සුසිල් ප්‍රේම ජයන්තට මුහුදෙන් හමු වූ තෙල් ඉන්දියාව හංගලා ද?

SL 2007-01-001 ඉන්දියාවට කැනීම් සඳහා දී ඇති කොටසයි
ලබන වසරේ මුල් කාර්තුව තුළ ශ්‍රී ලංකා මුහුදු තීරයේ තෙල් සම්පත තිබේ දැයි සත්‍ය වශයෙන්ම පැවැසිය හැකි බව ශ්‍රී ලංකාවේ තෙල් ගවේෂණ කටයුතුවල යෙදෙන ඉන්දියාවේ “කෙයාන්” ලංකා සමාගම පවසයි.
-දිනමිණ 2011 අගෝස්තු 19


මේ 2010 මැයි 01දා දිනමිණ පළ කළ වාර්තාවකි. (දිනමිණ කියවන්නේ ඇයිදැයි අපේ පාඨකයෝ අසති. අප දිනමිණ උපුටා දක්වන්නේ ආණ්ඩුවේ මාධ්‍ය මෙහෙයුම්වල නිරුවත පෙන්වීමටයි. මෙවැනි පුවත් ජාතික රූපවාහිනියෙන් හා ස්වාධීන රූපවාහිනියෙන් ද නිතර ප්‍රචාරය වේ. ඒවායෙන් සිදු වන බලපෑම දිනමිණට වඩා බෙහෙවින් වැඩි ය.)

මෙරට තෙල් කැණීම් ලබන වසරේ ඇරැඹේසුභාෂිණී සේනානායකශ්‍රී ලංකාවේ තෙල් කැණීම් කටයුතු ලබන වසරේදී ආරම්භ කෙරේ. තෙල් කැණීම් සඳහා සිදුකරන ලද පරීක්ෂණ කටයුතු සදහා ගවේෂණ කටයුතු සියල්ල සිදු කොට අවසන් බව ඛනිජ තෙල් කර්මාන්ත ඇමැති සුසිල් ප්‍රේමජයන්ත් මහතා දිනමිණ ට ප්‍රකාශ කෙළේය.තෙල් කැණීම් කටයුතුවලදී මේ රටේ වාසනාවට තෙල් ලැබුණහොත් ඉදිරි කැණීම් කටයුතු පුළුල් කරන බවද හෙතෙම ප්‍රකාශ කෙළේය.මුහුදේ සිදුකරන ලද පරීක්ෂණ කටයුතු මුළුමනින්ම අවසන් බව පැවසූ ඇමැතිවරයා දිනකට තෙල් බැරල් ලක්ෂයක් පිරිපහදු කළ හැකි බවත් තෙල් ධාරිතාවය දෙගුණ කර ගත හැකි බවද පැවැසීය.මෙමගින් තාර, ගෑස්, රසායනික ද්‍රව්‍ය වැනි අතුරු නිෂ්පාදනද දෙගුණයක් පමණ ලබා ගතහැකි වන බව අවධාරණය කළ ඇමැතිවරයා ශ්‍රී ලංකාවේ ඉදිරි සංවර්ධනයට විශාල දායකත්වයක් ලබාදිය හැකි වන බවද කීය.
ලංකාවේ මුහුදෙන් තෙල් ලැබේවා යි අපි ප්‍රාර්ථනා කරමු. ලංකාවට ද එයින් 10%ක කර්තෘ භාගය ලැබේ. එයින් අපේ පාලකයන්ට ජොලි කරන්නට පුළුවන. පාලකයන්ගේ අත පල්ලෙන් පෙරී එන යමක් තිබේ නම්, මේ රටේ ජනතාවට ද බලාපොරොත්තු තබා ගත හැකි ය. ලංකාවේ තෙල් ලැබුණොත් ලංකාවේ අප කෙසේ වෙතත් ඉන්දියාව නම් පොහොසත් වනු ඇත.


මෙම පුවතත් කියවන්න. 
ලංකාවට කිසිත් නොමැතිව ඉන්දියාවට පවරාදුන් ඛනිජ සම්පත


මේ ලිපියට ඔබ කැමති නම් වෙන අයත් එක්කත් බෙදා ගන්න

Comments

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා