සිංහරාජය මැදින් කපන කෙටි පාර / A short cut across World Heritage Sinharaja

සිංහරාජ වනාන්තරය ලංකාවේ අපේ පමණක් නොව මුළු ලෝකයේ ම වැදගත් උරුමයකි. 


එය මහා ලොකු වනාන්තරයක් නො ව, නැගෙනහිර සිට බටහිරට කිලෝමීටර 21ක් හා උතුරේ සිට දකුණට කිලෝමීටර් හතක් පමණක් වන පුංචි කැළෑ කුට්ටියකි. එහෙත් එය ජෛව විවිධත්වය අතින් විශිෂ්ට ස්ථානයකි. 


එහෙව් සිංහරාජය මැදින් මේ ආණ්ඩුව පාරක් කපමින් සිටියි. ඒ කලවාන ඉළුඹකන්දේ සිට සූරියකන්ද දක්වා ය. පොතුපිටිය, ඉළුඹකන්ද ගම් ඒ 17 රක්වාන දෙනියාය මහා මාර්ගයට යා කිරීම මෙම මාර්ග ව්‍යාපෘතියේ අරමුණයි. 


සැප්තැම්බර් 09දා මුළා කරන ලද 300ක පමණ ජන රාශියක් යොදවා කිලෝමීටර් තුනක වනාන්තරය එළි පෙහෙළි කර තිබේ. 


ඒ කෙටි පාරක් හදන්නට ය. ලෝකයේ කොහේවත් හරි හමන් ආණ්ඩු හා පුරවැසියෝ නම් මෙවැනි කෙටි පාරවල් නො සොයති. 

මේ ලිපියට ඔබ කැමති නම් වෙන අයත් එක්කත් බෙදා ගන්න

Comments

  1. Me anduwa kawadda mole athi wedak keruwe.oya weden wenne ape rate ithuru wela thiyana sathwa ha shaka sampath winasha wena eka saha methi amathiwarunge sakku pirena eka witharai.

    ReplyDelete
  2. ගොඩක් මිනිස්සුන්ට සිදුවෙන දේවල් තේරෙන්නෙ උන්ගෙ කටින් පටන් අරන් අහවල් එකෙන් එළියට එන පාරක් හදන්න ගත්තොත් විතරයි. එතකන් මේ දේවල් නොපෙනෙයි.නොදැනෙයි. මවාපාන ආශ්චර්යයම පෙනෙයි.දැනෙයි.

    ReplyDelete
  3. ෙම් රෙෙට් මිනිසුන්ට රට්ෙට් තිෙයනෙද්වල් ගැන හැගීමක් වටිනාකමක් නෑ ඒක ෙම් රට කරවන පාලයන්ටකත් නෑ ෙබාරැවට ජාතිකත්වයක් මවාෙගන ෙට් තිෙයන සම්පත් ගසා කනවා විතරයි

    ReplyDelete
  4. මේ පටන් ගත්තා විතරයි . හොඳ හොඳ සෙල්ලම් තව තියනවා ඉස්සරහට .

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා