රජයේ බොරු දුම්වැටි විරෝධයට දුම්කොළ සමාගමෙන් සල්ලි

මේ දිනවල දුම්කොළ සංස්ථාව අලුත් ප්‍රචාරක ව්‍යාපෘතියකට අත ගසා තිබේ.


එය දියත් වන්නේ ආණ්ඩුවේ දුම් බීම පාලනය කරන්නන් ලවා රූපවාහිනියේ කොටු වෙනුවට දුම් බීමේ ආදීනව කියන කෙටි වැකි යෙදීම හා සිගරැට් පෙට්ටියේ පිළිකා හැදෙන හැටි රූපවලින් පෙන්වීම වැනි දේ ඇතුළත් කිරීම සඳහා පියවර ගැනීම හරහා ය.


ඒ ඔස්සේ නැවතත් සමාජයේ දුම්වැටි පිළිබඳ කතා බහ වැඩි කර තිබේ.


ඒ වෙනුවෙන් මෙම වැඩසටහන් මෙහෙයවන අයට ඇතැම් විට දුම්කොළ සමාගම මුදල් ගෙවනවා විය හැකි ය.


දුම්කොළ සමාගම් දුම් බීම ජනප්‍රිය කරවීම සඳහා නව උපායන් පාවිච්චි කරයි. පහත පළ වන්නේ උදාහරණයකි.



We entered the disco at about midnight. Within a minute, a “golden girl” approached me, holding out a box of Benson & Hedges: “Here, take one”. I took it. She extended her hand again, this time holding a small glowing orb—a cigarette lighter, I soon realised. I balked; she encouraged me: “Go ahead—I want to see you smoke it now”. I told her I thought it would make me cough. “No, these are smoother, not so strong” she reassured me. “I want to see you smoke it now.” I put the cigarette in my pocket.
Tamsyn Seimon, notes taken at the Golden Tones Disco, Nuwara Eliya, Sri Lanka, April 1997
දුම්කොළ සමාගම් සංඛ්‍යාලේඛන අනුව ලංකාවේ දුම් බීමේ සැලකිය යුතු අඩු වීමක් සිදු වී නැත. එපමණක් නොව, පසුගිය වසරේ ගෝල්ඩ් ලීෆ් දුම් වැටි අලෙවිය 4%කින් වැඩි වී තිබේ.


දුම්කොළ සමාගමේ ශුද්ධ ලාභය ද ගිය අවුරුද්දේ රු. බිලියන 1.3කින් පමණ වැඩි වී තිබේ. දුම්කොළ සමාගම වනාහි කොටස්කරුවන්ට වැඩි ම ලාභාංශයක් ගෙවන සමාගමකි.


ලංකාවේ දුම් බොන්නන්ගෙන් වැඩි ම ලාභයක් ගරා ගන්නේරජයයි. රජය බදු ලෙස 2010දී රු. බිලියන 56ක් උපයා ඇත. එය රජයේ ප්‍රධාන ආදායම් මාර්ගයකි. රජයේ ඊනියා දුම් වැටි විරෝධී පිළිවෙතින් රජයට ලැබෙන ආදායම අඩු වී නැත. ඒ නිසා මේ කරන බොරු ප්‍රචාරයන් වනාහි තව තවත් සිය ආදායම වැඩි කිරීම ඉලක්ක කර ගත් No Such Thing As Bad Publicity වර්ගයේ උපාය මාර්ගයක් විය හැකි ය. ;


අප ‍මේ මාතෘකාව එළියට ගන්නේ අන් කිසිවක් සඳහා නො ව දුම්බොන්නන්ට ප්‍රමිතියක් ඇති දුම්වැටියක් මිළ දී ගැනීමට ඇති අයිතිය වෙනුවෙන් කිසිවකු පෙනී සිටිය යුතු නිසා ය. දුම්කොළ සමාගම රජයේ ප්‍රචාරයට මුවා වෙමින් සිගරැට්ටුවේ ගුණාත්මකභාවය පහත දමමින් ලාභ වැඩි කර ගනිමින් සිටියි. මෙය වැළැක්විය යුතු ය.

මේ ලිපියත් කියවන්න:
දෙබිඩ්ඩන්ට හූ කීම හා දුම් බීම

මේ ලිපියට ඔබ කැමති නම් වෙන අයත් එක්කත් බෙදා ගන්න

Comments

  1. u smoke and die by smoking quality ciggarates?

    ReplyDelete
  2. එහෙම කරපු එක මොඩ කමක් නෙමෙ...කොටු වෙනුවට දුම් බීමේ ආදීනව කියන කෙටි වැකි යෙදීම මොලෙ ඇති වැඩක්

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා