හර්ෂ ද සිල්වාගේ Name and Shame ලංකාවට හරි නො යන්නේ ඇයි?

'නම් ප්‍රසිද්ධ කර ලජ්ජාවට පත් කිරීම' හෙවත් Name and Shame නම් සංකල්පයක් පිළිබඳ එක්සත් ජාතික පක්ෂ ජාතික ලැයිස්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා අද The Island පුවත්පතට විස්තර කර තිබේ. 


ප්‍රසිද්ධියට පත් කර ලජ්ජාවට පත් කිරීමෙන් දූෂිතයන් හා බදු වංචාකරුවන් එවැනි කටයුතුවලින් වළක්වා ගත හැකි බව මෙම ධනේශ්වර ආර්ථික විශේෂඥවරයා පවසයි.  බොහෝ රටවල් එසේ කරන බව ද ඔහු පෙන්වා දෙයි. 


අප සිතන පරිදි ලංකාවේ නම් එයින් කිසිවක් සිදු වන්නේ නැත. මන්ද, ලංකාව යනු සොරුන්ගේ පාරාදීසයකි. දේශපාලකයන් මහා පරිමාණෙන් සොරකම් කරද්දී ව්‍යාපාරිකයන් බදු වංචා කරද්දී, මහජනතාව බස් එකේ ඉබ්බාට යාම, ඉතුරු සල්ලි නො දීම, හොරට කිරීම වැනි පොඩි, පොඩි වංචා කර තමනුත් පාලකයන්ගේ වර්ගයට අයත් වන බව සිතා සතුටු වෙති. 


ලංකාවේ මධ්‍යම පංතිකයන් වැඩි දෙනෙකුගේ සිහිනය වන්නේ බදු රහිත වාහන බලපත්‍රයක් ලබා ගෙන එය වැඩි ගණනට විකුණා ගත හැකි තත්වයකට යාමයි. 


මහජනතාව ගෙවන බදුවලට සිදු වන්නේ කුමක්ද යන්න ප්‍රසිද්ධ කරුණකි. එයින් කොටසක් පාලකයෝ  විවිධ ක්‍රමවලින් පිල්ලි ගසති. තවත් කොටසක් වැය වෙන්නේ ගිනි පොලියට ගත් ණය ගෙවන්නට ය. ගිනි පොලියට ගත් ණයවලින් දියත් කළ ව්‍යාපෘතිවලින් වැඩිපුර ම සිදු වී තිබෙන්නේ ද වංචා කිරීමයි.තවත් ටිකක් රජයේ සේවකයන්ට වැටුප් ගෙවීමට වෙන් කෙරේ.පහළ මට්ටමේ රජයේ සේවකයන්ට ගෙවන වැටුප ප්‍රමාණවත් නැත. එහෙයින් ඔවුහු ඵලදායී සේවයක් නො කරති. 


එහෙව් රටක මිනිස්සු ස්වේච්ඡාවෙන් ආදායම් බදු ගෙවනු ඇතැයි සිතිය හැකි ද? බදු ගෙවන්නන්ට ඇති මූලික ප්‍රශ්නය වන්නේ 'අරුන්ට ජොලි කරන්න මම සල්ලි දෙන්නේ මොකට ද?' යන්නයි. ඒ වෙනුවට ඔවුන් කරන්නේ පාලකයන් සමග හාද වී තමන්ට ද බදු සල්ලි පිල්ලි ගැසීමේ පොටක් පාදා ගැනීමයි. 


සියල්ලන් හෙළුවෙන් සිටින රටක ඇඳුම් ඇඳගෙන සිටීම සිනාවට කාරණයකි. ලංකාව ද 'හොරුන් සමග හෙළුවෙන්' ය. මේ රටේ මිනිසුන්ට අදාළව 'නම් කර ලජ්ජාවට පත් කිරීම' හෙවත් Name and Shame බොරුවකි. මූලික හේතුව මේ රටේ මිනිසුන්ට මහජන මුදල් වංචා කිරීම යනු ලජ්ජාවට හේතුවක් නො වේ. 


සියලු දෙනාගේ සිහිනය තමන්ට ද මහජන මුදල් වංචා කර ගත හැකි ත්‍රමයක් හදා ගැනීමයි. එය දවසේ වීරකමයි. මහා පරිමාණෙන් වංචා කරන්නෝ මහජන ආදරයට, ගෞරවයට පාත්‍ර වෙති. මහජනතාව ඔවුන් ගැන වීර කතා කියති. උන් ඡන්ද ගන්නේ ලක්ෂ ගණනිනි. 


නම් කර ලජ්ජාවට පත් කිරීම සඳහා මූලිකව ම ලජ්ජාව කියා දෙයක් තිබිය යුතු ය. 

මේ ලිපියට ඔබ කැමති නම් වෙන අයත් එක්කත් බෙදා ගන්න

Comments

  1. හර්ෂ ගේත් ඔය සෙල්ලං විපක්‍ෂයේ ඉන්න කං තමයි.

    අපිට මතකනේ 1994 දී දාහත් වසරක දුෂණය, භීෂණය නැතිකරන්න පොරවල් වික්‍ෂෂයේ ඉඳන් කැහැ පොට ගහගෙන ආපු හැටි!

    http://kathandara.blogspot.com/2010/11/blog-post_04.html

    ReplyDelete
  2. හ්ම්... හ්ම්...

    බකමූණා වීදී බසී...

    ReplyDelete
  3. හෙහ්...හෙහ්......කතාව නම් ඇත්තම ඇත්ත.....පරා......අපිත් එක්ක කොහෙද ඒ සෙල්ලං?.......හුහ්........නම්කර ලැජ්ජාවට පත් කිරීම......අපිනං වෙයි ලැජ්ජා.........මේක ආසියාවෙ ආශ්චර්ය නෙව.........

    අනික එහෙම ලැජ්ජාවට පත්වෙනව නම් දැනටම නම් ප්‍රසිද්ධ උනු කීදෙනෙක් ඉන්නවද? බදු වංචා වගෙ සිල්ලර කාරණාත් නෙවෙයි.....මිනී මැරුම්......චෙක් වංචා......කුඩු ආනයනය.......කෝ අපි නම් දැක්කෙ නෑ......අඩු ගනනෙ ලැජ්ජාවෙන් මූණ රතු වෙනව වත්....හෙහ්, හෙහ්,

    මේ වැඩෙන් වෙන එකම සෙතේ මම කියන්නද හර්ෂ මහත්තයෝ........ඊළඟ චන්දෙන් ඔය නම් කරන කස්ටිය මනාප ගන්නෙ ලක්ෂෙට එහා.......හෙහ්, හෙහ්,ඒ කියන්නෙ මිනිස්සු දැන ගත්තම මේ යකා ගහල තියන සල්ලි කන්දරාව, මිනිහ වටේ එක් රොක් වෙයි මී මැස්සො වාගෙ.........අපිත් කීයක් හරි කඩාගමුය කියල......

    ඔය තියරි වෙන කොහේ වැඩ කලත් මෙහෙ බෑ......ආසියාවෙ ආශ්චර්යයෙ තියෙන්නෙ, ආශ්චර්යයටම අදාල වෙනම තියරියක්........ඒක ලෝකෙ වෙන කොහෙවත් නෑ.......මෙහෙ විතරයි,

    ReplyDelete
  4. thumbs up...the only article i ever saw that address the exact point. after hearing,reading the arguments that split hairs...i'm happy to see someone wrote about it finally....the typical hero of SL= "idiot godaya becomes a thief and buys a prado"...SL sucks as always and will be forever..

    ReplyDelete
  5. අර සිල්වලා දෙන්නම නම ප්‍රසිද්ධ වීම නිසා ඉතා ලජ්ජාවෙන් ඇඹරෙමින් සිටිති, උන්ට ඡන්දය දුන් සහ ඊළඟ සැරේට දෙන්න ඉන්න ජනතාව ඊටත් වඩා ඇඹරෙමින් සිටිති, විපක්ෂයේ උන් ආණ්ඩු පක්ෂයේ උන්ටත් වඩා උන්ට කඩේ යන බව පෙනේ......

    ReplyDelete
  6. UNPගො0 අලින්ට දේසපාලනේ බෑ කියලා දෑන්වත් අලියගෙ නෑට්ටෙ ඵල්ලිලා දිවියලෝකේ යන්න හිතාගෙන ඉන්න උන් තේරු0ගනිල්ලා.
    අලියා බුලත් කොලයේ කාබන්කොපිය මිස විකල්පය නෙවෙයි.

    ReplyDelete
  7. ලංකාවේ කාලකන්නින්ට කොහෙද ලැජ්ජාවක්..:-) ඕක කලොත් වෙන්නේ ප්‍රසිද්ධ වෙන්න තව තවත් හොරකම් කරන එක

    ReplyDelete
  8. යු එන් ඕ එක මානව අයිතිවාසිකම් සම්බන්දයෙන් ලංකාව ගැන කරන්නෙත් ඔය හර්ෂ කියන එක තමා... mobilization of Shame කියල ඒකට කියන්නේ...
    ඔය ක්‍රමය ලංකාවේ පාලකයන්ට දැනෙන්නේ නැති බව ලෝකෙම දැන් දන්නවා...මොකද මෙයාල ලැජ්ජාව කියන්නේ මොකද්ද කියල දන්නේ නැති නිසා...
    ඔබ හරි...රටේ මිනිස්සුත් එහෙම තමා...චන්දය වැඩියෙන් ලැබෙන්නෙත් ලැජ්ජාව කියන එක දන්නේ නැති දේශපාලකයන්ට... ඔවුන් තමා වැඩි මනාප ගන්නේත්...
    කන්න දෙනවා නම් බොන්න දෙනවා නම් මොන කෙන් ගෙඩියද ඕන කරන්නේ...

    ReplyDelete
  9. කවුරු ගැන දුක් වෙන්නද මන්දා. හර්ෂ කියන ගොන් තඩියා ගැනද? නැතිනම් දුෂිතයන්ට ලජ්ජා නොහිතෙන ලංකාව ගැනද?

    සමහර විට ලියපු ඔබ හා කියවන අපි ගැන දුක් වීමේ පොයින්ට් එකක් ඇති ඊට වඩා.

    ReplyDelete
  10. ඇත්තම කියනවා නම් ඕනෑම කෙනෙක් ආදායම් බද්ය් ගෙවන්න අකමැති වෙන මුලික හේතුවක් තමයි ඕක
    ඇයි යකෝ උන්ට ජොලි කරන්න අපි මොන මගුලකටද අමාරුවෙන් හොයාගත්ත සල්ලි පූජා කරන්නේ ?


    කළු පූසා

    ReplyDelete
  11. Janaka PriyadarshanaSeptember 5, 2011 at 6:19 AM

    හ ..හ..දැන් බලන්න මේ දොර දෙපපත්තටම ඇරෙනව....යන්ඩත් පුලුව න්...හ...හ..එන්ඩත්පුලුවන්....ගිය අය බලන්ඩ....හ..හ.හා..අනාතය්...අනාතයි....ආපු අයබලන්ඩ....................හ..හ.හාහ්.......සනාතයි...සනාතයි.................හුරේ....

    ReplyDelete
  12. හර්ෂද ද සිල්වා.....ජීවත් වෙන්නේ ලංකාවෙද?

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා