ලබුත් තිත්ත වන අබුද්දස්ස කාලේ හාමුදුරුවන්ට ලැයිසෙං දුන්නා ම මොකද ආයිබෝං

(2011 අගෝස්තු 10, W3Lankaමත්පැන් පානය කර වෑන් රථයක් පදවා අනතුරක් සිදු කිරීම සම්බන්ධයෙන් වරද පිළිගත් භික්ෂූන් වහන්සේ නමකට හෙවත් හාමුදුරවරයෙකුට හෙවත් වැරදි කළ විට චීවරධාරියකු ලෙස මාධ්‍ය විසින් නම් කරනු ලබන අයකුට කුරුණෑගල ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් බුද්ධික ශ‍්‍රී රාගල මහතා රුපියල් විසිපන් දහස් පන්සීයක දඩයක් නියම කළ බව මාධ්‍ය වාර්තා කළ හ. 


කුරුණෑගල නගරයේ වැව පාරේ වෑන්රථයක් ධාවනය කරමින් තවත් වෑන් රථයක ගැටී අනතුරක් සිදු කිරීම සම්බන්ධයෙන් පොලිස් අත්අඩංගුවට ගන්නා ලද මෙම භික්ෂූන් වහන්සේගේ හෙවත් හාමුදුරුවරයාගේ හෙවත් වැරදි කළ විට චීවරධාරියා ලෙස මාධ්‍ය විසින් හඳුන්වනු ලබන පුද්ගලයාගේ මුවින් මද්‍යසාර ගඳ වාහනය වීම නිසා, කුරුණෑගල ශික්ෂණ රෝහලේ වෛද්‍යවරයකුට ඉදිරිපත් කිරීමෙන් පසු උන් වහන්සේ අනුමත වී සිටි බව තහවුරු වූ බව පොලිසිය අධිකරණයට වාර්තා කළේ ය. 


එහෙත්, උන් වහන්සේගේ නීතිඥයන් පෙන්වා දුන්නේ මෙම භික්ෂූන් වහන්සේ හෙවත් හාමුදුරවරයා හෙවත් වැරදි කළ විට චීවරධාරියා ලෙස මාධ්‍ය විසින් හඳුන්වනු ලබන පුද්ගලයා දියවැඩියාව රෝගියෙක් බැවින්, අරිෂ්ඨ හා කසාය සිංහල බෙහෙත් පාවිච්චි කරමින් සිටින නිසා මද්‍යසාර ශරීරගතව ඇති බවයි.  


අරිෂ්ඨ දේශීය පානයකි. ඒවා බටහිර වෛද්‍ය විද්‍යාවෙන් පරීක්ෂා කළ විට මෙවැනි අලකලංචි ඇති වේ. එපමණක් නො ව එළියන්ත වයිට් දෙන ෆ්‍රෙට්නිසිලෝන් ද දේශීය ඔසුවකි. මන්ද, එහි නමේ සිලෝන් කියා තිබේ. ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ මුත්තරා බටහිර ක්‍රමයට පරීක්ෂා කිරීම නිසා ඇති වූ ප්‍රශ්නය ම කුරුණෑ ගල උසාවියේදී අරිෂ්ඨ නිසා ඇති වී ති‍බේ. 


රියැදුරු හදිසියකට රථයෙන් බැස ගිය පසු වෑන් රථය පාරෙන් ඉවත් කිරීමට උත්සාහ දැරීමේදී මෙම භික්ෂූන් වහන්සේ හෙවත් හාමුදුරවරයා හෙවත් වැරදි කළ විට චීවරධාරියා ලෙස මාධ්‍ය විසින් හඳුන්වනු ලබන පුද්ගලයා අතින් අනතුර සිදු වූ බව නීතිඥවරයා පෙන්වා දී ඇත. 


සමහර විට, රියැදුරා ද අරළු වැනි දේශීය පානයක් බී සිටින්නට ඇත. වාහනය පාරෙන් ඉවත් කරන්නට තරම් හෝ වෙලාවක් නැති හදිසියක් ඇති වන්නට ඇත්තේ ඒ නිසා ය. .


අපගේ මෙම ලිපියේ අරමුණ ඔය කී කාරණා නො වේ. හාමුදුරුවන්ට රියැදුරු බලපත්‍ර නිකුත් කළ යුතු බවට ඇති ඉල්ලීමට ඉඩ දිය යුතු බව අපේ ස්ථාවරයයි. හේතුව, හාමුදුරුවන් ගිහියන් විසින් කළ යුතුව ඇති මස් කඩවලට බලපත්‍ර නිකුත් කිරීම, කුණු ට්‍රැක්ටර් පාලනය වැනි කාර්යයන් පවා කරන රටේ වාහනයක් එලෙව්වා කියා කැඩෙන අමුතු සීලයක් නැත. 


හැම හාමුදුරු කෙනෙකුට ම පිරිකරට බෙන්ස් කාර් ලැබෙන්නේ නැත. මහජන මුදලින් මහජනයාගේ ඇඟ උඩින් එළවන්න රියදුරන් ද සමග ප්‍රාඩෝ ලැබෙන්නේ නැත. කොහොමින් කොහොම හරි ත්‍රිරෝද රියක්, යතුරු පැදියක් මිළ දී ගත්තත්, හැමෝට ම රියදුරන් කුලියට ගත නො හැක. හැමුදුරුවන් බස්වල නගින්නට පාරේ ඉන්නවාට බුදු රැස් වළලු රියදුරාගේ ඔලුව උඩ කැ‍රකෙන ලංකාවේ ප්‍රයිවෙට් බස්වල කොන්දොස්තර පිංවත්තු කැමති නැත. 


දිළිඳු හාමුදුරුවරුන්ට ද පහසුවෙන් ගමන් වඩින්නට අයිතියක් තිබේ. ඒ නිසා ඔවුන්ට රියදුරු බලපත් ලබා දිය යුතු ය. එහෙත්, වැඩිපුර අරිෂ්ඨ බී වාහන පැදවීමේ බලය නම් නො දිය යුතු ය. 


ඇතැම් කාර්වල පිටුපස Baby on board නම් ස්ටිකරයක් අලවා තිබේ. අරිෂ්ඨ බොන හාමුදුරුවන් විසින් එළවනු ලබන කාර්වල 'පාරේ යන අයට බුදු සරණයි' වැනි ස්ටිකරයක් අලවන්නට පුළුවන. ස්ටිකර් බෞද්ධයෝ දැනටත් 'මේ බුදුන්ගේ දේශයයි' කියා අන මෙතන ස්ටිකර් ගසති. 


එක් හාමුදරු කෙනෙක් බුදුන් උපන්, වැඩ වාසය කළ, පිරිනිවන් පෑ ආදී සියලු ස්ථාන තිබෙන්නේ ලංකාවේ ය කියා චේතිය බොරුවක් පොත්වල අච්චු ගස්සා විකුණයි. සල්ලි නැති නිසා දඹදිව යන්නට බැරි වූ උපාසකම්මලා මේ පොත කියවා 'ඇද්ද ගියා දඹදිව' කියමින් දඹදිව ගිය අයට කෝචොක් කරති.


දැන් බුදුන් උපන් දේශයට වන්දනාවේ යනවා නම් අන්තිම කැමැති පත්‍රය එහෙම ලියා යන්නට සිදු වී තිබේ. චෙන්නෙයිහි ඇතැම් දෙමළු සිංහල බෞද්ධයන්ට නෙළති. 


මේ නම් අර ලබුත් තිත්ත වනවා යයි ජන වහරේ කියැවෙන අබුද්දස්ස කාලය ම වන්නට ඇත. 

මේ ලිපියට ඔබ කැමති නම් වෙන අයත් එක්කත් බෙදා ගන්න

Comments

  1. meka liyapu eka pissek.

    ReplyDelete
  2. naduth haamuduruwange...ma thamaaa..

    ReplyDelete
  3. පලවෙනි ඇනෝ එතකොට හාමුදුරුවො හොඳ සිහියෙන්ද?

    ReplyDelete
  4. මදන මෝල් ගතිය ඉවසන්න බැරි නම් බඩුවක් ගැහුවට කමක් නැහැ , කොල්ලන්ගේ පුකවල් පලන්නේ නැතුව නේද හැබෑට ?

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා