අතේ ලෙළ දෙන සිංහ කොඩි හදවතේත් ලෙළ දේ ද? / Do the lion flags fly in their hearts

ඡායාරූපය අද දෙරණෙනි
ඔවුහු ශ්‍රී ලංකා රාජ්‍යය ප්‍රතික්ෂේප කරමින් වෙන ම ඊලාම් රාජ්‍යයක් ගොඩනැඟීමට කැරැල්ලක් ගැසූ හ.


ඒ වෙනුවෙන් මේ ජාතික කොඩියේ සිටින රෞද්‍ර සිංහල සිංහයාට මුහුණ දීමට බිහිසුණු කොටියකු ද නිර්මානය කළ හ. 


සිංහල මූලික ශ්‍රී ලංකා රජය කැරැලිකාර හමුදාව පරදවා ජය ගත්තේ ය. 


කැරැලිකරුවෝ විශාල පිරිසක් දිවි දුන් හ. ඉතිරි වූ පිරිස පුනරුත්ථාපනයට යොමු කර තිබේ. මේ ඡායාරූපයේ ඉන්නේ පුනරුත්ථාපනය වෙමින් සිටින බව කියන හිටපු දෙමළ කැරැලිකාර සිරකරුවන් පිරිසක් දුම්රියෙන් දකුණේ චාරිකාවක් යන අයුරු ය. 


සිංහල මූලික රාජ්‍යය ඔවුන් අතට සිංහ කොඩි දී ඇත. 


සිංහලයන් සතුටු වනු ඇත. 


එහෙත් ඒ කැරැල්ල පැන නැඟුණු හේතු තව ම අහෝසි වී නැත. සිරකරුවන් අතට දුන් පලියට ඔවුන්ගේ හදවත් තුළ සිංහ කොඩිය ලෙළ දෙන්නේ නැත. 


දුක නැති කිරීමට නම් දුකට හේතුව නැති කළ යුතු ය. 


අළු යට ඇති ගිනි දක්නට සමත් පාලකයෝ ගිනි පුළිඟු නිවා සාර්ථක වෙත්. 

මේ ලිපියට ඔබ කැමති නම් වෙන අයත් එක්කත් බෙදා ගන්න

Comments

  1. ඊ ලගට කැරලි ගහන්ඩ වෙන්නෙ ලංකාවෙ සිංහල අණ්ඩුවට විරුද්දව සිංහල උන්ටමයි. අධිකාරි පාලනයක් නත්නම් දැඩි මිලිටරිකරනයක් වගෙ එකක් අපුවාම තේරෙයි ඔය සිංහල කියල කියා ගන්න උන්ට ඒක කොච්චර අමරුද කියල. මුන්ට ඒත් තේරෙන්නෙ නති වේ උතුරෙ දෙමළ මිනිස්සු හමුදාව නිසා කොච්චර දුක් වින්දද කියල. මුන්ට තේරෙන්නෙ දකුණෙ බෝම්බ පුපුරපු එක විතරයි. දැන් අලුත් නීතිත් හදාගෙන යනවනේ බලමුකෝ මොකද වෙන්නෙ කියල.

    ReplyDelete
  2. ලියමන කියවීමෙන් පසු, ප්‍රශ්න ගනනාවක් හිතේ ඇතිඋනද, ලිවීවට යන කාලය නිසා ප්‍රශ්න දෙකක් පමනක් අසමි.

    1. උන්ට කැරලිකාරයෝ (සහ කැරලිකාර හමුදාව ) කියල කියනවානම් ත්‍රස්තවාදින් කියන්නෙ මොනව කරන උන්ටද. අජිත්ට උන්ව ත්‍රස්තවාදින් ව්ශයෙන් නොපෙනෙන්න හේතු තිබේද (දැන් මේ අය මොන නමකින් හැදින්නුවත් එකල ඔවුන් ගැනයි මම අදහස් කරන්නේ )?

    2. ඔබ කියන "දුකට හේතුව" ඔබම අපිට කිව්වොත් නරකද? මොකද අපි දන්න විදියට ඔය "දුක" ඇති උනේ පොන්නම්බලම් ලාගේ 50:50 කාලේ වැපුරුව ජාතිවදී විසබීජ වලින් සහ JRලගෙ වයිරස් වලින්. ඊට අමතරව උඹල කියන මහ ලොකු "දුකක්" තියනවද? මෙතන ඒ ගැන ලියන්න ගියොත් ඒක වෙනම පොතක් වෙයි. හරිනම් සින්හලයන්ටයි අයිතිවාසිකම් අහිමි වෙලා තියෙන්නෙ, ඔයාට කෙසේ වෙතත් අපි එකෙක්ට පුලුවන්ද උතුරේ වියාපාරයක්, රස්සාවක් කරන්න, ගෙයක් දොරක් හදන්න? නගෙනහිර පුලුවන්ද? බොරු "විකල්ප" කියා ගන්න බඩජාරියො කියයි පුලුවන් කියල. මොකෝ උන්ට එහෙම නොකර ඩොලර් හම්බ වෙන්නෙ නෑනෙ.

    Prasad SL

    ReplyDelete
  3. බෙහෙත් නැති අසනීප දෙකක් තියනව......එකක් ඒඩ්ස්......අනික මෝඩකම......

    ReplyDelete
  4. ජොක් ලන්තෙ ජොකර්ලට මෙව තේරෙරනකොට බැරියැ...

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා