අප පිටරටට විකුණන වහලුන්ට හිමි ගෞරවය / Disowned respect of the Sri Lankan expatriate slaves

මේ වසරේ (2011) පළමු මාස හයේදී විදේශ සේවා නියුක්‌තිකයන් විසින් මෙරටට එවන ලද විදේශ මුදල් ප්‍රමාණය (විනිමය ප්‍රේෂණ) සියයට 26.4 කින් වර්ධනය වී ඇතැයි මහ බැංකුව කියයි. මේ අනුව ගිය වසරේ (2010) පළමු මාස හයේදී විදේශ සේවා නියුක්‌තිකයන් මෙරටට එවන ලද ඇමරිකානු ඩොලර් මිලියන 1983.12 ක විදේශ විනිමය ප්‍රමාණය, මේ වසරේ (2011) පළමු මාස හයේදී ඇමරිකානු ඩොලර් මිලියන 2506.57 ක්‌ දක්‌වා ඉහළ ගොස්‌ ඇත. (උපුටා ගැනීම දිවයින පුවත්පතෙනි) 


විදේශ සේවා නියුක්තිකයන් යයි හැඳින්වුණාට මේ පිරිසෙන් බහුතරය වනාහි නූතන වහල්ලු ය. හේතුව, ඔවුන් එකී රටවලදී කිසිදු ශ්‍රම හිමිකමක් භුක්ති නො විඳ වහල් සේවයේ යෙදෙන බැවිනි. ලංකාවේ අද වන විට ප්‍රධාන විදේශ ආදායම් මාර්ගය වන්නේ වහල් වෙළඳාමයි. 


කලක් ලංකාවේ ප්‍රධාන ආදායම් මාර්ගය වූ තේ අද වන විට අර්බුදයට ලක් වී තිබේ. නවතම තත්වය තුළ, වැවිලි ක්ෂේත්‍රයේ හාම්පුත්තු පසුගිය අප්‍රේල් මාසයේ සිට වතු සේවතයන්ට වැටුප් වැඩි කරමින් අත්සන් කරන ලද සාමූහික ගිවිසුමෙන් ඉවත් වීමට තීරණය කර සිටිති. හේතුව, ලිබියාවේ අර්බුදය නිසා තේ වෙළඳපොළ කඩා වැටීමයි. 


ලංකාවේ පාලකයන් ජොලි කරන්නේ ද, රජයේ සේවකයන් වැටුප් ලබන්නේ ද මෙම නුතන වහලුන්ට පිං සිදු වන්නට ය. ඔවුන්ගෙන් බහුතරය මැද පෙරදිග රටවල සේවය කරන ගෘහ සේවිකාවෝ ය. එහෙත් ලංකාවේ මිනිස්සු මැද පෙරදිග ගිය ගැහැනුන් දෙස බලන්නේ වපර ඇසිනි.


එහෙත්, ලංකාවේ දේශපාලකයන් හා ජනමාධ්‍ය නිරතුරු පෙන්වා දෙන්නේ කාන්තාවන් විදේශගත වීම නිසා රටේ සංස්කෘතියට, ජන ජීවිතයට, අරකට, මේකට මාර කෙළවිල්ලක් වෙනවා ය කියා ය. මේ ගැහැනුන් රට නො ගොස්, හිඟා නොකා, හිඟා කකා ලංකාවේ හිටියා නම් ඔය කියන දේවලට මොනවා වන්නට ඉඩ තිබුණිදැයි කවුරුත් නො කියති.


ආර්ථිකය උර මත දරා සිටින නියම දේශප්‍රේමීන් වන විදේශගත ලාංකික වහලුන්ට හිමි ගෞරවය සංඛ්‍යා ලේඛනවලට පමණක් සීමා වී තිබේ. 


මේ ලිපියට ඔබ කැමති නම් වෙන අයත් එක්කත් බෙදා ගන්න

Comments

  1. සියළු රටවල් දියුනු වන්නේ වහල් වෙලඳාමෙන් බව සැලකූ විට ඔය කට්ටියට ගෞරවයක් ලබා දිය හැක. නමුත් එය එසේද? බින්දුවේ සිට දියුනු වූ රටවල් දියුනු වූයේ වහල් වෙලඳාමෙන්ද? වෙන කරන්න කර්මාත් නැද්ද? රටේ සංස්කෘතිය ජන ජීවිතය bla bla සියල්ලට පෙර රට යන වහල්ලුන්ටයි උංගෙ දරුපවුල් වලටයි ගහණ හෙණ පේන්නේ නැද්ද?

    ReplyDelete
  2. ජේසුස් වහන්සේට ඇන ගැහුවේ අරාබි ජාතිකයින් - විජිත් විජිතමුණි
    http://www.gossip9.com/2011/09/blog-post_2884.html
    http://www.youtube.com/watch?feature=player_embedded&v=QucnHJsumH0

    Menna deputy EDUCATION minister of Sri Lanka, wonder of ASIA..

    A PERSON WHO DOESNT KNOW HISTORY, is the dep minister of education..

    ReplyDelete
  3. රට යන ගෑනු ලංකාවෙ නැවතිලා විදේසීය සංචාරකයින්ට හා දේසීය කාමාතුරයින් හට දුක පුන්නා නම් ඔය ගැටලු මොකෝවත් නැත.

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා