ළමා අපයෝජකයන්ට මරණීය දණ්ඩනය දීම අහවලාගෙන් ඇරඹුවා නම් නරක ද?

ළමා අපයෝජන සම්බන්ධයෙන් අධිකරණය ඉදිරියේ වරදකරුවන් වන්නන්ට මරණීය දණ්ඩනය දක්වා උපරිම දඬුවම් ලැබෙන අන්දමින් නීති සකස් කිරීමට ජාතික ළමා ආරක්ෂක අධිකාරිය රජයට යෝජනා කරන බව එහි සභාපතිනි අනෝමා දිසානායක කියයි. 


ඒ අනුව, ලංකා‍වට මරණ දඬුවම ක්‍රියාත්මක කිරීම සඳහා තවත් අළුගෝසුවන් රැසක් අවශ්‍ය වනු ඇත. 


අද වන විට රටේ ආරක්ෂාව සම්බන්ධයෙන් යගකිව යුතු තනතුරක් සරණ එක්තරා මන්ත්‍රීවරයකු ද බාලාපචාර දෝදනාවක් ලැබ සිට, දේශපාලන බලය පාවිච්චි කර අයථා මාර්ගයකින් නිදහස ලැබූවෙකි. 


මේ වන විට ආගමික ප්‍රභූන් ගණනාවකට විරුද්ධව බාලාපචාර චෝදනා විභාග වෙමින් පවතී. 


පාසල් ගුරුවරු ද සෑහෙන පිරිසක් බාලාපචාර චෝදනා ලැබ ඇති අතර, ලංකාවේ පාසල්යනු ළමා අයිතිවාසිකම් අමු අමුවේ උල්ලංඝනය කරන, ළමයින් ශාරීරිකව හා මානසිකව නිරතුරු හිංසනයට ලක් කරන ස්ථාන වේ. 


පාසල් වෑන්, බස් රථ ආදිය ද තවත් එවැනි ස්ථාන වේ. 'හොඳ ම දේ දරුවන්ට' යි ආප්තෝපදේශයක් සමාජවාදී සෝවියට් දේශයේ තිබිණි. ලංකාවේ අබලන් ම වාහන යොදා ගන්නේ පාසල්වලට සිසුන් ඇදීමටයි. 


මෙම තත්වයන් පාලනය කිරීම සඳහා රජය විසින් ගනු ලැබූ හරි හමන් ක්‍රියාමාර්ගයක් පිළිබඳව දැන ගන්නට නැත. ඒ වෙනුවට රටේ නායකයන් කරන්නේ ළමයින් වඩාගෙන ඡායාරූප අරගෙන ඒවා සිය ප්‍රතිරූපය නංවා ගැනීමට අලෙවි කිරීම වැනි බාල වැඩ ය. 


අන්තිමට කෝකටත් තෛලය වී ඇත්තේ මරණීය දණ්ඩනයයි. එහෙත් එක පුද්ගලයකුට හෝ නීත්‍යානුකූලව මරණීය දණ්ඩනය ක්‍රියාත්මක කර එහි වගකීම භාර ගන්නට ද පාලකයන්ට කොඳු නාරටි නැත. 


වගකීම් භාර නො ගන්නා මරණීය දණ්ඩන ක්‍රියාත්මක කරන්නට නම් ඒ විචිකිච්ඡාව නැත. 

මේ ලිපියට ඔබ කැමති නම් වෙන අයත් එක්කත් බෙදා ගන්න

Comments

  1. Dumindayawa ellamu......Dumindayawa ellamu......

    ReplyDelete
  2. පිස්සුද? උන් පුලුවන් නම් නීතිය හදයි, අහවල් අයට විතරක් මෙය බලපාන්නෙ නැත කියල. මේ ලංකාව බොස්

    Prasad SL

    ReplyDelete
  3. මරණ දණ්ඩනය ක්‍රම ක්‍රමයෙන් අහෝසි කරන්න මේ රටේ ආණ්ඩුව එක්සත් ජාතීන්ට පොරොන්දු වෙලා ඉන්න බව නීතිය ගැන ඉගෙන ගෙන ඉන්න ළමා සභාපති දන්නේ නැති පාටයි...තමන්ට දීල තියන වග කීම ඉටුකරන්න අවශ්‍ය වැඩ සටහන් හදන්න වැඩ කරන එකට වෙනුවට චීප් මාතෘකා අරගෙන පත්තර වල පිටු පුරවන එක තමා මෙයාල කරන්නේ...මිනිස්සුන්ට මේ වගේ ලනු දෙනවා හැර වෙන වැදගත් වැඩක් මෙයලා ළමා අයිතිවාසිකම් වෙනුවෙන් කළ බවක් නම් පෙන්නේ නෑ.

    ReplyDelete
  4. Ekasath jathin issaraha Wimal Lemon Puff Weerawansata udgoshanayak karanna hondama awasthawak

    ReplyDelete
  5. එකෙක්ව දෙන්නෙක් ව එල්ලුවොත් මෙ පාර්ලිමෙන්තුවෙ රඟන නින්දිතයින්ට වැඩ ගන්න උන් නැති වෙනවා. උන්ට මෙ ගෙම වැඩි කල් ගහගෙන යන්න බැරි වෙන නිසයි මුන් මෙවා ක්‍රියාත්මක කරන්නෙ නැත්තෙ.

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා