සඳරුවන් සේනාධීරටත් සජිත් ප්‍රේමදාස එපා වෙලා

(ලංකා ඊ නිව්ස් -2011.අගෝ.26, පෙ.ව.3.00-ජහමනයාගේ කොළම) මෙවර ඡන්දය සඳහා එජාප අපේක්‍ෂකයන් තෝරා ගැනීමට පත් කළ එජාප කමිටුවේ සාමාජිකයෙකු වූ එක්සත් ජාතික පක්‍ෂයේ නියෝජ්‍ය නායක සජිත් පේ‍්‍රමදාස මහතා තමන් ද එකතුව තේරූ අපේක්‍ෂකයන් ගැන ඊයේ විවේචනය කරමින් රූපවාහිනී මාධ්‍ය 3 කට ප‍්‍රකාශයක් කෙළේය. ඔහු මෙසේ කීය.


‘‘එක්සත් ජාතික පක්‍ෂයේ නාම යෝජනා මණ්ඩලය එකමුතු භාවයෙන්, සහෝදරත්වයෙන් හිතෛෂීත්වයෙන් දිනන අපේක්‍ෂක ලැයිස්තුවක් ස්ථාපනය කරන්නට තීන්දු කළා. නමුත් ප‍්‍රායෝගිකව ගත් කළ ප‍්‍රතිසංවිධාන වෙනුවෙන් පෙනී හිටපු එක්සත් ජාතික පක්‍ෂයේ ජ්‍යෙෂ්ඨ මන්ත‍්‍රීවරුන් ගණනාවකට ආධුනිකයින් විසින් එල්ල වුනු පලිගැනීම් නිසා එ් අයට අපේක්‍ෂකත්වය අහිමි වුනා. මේ දක්‍ෂ පක්‍ෂ හපන්කම් තිබෙන පුද්ගලයින් එජාපය වෙනුවෙන් ඇප කැපවීම් වසර ගණනාවක් මුළුල්ලේ කළ එ් අයගේ කප්පාදුව මා දකින්නේ දේශපාලන පළිගැනීමක් හැටියටයි. මේ පලිගැනීමට ලක්වුනු සියලූම දෙනා වෙනුවෙන් මා පෙනී සිටිනවා’’ යි සජිත් පේ‍්‍රමදාස මහතා පැවසීය.


ඔහු මෙසේ එජාප අපේක්‍ෂක ලැයිස්තු ගැන විවේචනය කෙළේ නාමයෝජනා භාර දෙන අවසන් දවසේ වීම ද විශේෂත්වයකි. නියෝජ්‍ය නායකයා ලෙස තමාද සාමාජිකයෙකු වූ මෙම කමිටුවේ නායකයා වූයේ පක්‍ෂ නායකයා විය යුතු යැයි තමාම යෝජනා කළ කරු ජයසූරිය මහතාය. කමිටුවක් ලෙස ගත් තීරණ සම්බන්ධයෙන් තමන්ගේ පක්‍ෂය සටනකට අවතීර්ණ වී ඇති අවස්ථාවකදී හුදෙක් රූපවාහිනියෙන් මූණ පෙන්වා ගැනීමේ චේතනාවෙන් මෙසේ විවේචනය කිරීම ගැලපෙන්නේ කුමන දේශපාලන සදාචාරයකටදැයි යන්න දැන්  ඕනෑම කෙනෙකුට තේරුම් යනු ඇත.


තමන් අරගල කෙළේ රනිල්ගේ නායකත්වය ගැන නම් මේ ‘සිලෙක්ෂන් කමිටුවේ’ නායකයා වූයේ රනිල් නොව තමා නායකයා ලෙස යෝජනා කළ කරු ජයසූරියමය. තමා මෙම ‘සිලෙක්ෂන් කමිටුවේ තීන්දු’ පිළිගන්නේ නැතිනම් එහි සාමාජිකත්වය ප‍්‍රතික්ෂේප කරමින් ඉන් ඉවත් විය යුතුය.  ඕනෑම කමිටුවක පක්‍ෂ විපක්‍ෂ අදහස් සාකච්ඡුා වී සියල්ල එකඟ වූ තීන්දු ගැන එළියට ඇවිත් රූපවාහිනී නාලිකා වලට ‘වොයිස් කට්’ දීම රටේ ප‍්‍රධාන පක්‍ෂයක නියෝජ්‍ය නායක ධූරය වැනි භාරධූර තනතුරක් දරන්නෙකුට තබා ගමේ මහිලා සමිතියක අම්මන්ඩි කෙනෙකුටවත් නොගැලපෙන්නක් බව  ඕනෑම කෙනෙකුට තේරේ. සජිත් පේ‍්‍රමදාස මහතා අවංකව තම පක්‍ෂය වූ එක්සත් ජාතික පක්‍ෂය වෙනුවෙන් පෙනී සිටින්නෙකු නොව වෙන කාගේ හෝ න්‍යාය පත‍්‍රයකට අනුව කටයුතු කරන්නෙක් යන්න දැන් නම් ඉතා හොඳින් පැහැදිලිය. කෙසේ වෙතත් එක්සත් ජාතික පක්‍ෂයට ආණ්ඩුවත් සමග ඍජු සම්බන්ධයක් තිබෙන බව ප‍්‍රසිද්ධියේ කී නියෝජ්‍ය නායක සජිත් පේ‍්‍රමදාස මහතා එම ඍජු සම්බන්ධය කුමක්දැයි සාක්කි සහිතව පෙන්විය යුතුය. නැතිනම් එවන් ඍජු සම්බන්ධයක් තියෙන දෙබිඩි එජාපයේ නියෝජ්‍ය නායක කමෙන් රෙද්දක් ඇඳගෙන ඉල්ලා අස්විය යුතුය. කොන්දක් තිබෙන මිනිසුන් හැසිරෙන්නේ එලෙසය.


එක පතේ කමින් එ් පතේම පහරන, පහරා යළි යළිත් එයම වළඳන, සජිත්ලා වැනි මිනිසුන් සමග පක්‍ෂයක් ගෙන යාම කෙසේ වෙතත් පවුලක් කෑමටවත් පුළුවන් වේදැයි ජහමනයාට නම් හිතාගත නොහැකිය.


-ජහමනයා විසිනි-

මේ ලිපියට ඔබ කැමති නම් වෙන අයත් එක්කත් බෙදා ගන්න

Comments

  1. "පවුලක් කෑමටවත් පුළුවන් වේදැයි"

    සැඟවූ ආයුධ එලියට එන හැඩයි.

    ReplyDelete
  2. ඔය පන්සල් දාස මහත්තය කරන ගොඩක් වැඩ මහිලා සමිතියකටවත් ගැලපෙන ඒවා නෙවේ ත්මයි

    ReplyDelete
  3. Janaka PriyadarshanaAugust 27, 2011 at 9:06 AM

    lanka E news කියන්නෙ වැදගත් සමාජ මෙහෙවරක් කරන මාද්යක් කියල හිත්න්න අමාරුයි ඒ ගොල්ලො කරන්නෙ වියාපාරයක්. ලගදි මිහින්තලේ නායක හිමියන් ගැන වැරදි පුවතක් කරුනු නොවිමසා පල කරල තිබුන. මට පේන්නෙ ටැප් ලග එකතුවෙන ගෑනු මීට වඩා හොදට කරුනු වාර්තා කරන්න දන්නව.සදරුවන් ගහන්නෙ අනාගත යූඑන්පී ආන්ඩුවක ගේමක්...මාද්යට පුලුවන් නායකයො හදන්නත් නැතිකරන්නත් ..ඒත් සදරුවන්ට අමාරුයි

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා