මොකක්ද මේ පක? කුණුහරුප ද පක?

විභාග දෙපාර්තමේන්තුව උසස් පෙළ සිසුන්ට දුන් ව්‍යාපාර අධ්‍යයන ප්‍රශ්න පත්‍රයේ චෙක් පක කියා සඳහන්ව ඇත.

එසේ ලිවීම හොඳ ද, නරක ද කියා මේ දිනවල කුණුහරුප පරීක්ෂා කිරීම පිළිබඳ ස්වේච්ඡාවෙන් පත් වී සිටින ඔලුව නැති සිරසට ඔබ කැමති නම් එස්.එම්.එස් කරන්න.

ඇත්තෙන්ම මේ පක කියන්නේ කුමක් ද?

පක කියා සිංහලෙන් කියන්නේ අන් කිසිවකට නොව ගෙඩියට ය.

යම් කිසිවක් තිඹිරි පකක් හෝ පොල් පකක් සේ ඉදිමී ආ බව වැනි යෙදුමක් සද්ධර්මරත්නාවලියේ තිබුණා මතක ය. එහෙත් සොයා ගන්නට බැරි විය.

සද්ධර්මරත්නාවලියෙන් සොයා ගත් පකවල් මෙසේ ය.

එක් දේවතා දුවණි කෙණෙක් තිඹිරි පකක් පිළි ගන්වා ලා දිව සැප ත් ලත් නියාව කිවු ය. අනික් දේවතා දුවණි කෙණෙක් කැකිරි පකක් පිළිගන්වා ලා දිව සැප ත් ලත් නියාව කිවු ය . අනික් දේවතා දුවණි කෙණෙක් බොරළු දමන පකක් පිළිගන්වා ලා දිව සැපත් ලත් නියාව කිවු ය. (මුගලන් මහ තෙරුන් වහන්සේ ප්‍රශ්න විචාළ වස්තුව)

මේ ලිපියට ඔබ කැමති නම් වෙන අයත් එක්කත් බෙදා ගන්න

Comments

  1. යකෝ මේක මාර පකක්නේ... වචනයක් වරදින්න බෑ ඒක අල්​ලගෙන දඟලනවද මුං ඒ පාර....?

    ReplyDelete
  2. වගකිවයුත්තෝ මීට වඩා සැලකිලිමත් වෙන්න ඕන.... සෝදුපත් කියවීම සිද්දවෙලා නේ වගේ .... ප්‍රශ්නත් කොහොමද දන්නේ නේ.... අනේ කලේ වනේ වාසේ ... පාලකයෝත් පොල් බුරුවෝනේ ... උන් කැමතියි රට විනාස වෙනවට.....මාර හුත්තක් .... පුදුම පකක් තමයි ....... කවද මේවා ඉවර වෙයිද දන්නේ නේ.... මුන්ට හෙනගහපන්....

    ReplyDelete
  3. මේක අදිරාජ්ජවාදී කුමන්ත්‍රනයක්.
    මල් වගේ ඉන්න අපේ අනගත පරපුරට කෑත වචන පුරුදුකරන්න JVPකාරයොයි UNPකාරයොයි විබාග කොමසාරිස් තුමා ගේ නම කෑතවෙන විදියට කරපු නින්දිත ක්‍රියාවක්.
    පහුගිය දවසක රනිල් වේස ගෑනු කියා ප්‍රසිද්දියේ කීවේත් මේ කුමන්ත්‍රනයේ කොටසක් ලෙසබව විබාග කොමසාරිස් අනුර ඵදිරිසි0හ මහත්තයා හොයාගෙන තියනවා.

    ReplyDelete
  4. සද්ධම්මරතනාවලි කාරයාට මුණ ගැහිලා තියෙන්නේ පුදුමාකාර දේවතාවියෝ නේ!

    ReplyDelete
  5. සෑහෙන්න වැදගත් වචනයක් ගැන පැහැදිලි කර ගත්තා ......

    ReplyDelete
  6. මේ මනමාල මහතාගේ නැකත්පත
    සුලුවැරදීමකින් අද එය ගෙනත් නැත
    එහෙනම් දුවේ මේ මඟුලෙන් පලක් නැත
    මේ මනමාල මහතාගේ නැකත් පත

    ReplyDelete
  7. may gana puduma wenna deyak ne.wessakatawath schoole nogiya deshapalana henchaiyanta adyapana patweem dunnahama mehama wenawa

    ReplyDelete
  8. Onna ada thama mama "පක " gena hariyata denagathhe.ela ela

    ReplyDelete
  9. චක චක ගාපල්ලා ‍මාර __ක් වුනා ‍කියලා

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා