සාම කොටි, මාධ්‍ය කොටි, වාම කොටි / Peace Tigers, Media Tiger, Left Tigers

විප්ලවීය විමුක්ති සංවිධානය නමින් හැඳින්වුණු සංවිධානයක නායකත්වය දරමින් කොටි සංවිධානය සමග එක්ව දකුණේ සන්නද්ධ ක්‍රියාකාරකම්වල යෙදුණු බවට චෝදනා ලද සිංහල වාමාංශිකයකු වන මො.ල. සෙනෙවිරත්නට එරෙහිව නඟා තිබුණු රාජ්‍ය විරෝධී කුමන්ත්‍රණ චෝදනා නීතිපතිවරයා විසින් ඉවත් කරගෙන ඇත. 


මො.ල. සෙනෙවිරත්න ඇතුළු කණ්ඩායමක් අදාළ චෝදනා මත 2007 මාර්තු මාසයේ සිට රිමාන්ඩ් භාරයේ සිටිති. එම පිරිසෙන් තවත් කොටසක් වරින් වර නිදහස ලැබූ හ. 


නිදහස් මාධ්‍යකරුවකු වූ මො.ල. සෙනෙවිරත්න හා දුම්රිය දෙපාර්තමේන්තුවේ වෘත්තීය සමිති නායකයකු වූ සිසිර ප්‍රියංකර ඇතුළු මෙම කණ්ඩාය‍ම අත්අඩංගුවට ගැනීමෙන් පසු දකුණේ වාමාංශික කණ්ඩායම්වල පැවැත්මට තදබල ලෙස තර්ජන එල්ල විය. ඔවුන් වාමාංශික ක්‍රියාකාරිකයන් වීම එයට හේතුවයි. 


ඉහත දැක්වෙන්නේ ඒ අවස්ථාවේදී ත්‍රස්ත විරෝධී ජාතික ව්‍යාපාරය විසින් අවස්ථාවෙන් ප්‍රයෝජන ගනිමින් වෙනත් වාමාංශික කණ්ඩායම් හා පුද්ගලයන් මර්දනය කරවීම පිණිස ආරක්ෂක අංශ පොළඹවමින් අලවන ලද පෝස්ටරයකි. 


කෙසේ වෙතත්, එදා සක්‍රියව තිබුණු කොළඹ කේන්ද්‍රීය වාමාංශික කණ්ඩායම් සියල්ල ම පාහේ අද වන විට  අක්‍රිය ව ගොසිනි. ඒ වටා ක්‍රියාත්මක වූ මාධ්‍ය, වෘත්තීය සමිති, සිවිල් සංවිධාන ආදී ක්‍රියාකාරිත්වයන්ට ද අත් වී ඇත්තේ එම ඉරණම ම ය. බොහෝ ක්‍රියාකාරිකයෝ රට හැර ගොසිනි. කොළඹ වාම කණ්ඩායම් අතර තිබුණු තරගකාරී ක්‍රියාකාරිත්වය මුළුමනින් ම පාහේ දිය වී ගොසිනි. 


ජාතීන්ගේ ප්‍රශ්නය සම්බන්ධයෙන් දකුණේ වම ගත් ස්ථාවරය නිවැරදි ද යන්න පිළිබඳ සංවාදයක් අවශ්‍ය ය. එහෙත් දැන් කවුරුත් කතා නො කරති. වීරයෝ සියල්ලෝ ම මර බියෙනි.   

මේ ලිපියට ඔබ කැමති නම් වෙන අයත් එක්කත් බෙදා ගන්න

Comments

  1. kuda kandayam vitharak nowei javipeth marabiyen

    ReplyDelete
  2. පිස්සු! ඔය වික්‍රමබාහු එහෙම අපූරුවට ඉන්නේ කොටි විරු දිනයල දේශන හිටන් තිය තිය.කෙස්ගහකට වත් මොනවත් වෙලා තියෙනවද?

    ReplyDelete
  3. [[ජාතීන්ගේ ප්‍රශ්නය සම්බන්ධයෙන් දකුණේ වම ගත් ස්ථාවරය නිවැරදි ද]]

    එක ස්ථාවරයක් යැ. එක එකා වෙනස් විධාටනේ දැක්කේ. ඊට පස්සේ ඔය ලොකු ලොකු වම්මු කියනවා "ඒ ගොල්ලෝ වම්මු නෙවෙයි කියලා">

    වෙන වෙන ම අරගෙන බලන්න. උදාහරනෙකට වීකාරබාහු උන්නැහේ හරිද? සුචරිත අන්කල් හරිද වගේ. සෝමවංශ කාරයාත් "වමේ මිනිහෙක්" කියා සිතන පිරිස් සිටිති.

    සාධාරණ විවේචනයක් කොරනවා නම් යහපති. මාක්ස් ලා ගේ පොත් වල පිටු වන පොත් කරනවා නම් අපරාදේ කැම්පස් තෙලකට කරන්න තිබ්බා. මේ අවකාශයේ තෙල් මිලදී ගන්නන් අඩුයි.

    ReplyDelete
  4. ජාතීන්ගේ ප්‍රශ්නය සම්බන්ධයෙන් දකුණේ වම ගත් ස්ථාවරය...
    මොකද්ද ඔය ස්තාවරය?...
    මොකද්ද ඔය ජාතීන්ගේ ප්‍රශ්නය?
    ඕක ජාතික ප්‍රශ්නයද?
    නැතිනම් ජාතිය ගොඩ නැගීමේ ප්‍රශ්නයද?
    පොඩි වමාල...ලොකු වමාල...විතරද ඕක ගැන මතයක් ගෙන්න ඕන? ඔය දකුනලාට ඕක අයිති නැත්ද?

    ReplyDelete
  5. කොහේද දකුණේ වමක් තිබ්බෙ?............

    වමෙයි කියල නමට හරි හිටිය එවුන්ගෙ ස්ථාවරය උනේ තමන්ගෙ වාසිය වෙනුවෙන් ඕනම ප්‍රතිපත්තියක් පාවාදෙන එක මිසක වෙන මොකක්ද?

    හරි හෝ වැරදි හෝ අදත් එදත් එකම ප්‍රතිපත්තියක ඉන්නෙ වික්‍රමබාහු සහෝදරය විතරමයි.

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා