකරන ජොයින්ට් කොණක් තරම්වත් වටින්නේ නැතිව ඇති. උඹ මේ ලිපියට "ඔබගේ අදහස් පළ කිරීම් අදාළ විෂය පිළිබඳ සංවාදයක් ඇති කිරීම පිණිස ඉවහල් වන පරිදි වගකීමෙන් යුතුව කරන්න." කියා කියද්දි අපි කියන්නේ මීට වඩා වගකීමකින් උඹ සමාජයට මැදිහත් වෙයන් කියලා.
    තව එකක් උඹ ප්‍රදීප් ජයරත්න, කේ. පෙරේරා උඹ හොදට පෑහෙනවා... උඹලා මොනවා කිව්වත් ඒවා කව්රැවත් ගනන් ගන්නේ නෑ මොකද උඹලා කව්ද කියලා දැන් ලෝකයට හෙලි වෙලා ඉවරයි... හරියට උඹලටත් වුනේ දීප්තිට වෙච්ච දේමයි.. ඒකයි දැන් පෙරේරා මහතා දුටුතැන ගුටිකණ තත්වයට පත්වෙලා තියෙන්නේ... දැන්වත් සමාජයට විනකලා ඇති..

    පාලිත සිල්වා

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා