අළුගෝසුවනි, සහතික සූදානම් කර ගන්න. / Applications to be called for executioner posts of Sri Lanka

අවිහිංසාවාදී බුදු හිමියන් දෙසූ දහමක් අදහන බව කියන බහුතරයකින් සමන්විත ලංකාවේ ජනතාව එල්ලුම් ගස ගැන මාර ඇල්මක් දක්වති. රටේ ලොකු අපරාධයක් (මහජන මුදල් මංකොල්ලකෑම හැර) සිදු වූ ගමන් රජයේ මාධ්‍ය එල්ලුම් ගහ ගැන ලියා ජනතාවට ටොපියක් දෙයි. ජනතාව මාර ආසාවෙන් ඒ ටොපිය තලු මරයි. 

පාසල්වල පැවැත්වෙන අධ්‍යාපනික ප්‍රදර්ශනවල පවා දැන් එල්ලුම් ගසේ ආකෘති ප්‍රදර්ශනය කෙරේ. එම ස්ථාන ප්‍රදර්ශනවලදී වැඩියෙන් ම නරඹන තැන් ය. එල්ලුම් ගස ගැන මේ උනන්දුව පසුපස ජාතිවාදීන් විසින් උත්කර්ෂයට නංවන ලද අදහස්වලින් උත්තේජනය ලද ම්ලේච්ඡත්වය, වනචාරිත්වය හා පර පීඩා කාමුකත්වය ඇති බව අපේ අදහසයි. 

ලංකාවේ රාජ්‍ය නිලධාරීහු ද දේශපාලකයන් තරමට ම මාධ්‍යවලට පෙරේත ය. ඒ නිසා ඇතැම්හු එල්ලුම් ගස ද කොටස් වශයෙන් මාධ්‍යවලට විකුණා තමන්ගේ නම් ප්‍රසිද්ධ කර ගැනීමට මාන බලති. 

කෙසේ වුවත්, එල්ලුම් ගසට ලොල් ලංකාවේ අළුගෝසුවන්ට දිනමිණේ පළ වූ පුවත බලාපොරොත්තු සහගත වනු ඇත. 

අළුගෝසුවනි, සහතික සූදානම් කර ගන්න. 


අලුගෝසු තනතුරට අයදුම්පත් ලබන සතියේ
බුද්ධිකා ඉඹුලාන
පුරප්පාඩු වී ඇති ‘අලුගෝසු’ තනතුරට අයදුම්පත් කැඳවීම ලබන සතියේදී සිදු කිරීමට පුනරුත්ථාපන හා බන්ධානාගර ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශය කටයුතු යොදා ඇත. මේ අනුව ප්‍රසිද්ධ පුවත්පත් දැන්වීම් මගින් අලුගෝසු තනතුරු සඳහා වූ අයදුම්පත් පළ කිරීම ලබන සතියේදී සිදුවනු ඇති බව එම අමාත්‍යාංශයේ ලේකම්  ඒ. දිසානායක මහතා කියයි.
අලුගෝසු තනතුරු 02ක් සඳහා බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ පුරප්පාඩු ඇති බවත් බොහෝ විට එම නාමය වෙනස් කොට නව හැඳින්වීමේ නාමයක්ද සහිතව මෙම තනතුරු පුරප්පාඩු සඳහා අයදුම්කරුවන් බඳවාගනු ඇති බවත් දිසානායක මහතා පවසයි. 1976 සිට මරණ දඬුවම ක්‍රියත්මක වී නොමැති අතර, බරපතළ වැරැදි හේතුවෙන් මරණ දඬුවම් නියම වූ 357 දෙනකු වැලිකඩ සහ බෝගම්බර බන්ධනාගාරයන්හි වෙයි. බන්ධනාගාර දෙපාර්තමේන්තුව සිදු කළ සමීක්‍ෂණයකින් ජනතාවගේ 80%ක ප්‍රතිශතයක් මරණ දඬුවම මෙරට තුළ ක්‍රියාත්මක කිරීමට පක්ෂ බව හෙළි වී ඇත.




මේ ලිපියට ඔබ කැමති නම් වෙන අයත් එක්කත් බෙදා ගන්න

Comments

  1. මේ ලිපියෙ ඉතාමත් වැදගත් දෙයක් කියලා තියනවා ඒක තමයි මහජන දේපල මංකොල්ල කැම හැර වෙනත් අපරාධයක් කියන එක කෝටි ගනන් වංචා දූෂන වලදි මේ ටොෆිය මාධ්‍ය වල දෙන්නෙ නෑ.ඇත්තටම රාජ්‍ය මාධ්‍ය වලට වඩා සිංහල බුද්ධාගම ගැන බොහොම තදට පෙනී හිටින දිවයින පත්තරේ ට එල්ලුම් ගහට වඩා රහ චොකලට් එකක් නෑ වගේ.දිවයින තව දෙයක් කියනවා ගෑනු අපරාධයක් කළොත් ඒක සාධාරනයිලු

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා