යුද අපරාධවලට උදව් කළ බව කියන මාධ්‍යකරුවන්ට රට යාම තහනම් කිරීම / Attempted travel ban on Sri Lankan journalists that promoted war crimes

යුද අපරාධවලට පක්ෂව කටයුතු කළ බව කියන මාධ්‍යකරුවන් පිරිසකට යුරෝපා රටවලට ඇතුළු විය නො හැකි වන පරිදි ගමන් බිමන් සම්බාධක පණවන ලෙස විදේශගත ශ්‍රී ලාංකික මාධ්‍ය සංවිධානයක් ඉල්ලා ඇති බව අද දිනමිණේ විජයානි එදිරිසිංහ වාර්තා කර ඇත. 


යුද අපරාධවලට උඩගෙඩි දුන් බව කියන මාධ්‍යකරුවන්ගේ වතගොත සහ ඔවුන් ලියූ වාර්තා පරිවර්තන ද සහිතව ඒ රටවල විදේශ තානාපති අංශවලට යවා ඇති බව වාර්තා වේ. 


යුද්ධය සම්බන්ධයෙන් වගකිව යුතු බොහෝ පාර්ශ්ව සිටියත්, දැන් ඔවුන් සියලු දෙනා සද්ද නැතිව බලා ඉන්නේ රාජපක්ෂ පවුලේ සාමාජිකයන් හා හමුදා නායකයන් පඹණක් එය‍ට වගකිව යුත්තන් කරමිනි. 


මෙම යුද්ධය මේ අන්දමින් මෙහෙයවන්නට රාජපක්ෂවරුන් හා හිටපු හමුදාපති සරත් ෆොස්සේකා යොමු කිරීම සඳහා කටයුතු කළ දේශපාලනඥයන් මෙන් ම මාධ්‍යකරුවන් ද ඒ සම්බන්ධයෙන් වග විය යුතු ය. 


රාජපක්ෂ පාලනය වනාහි නිශ්චිත හැඩයක් නැති සාදා දෙනු ලබන භාජනයේ හැඩය ගන්නා එකක් බව අපි 2005දී ම කීවෙමු. 


ඒ සඳහා කදිම සාක්කියක් මෑතදී ජෙයරාජ් ප්‍රනාන්දුපුල්ලේ ගැන පොතක් එළි දක්වන ලද අවස්ථාවේ ජනාධිපතිවරයා ම හෙළිදරව් කළේ ය. කොටි සංවිධානය මාවිල්ආරු වේල්ල වසා යුද්ධය ආරම්භ කිරීමට කටයුතු කළ අවස්ථාවේ රජය ජෙයරාජ් ප්‍රනාන්දුපුල්ලේ හොර රහසින් ම තමිල් චෙල්වන් හමු වන්නට යවා වැඩේ ගොඩින් බේරා ගැනීමට උත්සාහ කළ බව ජනාධිපතිවරයා ම පැවසී ය. මෙය කොටින් සමග කළ හොර ගනුදෙනුවක් ලෙස හඳුන්වන්නට අපි නො කැමැත්තෙමු. දේශපාලනය එවැනි ය.


මෙවැනි යුද්ධයක් කළ විට එහි ජයග්‍රහණය වෙනුවෙන් මිළක් ගෙවන්නට සිදු වේ. එය රාජපක්ෂවරුන්ට පමණක් ගෙවන්නට කියා බලා ඉන්නවාට වඩා කවුරු කවුරුත් අතර බෙදී යාම ද නරක ම නැත. 


එහෙත්, දැන් සියලු පාර්ශ්ව විසින් කළ යුතුව තිබෙන්නේ මෙය නො වේ. එදා රටේ තිබුණු ආන්තික තත්වයන් යටතේ යුද්ධයේ දෙපාර්ශවය ම වගකිව යුතු වැරදි සිදු විය. ඒවා නැවත, නැවත උලුප්පා ගැනීම වළක්වා ගැනීම කාගේත් වගකීමකි. සිදු වූ දේ මාධ්‍යකරුවන් කොටසකට මේ රටට එන්නට බැරි වන පරිදිත්, තව කොටසකට විදේශගත වන්නට බැරි වන පරිදිත් කටයුතු කිරීමෙන් අදට අවශ්‍ය සංහිඳියාව ඇති වන්නේ නැත. 


දෙමළ ප්‍රශ්නයට දේශපාලන විසඳුමක් ඔස්සේ සංහිඳියාව ඇති කර, සාමය තහවුරු කළ යුතුව තිබේ. යුද අපරාධ චෝදනාවලින් කාට කාටත් ගැලවෙන්නට පුළුවන් වන්නේ ඒ ඔස්සේ පමණි. 

මේ ලිපියට ඔබ කැමති නම් වෙන අයත් එක්කත් බෙදා ගන්න

Comments

  1. [[එහෙත්, දැන් සියලු පාර්ශ්ව විසින් කළ යුතුව තිබෙන්නේ මෙය නො වේ. එදා රටේ තිබුණු ආන්තික තත්වයන් යටතේ යුද්ධයේ දෙපාර්ශවය ම වගකිව යුතු වැරදි සිදු විය. ඒවා නැවත, නැවත උලුප්පා ගැනීම වළක්වා ගැනීම කාගේත් වගකීමකි. සිදු වූ දේ මාධ්‍යකරුවන් කොටසකට මේ රටට එන්නට බැරි වන පරිදිත්, තව කොටසකට විදේශගත වන්නට බැරි වන පරිදිත් කටයුතු කිරීමෙන් අදට අවශ්‍ය සංහිඳියාව ඇති වන්නේ නැත.


    දෙමළ ප්‍රශ්නයට දේශපාලන විසඳුමක් ඔස්සේ සංහිඳියාව ඇති කර, සාමය තහවුරු කළ යුතුව තිබේ. යුද අපරාධ චෝදනාවලින් කාට කාටත් ගැලවෙන්නට පුළුවන් වන්නේ ඒ ඔස්සේ පමණි. ]]

    100% එකඟයි. "දේශපාලන විසඳුම" ගැන අපට වෙනස් මත ඇති. ඒත් හයි ලෙවල් ඒකෙන අපි මේ ගැන එක තැනක ඉන්න එක වටිනවා.

    මට හිතෙන්නේ "දේශපාලන විසඳුම" හදිසි නීතිය වගේ ඉනෙවිටබල් සිද්ධියක් බවයි.

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා