මහ ඇමතිවරුන්ගේ නො වැදගත් මහා සමුළුව / The not significan Chief Ministers' conference

පසුගිය දිනවල අති විශාල මහජන මුදල් වියදමක් කරමින් මහ ඇමති සමුළුවක් ඇඹිලිපිටියේදී පැවැත්විණි. ලේඛකයා නිදහස් මාධ්‍යකරුවකු ලෙස ප්‍රවෘත්ති සපයන එක් ඉංග්‍රීසි පුවත් වෙබ් අඩවියකට මෙම සමුළුව පිළිබඳ වාර්තාවක් යොමු කළේ ය. රජයට පක්ෂපාතී එම වෙබ් අඩවියේ සංස්කාරකවරයා එම ප්‍රවෘත්තිය ප්‍රතික්ෂේප කර තිබුණේ එය නො වැදගත් සිද්ධියක් බවට සටහනක් තබමිනි. (Not a significant event)


බලාගෙන ගියාම ඇත්ත ය. මේ සමුළුවේදී ගෙන තිබෙන වැදගත් ම තීරණය දිනමිණ පුවත්පත වාර්තා කරන්නේ මෙසේ ය: ඉරිදා සහ පසළොස්වක පොහෝ දිනවල දහම් අධ්‍යාපනය අනිවාර්ය කිරීමේ නව නීති සම්පාදනය කර ක්‍රියාත්මක කිරීමට සියලුම පළාත් සභා ප්‍රධාන ඇමැතිවරු තීරණය කරති.


ඉඩම් බලතල හා පොලිස් බලතල පිළිබඳ මධ්‍යම රජය සමඟ පළාත් සභාවලට කිසිදු ගැටලුවක් නැතැයි ප්‍රධාන ඇමැතිවරු අවධාරණය කරන බව ද දිනමිණේ තවත් පුවතක කියැවේ. ප්‍රශ්න කොයින් ද? පිඟන් බි‍ඳෙන්නේ පිඟන් හෝදන අය අතින් නොවැ.


2008දී ලංකාවේ ජාතීන්ගේ ප්‍රශනයට විසඳුම් ලෙස ගෙන එන ලද පළාත් සභා ක්‍රමය අද පත් වී ඇති තත්වය කදිමට ප්‍රකාශ කරන අවස්ථාවකි, මහ ඇමති සමුළුව. අද ඵළාත් සභා කරන ප්‍රධාන කාර්යය මේ මහ ඇමති සමුළුව පැවැත්වීම වන්නට පුළුවන.

මේ ලිපියට ඔබ කැමති නම් වෙන අයත් එක්කත් බෙදා ගන්න

Comments

  1. තනිකර සුදු අලියා. හෙන ගහන අපරාධයක්. පාර්ලිමන්ට් එන්න බැරි උන්ට. නිකන් ඉඳන් රජ සැප...

    ReplyDelete
  2. <>

    කෙරෙන නොකෙරෙන එක වෙනම දෙයක්, මේ බරපතල මානව හිමිකම් උල්ලංඝනයට ඔබතුමා "නොවැදගත්" යයි කියනවද?

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා