සිංහල යුනිකෝඩ්, ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව හා දිවයින / Sinhala unicode, Government Information Department and Divaina

සිංහල යුනිකෝඩ් ගැන නැවත කතා කරන්නට ඉවහල් වන ප්‍රවෘත්තියක් දිවයින පුවත්පතේ පළ වී තිබේ.


ඒ දිවයිනට ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවෙන් ලැබුණු  µeක්‌ස්‌ පතක් ලෙස හඳුන්වනු ලබන කිසිවක් නිසා ය. අපට පෙනෙන පරිදි නම් මේ හුටපටය සිදු වී ඇත්තේ සිංහල යුනිකෝඩ් භාවිතා කරන්නට යාම නිසා ය.


සිද්ධිය මෙසේ ය:

ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අලුත්ම සිංහල මෙන්න!
කොළඹ දිස්‌ත්‍රික්‌ සාහිත්‍ය මහෝත්සවය අද දින පැවැත්වෙන බව මාධ්‍යයට දන්වමින් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ කොළඹ දිස්‌ත්‍රික්‌ මාධ්‍ය ඒකකය "දිවයින" ට µeක්‌ස්‌ පතක්‌ එවා තිබිණි. එහි ලිපි ශීර්ෂය වූයේ මෙයයි. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ කොළඹ කාර්යාලයේ සිංහල මෙසේද? මෙයට වගකිවයුත්තේ කවුද?
සිංහලයේ වචන භාවිතය පිළිබඳව පොදු සම්මුතියක්‌ හා සම්ප්‍රදායක්‌ද තිබේ. කිසියම් වචනයක්‌ ලිවීමේදී හා කතා කිරීමේදිත් ඒ සම්ප්‍රදාය රැකීම සාමාන්‍ය පිළිවෙතය. එහෙත් මේ ලිපි ශීර්ෂයෙහි ප්‍රවෘත්ති, යන්න ලියා ඇත්තේ "ප්රවෘත්ති" ලෙසය. දිස්‌ත්‍රික්‌ යන්න "දිස්‌තිරික්‌" වී තිබේ. මේ වෙනසට හේතුව අපැහැදිලිය. යතුරු ලියනය හා පරිගණකය භාවිතයේදී පවා ඕනෑම සිංහල වචනයක්‌ ලිවිය හැකිය. එහෙත් මෙබඳු අපබ්‍රංශ ලිවීමකින් පෙන්වන්නේ කිසියම් විකෘතිතාවක්‌ බව මේ පිළිබඳ පැහැදිලි කර ගැනීමට අප විමසූ සිංහල උගතෙක්‌ කියා සිටියේය. එසේම මෙහි "ප්‍ර" යන්නට අමතරව "වෘ" අක්‍ෂරයක්‌ද තිබෙන බව මේ අලුත් සිංහල පඬිවරු නොදන්නෝද?
එයත් ඔවුන්ගේ අලුත් සිංහලයට අනුව යොදා ගත යුතුව තිබුණි. කෙසේ හෝ මේ වර්ගයේ විහිළු ජනතාවට සැපයීමට රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව ඉදිරිපත්වීම උචිත නොවන බව නම් කිව යුතුය.

දිවයිනේ මෙම ලිපිය ලියූ මාධ්‍යකරුවා දිවයින වෙබ් අඩවියේ පරිපාලකයන් සමග කතා කළා නම් ඔවුන් මෙම ප්‍රශ්නය කෙසේ පැන නගින්නට ඇද්ද යන්න පැහැදිලි කර දෙනු ඇත. එහෙත්, ලංකාවේ සිටින මාධ්‍ය වේදීන් වනාහි කාගෙන්වත් කිසිවක් ඉගෙන ගැනීමට අවශ්‍ය නැති සියල්ල දත්ලා ය. ඇතැම් විට, මෙම ගැටලුව පැන නැඟුණේ දිවයිනේ ම පරිගණකයක දෝෂයක් නිසා වන්නට ඇත. දිවයින වෙබ් අඩවියේ පළ වූ ලිපියේ ෆ අක්ෂරය යතුරුලියනය වී ඇත්තේ ද වැරදි අන්දමට බව ඔබට පෙනෙනවා ඇත.


ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පට්ටා ගසන්නට යන දිවයින මාධ්‍යකරුවාගේ තොරතුරු තාක්ෂණ දැනුම අනුකම්පා කළ යුතු මට්ටමක ඇති බව පෙනේ.


කෙසේ වෙත්, සිංහල යුනිකෝඩ් භාවිතය තවමත් බොහෝ දෙනෙකුට ගැටලු සහගත ය. ඇත්තෙන්මත්, සිංහල යුනිකෝඩ් තවමත් භාවිතය පහසු අකුරු විශේෂයක් නො වේ. ලංකාවේ වැඩි දෙනෙකු භාවිතා කරන සොරකම් කරන ලද ග්‍රැෆික් මෘදුකාංග වන ෆොටෝෂොප්, පේජ් මේකර්, කොරල් ඩ්‍රෝ ආදිය සමග සිංහල යුනිකෝඩ් වැඩ කරන්නේ ම නැත. එහෙත්, රාජකාරි ලියකියවිලිවලදී සිංහල යුනිකෝඩ් භාවිතා කළ යුතු බවට රජයේ සේවකයන්ට උපදෙස් දී තිබේ.


සිංහලකම ගැන කතා කරන්නට වීරයෝ බොහෝ සිටිති. එහෙත් සිංහල අකුර අන්තර්ජාල යුගයට ගෙන යාමේ ගැටලු විසඳන්නට කිසිවෙක් නැත. 

මේ ලිපියට ඔබ කැමති නම් වෙන අයත් එක්කත් බෙදා ගන්න

Comments

  1. මටත් සිංහල යුනිකෝඩි වලින් වැඩ කිරීමෙි ප්‍රශ්න තියනවා. සමහර වෙබි සයිටි වලදී සිංහල භාෂාවෙි යංශය සහ රකාරාංශය ටයිප් කළවිට එය පෙන්වන්නේ ඉහත දක්වා ඇති ලිපි ශීර්ෂයේ මෙන් විකෘති ආකාරයකටයි. මෙය වලක්වාගන්නා ආකාරය දන්නා කෙනෙක් කරුණු පැහැදිළි කර දෙන්න.

    ReplyDelete
  2. පට්ටම කතාව.........හිකිස්..............මටක් ෆුක්ස් පතක් එවන්ඩ කියල දිවයින පත්තරේට කියන්ඩ ඕන........

    ReplyDelete
  3. දිවයින epaper එකේ නම් හරියට මේක තියනවා "ෆැක්ස්" කියලා
    http://epaper.divaina.com/images/flippingbook/Tuesday,%2013%20September%202011/13092011_01.jpg

    ReplyDelete
  4. @ Anonymous 1

    ඔබ භාවිතා කරන්නේ Internet Explorer 8 නම් මේ ගැටළුව මතුවන්න පුළුවනි. වෙනත් බ්‍රව්සරයක ට්‍රයි කරලා බලන්න.

    ReplyDelete
  5. මම මේ කොටස ලියන්නෙ වර්ඩ් එකේ යුනිකෝඩ් වලින්. ඊට පස්සේ ඒක කට් කරලා වෙබ් පේජ් එකේ පේස්ට් කරනවා.
    පහතින් තියෙන කොටස කෙළින්ම වෙබ් පේජ් එකේ ම ටයිප් කරනවා.

    දැන් මම ෙම් ටයිප් කරන්ෙන් යුනිෙකා්ඩ වලින්. වින්ෙඩා්ස් විස්ටා එෙක් යුනිෙකා්ඩ් වැඩ කරන්ෙන් ෙමෙහමයි.

    ReplyDelete
  6. අප මෙම අක්ෂර ලිවීම ආයාසයෙන් ඉගෙන ගත යුතුය. පසුව එය පයසුවෙන් හා නිවැරදිව එය කල හැකිය.

    ReplyDelete
  7. ඕෆ්ලයින් යුනිකෝඩ් (Google IME) ගහනකොට ඉහත වැරදි මටත් ඇති වෙනවා. මේකට පිලියමක්?

    ReplyDelete
  8. දිවයින කොහොමත් ෆුක්ස් පතක් තමයි.

    ReplyDelete
  9. " ලංකාවේ සිටින මාධ්‍ය වේදීන් වනාහි කාගෙන්වත් කිසිවක් ඉගෙන ගැනීමට අවශ්‍ය නැති සියල්ල දත්ලා ය."

    This is more applicable to you!

    ReplyDelete
  10. මගේ පිලිතුර "සිංහලකම ගැන කතා කරන්නට වීරයෝ බොහෝ සිටිති. එහෙත් සිංහල අකුර අන්තර්ජාල යුගයට ගෙන යාමේ ගැටලු විසඳන්නට කිසිවෙක් නැත." හා "ග්‍රැෆික් මෘදුකාංග වන ෆොටෝෂොප්, පේජ් මේකර්, කොරල් ඩ්‍රෝ ආදිය සමග සිංහල යුනිකෝඩ් වැඩ කරන්නේ ම නැත." යන කොටස් වලට පමණි.

    සිංහල යුනිකේත මේ මෘදුකාංගවල වැඩ කරන ලෙස සැකසිය හැකි බව අප විසින් පෙන්වාදී බොහෝකල්ය. දැනට ඇඩොබ් මෘදුකාංග වල ක්‍රියාත්මක කළ හැකි යිනිකේතයක් ලෙස ඇත්තෙ කපුටා ෆොන්ටය පමණි. http://cplus.lk/downloads/adobe-and-mac-compatible-sinhala-unicode-fonts/ යන යොමුව හරහා ඔබට එය භාගත කළ හැක. මා සතුව Iskolapotha font එක සඳහා මේ ආකාරයට සක්සල ෆොන්ට් එකක් ඇතත්. නීතිමය ගැලුමත එය මට නිකුත් කළ නොහැක. එසේම යුනිකේත ෆොන්ට් එකක් සෑදීම විශාල කාලයක් සහ ශ්‍රමයක් අවශ්‍යයි. මේ නිසා වෙනත් වෘතියන්හී යෙදී සිටින අපට ඒ සඳහා පූර්ණ කාලිනව යෙදිය නොහැක. කෙසේවෙතත් අප විසින් යිනිකේත ෆොන්ට් නිර්මණාය සඳහා අවශ්‍ය දැනුම නොමිලේ අන්තර්ජාලය හරහා ලබාදීමට අදහස් කර ඇත. http://dasunsameera.blogspot.com/2009/10/sinhala-unicode.html හරහා ඔබට යුනිකේතවල ඇතැයි කියන ගැටලු වල පිලිතුරු ලබාගත හැක.

    ReplyDelete
  11. තරහ නැතුව කියලා දෙන්ඩකො වර්ඩි 2010 එකේ සිංහල යුනිකෝඩි පිහිටුවා ගන්න හැටි.

    ReplyDelete
  12. ඔබගේ පරිගණකයේ සිංහල යුනිකොඩ් පිහිටුවා ඇතිනම වෙනමම සිංහල යුනිකෝඩ් පිහිටවීමක් අවශ්‍ය නැත. ඔබ ටයිප් කිරීමට යොදාගන්නා ෆොන්ටය සිංහල යුනිකේත ඇති ෆොන්ටයක් විය යුතුය, වින්ඩොස් පරිගණකයක්නම් බොහෝ විට Iskola potha ෆොන්ටය මේ සඳහා යොදාගත හැක.

    ReplyDelete
  13. http://www.locallanguages.lk/sp3_english
    (Sinhala tamil kit)
    මෙම මෘදුකාංගය install කිරීම මගින් ඔබට පහසුවෙන් සිංහල යුනිකෝඩ් අකුරු ලිවීම කල හැක.(shift+alt) මගින් භාෂාව වෙනස් කල හැක.

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා