පෙට්ටියක් තෝර ගත්ත ද? (එළවළු ප්‍රවාහනයට) / Plastic crate law of Sri Lanka

රාජපක්ෂ ආණ්ඩුවේ ඉන්නා තරමක් ඉන්නේ වෝහාරපතිලා ය. 


නීතිඥ මහින්ද රාජපක්ෂ පමණක් නො ව, අට පාස් ජොනී ද වෝහාරපති ය. 


ඔවුහු හිටගෙන, වාඩි වී, බිම දිගා වී, පිනුම් ගහමින්, උඩ පනිමින්, නටමින්, යන එන ගමන්, කමින්, බොමින් පවා නීති දමති. ඊටත් වඩා නීති කඩති.


අලුත් ම නීතිය ඊයේ පටන් දමා ඇති එළවළු ප්‍රවාහනයේදී ප්ලාස්ටික් පෙට්ටි භාවිතය අනිවාර්ය කිරීම ය. 


පරම්පරා ගණනක් තිස්සේ ගොවීන්, වෙළෙන්දන් එළවළු ප්‍රවාහනය කරන ක්‍රමවලින් එළවළුවලින් 30%ක් අපතේ යන බව කවුරුදෝ ආණ්ඩුවට කියා ඇත. ප්ලාස්ටික් පෙට්ටි පාවිච්චි කළා ම නාස්තිය 0% වෙනවා විය යුතු ය. 


එළවළු නාස්ති වන්නේ ගෝනිවල අට්ටි ගැසීම නිසා ම නො වේ. එළවළු ගොවියා හෝ මුදලාලිට 30%ක් නාස්ති කර ගැනීමේ අමාරුවක් නැත. නාස්තිය අවම කර ගන්නා හැටි ආණ්ඩුවේ නීති නැතුවාට බයිං ඇන් සෙලිං කරන කවුරුත් දනිති. 


‍ගොවීන් කියන්නේ කණ කර උගස් තියා එළවළු වවන, පොලිසැක් මල්ලට වියදම් කිරීමට රු. 25ක් නැති තමන්ට ප්ලාස්ටික් පෙට්ටි සඳහා වැය කිරීමට රු. දහස් ගණන් නැති බවයි. එසේ ම, එළවළු ටික විකුණා බස් එකේ ගෙදර එන ගොවීන්ට දැන් පෙට්ටි ටික ආපසු ගෙන එන්නට හයර් ගෙවන්නත් වී ඇත. 


මෙතන ඇත්තේ ප්ලාස්ටික් පෙට්ටිකාරයන් හා ආණ්ඩුවේ සිටින මැල් මහත්තයලා අතර හොර ගනුදෙනුවක් වන්නට බොහෝ දුරට ඉඩ තිබේ. 


හැම මගුලට ම නීති දාන කිසිදු නීතියක් තමන් අනුගමනය නො කරන මේ ආණ්ඩුවට බඹර වළල්ලේ අපූරු බස් ඛන්ඩයකින් අපි අවවාද කරමු. 


"පෙට්ටියක් තෝර ගත්ත ද?"


පී. ජී. එම්. සී. බණ්‌ඩාර මහතා - බකමූණ
"ආණ්‌ඩුව ලොකු වැඩ කරන්න ගිහිල්ලා ඇනගන්න වැඩ තමයි කරන්නේ. මේ ප්ලාස්‌ටික්‌ ඇසුරුම් වැඩේ කුඩා ගොවියාට කරන්න පුළුවන් දෙයක්‌ නෙවෙයි. ගොඩ ගොවිතැන් සඳහා විශාල නිෂ්පාදන පිරිවැයක්‌ ගොවීන්ට දරන්න සිදුවෙලා. තියෙන තත්ත්වය තුළ ගොවිතැන් කරන්නේ රන් භාණ්‌ඩ උකස්‌ කරලා. එහෙම නැතිනම් බැංකු ණය අරගෙන. එහෙම වගා කරලා ගේන එළවළු ඇසුරුම් සඳහා ලොකු ප්ලාස්‌ටික්‌ ඇසුරුමක්‌ රුපියල් 1700 ක්‌ විතර ගේනවා. ඒවා මිලදී ගන්න ගොවියාට වත්කමක්‌ නැහැ. දැනට භාවිත කරන්න දැල් මලු ගන්නත් ගොවීන්ට රුපියල් 25 ක්‌ නැතිව යනවා."
සරත් පද්මසිරි මහතා - දුටුවැව, ගලෙන්බිඳුණුqවැව -
"ලොකු ප්ලාස්‌ටික්‌ කූඩවල වට්‌ටක්‌කා, ගෝවා වගේ එළවළු වර්ග කොහොමද අසුරා ප්‍රවාහනය කරන්නේ. එකවරකට වට්‌ටක්‌කා කිලෝ ග්‍රෑම් 2000 - 3000 අස්‌වනු නෙළනවා. එක කූඩයක වට්‌ටක්‌කා ගෙඩි දමන්න පුළුවන් 4- 5 ක්‌ විතර. එතකොට කූඩා කීයක්‌ අවශ්‍යද? ඒවා අපිට මිලදී ගන්න පුළුවන්ද? 
ඊළඟට ඒවා ප්‍රවාහනය කරන්න 3-4 වතාවකට ලොරි කුලී දෙන්න වෙනවා. ලොරියකට ගලෙන් බිඳුණුවැව ඉඳලා දඹුල්ලට එළවළු ගේන්න රුපියල් 8000 ක්‌ දෙන්න ඕන. වට්‌ටක්‌කා කිලෝවක මිල වෙන්නෙත් රුපියල් 15 - 20 ක්‌. ඉතින් මේ වගේ වියදමක්‌ දරලා තුට්‌ටු දෙකට එළවළු දීලා අපි ප්ලාස්‌ටික්‌ ඇසුරුම්වලට දහස්‌ ගණන් වියදම් කරන්නේ කොහොමද? මේවා ප්‍රායෝගිකව කරන්න පුළුවන් වැඩ නොවෙයි. එහෙම වුණොත් ගොවිතැන අත්හැරලා වහ ටිකක්‌ බොන්න තමා වෙන්නේ." (උපුටා ගැනීම: දිවයින)
ලෝකයේ තිබෙන හරි හමන් ආණ්ඩු නම් කරන්නේ මෙවැනි කාරණාවලදී ගොවීන්ට උදව් කිරීම මිස ඒකෙනුත් දඩ ගසා ගාන කපා ගැනීම නො වේ. 

මේ ලිපියට ඔබ කැමති නම් වෙන අයත් එක්කත් බෙදා ගන්න

Comments

  1. ඔව් මචං, මේ නීතිය ගේන්න ඉස්සරලා විසදුමක් දීලා ඉන්න තිබුනේ, ඒ කියන්නේ අඩුවට ඇසුරුම් රජයෙන් ගොවියන්ට ලබාදෙන්න තිබුනා. එහෙමත් නැත්නම් පෞද්ගලික සමාගමක් හරහා අඩුවට ගෙනත් දෙන්න තිබුනා. ඒත් ඔය දිවයින පත්තරේ තියෙන වට්ටක්කා කතාවනම් බොරු. වට්ටක්කා, ප‍තෝල, මුරුන්ගා ආදී එලවලු රාශියකටම පෙට්ටි ඕනේ නෑ. අල, බෝංචි ආදී වටිනාකමින් වැඩි එලවලු කිහිපයකට පමනයි මේ නීතිය වලංගු.

    ReplyDelete
  2. බොලවු මම මේ තනියම කරන වැඩක් නෙවේ. තුනෙන් දෙකක් එහෙට දෙන්නත් ඕනෙ. ඉතුරු සොච්චම තමයි මට තියෙන්නෙ.

    ReplyDelete
  3. එලව්ළු ප්‍රවාහනය ලෝකයේ බොහෝ රටවල, දියුණු වෙමින් පවතින රටවල පවා කෙරෙන්නේ ප්ලාස්ටික්, කාඩ්බෝඩ් හෝ වියන ලද පෙට්ටි වැනි අසුරන වල. මේ මගින් බොහෝ දුරට අපතේ යාම වලක්වා ගන්න පුළුවන්. මම කාලයක් හෙවාහැට, උඩ හේවාහැට ආදී පලාත්වල එළවළු ගොවීන් එක්ක වැඩකළා. ගෝවා කපන කාලෙට මළු වලට් අහුරන්නේ බිම ගහලා පාගලා. ලොරි වල අහුරන කොටත් එහෙමයි. උඩ නැගලා පැක් කරනේ. නාස්තිය අසීමිතයි. හැබැයි නීති මගින් කරන්න ගියොත් මේ වැඩේ හරියට කරන්න බෑ. මේ ගැන ගොවීනුත්, එළවළු ප්‍රවාහකයොත්, වෙලෙන්දොත් හොඳින් දැනුවත් කළ යුතුයි.

    ඒ වගේ වැඩසටහනක් ඉතියෝපියාවෙන්:http://www.enn.com/top_stories/article/35940

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා