පෞද්ගලික විශ්ව විද්‍යාල හතු පිපෙන ආසියාවේ ආශ්චර්යය / Wonder of Asia and mushrooming private universities of Sri Lanka

ලංකාවේ ජනමාධ්‍ය වාර්තා කරන ආකාරයට රටේ පෞද්ගලික විශ්ව විද්‍යාල හතු පිපෙන්නා සේ බිහි වන තත්වයක් ද, ඒවාට එරෙහිව මහා ජන විරෝධතාවක් මතු වන තත්වයක් ද පැන නැඟී තිබේ. 


රටේ පෞද්ගලික විශ්ව විද්‍යාල බිහි වීම කෙසේ ද යත්, ඇමති එස්. බී. දිසානායක කියන්නේ රජයේ විශ්ව විද්‍යාලවල ආචාර්යවරුන් ඒවා හැර දමා පෞද්ගලික විශ්ව විද්‍යාලවලට බැඳීම වැළැක්වීම සඳහා නීති ගෙනෙන බවයි. ඒ අනුව, රජයේ විශ්ව විද්‍යාලයකින් අස් වන ආචාර්යවරයකුට අවුරුදු තුනක් යන තෙක් පෞද්ගලික විශ්ව විද්‍යාලයකට බැඳිය නො හැකි ය. 


එහෙම නීති දැමිල්ලක් ලෝකයේ වෙනත් කොහේ හෝ රටක තිබේදැයි අපි නම් නො දනිමු. එහෙත්, ලෝකෙට ම එස්.බී. දිසානායකලා ඉන්නේ එක්කෙනෙකු බැවින් නිර්මාල් රංජිත් දේවසිරි අද කොළඹ විශ්ව විද්‍යාලයෙන් ඉල්ලා අස් වී, හෙට මාලබේ පෞද්ගලික ඉතිහාස විශව විද්‍යාලයට බැඳුනොත් අනිද්දා ඔහු ජම්පරය ඇඳගෙන වැලිකඩ ගල් කඩනු දකින්නට හැකි වනු ඇතැයි මේක ආසියාවේ ආශ්චර්යය නිසා කිසිවෙක් තර්ක කරන්නට පුළුවන.


මේ අතර අනෙක් කෙළවරේ අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය සැරසෙමින් සිටින්නේ 1980 දශකයේදී රාගම පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට එරෙහිව මතු වූ විරෝධය වැනි දැවැන්ත විරෝධතා ව්‍යාපාරයක් මතු කර ගන්නටයි. ජවිපෙ සිතා සිටින්නේ ඒ ඔස්සේ පක්ෂයට අලුත් දක්ෂ ‍කාඩර්වරුන් පිරිසක් සහ සල්ලි ගස් ටිකක් සම්බන්ධ කර ගන්නටයි. 


එහෙත්, මේ එකකවත් සිදු නො වන්නට ද ඉඩ තිබේ. 


ජවිපෙ සමග බාල්දියක් පෙරළාගෙන ජවිපෙ විරෝධී ප්‍රේමදාස වී බල හිණි පෙතේ ඉදිරියට යන්නට සිතන එස්.බී. දිසානයකත්, එස්.බී. චන්ද්‍රිකාගේ ඔඩොක්කුවේ හිඳිමින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ලේකම්ව සිටි කාලයේ ඔහුට සර් කියූ ග්‍රාමසේවක රාළහාමි කෙනෙකු වූ මෛත්‍රීපාල සිරිසේනත් අතර දැනට ම වලිය ඇවිලී ඇත. 


එස්.බී. දිසානායක ප්‍රමුඛ මහින්ද රාජපක්ෂ ආණ්ඩුවේ පූර්ණ අනුග්‍රහය ඇතිව ලංකාවේ පිහිටවූ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට පවා අවශ්‍ය ප්‍රමිතිය සකසා ගන්නට බැරි වී තිබෙන සංදර්භයක් තුළ පෞද්ගලික විශ්ව විද්‍යාලවල ගුණාත්මකභාවය දැනටමත් අභියෝගයට ලක් වී තිබේ. 


ලංකාව වනාහි මහජන මුදලින් ඉගෙන ගෙන, විශ්ව විද්‍යාලයෙන් පිට වූ දවසේ සිට රජයේ සේවය හරියට නො කර වරප්‍රසාද භුක්ති විඳිමින් ප්‍රයිවට් ප්‍රැක්ටිස් කර රෝගීන් ගසා කා පංති පිම්මක් පනින ධනවත්, බලවත්, රෝගී වෛද්‍යවරුන් බිහිකරන දිගු කාලීන නිදහස් අධ්‍යාපන සම්ප්‍රදායක් හිමි රටකි. 


මේ නිදහස් අධ්‍යාපනයට අත තැබීම එස්.බී. හිතන තරම් පහසු නැත. මන්ද, දේශපාලකයන්ට පමණක් නො ව, මේ රටේ ජනාවට ද පිස්සු ය. 

මේ ලිපියට ඔබ කැමති නම් වෙන අයත් එක්කත් බෙදා ගන්න

Comments

  1. මුදලාලිගෙ මෝඩ පුතුට සල්ලිවලට උපාධියක්!
    පරණ සටන් පාඨයක්.
    (ලින්ක් එක සති මැද දාන්නම්.)

    ReplyDelete
  2. No matter its private of government, the quality should be same. Just because its private and money oriented it cant lack essential components nor have a lower quality...

    The damage will not be apparent until 5-6 years, until such time it starts affecting the human lives, but then it will be too late.

    Its hilarious for them to teach medicine, without hospitals. Even if there is a private or government hospital, it can never have the number and variety of cases in any of the teaching hospitals. So just having some hospital is not enough. To clarify, all pvt hosp in Colombo have 100-200 beds, how can they be compared with National Hospital or other teaching hos which have over 1000 beds, which will be massive clinical libraries.
    The largest hospital close by is Homagama, which is only a base hospital. Further we cant expect patients in private hospitals, to give consent to be used for teaching.
    They will spend money (60-70 lakhs), but will they gain a proper training. And they will be obviously interested in recovering the money spends on it. But can they do it? Students will obviously lose at the end. If anyone is interested in getting a good medical degree, they should still go abroad, and get it properly, rather than giving frauds the chance to exploit them. The only winners will be the owners of the company and people who get monetary benefits out of it.
    Todays health status is a result of the hard work of past. What they should do is to improve the standards of existing medical schools to match with developed countries, not to propagate more and poorer quality institutions.
    If the doctor shortage is a problem, why are they delaying the appointments to people who have finished internship 4 months ago. Still there are batches waiting to start internship.
    If the govt wants to save money, why don’t they give simple vehicles to politicians than importing super expensive cars. There are 1001 ways of saving money than cutting on whats spend on education.
    This is fishy..


    One comment from a blog "මම නම් කිසිම විශ්ව විද්‍යාලයකට සම්බන්ධ නෑ. මගේ යාලුවන්ගෙ ලමයි කීපදෙනෙක් ඔය පෞද්ගලික විශ්ව විද්‍යාලවල ඉගෙන ගන්නවා. ඒවට යන ගොඩ දෙනෙක්ගෙ හැටි මම හොඳට දන්නවා. ඒ වගේ අය මෙතන ලියලා තියන දේවල් දැක්කම මට හිනායනවා. ගොඩක් අය කියලා තියනවා ඉගෙන ගන්න ආස අයට ඉගෙන ගන්න දෙන්න කියලා. ඉස්කෝලෙ යන කාලෙ ඕගොල්ලන්ගෙ ඔය ආසාව කොහෙද තිබුනෙ? ඉස්කෝලෙ යන කාලෙ රටේ නැති විකාර කරලා විභාග ඇනගන්නවා. දෙමව්පියො ඕගොල්ලන්ව ප්‍රයිවට් තැන් වලට යවන්නෙ සල්ලි වැඩිවෙලා නෙවෙයි. පොඩි රස්සාවකට යවන්න ලැජ්ජාව නිසා අමාරුවෙන් සල්ලි හොයලා ඕවට දාන්නෙ. ඒක ඕගොල්ලන්ට මහ ලොකුවට ආඩම්බරෙන් උජාරුවෙන් කියන්න දෙයක් නෙවෙයි. දෙමව්පියන්ව රට වටේට ණයකාරයො කරලා ගිහිල්ල ඕගොල්ලො පොශ් කියලා කියාගන්නවා. දෙමව්පියන්ට බරක් නොවී නිදි මරාගෙන පාඩම් කරලා විභාග පාස් කරපු ලමයින්ට ගොඩයො කියනවා. "" http://www.gossip9.com/2011/09/blog-post_07.html

    ReplyDelete
  3. @ EDITOR, Do you have any comments on this, http://www.asiantribune.com/node/2399 ?

    ReplyDelete
  4. //ලංකාව වනාහි මහජන මුදලින් ඉගෙන ගෙන, විශ්ව විද්‍යාලයෙන් පිට වූ දවසේ සිට රජයේ සේවය හරියට නො කර

    ethakota lankawa dakunu asiyawe hondama saukya sewayata himikam kiyanne ahawal widiyata wentathi neada amma?

    ReplyDelete
  5. මේ ගැන මගේ අඩවියේ පලවු ලිපි දෙක
    http://sabithl.blogspot.com/2011/07/blog-post_17.html

    http://sabithl.blogspot.com/2011/08/11.html

    ReplyDelete
  6. """ලංකාව වනාහි මහජන මුදලින් ඉගෙන ගෙන, විශ්ව විද්‍යාලයෙන් පිට වූ දවසේ සිට රජයේ සේවය හරියට නො කර වරප්‍රසාද භුක්ති විඳිමින් ප්‍රයිවට් ප්‍රැක්ටිස් කර රෝගීන් ගසා කා පංති පිම්මක් පනින ධනවත්, බලවත්, රෝගී වෛද්‍යවරුන් බිහිකරන දිගු කාලීන නිදහස් අධ්‍යාපන සම්ප්‍රදායක් හිමි රටකි. """

    Are you having some personal issue with doctors??

    Then how come we have been maintaining much higher health standards compared to other south asians?? (While all other sectors rotting in the hell)..

    It is simply because they have very tough AL exam and only best ones get into govt med schools.

    Foreign guys who get paid degrees, have been there from beginning, they were having poor knowledge and skills. But it was masked by majority who are good.

    But now its going to be more serious, malabe scam is getting more and more people and SB is getting a huge cut out of it.

    ReplyDelete
  7. "ලංකාව වනාහි මහජන මුදලින් ඉගෙන ගෙන, විශ්ව විද්‍යාලයෙන් පිට වූ දවසේ සිට රජයේ සේවය හරියට නො කර වරප්‍රසාද භුක්ති විඳිමින් ප්‍රයිවට් ප්‍රැක්ටිස් කර රෝගීන් ගසා කා පංති පිම්මක් පනින ධනවත්, බලවත්, රෝගී වෛද්‍යවරුන් බිහිකරන දිගු කාලීන නිදහස් අධ්‍යාපන සම්ප්‍රදායක් හිමි රටකි. "

    this is true.. very true...!

    ReplyDelete
  8. Read Dr Migara's explanation, everything is clarified.

    http://sabithl.blogspot.com/2011/08/11.html

    ReplyDelete
  9. Look who has the urge, http://www.rivira.lk/2011/09/11/carto.jpg

    What is behind this, nothing but money.

    Have u seen SBs house ?

    ReplyDelete
  10. Methanadi SB ge hasireema harima saka katayuthi..

    Miniha mekata mechchara unandu ayi?>

    Who knows there is no bribe behind this??

    ReplyDelete
  11. http://www.tisrilanka.org/?p=5299

    Many new private medical colleges were setup in the past decade in India. A study in Maharashtra state found that most private medical colleges do not have adequate infrastructure, academic staff, nonacademic staff or facilities (British Medical Journal 2004;328:70). Charging fees not commensurate with the cost of facilities provided to students and cost of establishing the colleges or the facilities. Shortage of academic staff was between 50% and 63%. Many staff members are working on part-time basis on very low salaries as low as 2000 rupees per month. Shortage of non-academic staff was between 60% and 70%. Reports say that although teaching beds were available, there were no adequate patients for clinical teaching-learning process.

    ReplyDelete
  12. වෛද්‍ය සිසුන්ගේ විවිධාකාර ප්‍රශ්නවලට පිළිතුරු දීමට පෞද්ගලික රෝහලකට ඇතුළත් වන රෝගීන් සූදානම්ද...?
    අනෙක්‌ අතට ශික්‍ෂණ රෝහල්වල රෝගීන් අසල සිට වෛද්‍ය සිසුන්ට ඉගැන්වීමේ ක්‍රමවේදය පෞද්ගලික රෝහල්වල කළ හැකිද?
    එපමණක්‌ නොවේ. පෞද්ගලික රෝහල්වලදී සිසුන්ට ඉගැන්වීමේ වගකීම ගනු ලබන්නේ කවුරුන් විසින්ද?
    පෞද්ගලික රෝහල්වල වෛද්‍යවරු ඒ වගකීම ගනු ඇතැයි අපේක්‍ෂා කළ හැකිද?
    පෞද්ගලික රෝහල්වල සේවය කරන වෛද්‍යවරුන්ට අවශ්‍ය අවස්‌ථාවකදී රෝහලෙන් රෝහලට මාරු විය හැකිය. එවැනි අවස්‌ථාවකදී සිසුන්ගේ වගකීම පැවරෙනු ඇත්තේ කාහටද...?

    ReplyDelete
  13. මාලබේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය ආශ‍්‍රයෙන් සෞඛ්‍ය වෛද්‍ය ක්ෂේත‍්‍රයේ අලූත් අර්බුදයත් කරළියට එමින් තිබෙන බව පෙනේ.

    රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය මීට පෙර පවත්වාගෙන ගිය පෞද්ගලික වෛද්‍ය විද්‍යාල ක‍්‍රමයකට ඉඩදිය යුතු නැතැ යි කියන ආදානග‍්‍රාහී මතයෙන් ඉවත් වී අලූතෙන් වෛද්‍ය විද්‍යාල ඇති කරන්නේ නම් ඒවා නිසි ප‍්‍රමිති තත්ත්වයක තිබිය යුතුය කියන මතය ඉදිරිපත් කරන තැනකට පැමිණ ඇති බව පෙනේ. ඒ ප‍්‍රවේශය තර්කානුකූල සේ ම නිවැරදිය. පෞද්ගලික විශ්වවිද්‍යාල ක‍්‍රමයකට රටේ ඉඩ තිබිය යුතුය. එහෙත් ඒවා උපාධි සහතික විකුණන සිල්ලර කඩ නොවිය යුතුය. නිසි ප‍්‍රමිතියක් ඇති ආණ්ඩුවේ විශ්වවිද්‍යාල ක‍්‍රමයට වඩා උසස් තත්ත්වයක් හා ගුණයක් පෙන්නුම් කරන විශ්වවිද්‍යාල ක‍්‍රමයක් විය යුතුය.

    මාලබේ වෛද්‍ය විද්‍යාලය නිසි ප‍්‍රමිති තත්ත්වයක නොපවතී නම් එම ප‍්‍රමිති තත්ත්වය ඇතිකර ගන්නා තෙක් වෛද්‍ය විද්‍යාලයක තත්ත්වය එයට ලබා නොදිය යුතුය. එහෙත් ඔවුන්ට එය නිසි ප‍්‍රමිති තත්ත්වයකට ගැනීමට ආණ්ඩුව ඔවුන්ට අනුබල දෙන තත්ත්වයක් අනුගමනය කළාට වැරදි නැත. පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයකට ඉඩදීමේදී ඒ සඳහා අවශ්‍ය දැනුම, පළපුරුද්ද හා ආයෝජන හැකියාව ආයෝජකයාට තිබේද යන්න හොඳින් සලකා බැලිය යුතුය. ඒ හැකියාව නැති කිසිම ආයතනයකට ශිෂ්‍යයන්ගේ ජීවිත සමග සෙල්ලම් කිරීමට ඉඩ නොදිය යුතුය. පෞද්ගලික විශ්වවිද්‍යාල ක‍්‍රමයකට පක්ෂවීමේදීත් විරුද්ධවීමේදීත් අන්තවාදී තැනකට යෑමෙන් ආණ්ඩුව ද, වෘත්තීයවේදීන් ද, ශිෂ්‍යයන් ද වැළකිය යුතුය. පෞද්ගලික විශ්වවිද්‍යාලයකට මුළුමනින් විරුද්ධවීම එක් අන්තවාදයක් වන අතර පෞද්ගලික විශ්වවිද්‍යාල ක‍්‍රමයකට ඉඩදීමේ නාමයෙන් නිසි ප‍්‍රමිතියකට නැති උපාධි විකුණන කඩ ක‍්‍රමයකට ඉඩදීම ද තවත් අන්තවාදයක් ලෙස සැලකිය හැකිය. වෛද්‍ය සභාව, රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය හා සෞඛ්‍ය ඇමතිවරයා මාලබේ වෛද්‍ය විද්‍යාලය පිළිබඳව ඇති කරගෙන තිබෙන එකඟත්වය පිළිගත හැකි යහපත් එකඟත්වයක් ලෙස සැලකිය හැකිය. පෞද්ගලික විශ්වවිද්‍යාලයක තිබිය යුතු ප‍්‍රමිති තත්ත්වය පිළිබඳව කරුණු සොයා බලා අවශ්‍ය නිර්දේශ ඉදිරිපත් කිරීමට පංච පුද්ගල කමිටුවක් ඇමතිවරයා විසින් පත්කොට ඇති අතර එම පංච පුද්ගල කමිටුවට නියෝජිතයන් තෝරා ගැනෙන්නේ සෞඛ්‍ය අමාත්‍යාංශය, වෛද්‍ය සභාව හා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය යන ආයතන තුනෙනි. ඉන්පසු මාස දෙකක කාලයක් තුළ වෛද්‍ය විද්‍යාලයක් සඳහා තිබිය යුතු ප‍්‍රමිති තත්ත්වය ගැසට් කිරීමට නියමිතය.

    ඇති කරගත් මේ එකඟතාව ප‍්‍රශස්තය. ප‍්‍රකාශ කැරෙන ප‍්‍රමිති තත්ත්වයට මාලබේ වෛද්‍ය විද්‍යාලය අනුකූල නොවේ නම්, අනුමැතිය සඳහා එම කොන්දේසි සම්පූර්ණ කරන ලද ඔවුන්ගෙන් ඉල්ලා සිටිය හැකිය. ඒ සඳහා ඔවුන්ට අනුබල දෙන ප‍්‍රතිපත්තියක් රජයට පවත්වාගෙන යා හැකිය. කොන්දේසි සම්පූර්ණ කිරීමට අසමත්වේ නම් එම කොන්දේසි සම්පූර්ණ කිරීමේ ශක්තිය ඇති අලූත් ආයෝජකයකුට ආයතනය විකුණන තැනකට යන්නට ඔවුන්ට සිදුවනු ඇත. මෙහිදී ගිරයට හසුවූ පුවක්ගෙඩියක තත්ත්වයට පත්ව ඇත්තෝ දැනට එහි අධ්‍යාපනය ලබන ශිෂ්‍යයෝය. මෙයින් ඉගෙනගත හැකි පාඩම වනුයේ පරිපූර්ණ අවශ්‍යතාවන් සම්පූර්ණ කරන තෙක් ශිෂ්‍යයන් ඇතුළත් කරගැනීමට ඉඩ නොදෙන ප‍්‍රතිපත්තියක් ඇති කිරීමය.

    http://www.ravaya.lk/articals.php?d=854d6fae5ee42911677c739ee1734486

    ReplyDelete
  14. Anonymous 10.47
    what do you mean by this .
    "No matter its private of government, the quality should be same"

    What is the benchmark - private or government?

    ReplyDelete
  15. Salli thiyena gon harak doctors la unama, mokada karanne...

    Asarana rogeen thawa thawath soora kanawa, e madiwata hariyata beheth denna danneth nehe, leda hoyagannna molekuth unta nehe...

    ReplyDelete
  16. මෙතන කාරණා කීපයක් තිබෙනවා
    1. මේ පුද්ගලික විශ්ව විද්‍යාල සඳහා ලබා දෙන නීතිමය තත්වය විස්තර කරන ප්‍රතිපත්ති ප්‍රකාශයක් තාම රටට ඉදිරිපත් කරලා නැතිව කරන කයිවාරු කතාවක්...
    2. දැන් තියන විශ්ව විද්‍යාල බල කඩදාසියට මේක කොරන්න බැරි බව දැනටම මාලබේ වෛද්‍ය කඩය ගැන වෛද්‍ය සභාව සහ යු. ජි. සි. අතර ඇතිවී තිබෙන කඹ ඇදිල්ලෙන් පෙනෙනවා
    3. පනත සංශෝදනය කරන්න සහ ඔය උපාධි කඩ සඳහා අලුත් බල කඩදාසියක් හදන්න හොරාට වැඩ කරලා හරි යන්නේ නැහැ...ඒක ගැන රටේ සංවාදයක් අවශ්‍ය වෙනවා..
    4. එහෙම නොකර කරන මේ වචාල ප්‍රකාස වලින් පෙනෙන්නේ මෙයාලට ඕන විශ්ව විද්‍යාල කියල උපාධි කඩ දාන්න ඉඩ දීල ඔය කඩකාරයෝ මගින් අතට යටින් ගානක් සාක්කුවේ දා ගන්නයි
    5. විශ්ව විද්‍යාල අධ්‍යාපන සුදුසු කම ලබා ගන්න මේ රටේ රාජ්‍ය විශ්ව විද්‍යාල වලින් ගන්න බැරි උන අය සහ පිටරටකට දරුවෝ යවා ගන්න බැරි අය රවට්ට ගෙන අන්තිමට එයාල අමාරුවේ දාන වැඩක් මේක 6. 6. මේවා ගෙනාවත්...රටේ දැන් තියන විශ්ව විද්‍යාල තරඟකාරී ලෙස ඉදිරියට ගෙනාවේ නැතිනම් ඔය පුද්ගලික විශ්ව විද්‍යාල කියන ඒවා...සී ටී බී එක සහ පුද්ගලික බස් වගේ සේවයක් තමා දෙන්නේ අන්තිමට...
    7. එහෙම නැතිනම් අර ඇපලෝ හොස්පිටල් එකට උන වැඩේ තමා වෙන්නේ...ටික දවසකට පස්සේ දාල යනවා...ඕව ආව වගේම දිගටම පවත්වා ගෙන යන්නත් ඕන...
    8. අන්තිමට මේක එස් බී දේශපාලන කැපී පෙනීම සඳහා ජෙප්පෝ අවුස්සා ගෙන දේශපලන ක්‍රීඩාවේ යෙදෙන්න ඉඳ හිට මතුකරන කතාවක් වෙන්නත් පුළුවන්.

    ReplyDelete
  17. උසස් අද්යාපන ඇමති තුමාට අනුව තවත් පුද්ගලික වෛද්‍ය විද්‍යාල දෙකකට ව්‍යපෘති යෝජනා ඉදිරිපත් කරලා තියෙනවලු...ඒකෙන් එකක් පේරාදෙණියේ ආචාර්ය මහාචාර්ය වරු විසින් සහ අනෙක කොළඹ ආචාර්ය මහාචාර්ය වරු විසින් තමයි ඉදිරිපත් කරලා තියෙන්නේ...එක ඉතාම නරක තත්වයක් මොකද ආණ්ඩුවේ විශ්ව විද්‍යාලවල සේවයෙන් ලැබෙන වැටුප ගැන ඔවුන් සැහීමකට පත්වෙන්නේ නැහැ ...මේවා පිහිටවපු ගමන් අනිවාර්යයෙන්ම ඔවුන් පුද්ගලික විශ්ව විද්‍යාල වලට මාරු වෙනවා...

    ReplyDelete
  18. රජයට කිසිම උවමනාවක් නැහැ දැනට තියෙන ආණ්ඩුවේ විශ්ව විද්‍යාලවල පහසුකම් වැඩි කරලා වැඩි සිසුන් ප්‍රමාණයක් බඳවාගන්න...මේ හැම දෙකින්ම වෙන්නේ අන්තිමට ආණ්ඩුවේ විශ්ව විද්‍යාල ටික වැහිලා යන එක.කොයි ආණ්ඩුව ආවත් බලන්නේ නිදහස් අද්‍යාපනය හෙමිහිට දියකරලා දාන්න.....
    මේ රටේ අම්මල තාත්තලාගෙන් කීයෙන් කී දෙනාටද ලක්ෂ 65 ක් වියදම් කරන්න පුළුවන් තමන්ගේ දරුවා දොස්තර කෙනෙක් කරන්න....අන්තිමට MBBS upadiya වරප්‍රසාදලත් පැලැන්තියට පමණක් සිමා වෙනවා....
    එක අතකට අපි මොකටද මේවා ගැන මෙච්චර දුක් වෙන්නේ අපි නිදහස් අද්යපනයෙන් ගන්න ඕනි උපරිම ප්‍රතිපල අරගෙන ඉවරයි අනෙක් මිනිස්සුන්ට ඉදිරියට නිදහස් අද්‍යාපනය තිබුනත් අපිට එකයි නැතත් එකයි...මිනිස්සුන්ගේ ඇස කන් පෙන්නේ නැත්නම් වෙන්න යන දේ ගැන අපිට මොකෝ....

    ReplyDelete
  19. කාෂ්ටක අව්වේ දැවෙමින් දහදිය හෙළන කම්කරුවා උපයන සොච්චමද බද්දක්‌ වී ප්‍රතිපාදන කොමිසමේ ටයිකෝට්‌ පළඳින මහත්වරුන්ගේ වැටුපට එකතු වන බව මතක්‌කර දිය යුතුය. එහෙයින් ඔවුන්ගේ තීන්දු - තීරණ සමස්‌ත මහජනයා වෙනුවෙන් විනා එක්‌තරා පැලැන්තියක්‌ වෙනුවෙන් පමණක්‌ නොවිය යුතු වගත් සටහන් කළ යුතුය.

    ReplyDelete
  20. මෙතන ලියලා තියන දේවල් දැක්කම මට හිනායනවා. ගොඩක් අය කියලා තියනවා ඉගෙන ගන්න ආස අයට ඉගෙන ගන්න දෙන්න කියලා. ඉස්කෝලෙ යන කාලෙ ඕගොල්ලන්ගෙ ඔය ආසාව කොහෙද තිබුනෙ? ඉස්කෝලෙ යන කාලෙ රටේ නැති විකාර කරලා විභාග ඇනගන්නවා. දෙමව්පියො ඕගොල්ලන්ව ප්‍රයිවට් තැන් වලට යවන්නෙ සල්ලි වැඩිවෙලා නෙවෙයි. පොඩි රස්සාවකට යවන්න ලැජ්ජාව නිසා අමාරුවෙන් සල්ලි හොයලා ඕවට දාන්නෙ. ඒක ඕගොල්ලන්ට මහ ලොකුවට ආඩම්බරෙන් උජාරුවෙන් කියන්න දෙයක් නෙවෙයි. දෙමව්පියන්ව රට වටේට ණයකාරයො කරලා ගිහිල්ල ඕගොල්ලො පොශ් කියලා කියාගන්නවා. දෙමව්පියන්ට බරක් නොවී නිදි මරාගෙන පාඩම් කරලා විභාග පාස් කරපු ලමයින්ට ගොඩයො කියනවා.

    ReplyDelete
  21. BALALA MALLEN ELIYATA
    එස්.බි.ගෙන් ශ්‍රී ලංකා වෛද්‍ය සභාවට තර්ජනයක් !

    පෞද්ගලික වෛද්‍ය විද්‍යාල පිළිබදව රජයේ ප‍්‍රතිපත්තියට පටහැනී තීරණයක් ලබා දුනහොත් ශ‍්‍රී ලංකා වෛද්‍ය සභාව විසුරුවා හැර අලූත් විද්‍යාල සභාවත් පත් කරන බවට උසස් අධ්‍යාපන අමාත්‍ය එස්.බී. දිසානායක මහතා අනතුරු හගවා සිටියි.

    මාළඹේ පෞද්ගලික විශ්වවිද්‍යාලයෙන් වෛද්‍ය උපාධිය ලබාගන්නා උපාධිධාරීන් සම්බන්ධයෙන් රජයේ ප‍්‍රතිපත්තියට පටහැනි තීරණයක් වෛද්‍ය සභාව විසින් ලබාදුනහොත් වෛද්‍ය සභාවට එරෙහි තීරණයක් ලබාදීමට සෞඛ්‍ය අමාත්‍යවරයාට හැකියාව ඇති බවද ඔහු පවසයි. එවිට රජයේ ප‍්‍රතිපත්තියට ගැලපෙන තීරණයක් සෞඛ්‍ය අමාත්‍යවරයා විසින් ලබා දෙනු ඇති බව ඔහු කියා සිටියි.

    රජයේ වෛද්‍ය සභාවේ සභාපතිවරයා පත් කරන්නේ ජනාධිපතිවරයා විසින් බවද රජයේ ප‍්‍රතිපත්තියට පටහැනි තීරණ වෛද්‍ය සභාවට ගත නොහැකි බවද අමාත්‍යවරයා අවධාරණය කරයි. රජයේ ප‍්‍රතිපත්තිවලට පටහැනි තීරණ වෛද්‍ය සභාව විසින් ගත් විට වෛද්‍ය සභාවේ තීරණවලට පටහැනි තීරණ සෞඛ්‍ය අමාත්‍යවරයා විසින් ලබාදුන් අවස්ථා රැසක් ඇති බවද අමාත්‍යවරයා පෙන්වාදෙයි.

    ReplyDelete
  22. http://www.island.lk/index.php?page_cat=article-details&page=article-details&code_title=34507


    The Government Medical Officers’ Association (GMOA) yesterday claimed that the Private Medical College (PMC) at Malabe enrolled students every six months, not to contribute to medical education in the country, but to rake in more and more money.

    GMOA Assistant Secretary Dr. Sankalpa Marasinghe said that the country has eight State medical faculties, but none of them enrolled students every six months.

    "Normally, students sit the GCE (A/L) examination only once a year," he said querying how the PMC enrolled two batches in one year.

    Dr. Marasinghe said that Malabe PMC did not deposit any payment with the government, but even in India, a private medical college deposits Indian rupees 2-3 billion. Otherwise, the government would not be responsible for the institution. But here, the government gifted the PMC Rs. 500 million of public money, he said.

    ReplyDelete
  23. මහින්ද රාජපක්ෂ ආණ්ඩුව තමයි ලංකාවෙ බලයට පත් වෙච්ච උපක්‍රමශීලීම ආණ්ඩුව. පෞද්ගලික විශ්වවිද්යාල සිද්දියත් ඒකට හොඳ උදාහරනයක්. පෞද්ගලික විශ්වවිද්යාල ගැන රටේ තිබුනු විශාල විරෝධය ඔවුන් වෛද්‍ය සභාවෙ මහාචාර්යවරු අල්ලගෙන ප්‍රමිතිය පිලිබඳ විරොධයකට හැරෙවුවා. අවසානයේ ආණ්ඩුව ජයග්‍රහණය කලා. දැන් ඉතින් රටෙ අධ්යාපනය ගැන සියලු ප්‍රශ්න විසඳලා ඉවරයි. අපිට දැන් තියෙන්නෙ ජනතාවගෙ ආර්ථික ප්‍රශ්න විසඳපු පෞද්ගලික බැංකුවකින් 1% පොලියට ණයක් අරගෙන , අපිට සුවපහසුවෙන් යන්න සලසන පෞද්ගලික බස් එකකකින් ගිහින් පෞද්ගලික උපාධියක් අරන් එන එක විතරයි. හදිසියකට පෞද්ගලික රෝහලකින් බෙහෙත් ටිකක් උනත් ගන්නත් පුලුවන්නෙ.ආ අමතක උනා අපි දොස්තරලානෙ එතකොට අපිටම බැරියැ බෙහෙත් ටික ගන්න නේද? තව පෞද්ගලික උසාවියක් ,පොලීසියක් එහෙමත් තිබුනොත් නේද හොඳ?
    දේශමාමක ජනතාවනි ඔබට හිතෙන විදියට තව දුරටත්පෞද්ගලික කරනය කල යුත්තෙ කුමන ආයතනද?

    ReplyDelete
  24. ගුණාත්මක බවින් තවත් පහළට වැටෙන ශ්‍රී ලංකාවේ විශ්ව විද්‍යාල
    Posted on December 12th, 2011
    සුපුන් පෙරේරා
    වර්තමානයේ මතු වී ඇති සරසවි අර්බුදය සමග ශ්‍රී ලංකාවේ විශ්ව විද්‍යාල ගුණාත්මක බවින් තවත් පහළට ඇද වැටී ඇති බව පෙනී යයි. අධ්‍යාපනික තත්ත්වය, විශ්ව විද්‍යාල ආචාර්ය මණ්ඩලයේ අධ්‍යාපන සුදුසුකම්, සිදු කරන ලද පර්යේෂණ සහ විද්‍යාත්මක ලිපි හා ග්‍රන්ථ පළකිරීම වැනි කරුණු සමාලෝචනයෙන් සෑම වසරකම ලෝකයේ විශ්ව විද්‍යාල වල ගුණාත්මකභාවය පිළිබඳව ඇගයීමක් සිදු කරන කරන අතර සෑම විශ්ව විද්‍යාලයකටම නිශ්චිත ඇගයුම් අංකයක් ලැබේ. එය World University Ranking නමින් හැඳින්වෙන අතර පසුගිය වසර 30 ඇතුලත ශ්‍රී ලංකාවේ විශ්ව විද්‍යාල ඉතා අඩු ලකුණු ලබාගනිමින් ක්‍රම ක්‍රමයෙන් පහතට ම වැටී තිබේ.

    2010 වසරේ ලෝකයේ හොඳම විශ්ව විද්‍යාලය ලෙස තේරී ඇත්තේ ඇමරිකාවේ හාවර්ඩ් විශ්ව විද්‍යාලයයි. හාවර්ඩ් විශ්ව විද්‍යාලය ලබා ඇති දළ ලකුණු ප්‍රතිශතය 96.1 කි. බ්‍රිතානයේ සුප්‍රකට ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාලය ලකුණු 91.2 ලබා ගනිමින් හය වන ස්ථානයට පත් වී තිබේ. යුරෝපයේ විශ්ව විද්‍යාල අතරින් ප්‍රථම ස්ථානය නියෝජනය කරන ස්විට්සර්ලන්තයේ Swiss Federal Institute of Technology Zurich ලෝක ශ්‍රේණිගත කිරීම් අනුව ලකුණු 83.4 ලබා 15 වන ස්ථානයට පත් වී ඇත.

    ආසියානු විශ්ව විද්‍යාල අතරින් ප්‍රථම ස්ථානය ලබාගෙන ඇත්තේ ලෝක ශ්‍රේණිගත කිරීම් අනුව 21 වන ස්ථානය නියෝජනය කරන University of Hong Kong ය. ලබාගෙන ඇති ලකුණු ප්‍රමාණය 79.2 කි. ටෝකියෝ විශ්ව විද්‍යාලයට ලැබී තිබෙන්නේ 26 වන ස්ථානයයි. ටෝකියෝ විශ්ව විද්‍යාලය ලබාගෙන ඇති ලකුණු ප්‍රමාණය 75.6 කි. දකුණු කොරියාවේ Pohang University of Science and Technology විශ්ව විද්‍යාලය ලකුණු 75.1 ලබා 28 වන ස්ථානයට පත් වී තිබේ. 37 වන ස්ථානයට චීනයේ චීනයේ පීකිං විශ්ව විද්‍යාලය පත් වී තිබෙන්නේ ලකුණු 70.7 ලබා ගනිමින්. අප්‍රිකානු රටවල් අතර ප්‍රථම ස්ථානය ලබාගෙන තිබෙන්නේ ඊජිප්තුවේ අලෙක්සැන්ඩේරියා විශ්ව විද්‍යාලයයි. ලබාගෙන ඇති ලකුණු ප්‍රමාණය 51.6 කි. ලෝක ශ්‍රේණිගත කිරීම් අනුව ඊජිප්තුවේ අලෙක්සැන්ඩේරියා විශ්ව විද්‍යාලය147 වන ස්ථානය නියෝජනය කරයි. 2009 ලෝක ශ්‍රේණිගත කිරීම් අනුව රුසියාවේ ලොමනසොව් මොස්කව් රාජ්‍ය විශ්ව විද්‍යාලය ලෝකයේ හොඳම විශ්ව විද්‍යාල අතර 155 ස්ථානය නියෝජනය කරයි. යුරෝපිය විශ්ව විද්‍යාල අතරින් ලොමනසොව් මොස්කව් රාජ්‍ය විශ්ව විද්‍යාලය 24 වන ස්ථානය දරයි. ඉන්දියාවේ Indian Institute of Science Bangalore විශ්ව විද්‍යාලය 2011 ජගත් විශ්ව විද්‍යාල අතර දරන්නේ 559 වන ස්ථානය යි.

    අප්‍රිකාවේ නොදියුණු රටක් ලෙස සැලකෙන උගන්ඩාවේ මකිරෙරේ විශ්වවිද්‍යාලය ( Makerere University ) 2011 ලෝක ශ්‍රේණිගත කිරීම් අනුව 1062 ස්ථානයට පත් වී තිබේ. පනහේ සහ හැටේ දශකයේ ලෝකයේ හොඳම විශ්ව විද්‍යාල වලින් එකක් ලෙස සලකුණු කොළඹ විශ්ව විද්‍යාලය අද අර්බුද සහිත අසාර්ථක රාජ්‍යයක් බවට පත් වී තිබෙන අප්‍රිකාවේ සිම්බාබ්වේ රාජ්‍යයේ අධ්‍යාපනික හා ගුණාත්මක භාවයෙන් අඩු සිම්බාබ්වේ විශ්ව විද්‍යාලයටත් වඩා පහතට වැටී තිබේ. ලෝක ශ්‍රේණිගත කිරීම් අනුව සිම්බාබ්වේ විශ්ව විද්‍යාලයට 2246 වන ස්ථානය ලැබී තිබෙන අතර කොළඹ විශ්ව විද්‍යාලයට ලැබී තිබෙන්නේ 2690 ස්ථානයයි.( උපුටා ගැනීම webometrics.info ) 2011 ලෝක විශ්ව විද්‍යාල ශ්‍රේණිගතකිරීම් අනුව මොරටුව විශ්ව විද්‍යාලය 2324 ද , පේරාදෙණිය විශ්ව විද්‍යාලය 2615 ද රුහුණ විශ්ව විද්‍යාලය 2552 ස්ථානය නියෝජනය කරන අතර ශ්‍රී ලංකා විවෘත විශ්ව විද්‍යාලය (Open University of Sri Lanka) ඉතාමත් පහළ 4189 ස්ථානයට පත්ව තිබේ. සාක්ෂරතාවයෙන් ශ්‍රී ලංකාවට වඩා බොහෝ පහළින් සිටි අප්‍රිකානු, ආසියානු සහ ලතින් ඇමරිකානු රටවල විශ්ව විද්‍යාල ශ්‍රී ලංකාවේ විශ්ව විද්‍යාල පරාජය කොට තිබෙන අතර ලතින් ඇමරිකාවේ පහතින්ම සිටින වෙනුසිලාවේ Universidad Simón Bolívar Venezuela විශ්ව විද්‍යාලයද ශ්‍රී ලංකාවේ විශ්ව විද්‍යාල වලට වඩා බොහෝ ඉදිරියෙන් සිටියි.

    ශ්‍රී ලංකාවේ විශ්ව විද්‍යාල ගුණාත්මක බවින් පහළ‍ට වැටීම පිළිබඳව අදහස් දක්වන කොළඹ විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්යවරයෙක් ප්‍රකාශ කරන පරිදි මේ සඳහා ප්‍රධාන හේතු වන්නේ විශ්ව විද්‍යාල ආචාර්ය වරුන් බඳවා ගැනීමේ දී සුදුසුකම් නොව ඥාති සබඳතා, මිත්‍රකම් බැලීම නිසා දක්ෂයන් විශ්ව විද්‍යාල වලින් ඉවත් වී යාමත් අදක්ෂයන් කථිකාචාර්යවරුන් වීමත් ය. එසේම දේශීය චින්තන ලේබල් ගසා සරසවි සිසුන් ලිං මැඩියන් කිරීමේ ව්‍යාපාරයත් ලංකාවේ සරසවි වලට රිංගා ඇති අන්තවාදී දේශපාලනයත් නිසා ශ්‍රී ලංකාවේ විශ්ව විද්‍යාලවල ගුණාත්මකභාවය සීඝ්‍රයෙන් පිරිහී ගිය බව ඔහු වැඩි දුරටත් පවසයි. මෙම තත්වය තව දුරටත් පැවතුනහොත් දේශීය විශ්ව විද්‍යාල අන්තර්ජාතිකව ගණන් ගැනීමකට ලක් නොවන හා නොසලකා හැරෙන මට්ටමකට පත් විය හැකි බව උක්ත මහාචාර්යවරයා පෙන්වා දෙයි.

    සුපුන් පෙරේරා

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා