ජනාධිපතිතුමා ජෝගි නටන පිංතූර / The jogging President of Sri Lanka

ඡායාරූපවල සිටින ජනාධිපතිතුමා ජෝගි නටමින් සිටියි.


නගරයෙන් ගමට ආ මිනිසුන් ජොගින් හෙවත් ව්‍යායාම සඳහා දිවීම කරන විට, ව්‍යාපාය සඳහා දිවීම පුරුදු නැති ගමේ මිනිස්සු එයට ජෝගි නටනවා ය කී බව 'ජෝගි නටනවා' යන වචනයට අප සොයා ගත් නිරුක්තියයි.


වෙනත් අදහස් ඇති නම් සඳහන් කරන්න. 


ඡන්දදායක මහජනයා හැන්දෑවට ගොස් ගෝල් ෆේස් පිටිය පුරා කුණු දමති. නිලධාරි කුණු අදින කොන්ත්‍රාත්තුවෙන් පවා ගසා කන අතර හරි හමන් කසල කළමනාකරණයක් රටේ නැත. ජනාධිපතිතුමා උදේට ගොස් ඒ කුණු ගොඩේ ජොගිං කරයි. 


ජනාධිපති මාධ්‍ය අංශය කුණු ගොඩේ නටන ජනාධිපතිගේ ඡායාරූප ලෝක ප්‍රසිද්ධ කරයි.


ජනාධිපතිතුමාත් සමග රටම ජෝගි නටයි. 

මේ ලිපියට ඔබ කැමති නම් වෙන අයත් එක්කත් බෙදා ගන්න

Comments

  1. කාටද ආඩම්බර...? බලාපන්කෝ අපේ ළොක්කා නයිකි දාලා. ෆුල් හැන්ඩි ෆිටි පොරක්නේ.. මටනම් ආඩම්බරේ බෑ. අවංකවම..

    ReplyDelete
  2. සිංහළකමට NIKE ගැලපෙන්නෙ නෑනෙ...............

    ReplyDelete
  3. අනුන් දැමූ කුණු සුද්ධ කිරීමට බළධාරීන්ට නියෝග කිරීමට වඩා කුණු දැමූ පුද්ගලයින් කුණු දැමූ විගසම අල්ලා දඬුවම් කිරීම/ දඩ නියම කිරීම මීට වඩා පලදායක නැද්ද?. එයින් මහජන මුදල් නිකරුනේ වියදම් වීමට වඩා එකතු වීමක් සිදු වෙනවා නේද?

    මේක අපි අපි දෙසම හැරී බැලිය යුතු කාරණාවක්. අපි කීදෙනෙක් බස් එකේ යන කොට අඹ ලෙල්ල, හිස් කජු පැකට් එක, කඩල ගොට්ට පාරට විසි කරනවද? අයිස් පලම් එකක් අරන් කොලේ බිම දාලා යනවද? ඇයි අපට කුණු නිසි තැනට දමන්නට පොඩි වෙහෙසක් ගන්න බැරි? "කව්රු හරි සුද්ධ කරයි නේ" සංකල්පයෙන් බැහැර වෙලා අපේ කුණු අපිම හරි තැන බැහැර කරන්න පුරුදු වුනොත් රට කොයි තරම් පිරිසිදු තැනක් වෙයිද?

    ReplyDelete
  4. කුණු ගොඩ කෙලවර ජාතික කොඩිය ලෙල දෙනවා පේනවද? සංකේතාත්මකව පෙන්නනවා රටේ මිනිස්සුන්ගේ හැටි...කාපු බීපු තැන්වලම අනිත් වැඩෙත් කරන නාගරිකයෝ කියන මිනිස්සු ගේ සංස්කෘතිය ඉදිරියේ ජාතික අභිමානය ලෙලදෙනවා...හෝඩියේ පන්ති වල උගන්විය යුතු හොඳ පුරුදු අද පාසලේ උගන්වන්නේ නෑ...ඒ වෙනුවට විභාග තරඟය...කසල කළමනාකරණය දන්නේ නැති නාගරිකයෝ කනවා බොනවා නිදා ගන්නවා උදේට නැගිටල රස්සාවට යනවා...නගර සභා නායකයෝ සහ නිලදාරීන් මේව වලක්වන්න ක්‍රම හොයන්නේ නැතිව බලය සඳහා තරඟයේ...පිට්ටනි පිරිසිදු කිරීමත් ජනධිපති විසින් මතක් කරන තුරු උන් බුදි...රටම ලෝකේ හිනාවට ලක්වෙන පින්තුර ජනාදිපති කාර්යාලයෙන් පත්තරවලට දෙනවා...තමන් කරන්නේ ලොක්කගේ වැඩ ගැන ජනතාවට කියන එක කියල තමා එයාල හිතන්නේ...මෝඩ වඳුරා රජ්ජුරුවන්ට ආදරේට කඩුවෙන් කොරපු එක තමා මතක් වෙන්නේ...අනේ අපොයි...රජතුමාට දෙවි පිහිටයි...

    ReplyDelete
  5. හිනා කාල ජීවත් වෙනව

    ReplyDelete
  6. කුණු ගොඩේ ලගල පුරුදු එකට ජෝගින් නෙමෙයි ඊටත් එහා දෙයක් උනත් කරන්න පුළුවන්......
    මීට පස්සේ ජනතාව තමන් කැමති තැනක කුණු දමාවි..... මොකද අපිට දැන් කුණු සුද්දකරන (කුණු කන ) කුණු රජෙක් ඉන්නවනේ...
    කාගේද දන්නේ නැ මේ ගොන් අදහස....... මහා එක කොහොමත් ගොනානේ ..............

    ReplyDelete
  7. රත්නසිරිSeptember 6, 2011 at 6:58 PM

    කොහොමත් කුණු එකතු වෙන්නේ කුණු ගොඩටම තමයි.පින්තුර වලට හොඳටම ගැලපෙන කෙනා සෙට් වෙලා ඉන්නවා.හරි සතු‍ටුයි.

    ReplyDelete
  8. mekath mudal gewa pracharaya karana lada danweemakda?

    ReplyDelete
  9. තාම මේ වගේ බොරු වලට අහුවෙන හරක් ඉන්නවනේ ලංකාවේ . මෙය මේ චන්දෙ නිසා රගපානවනේ. උදේට දිව්වානම් දාඩිය එහෙම දාන්න ඕනනේ.

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා