කිංස්පාර්ක් රෝහන් ද ආයුධ පෙන්වීමට ගොස් පළා යාමට උත්සාහ කිරීමට ඉඩ ඇත / Another underworld suspect is due to attempt to escape

මිනීමැරුම් විසි පහකට වැඩි ප්‍රමාණයක් සිදුකොට මියගිය පුද්ගලයන් සතු දේපොළ ලියා ගැනීමේ මහා පරිමාණ ජාවාරමක සැකකරු වූ පාතාල නායකයකු බව කියන රෝහන් කුමාර නොහොත් කිංස්පාර්ක් රෝහන් නමැත්තා රහස් පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.


ඔහු ආයුධ පෙන්වීමට ගොස් පළා යාමට උත්සාහ කිරීමට ඉඩ තිබේ. එහිදී පොලිස් නිලධාරීන් ආරක්ෂා විය යුතු ය.


විශේෂයෙන් ම ගංගා ආශ්‍රිත ස්ථානවල ඇති ආයුධ පෙන්වීමට ඔහු රැගෙන යාමේදී පොලිසිය දක්ෂ පිහිනුම්කරුවන් රැගෙන යා යුතු ය.


පළා යාමේදී පොලිසිය දනෙන් පහළට වෙඩි තබන විට මෙවැනි පාතාල සැකකරුවන් ඔලුවෙන් සිට ගන්නා බැවින් දනෙන් ඉහළට වෙඩි තැබීම සුදුසු විය හැකි ය.


මෙවැනි අය මෙසේ කරන්නේ ඔවුන් හා සම්බන්ධ නඩු අධිකරණය ඉදිරියට පැමිණීම වැළැක්වීමට බැවින් ආයුධ කෑලි බල්ලාට දමා නඩු පැවරීම හොඳ යයි අපි පොලිසියට යෝජනා කරමු. 

මේ ලිපියට ඔබ කැමති නම් වෙන අයත් එක්කත් බෙදා ගන්න

Comments

  1. අඬන්නද? හිනාවෙන්නද? කාට කියන්නද?

    අවුරුදු දාසයක් ට්‍රයිකරලත් මේ කරුම කතා නොහැහෙන එකෙන් ගැලවෙන්න බැරිවුණා නේ තාමත්!

    ReplyDelete
  2. ඇයි ඉතින් මුන්ව තියා ගන්නේ .මරන දඩුවම නැති එකේ එහෙම උනාම ඔහේට මක්කේයි????

    ReplyDelete
  3. එහෙනම් ඉතින් රටේ නීතියක් මක්කටෙයි?

    ReplyDelete
  4. ඉතින් සහෝ නීතිය තිබුනාට ක්‍රියාවේ යෙදවෙන්නේ නැත්තම් මරන දඩුවම දුන්න එකාලටත් පොදු සමාවයටතේ නිදහස් වෙන රටක මෙම ක්‍රියාව ඇර විකල්පයක් තියනවාද මුන්ව සමාජයෙන් තුරන් කරන්න. හා දිපන්කෝ බලන්න උත්තර.

    ReplyDelete
  5. දැන් ඔය අත් අඩංගුවට අරගෙන තියෙන්නේ කුමන නීතිය යටතෙද කියල කියන්න පුලුවන්ද.... ප්ලීස්ස්ස්ස්......

    ReplyDelete
  6. aparade prabhakaranvath maruve neda ane?

    ReplyDelete
  7. @Anonymous මෙහෙම මරන්නෙ මුන් එක්ක එකපතේ වළදපු දේශපාළුවන්ගෙ පරණ පව් එලිදරව්වෙන එක වලක්වන්නයි උඹල වගේ බුද්ධිමත් දේශප්‍රේමි ජනතාවට ආතල් එකක් දෙන්නයි කියල බොට තේරෙන්නෙ නැද්ද?

    ReplyDelete
  8. අනුර හොරේෂස් "ගිණි අවි සහ ගිණි කෙලි" කියලා පොතක් ලිව්වා 88-89 කාලේ පාතාලය දේශපාලඥයන් විසින් පාවිච්චි කරපු විදිය ගැන කියන්න. ඒ පොතේම තිබුනා කොහොමද ඒ පාතාල කට්ටිය වැඩේ ගත්තට පස්සේ දේශපාලඥයා විසින්ම විනාශ කලේ කොහොමද කියලා. කොහොම උනත් පාතාලයෝ දනිස්සෙන් පහලට වෙඩි තියන වෙලාවට හරි ඔලුවෙන් හිටගන්න උත්සාහ කරන එක සාධනීය කාරණයක්.

    ReplyDelete
  9. එහෙම උනාම ඔහේට මක්කෙයි නම්, ඔය කියන කෙනා අතින් වැරද්දක් උනාම කාට කාට හරි කැමති විදියට දඩුවම් දුන්නාම මොකද වෙන්නෙ කියල හිතුවනම් හොදයි. ඔය වගේ මෝඩ කතා වලට උත්තර දීල වැඩක් නෑ. ඔය පාතාලෙ ඉන්නව කියන උන්ට හිතෙනවනම් මැරෙන්න ඉස්සෙල්ල මොකක් හරි සිරා වැඩක් කරල යන්ඩ, මම හිතන්නෙ බැරි කමක් නෑ. කොහොමත් ආයුධ පෙන්වන්න ගිහින් මැරෙන්ඩ ඉන්න එකනේ. මැරෙන්ඩ ඉස්සෙල්ල උඹ්ලගෙන් වැඩ අරගෙන බල්ලො වගේ උඹ්ලව මරන්න බලගෙන ඉන්න උන්ට දියන්කො හොද ගේමක්.

    ReplyDelete
  10. මුන්ව තියා නොගත්තාට කමක් නෑ ..... නමුත් මේ අපරාද වලට සම්බන්ද දේශපලුවොයි අනිත් එවුනුයි අහු වුනාට පස්සෙ මුන්ව මරන්න ඕන.....

    ReplyDelete
  11. කවුරැ කොහොම කීවත් පාතාලෙ හොදයි කියනව නමි කෙනෙක් උත් මරන්න ඔන

    ReplyDelete
  12. Oya King's Park Rohana kiyana kena Kandy King's Park Hotel ekata (connection) sambanda kenekda, Ehema nam Hotel ekath Ehema labagatthu ekakda?

    ReplyDelete
  13. මේකෙ නිවුස් දාන ඵවුන් පිස්සෝ. බලන ඵවුන්ටත් වැරදි ආකල්ප දෙනවා........ අහිංසකයො හූරා ගෙන හැදෙන පාතාලෙ චන්ඩි උසාවි යවල හරි යාවිද.....? උන් අයෙත් නිදහස්වෙලා ඇවිත් හොදින් ජීවත් වෙයිද..? අහු උන තැන මරන්න ඕන.......

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා